තන්තිරිමලේ රජමහා විහාරය

2017-11-25 10:38:00       0
feature-top
තන්තිරිමලේ යනු ශ්‍රි ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකකි. තන්තිරිමලේ රජමහා විහාරයට ලගාවිය හැකි මාර්ග දෙකක් ඇත. එනම් අනුරාධපුර සිට මහවිලච්චිය මාර්ගයේ කි.මි. 18 ක් ගිය තැන දකුණු පසින් පිහිටි “ශ්‍රි විමලඥාණ” මාවත ඔස්සේ ඉදිරියට යනවිටද මැදවච්චිය නගරයේ සිට මන්නාරම මාර්ගයේ කි.මි. 18 ක් පැමිණි පසු හමුවන “ගජසිංහපුර” නම් ස්ථානයෙන් වමට වැටි ඇති මාර්ගය ඔස්සේ කි.මි. 12 ක් පැමිණිමෙන් තන්තිරිමලේ විහාරය හමුවේ. තන්තිරිමලේ විහාරය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ති්‍රක්කයේ මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 366 තන්තිරිමගේ යන ග්‍රාමනිළධාරි කොට්ඨාශයේය. උතුරින් රිටිගල කන්දේ සිට ආරම්භ වන මල්වතුඔය, කනදරාඔය හමුවන තෙක්ද නැගෙනහිරින් මල්වතුඔයත්, බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය හා දකුණින් මහවිලච්චිය ප්‍රධාන මාර්ගයත් මායිම්ව පිහිටා ඇත.

තන්තිරිමලේ නම සෑදිම පිළිබදව ජනවහරෙයි විවිධ මතවාද පවති. මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ “තිවක්ඛ බමුණුගම” යනුවෙන් හදුන්වා තිබේ. ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩමවන අවස්ථාවේ එම පෙරහැර මෙම ගම්මානයේ එක් දිනක් නවාතැන්ද ගෙන ඇත.

විජය කුමරු ලක්දිවට පැමිණ මල්වතු ඔය දිගේ ගමන්කොට අනුරාධපුරය රාජධානිය කරගත් අතර ඔහු සමග පැමිණි අමාත්‍යවරුන්ටද එක් එක් දිසාවල ජනාවාස ගොඩනැගිමට උපදෙස් දුන්හ. ඒ අනුව “උපතිස්ස” නම් අමාත්‍යවරයා මල්වතු ඔයට කනදරා ශය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ “උපතිස්සගම” යනු අද තන්තිරිමලය නම් මෙම ප්‍රදේශයයි.

සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව එම දෙදනා මෙම පුදේශයේ කලක් ජිවත් වි ඇත. එහිදි පරිත්‍යාග කළ “තන්තිරි” යන සමණළ විශේෂයේ හැඩය සහිත රන් මාලය මෙහි නිධන්කොට ඇති නිසා “තන්තිරිමාලය” යන්න සැදුනු බව ජනවහරේ එයි. එසේම පුජනිය පිරිස නවාතැන් ගත් කන්ද “තන්ගෛතිරුමලෙයි” යන දමිල ව්‍යවහාරය පසුව තන්තිරිමලේ නම් වු බවද කියවේ.

අනුරාධපුර යුගයේදි මහායානික නිකායට අයත් තන්ත්‍රයානික භික්ෂුන් වහන්සේලා සහ අදත් භුතානයේ ගෞරව කරන තාන්ත්‍රික බ්‍රාහ්මණයින් මෙහි වාසය කල බැවින් තන්තිරිමලේ නම සැදුන බවද ඇතමෙක් කියයි.

සිංහලේ මහා වංශකතාව විජය කුමරුගේ ආගමනයත් සමග ඇරඹුණු බව මහාවන්ශයේ සදහන් වුවත් ඊට පෙර සිටම ස්වදේශීය ගෝත්‍රික ජන කොටස් ජීවත් වූ බවට විවිධ ප්‍රදේශ වල කල කැණීම් වලින් අනාවරනය වී ඇත. එසේ ඉපැරණි ජනාවාස පිළිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙස තන්තිරිමලය පුන්‍ය භූමිය හදුන්වාදිය හැතිය. තන්තිරිමලය ප්‍රදේශයට උරුම පෞරාණික රහස් වසන් කල නොහැකි අනෙක් කාරනාව වන්නේ එම විහාර භූමියේ ඇති ඉපැරණි ලෙන් සිතුවම් ය. ජෝන් ස්ටීල් මහතාට අනුව මෙමෙ සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඔස්ත්‍රො නීග්‍රොයිඩ් මානවයා විසින් අඳින ලද ඒවා වේ. ලාන්කේය බෙදු ජනී ජනයාගේ බැතිබර හැගුම් උද්ධීපනය කරනු ලබන ආගමික වශයෙන් වැදගත් වන පූජණීය වස්තු කිහිපයක් ම මෙ‍ම පුන්‍ය භූමිය තුලදී අදටත්අපට දැක වැද පුදා ගත හැකිය.

අෂ්ඨ එල බෝධින් වහන්සේ
අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ විසින් ශ්‍රි ලංකාවේ බුදු සසුන පිහිටුවිමත් සමගම මෙහෙණි සසුන පිහිටුවිමේ අරමුණින් සඝමිත් මහ රහතන් මෙහෙණින් වහන්සේ ලංකාවට ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද වඩමවාගෙන යාපනය සහ මන්නාරම යන නගර දෙකට මැදිව පිහිටි “දඹකොළ පටුන” නම් වු තොටුපලට ගොඩබැසිය. එම මොහොතේ දේවානම්පියතිස්ස මහරජතුමා කරවටක් පමණ ජලයේ ගමන් කොට රංමුවා පාත්‍රයකට බෝධින් වහන්සේ පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරය දක්වා යන ගමන් මගෙහි එවකට තිවක්ඛ බමුණුගම නම් වු මෙහි සිටි ප්‍රධානියා මල්වතු ඔය දක්වා තම පිරිසත් සමග ගමන් කොට හරසරින් පිළිගෙන තම ගමෙහි උසම ස්ථානයේ වන මෙම ගල්තලාවෙහි බෝධින් වහන්සේ ඇතුඑ පුජනිය හා රාජකිය පිරිසට නවාතැන් සපයා දි සියලුම පුදපුජා හා සත්කාර දක්වා ඇත. එම පූජණීය පිරිසට මිහිදු මහරහතන් වහන්සේ,සංගමිත්තා මහා රහත් තෙරණියෝ ඇතුළු සෙසු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ද දේවනම්පියතිස්ස රජු ඇතුව රාජකීය සේනාවද වූහ.එදින රාත්‍රියේ දී බෝධීන් වහන්සේ අහසට නැගී බුදුරැස් විහාදුවමින් පෙළහර පෑ බවද කියැවේ.පසු දින අනුරාධපුරයට වැඩවමන ලද ජය ශ්‍රි මහා බෝධිය මහමෙවුනා උයනේ රෝපණය කරන ලදි. මෙම බෝධි රෝපණයට සෑම ප්‍රදේශයකින්ම ප්‍රභූන් පැමිණ සිටි අතර තිවක්ඛ බමුණු තෙමේද මේ අතර විය. මෙහිදි ජය ශ්‍රි මහා බෝධියෙන් තවත් අංකුර 08 ක් පැන නැගි ඇති අතර එම අංකුර 08 න් එකක් තිවක්ඛ බමුණුතුමාටද ලැබි ඇත. බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨානයත් මිහිදු මහ රහතන් වහන්සේගේ තිරණයත් අනුව තිවක්ඛ බමුණුතෙමේට ලැබු බෝධි අංකුරය විශාල පෙරහරකින් වඩමවා පළමුදින ජය ශ්‍රි මහා බෝධිය වැඩසිටි ගල්තලාවේ කවාකාර පවුරක් තනවා එහි රෝපණය කර පුදපුජා මහත් හරසරින් කර ඇත. සිවු දෙසින් මල් ආසන තනවා තිබු බව මෑතක කළ කැණිම් වලින් තහවුරුවි ඇත.
වසර දහස් ගණනාවක් අව්වැසි සුළං හා වන සතුන්ගෙන් පිඩාවිදි නමුදු බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය නිසාම මෙම අෂ්ඨඑල බෝධින් වහන්සේ මේ දක්වා ජිවමාණව වැඩ සිටිම මහත් ආශ්චර්ය ජනකය. මෙම බෝධින් වහන්සේ වැදපුදා ගැනිමෙන් ඔබටද සිසිලස හා බුද්දාලම්මන ප්‍රිතිය සමග නොකිව හැකි තරමේ චිත්ත ඒකාග්‍රතාවක් සමග විශාල කුසලයක් ලබාගත හැක.

සමාධි පිළිම වහන්සේ
බෝධින් වහන්සේ අසල දකුණු දිගින් පිහිටි උස්ව කවාකාර හැඩයකින් යුත් ගල් කුලෙහි අඩි 08 ක් පමණ උස සමාධි පිළිම වහන්සේ නෙලා ඇත. මෙහි යටකො‍ටසෙහි වැඩ අවසන් නොකල බවක් පෙන්නුම් කරයි. තවද මේ පිළිමය දෙපස තවත් අඩක් නෙලා ඇති පිළිම සහ මෙම පිළිමයට ලගාවිමට සාදා ඇති පියගැට පෙළකද වැඩ නිමවා නොමැත. කඑගල හාරා මතු කොට සකස් කරන ලද මෙය උන්නත නිර්මාණයකි. පිළිමය දෙපසින් වාමරධාරි දෙවිවරුන්ගේ රුපද වේ. පිළිමයෙහි සිරස්පත නිමවා ඇති අතර රැස් වළල්ල නිර්මාණය කිරිමට සැලසුම්කර ඇති බවක් දක්නට ලැබේ. පිළිමයට පසුපසින් මකර තොරනක් ඇති අතර එහි බර උසුලන්නේ සිංහ රූප දෙකකි. ආසනය අලංකාර කිරිමට වාමන රූප යොදා ඇත. පිළිමය අව්වැසි වලින් ආරක්ෂා විමට වහලයක් ඉදිකර ඇති අතර උඑවහු හා කණු සදහා කඑගල් භාවිතා කර වහලයට උඑ සෙවිලිකර තිබු බවක් කැණිම් වලින් සොයාගන්නා ලදි.
පොළොන්නරු ගල් විහාරයේ සමාධි පිළිමයට බොහෝ සෙයින් සමානකම් ඇති මෙම පිළිමයෙහි චීවරය සිරුරටම ඇඑණු ස්වභාවයක් පෙන්නුම් කරයි. අනුරාධපුර යුගයේ පැවැති සතුරු ආක්‍රමණ නිසා නිම කිරීමට නොහැකි වූ නිර්මාන පොළොන්නරැ යුගයේ දී තනා නිමකළා යැයි අනුමාන කල හැකිය.

සැතපෙන පිළිම වහන්සේ
බෝධින් වහන්සේ පිහිටි ගල් තලාවට උතුරු දෙසින් ගලෙහි බෑවුමෙහි චිවරය සිරුරටම ඇලි තිබෙන අයුරින්ම ගලෙන් මතුකර නෙලා ඇති මෙම පිළිම වහන්සේ අඩි 45 ක් දිගින් යුක්තව හිස නැගෙනහිර දිසාවට පිහිටන සේ නෙලා ඇත. අනුරාධපුර යුගයේ අග භාගයට අයත් මෙම ප්‍රතිමාවට ගෘහයක් තනා තිබු බව ඉතිරිවි ඇති නටඹුන් වලින් පෙනේ. පොලොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේට බෙහෙවින් නෑකම් කියයි. ජනශුන්‍ය විමෙන් පසු නැවත 1974 කැණිම් කළ අවස්ථාවේදි පිළිමයේ සිරස ප්‍රදේශය සහ ගැබ කඩා ගැනිමට නිධන් හොරුන් විසින් විශාල ගිණි මැලයක් දල්වා තිබු බවට ඉතිරි දර කොටන් තුලින් හා අගුරු තුලින් සොයා ගැනිමට හැකි විය. එසේම එහි තිබි සොයාගත් සිරසෙහි කෙස්වලඑ, නාසය, තොල්, කන්පෙති, කම්මුලෙහි කොටස් ආදිය යොදාගෙන 1984 පමණ පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව ප්‍රතිනිර්මාණය කිරිමට උත්සාහයක් ගත් නමුත් තවම එම කාර්ය ඉටුකළ නොහැකිව ඇත.

පොත්ගුල හා පටානඝරය
ගල්තලාවේ නැගෙනහිර දිසාවෙහි පිහිටි අලංකාර නෙඑම් පොකුණට යාබද දාහැබක හැඩයෙන් ඉහළට එසවි පිහිටා ඇති ස්වභාවික ගල් පර්වතය මුදුනෙහි මනාව සකස් කරන ලද චතුරශ්‍රාකාර ස්මාරකය පොත්ගුල ලෙස හැදින්වේ. එකිනෙකට මනාව සවිවනසේ බිත්ති බැද දොරටුවක් තබා ඇති මෙහි වහලයද කඑගලින් නිමවා ඇත. මෙහි සෑම ගලකම ක්‍රි.ව. 08 වන සියවසට පමණ අයත් වන අක්ෂර කොටා ඇත. පහල සිට මෙහි යාමට ගඩොලින් හෝ ලීයෙන් තරප්පු පේලියක් තිබි ඇත. එවක වටිනා පුස්කොලපොත් මෙහි සුරක්ෂිතව තබා තිබේ. එබැවින් පොත්ගුල ලෙස ව්‍යවහාර කරනු ලැබේ.
මෙම ගල්කුලෙහි පතුලේ ඇතුළට හාරා සකස් කරන ලද අලංකාර ගල්ලෙනකි. කටාර කොටා ගල් උඑවහු යොදා වහලයක් තනා තිබු බව පෙනේ. මෙහි ඉදිරියෙන් භික්ෂුන් වහන්සේලා භාවනා යෝගිව වැඩසිටි “පඨානඝර” නම් වු විශාල ගොඩනැගිල්ලක නටඹුන් හමුවේ. මෙය වටා ජලය රැස්කර තිබි ඇත. අක්කර 250 ක් වන ගල් තලාවේ තැනින් තැන මෙවැනි ගොඩනැගිලි 12 ක නටඹුන් සොයා ගෙන ඇත. තවත් විශාල ප්‍රමාණයක් ඇති බවට සලකුණු ඇත. මේ සියල්ල භික්ෂුන් වහන්සේලාගේ භාවනා හෝ නේවාසික ස්ථාන ලෙස භාවිතා කළබව පෙනේ.

ගල්ලෙන් හා ප්‍රාග් ඓතිහාසික සිතුවම්
පොත්ගුල නම් ස්ථානයෙන් නැගෙනහිර දෙසට මිටර් 200 ක් පමණ ගිය විට මෙම ලෙන් හමුවේ. මෙම ගල්ලෙන් වල ප්‍රාග් ඓතිහාසික සිතුවම් දක්නට ඇත. වැදි ජනතාව මෙම ගල්ලෙන් වල ජිවත්වු බවට සාධක ඇත. ඔවුන් විවේක කාලයේ අවට ගස්වල කිරි, යුෂ හා අඑ, පසු වැනි දෑ මිශ්‍ර කර ගල්ලෙන් බිත්තිවල සතුන්, ඉර හද තාරකා, දුනු ඊතල ආදි සිතුවම් ඇද ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව මෙම සිතුවම් වසර 4000 ක් වත් පැරණි විය යුතුය.

courtesy : proudofkandy.wordpress.com


More News »