රුහුණු මනාවුඑපුර රම්බා රජමහා විහාරය

2017-11-22 10:14:00       198
feature-top
රුහුණු රට ජනවාස විම පිළිබදව දිර්ඝ ඉතිහාසයක් ඇති අතර පස්වන මහින්ද රජුගේ පාලන කාලයේදි අනුරාධපුර රාජධානිය සොලි ආක්රදමණවලට ලක්වු අතර රාජකීයයන් රුහුණට පලා ආ බව මහාවංශය හෙළි කරයි. වසර 52 ක් (1017-1070) පමණ කාලයක් තිස්සේ ශ්‍රි ලංකාවේ උතුරු ප්‍රදේශ යටත් කරගෙන සිටි ප්‍රභල චෝල අධිරාජ්‍යයට එරෙහිව නිදහස් සටන මෙහෙයවු මහා විජයබාහු රජතුමා (1070-1111) පළමුව රුහුණ එක්සේසත් කිරිමේ කාර්යය ඇරඹුයේ මෙම රම්බා විහාරය ආශ්‍රිතව මහානාගකුල (මානාවුඑ) බලකොටුවේ සිටය. මනාවුඑ නගරයට පිවිස විජයබාහු ඇපැණන් මේ ස්ථානයේ සිට වසර 15 ක කාලය තුළ චෝල විරෝධි රටවල් සමග සන්ධාන ගොඩනගා, ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ රුහුණු බලමුඑ මෙහෙයවා පොළොනනරුව නගරය වටලා චෝල සේනාව පලවා හැර 1070 දි ශ්‍රි ලංකාවම චෝල අධිරාජ්‍යයෙන් නිදහස් කර ගත්තේය. එතැන් පටන් මහාවිජයබාහු රජතුමා පොළොන්නරුවේ සිට රට පාලනය කරද්දි එතුමාගේ බාල සොයුරු වු වීරබාහු උප රජ බවට පත්කොට දකුණු ප්‍රදේශය භාර දෙන ලදි. විජයබාහු රජු අසනිපයකින් මළ පසු යුව රජු වු ජයබාහු පොලොන්නරුවේ රජ වු අතර විජයබාහු රජුගේ පුතුවු වික්‍රමභාහු කුමරුට ඈපා පදවියද මාණාභරණ කුමරු හට යුව රජු පදවිය හිමිවිය. විජයබාහු රජුගේ වියෝවින් පසු මානාභරණ ආදි තුන් සොහොයුරෝ පරාජයට පත්කොට වික්‍රමභාහු කුමරු පොලොන්නරුවේ රජවිය. වික්‍රමභාහු රජු සසුනේ වු නොයෙක් දෑ තම හිතවත් වු අයට දි සසුන විනාශ කරන ලදි. මේ නිසා දළධාව හා පාත්‍ර ධාතුව ආරක්ෂාව සදහා රුහුණට ගෙනයන ලදි.
මාණාභරණ රජුගේ දේවිය රත්නාවලි නම් විය. රජුට පරාක්‍රමභාහු පුත් කුමරා ලැබිමත් සමගම මාණාභරණ රජු මිය ගියෙන් රත්නාවලි දේවිය පරාක්‍රමභාහු කුමරු සමග රම්බා විහාරය ආශ්‍රිත මානාවුඑනුවර කාලය ගත කල බව වංශ කතාවල එයි. මෙම විහාරයෙහි කලක් දළධාව තැන්පත් කරතිබු හෙයින් රාජකිය අනුග්‍රහය මෙන්ම සම්භාවනීය තත්වයක් හිමිවිය. රුහුණේ සිතුල් පව්ව, තිස්ස, රම්බා රජමහා විහාරය ආශ්‍රිතව විශිෂ්ඨ වු ආගමික මෙහෙයක් පැරනි රුහුණු රාජ්‍යයට ඉටුවි ඇති බව නිසැකය.

රම්බා රජමහා විහාරයේ පිහිටිම

ඉපැරණි නටඹුන් සහිත රම්බා විහාරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාමඩල උඩරොට ග්‍රාමානුබද්ධව පිහිටා තිබේ. මාතර හම්බන්තොට මාර්ගයේ නෝනගම හන්දියෙන් හැරි ඇඹිලිපිටිය මාර්ගයේ කි.මි. 10 ක් හෝ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටියේ සිට නෝනගම හන්දිය දෙසට කි.මි. 22 ක් ගිය විට මෙම පෞරාණික විහාරය දැකගත හැකිය.
මෙම විහාර සංකීර්ණය අයත් පුරා වස්තු අක්කර 250 ක පමණ ප්‍රදේශයක විසිර ඇතත් වර්තමාණයේ ජනාවාසයන් නිසා පුරාවස්තු විනාශ වි ඇත. මෙහි සිමාව වශයෙන් උතුරින් වළවේ ගඟද බටහිරින් සහ දකුණින් වලවේ ගඟ ලියන්ගස්තොටින් හරවා එන මාමඩල ඇලින්ද (කොස්වතු ආර) නැගෙනහිරින් වැලිපාර නම් මාර්ගයද පිහිටා ඇත.

ජනප්‍රවාද හා වෘත්තාන්ත

රම්බා විහාරය හා අවට ප්‍රදේශය පිළිබඳව ජනතාව අතර පවතින ජනප්‍රවාදයන් මගින් මෙම විහාරයේ නාමය හදුනාගැනිම පිළිබඳ අදහස් ලබා ගත හැකිය.

වලගම්බා රජුගේ (ක්‍රි.පු.29-17) කාලයේ සිදුවු බැමිණිටියාසාය හා සම්බන්ධ වේ. මේ අනුව සිතුල්පව්වේ හා තිස්සමහාරාම විහාර දෙකේ විසිහතර දහසක් වු භික්ෂුන් සඳහා තුන් මසකට ප්‍රමාණවත්ව තිබු ආහාර රාජ්‍ය අනින් එක රැයක් තුළ බඩගින්නේ සිටි ජනතාවට බෙදා දිමෙන් තිස්සමහාරාමය හා අනුරාධපුර විහාරවල සිටි භික්ෂුන්වහන්සේලා හට ප්‍රමාණවත් ආහාර නොලද බැවින් තම විහාර වලින් නික්ම අනෙක් විහාරවල ආහාර ඇතැයි යනුවෙන් සිතා ආහාර පිණිස කළ සංචාරයේදි, දොළොස්දහස හමුවු ස්ථානය “සම්බ වු ස්ථානය” ‘සම්බා විහාරය’ වු බව පසුව එය රම්බා විහාර වු බවත් කියැවේ.
අතීතයේ දොළොස්දහස් රට මනාවුඑ නුවර රජ කළ රජුට (මෙම රජු මේඝවණ්න රජු බවද කියැවේ) මංගා නම් බිසවක්ද උප බිසොවරු සය දෙනෙක්ද වුහ. රජු සොළින් සමග යුද්ධ කිරිමට එතෙර යෑමට සුදානම්ව තම බිසෝවරු කැදවා යුද්ධයෙන් පරාජය වුවහොත් නැවේ රතු (කලු) කොඩි දමා පැමිණෙන බව පවසා රජු පිටත් විය.බිසෝවරු උස්සන්ගොඩ නැමැති තැන පිහිටි වරායට විත් රජුගේ පැමිණිම බලාපොරොත්තුවෙන් සිටියහ.
යුද්ධයෙන් ජයගත් රජු බිසෝවරුන්ගේ සිත් බැලිමට මංගා නැමැති නැවේ රතු (කලු) කොඩි ඔසවා එන ලදි. මෙය දුටු බිසෝවරු තම හිමියා නොමැති සොවින් වළවේ ගඟෙහි රම්බා විහාරය අසල ඇල්ලකට පැන දිවි නසා ගත් බවත්, බිසව ඇතුඑ සහෝදරියන් පැන්නා වු ඇල්ල අසළ ඔවුන්ගේ කැඩි බිදි ගිය ආභරණ දැක රජුද එයට පැන දිවි නසා ගත් බවත් සදහන් වේ. මෙම ස්ථානය රම්බා විහාරයේ දකුණු සිමාවට ආසන්නව ඇති වළවේ ග‍නගේ වු ස්ථානයක් බවත් පසු කාලයේ ආභරණ ඇල්ල නමින් එය ප්‍රසිද්ධ විය.
මහානාග රජු අනුරාධපුරයෙන් පලා ඒමට පෙර මහා මහින්ද හිමියන්ගෙන් වටිනා ධාතු කිහිපයක් ලැබි ඇත. ඔහු දකුණට පලා ඒමේදි එම ධාතු රැගෙනවිත් මෙම ස්ථානයේ අලංකාර ස්තුපයක් ඉදිකර එහි කොත රනින් නිම කිරිම නිසා මෙම ස්ථානය “රම්බා විහාරය” වශයෙන් හැඳින්වු බවද කියැවේ.
15 වන ශත වර්ෂයේ කෝට්ටේ විසු 6 වන පරාක්‍රමභාහු රජුගේ තරුණ බිසවක වන රම්බා දේවිය දක්ෂිණ ප්‍රදේශයේ දින ගණනාවක් සංචාරය කළ අතර තාවකාලිකව නැවති සිටිමින් ප්‍රදේශයේ විවිධ ස්ථාන නරඹා ඇත. මෙහිදි ස්තුප හතක නඩත්තු කටයුතු එම කාළය තුළදිම කළ අතර ප්‍රතිසංස්කරණය කරනු ලැබු විශාලතම ස්තුපය වු මෙය ඇගේ නමින් හැදින්විම සදහා “රම්බා විහාරය” වු බවද කියැවේ.
වළවේ ගං ඉවුරේ පිහිටි මෙම විහාරය මුලදි “කඳලි” යන පාලි නාමයෙන් හැදින්විය. කඳලි යනු පාලි භාෂාවෙන් කෙසෙල් යන අරුත ඇති වචනයකි. මෙම ප්‍රදේශය අවට පැවැති කෙසෙල් වගාව පදනම් කරගෙන මෙම නම ව්යෙවහාර වන්නට ඇතැයි සදහන් කළ හැකි අතර දැනට පැතිරි ඇති කෙසෙල් වගාවද මෙය සනාථ කිරිමට සමත් වේ. තවද මානාවුඑ සංදේශයේ කෙසෙල් ගස් යට හිඳ වනපෙත් කරන සාමණේර හිමිවරු ගැනද සදහන් වේ.
රම්බා රජමහා විහාර සංකීර්ණය

පුරා අක්කර තුන් සියයක් පමණ ප්‍රදේශය පුරා පැතිරි ඇති ගොඩනැගිලි සංකිර්ණ සංඛ්යාසව විසි හයකි. නිශ්චිත ගොඩනැගිලි සමුහයක් වු එක් ස්ථානයක් ගොඩනැගිලි සංකිර්ණයක් වශයෙන් හදුනාගෙන ඇති අතර මේවා බොහෝ දුරට ගඩොල් හෝ ගල් ප්‍රාකාරයකින් වට වි ඇත. බොහෝ ගොඩනැගිලි සංකිර්ණ විනාශ වුවද එහි ස්වභාවය හා ආරාම හදුනාගැනිමට හැකි ස්ථානයන් කිහිපයක් ශේෂව ඇත. මෙහි ඇති ගොඩනැගිලි වල ස්වභාවය අනුව භික්ෂුන් වහන්සේලා සදහා නිර්මාණය කළ ආවාස සහ පුජනිය ස්ථාන වශයෙන් හදුනාගත හැකිය.
ආරාම ගොඩනැගිලි නිර්මාණය සදහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ ගඩොල්ය. මෙහි ඇති ගල්කණු වල කැපුම් සළකුණු වල ස්වභාවය අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බව හදුනා ගත හැකිය. ගල්කණු වල මටසිඑටු බව හදුනා ගත නොහැකි අතර රඑ ස්වභාවයක් ගනි. ගොඩනැගිලි කැටයම් රහිත චාම් සදකඩ පහණ, මුරගල් හා ‍කොරවක් ගල්වලින් සමන්විතය. පිළිම ගෙවල් සදහා යොදා ඇති මුරගල් ක්‍රමාණුකූල කැටයම් යෙදු ඒවාය. කොරවක් ගල් කැටයම් අඩු සරල ආකාරයට නිර්මාණය කොට ඇත.

21 විහාර සංකීර්ණයේ ගඩොලින් නිර්මාණය කරන ලද අඩි 25 ක් පමණ ගැඹුරක් ඇති ළිඳක් දක්නට ඇති අතර මෙම ගඩොල්වල ප්‍රමාණය අනුව ඒවා අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත්බව හදුනාගෙන ඇත. එහි ඉහළ කොටස දැනට එය භාවිතා කරන්නන් විසින් අලුත්වැඩියා කර ඇත.
තවද මෙම විහාර සංකිර්ණයෙන් පොකුණු දෙකක් පැහැදිලිවම සොයා ගෙන ඇත. එයින් එක් පොකුණක් මාමඩල ඇළ ආශ්‍රිතව ගඩොලින් නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ පොකුණකි. මාමඩල ඇලෙන් මෙයට ජලය ලබා ගන්නට ඇතැයි අනුමාන කල හැක්කේ ඇල හා පොකුණ අතර පවතින පරතරය මිටර් දහයටත් අඩු බැවිනි. මෙහි ගැඹුරු ස්වබාවය අනුව ස්නානය කිරිමට නිර්මාණය කළ පොකුණක් ලෙස හදුනාගෙන ඇත. අනෙක් පොකුණ අංක 24/1 වශයෙන් හදුනාගෙන ඇති ස්තානයේ ඇති කුඩා පොකුණයි.
මෙම විශාල ගොඩනැගිලි සෙවිලි කිරිම සදහා උඑ යොදා ගෙන ඇති අතර ඒවා පෙති උඑ හා රවුම් වර්ගයට අයත්ය. විවිධ ගොඩනැගිලි සදහා විවිධ ප්‍රමාණයේ හා හැඩයේ උඑ භාවිතා කල බව හදුනාගෙන ඇත. මෙහි වු පෙති උඑවල ඇති ඇගිලි සළකුණු අනුව බොහෝ උඑ ක්‍රි.ව. 8-9 සියවස්වලට අයත්ය.
විශාල ප්‍රදේශයක පැතිරි ඇති විහාර සංකිර්ණය දෙස බලන විට සෑම ගොඩනැගිලි සංකිර්ණයක් වටාම කුඩා ප්‍රාකාරයක් දක්නට තිබිම විශේෂයකි. ඒ අනුව දැනට කැණිම් වලින් හදුනාගෙන ඇති ගොඩනැගිලි අතර ආවාස, බෝධිඝර, ස්තුප, පොහොය ගෙවල් හා පිළිමගේ දැක්විය හැකිය.

බුදු පිළිම

16 ආරාම සංකිර්ණය අසලින් මධ්යකම ප්‍රමාණයේ හිටි පිළිමයක් සොයාගෙන ඇත. මෙය කොටස් කිහිපයකට කඩා දමන ලද පිළිමයකි. එහි ඉතිරිව ඇති කොටස් වල සිවුර නිර්මාණය කළ රැළි පැහැදිළිව හදුනාගත හැකිය.

15 ආරාම සංකිර්ණයෙන් හණු ගලින් නිම කළ කුඩා ප්‍රමාණයේ සමාධි බුදු පිළිමයක් හමුවිය. පිළිමයේ ආසනයේ පිටුපස පුවරුවේ හදුනාගත නොහැකි තත්වයේ රූප දෙකක් නෙළා ඇති බව පෙනේ. ඇතැම් විට සෙමර සලන දෙව් රූ දෙකක් යැයි අනුමාන කළ හැකිය. ශරිරය විනිවිද යන අයුරින් දක්වා ඇති දුහුල් චිවරය ඒකාංශ කොට පෙරවා, සිවුරේ වාටිය ඉදිරියෙන් පපුව මත දක්වා වැටෙන අයුරින් නිර්මාණය කොට ඇත. සමාධිගතව, වීරාසන මුද්‍රාවෙන් වැඩ හිදි බුද්ධ රූපයේ සිවුර පොරවා ඇති ආකාරයත් පොළොන්නරුවෙන් සොයා ගෙන ඇති මෙබදු ප්‍රතිමාත් සැලකිල්ලට ගැනිමෙන් ක්‍රි.ව. 8 වන සියවසට පමණ අයත්යැයි සැලකිය හැකිය.

21 ආරාම සංකිර්ණයෙන් සොයාගත් මෙම හිටි පිළිමය අමරාවති සම්ප්‍රධායට අනුව නිර්මාණය කොට ඇත. පිළිමයේ සිරස නොමැති අතර එහි උස සෙ.මි. 110 කි. මෙම පිළිමය ගෘහය මධ්‍යයේ නිර්මාණය කොට ඇත. සිහින් රැලි සහිත සිවුර පැහැදිලිව කැපි පෙනේ. පිළිමගෙය ප්‍රවේශ පථය නැගෙනහිරින් වු අතර එය කලා නිර්මාණ රැසක් සහිතව ප්‍රතිමුඛයේ වු, බව පෙනේ. මෙම පිළිමය අනුරාදපුර යුගයේ වු බුදු පිළිම හා සමාන බව හදුනාගත හැකිය.
සන්නිපාත ශාලාව

මෙය චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වු අතර වටා උස් බිත්ති බැඳ තිබේ. එහි මතුපිට ගඩොල් සහ උඑ අවශේෂ බහුලව තැන්පත්ව ඇත. කොරවක්ගලක් උතුරු දිසාවෙන් ශේෂ වි තිබිමෙන් මෙහි දොරටුව උතුරු දිසාවෙන් තිබු බවටත්, ගොඩනැගිල්ලේ ඉදිරිපස ගල්කණු පිහිටා තිබු බව මිනුම් ගැනිමේදි පැහැදිලි වේ. පර්යේෂ මඟින් මෙය රැස්විම් ශාලාවක් නැතහොත් සන්නිපාත ශාලා වශයෙන් හැදින්වු පබිබත විහාර අංගය වශයෙන් හදුනාගත හැකිය. මෙම ගොඩනැගිල්ල කැණිම් කිරිමේදි පුරාවස්තු සහිත පාත්‍රයක් ලැබි ඇත. එය පියන් සහිත මැටි භාජනයකට දමා තිබු අතර පාත්‍රය මඳක් ඝනකම් සහිත පියන් දෙකක් හා තුනි පියනකින් සමන්විත වේ. එහි තුළ තාලම් පොට දෙකක් හා රන් ආලේපිත කරඩුවක්ද තබා පාත්‍රයක්ද වු අතර එය තුළ භෂ්මාවශේෂද හමුවිය.
බෝධිඝරය

පස්වන මහින්ද රජුගේ කාලයේ (ක්‍රි.ව. 947-1040) වු නිර්මාණයක් ලෙස මෙම බෝධිඝරය හැදින්විය හැකිය. බෝධිඝරය මාලක දෙකකින් සමන්විත ඇති අතර පිට මාළයට ප්‍රවිශ්ෂ්ඨ විම සදහා චාම් සදකඩපහනකින් සමන්විත උතුරු දෙසින් දොරටුවක් පිහිටා ඇත. බෝධිඝරය චතුරශ්‍රාකාර ලෙස නිමවා ඇති අතර බිත්ති තරමක් ඝනකම්ය. එහි සිව් දිසාවේ ගඩොලින් නිමවා හුණු බදාම ගැල්වු පිළිම හතරක් තැන්පත් කොට තිබු බවට සාධක ඇත. බෝධිඝරයේ ඇතුළත කොටසේ මධ්‍යයේ චතුරශ්‍රාකාර කුඩා වලක් ගඩොලින් බැඳ එහි බෝධියක් රෝපණය කළ බවට සාධක වශයෙන් එය රෝපණය කිරිමට යොදා ගත් මැටි පාත්‍රය හැදින්විය හැකිය. මෙහි එකතුවන ජලය පිට කිරිමට ජල නළයක්ද සවි කොට ඇත. බෝධිඝරයේ බිත්ති වල කිසිදු පිපිරිමක් දක්නට නොහැකි අතර එහි විශාල වෘක්ෂයක් වැවි නොතිබුණු බවක් දක්නට ඇත. තවද “චෝඩංගදේව” යනුවෙන් සදහන් කාසියක් මෙහිදි හමුවිය. ඔහු නිශ්ශංකමල්ල රජුගේ බෑණා කෙනෙකි.
පිළිමගෙය

Ramba Viharaya Pilimageyaගඩොලින් නිර්මාණය කරන ලද මෙම පිලිමගෙය නැගෙනහිර බටහිර දිශානුගතව විහිදි ඇත. චාම් සදකඩපහණකින් යුක්ත පිළිමගෙයට උතුරින් ප්‍රවේශ දොරටුව දක්නට හැකිය. ඉතාමත් ඝනකම් සහිතව ගඩොලින් බැඳ ඇති බිත්ති සහිත පිළිමගේ ගල් කණු රාශියක් ඇත. මෙහි ගඩොඑමය සැතපෙන බුදු පිළිමයේ ශිර්ෂය උතුරට දමා ඇත. ගල් කණු සහ පිළිමය සහිත වේදිකාව හුනු බදාමයෙන් ආවරණය කොට තිබිම විශේෂ වුවකි. එමෙන්ම වර්ණ ගන්වා තිබු බවද පෙනේ. එවැනි ආකාරයේ වු කනු සහිත පිළිමගෙයක් හමුවිම විශේෂයක් බව පෙනේ.
ස්තුප

මෙම විහාර භූමියෙන් ස්තුප තුනක් හා ඒ හා සමාන ගොඩනැගිලි තුනක් දැනට හදුනාගෙන ඇති අතර අංක 15 ගොඩනැගිලි සංකිර්ණයේ වර්තමානයේ දැකිය හැක්කේ මෙයින් එක් ස්තුපයකි. මෙම ස්තුපය ගොඩනගන ලද්දේ පැරණි ස්තුපය මත බැවින් පැරණි ගොඩනැගිල්ල හඳුනා ගත නොහැකිය. අනෙක් ගොඩනැගිලි දැඩි ලෙස විනාශවිමට භාජනය වි ඇතත් ස්ථිරවම ඒවා ස්තුප බව හදුනාගෙන ඇත.

courtesy : proudofkandy.wordpress.com


More News »