ගම්මැද්ද

සිහසුන අහිමි කළ රෙදි පළහිලව්ව

මහර පදිංචිකරුවන් වන ජයමාන්නගේ ගබියෙල්, කෝරළගේ සිංඤො අප්පු හා ඔහුගේ සොහොයුරියගේ පරිත්‍රයාත් නැකතිගේ හචා සහ මමත් උඩරට ප්‍රදේශයට වෙළෙඳාම සඳහා පිටත්ව ගියෙමි.

පැරණි ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

ලංකාවේ අධ්‍යාපනයෙහි ස්‌වර්ණමය යුගය ලෙස දැක්‌වෙන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයෙහි පැවති උසස්‌ අධ්‍යාපනය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පොළොන්නරු යුගය දක්‌වා පැවති උසස්‌ අධ්‍යාපනය තුළ ශාස්‌ත්‍රීය හා වෘත්තීය (ශිල්පීය) වශයෙන් විෂයමාලා පැවතුණි.

අතීත මතකයන් සැඟව ගත් මාතර ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානය

අතීතයේ ප්‍රෙෘඩ මතකයන් දරා ගනිමින් කාලයාගේ ඇවෑමෙන් හුදකලා බවට පත්වූ මාතර ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානය මාතර ඕලන්ද ස්‌මාරක අතරින් පැරණිතම නිර්මාණයකි. එකල ඕලන්ද රෙපරමාදු ආගමික භක්‌තිකයන් වූ මාතර හා ඒ අවට ප්‍රදේශවල වාසස්‌ථාන ගොඩනංවාගෙන සිටි ලන්දේසි ජාතිකයන්

මිහිඳු හිමි ලංකාවට වැඩි බවට ඇති පුරාවිද්‍යා සාක්‍ෂි මොනවාද?

ක්‍රි. පූ. 3 වැනි සියවසේ දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේදී සිදුවූ මහින්දාගමනය වර්තමාන ශිෂ්ටාචාරයට පදනම වූ සිදුවීම ලෙසින් හැඳින්වීම වැරැදි නොවේ. ඊට සියවස් තුනකට පමණ පෙර සිදුවූ මහා උතුරු ඉන්දියානු ජන

රාජසිංහ රජු අකුරු කරවූ උරුලෑවත්ත විහාරය

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මහනුවර යුගයේ රජකළ රජතුමෙකි. රජ වූයේ කි. ව. 1747 දීය. එනම් මීට වසර 268 කට පෙරාතුවයය. එතුමා ඉගෙන ගත්තේ අස්ගිරි පාර්ශ්වයේ වත්මන් නාහිමියන් වන අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි නාහිමියන් මුලින්ම වැඩවාසය කළ පන්සලේය.

වාද, විවාද, සංවාද, මතවාදයන්ට මැදි වූ ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය

දැනට භාවිතයට ගනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1950.02.13 වැනි දින නිල වශයෙන් පිළිගැනුණ අතර ජාතික ගීය නිල වශයෙන් පිළිගනු ලැබුවේ 1951.11.22 දාය.

රාජකීය උරුමයක්‌ වූ ලක්‌දිව කාසි

ලක්‌දිව මෙතෙක්‌ සොයා ගන්නා ලද රන්-රිදී රෝම කාසි සංඛ්‍යාව පිළිබඳව විමර්ශනය කර බලන කල්හි, රෝම අධිරාජ්‍යය සමඟ කරන ලද වෙළෙඳ ගණුදෙණුවලදී භාවිත වූයේ රෝම තඹ කාසි පමණක්‌ම යෑයි කියා කිසිවිටකත් නිගමනය කළ නොහැකිය.

යුද්ධයෙන් පසු හුදෙකලා වූ උතුරේ බුදුපිළිම වහන්සේලා

බුදු දහමත්, හින්දු දහමත් යන දෙකේම සම්බන්ධය ඉන්දියාවයි. බුදුදහම වැළඳගත් හින්දුන් අද ඉන්දියාවේ පමණක්‌ නොව ලංකාවේ නාගදීපය වැනි පළාත්වල පවා දකින්නට ලැබෙනවා. නාගදීපයේ දහ

නිවැරදි පිළිවෙළට සාංඝික දානයක් දෙන්නේ මෙහෙමයි

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති  පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණෝ කියති

විජයබාහු රජු පුලතිසි පුර හැරයයි

දේශපාලනීකරණයේදී කාලයෙන් කාලයට ලක්දිවේ ඉරණම වෙනස්විය. දුර්වල පාලකයන් නිසා ලක්දිවේ පාලනය ආක‍්‍රමණිකයන් සතුවිය. පසුගිය ලිපියෙන් රුහුණු පළාත හැරුණු කොට චෝල පාලනය ලක්දිව පුරා ව්‍යාප්ත වී තිබූ ආකාරය පිළිබඳව කතා කළෙමු.

වාමන රූප ආශ්‍රිත ලක්‌දිව ඉපැරණි සංගීත භාණ්‌ඩ

සකලවිධ කලාවන් වූ කලී දෙවියන් විසින් මවන ලද්දක්‌ නොව තත්කාලීන සමාජය විසින් තම දෛනික ක්‍රියාවන් හා සමගාමීව නිර්මාණය කරගන්නා

රජු වෙනුවෙන් දිවි පිදූ අලුවිහාරේවරුන්

උඩරට රාජධානි සමයේදී ප්‍රබල තත්ත්වයක පසු වූ රදළ පවුලක්‌ වශයෙන් මාතලේ ප්‍රදේශය නිජබිම් කරගත් අලුවිහාරේ පවුල හැ`ඳින්විය හැකි ය. ඔවුන්ගේ පරපුරේ ඉතිහාසය අනුරාධපුර රාජධානි සමය දක්‌වා දිවයන බව කියවේ.

ලක්‌දිව කාසිවල මූලාරම්භය හා විකාශනය

ලක්‌දිව කාසි භාවිතා කිරීමේ මුල් කාලවකවානුව පිළිබඳව නිශ්චිතවම නිගමනය කළ හැකිවූ පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍යය සාක්‍ෂි මෙතෙක්‌ හමුවී නොමැත. එහෙයින් ලක්‌දිව කාසි භාවිතය පිළිබඳ පුරාතනය අපට දැන ගත හැකි වනුයේ දැනට හමුවී ඇති පුරාණම කාසි අයත් වන කාලවකවානුව දක්‌වා පමණි.

පොසොන් ‍පොහොයෙන් උදා වූ බෞද්ධ අනන්‍යතාව

ක්‍රි.පූ.තෙවන සියවසේදී අනුබුදු  මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලාගේ ධර්ම දූත සේවයෙන් පසු සිරිලක වැසියෝ බෞද්ධ තත්ත්වයට පත්වූහ.

කුසිනාරා නුවරදී සිදු වූ ඒ අසිරිමත් සම්බුද්ධ පරිනිර්වාණය

ගෞතම බුදුරජාණන් වහන්සේ (Gauthama Buddha 623 B.c -543 B.c) පන්සාලිස්‌ වසක තම සක්‍රීය ජීවන කාලය තුළදී බහුජන හිතසුව පිණිස ගමෙන් ගමට නගරයෙන් නගරයට පුරයෙන් පුරයට රාජධානියෙන් රාජධානියට චාරිකාවේ යෙදෙමින් ඒ අමා දහමින් ජනයා සැනසූ සේක.

භික්‍ෂුණී ශාසනය හා අෂ්ට ගරුධර්ම

පුරුෂ පක්‍ෂයට මෙන්ම කාන්තාවන්ට ද මානව හිමිකම් සාධාරණ අන්දමින් භුක්‌ති විඳීමේ අයිතිවාසිකම් තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. කාන්තාව දෙස අප්‍රසන්න ඇසින් බලා ආගමික පුද පූජාවන්ට පවා සහභාගි වීම තහනම් වූ එවන් යුගයක, කාන්තාව පූජනීයත්වයෙන් සැලකිය යුතු කොටසක්‌ ලෙස සම්භාවනාවට පත්කළේ භික්‍ෂුණී ශාසනයේ සම්භවයත් සමගය.

මුනි බුදු ගුණ රැඳි සේසත

බුදුදහම ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කළ අවස්‌ථාවේ තමන් බුදුන් වහන්සේ නොදුටු බවත් එබැවින් ඒ සඳහා කුමක්‌ කළ යුතු දැයි දේවානම්පියතිස්‌ස රජු ඇසූ කල ධාතූන් වහන්සේ දැකීම බුදුන් වහන්සේ දැකීම හා සමාන යෑයි මිහිඳු මහරහතන් වහන්සේ පැවසූහ. ඒ අනුව උන්වහන්සේගේ අනුශාසනාව මත සුමන සාමණේරයන් වහන්සේ දඹදිව යවා බුදුන්ගේ දකුණු අකුධාතුව ලංකාද්වීපයට වැඩම වීය.

නීලගිරියෙන් අලුතින් සර්වඥ ධාතු සොයා ගැනේ?

ගෞතම බුදුරජුන් ජීවමානව වැඩ සිටි සමයේ ද බුදුන් උදෙසා ලංකාවේ දාගැබ් ඉදිවී තිබේ. ත්‍රිකුණාමලයේ හිරිගඩු සෑය හා මහියංගණ මහා සෑය ඒ අතර වේ.

පුරාණ ලක්‌දිව ද්වී-මහල් ස්‌තූප නිර්මාණ තාක්‍ෂණය

ස්‌තූපයක මූලික කොටස්‌ හදුනා ගැනීමේදී පේසාව මත ගර්භය, ගර්භය මත හතැරැස්‌ කොටුව, හතැරැස්‌ කොටුව මත දේවතා කොටුව, දේවතා කොටුව මත කොත්කැරැල්ල, කොත්කැරැල්ල මත කොත ආදී ලෙස පිළිවෙළින් දක්‌වනු ලැබේ. නමුත් යමෙකු පේසාව මත ගර්භයත් එම ගර්භය මත නැවත පේසාවක්‌ද එම පේසාව මත ගර්භයක්‌ යෑයි සදහන් කළහොත් මහත් ප්‍රහේළිකාවක්‌ වනු ඇත.

දුටුගැමුණු රජුගේ ඇත්තම අගබිසව කවුද?

ලංකාවේ මුල් යුගයේ සිටි ශේ‍ර්ෂ්ඨම රජකු වූ දුටුගැමුණු (ක්‍රි.පූ. 161-137) මහා වංසයේ වීරයා වෙයි දුටුගැමුණු රජුගේ බිසවුන් පිළිබඳ වංසකතා, ලෙන් ලිපි, ජනප්‍රවාදවලින් හෙළි වන තොරතුරු කීපයක් මේ ලිපියේ එයි.

ගලේ හැදූ "යහන් ඇඳ"

අනුලා මැණිකේ හේරත් කිරිඅම්මා ප‍්‍රකාශ කරන්නේ මීට වසර දහතුනකට පමණ පෙර තම සැමියා සිටින අතරතුර සුදුමහත්වරුන් කට්ටියක් පැමිණි බවත් එක් අයකු නොක්ස්ගේ මී මුනුපුරෙක්  යැයි කියූ බවත්ය. ඔහු විසින් පරිහරණය කරන ලද සිහිවටන කිසිත් නැද්ද කියා ඇසූවිට, උදැල්ල, පිහිය, බත් කාපු පිඟාන තිබී අනුන්ගේ දේවල් මට මොටද කියා පරිත්‍යාග කළ බව ඈ කීවාය.

දෙගල්දොරුව සිතුවම් පිළිබඳ සංවාදයක්‌ අවශ්‍යයි

ඉපැරණි ශ්‍රී ලාංකික චිත්‍ර කලාවේ අවසන් යුගය වශයෙන් සැලකෙන්නේ මහනුවර යුගයයි. එදා චිත්‍ර කර්මාන්තය එක්‌තරා කුලයකට හිමිව තිබූ වග පැරණි සන්නස්‌ පරීක්‍ෂාකර බැලීමේදී අනාවරණය වන්නකි. එසේම ඔවුහු රාජ චිත්‍ර ශිල්පීන් වශයෙන් රජු විසින් පිළිගෙන ඇත්තේ රාජ නළල් පටක්‌ පැළඳවීමෙනි

More News »

add_one