ඓතිහාසික යක්ගිරිලෙන් විහාරය

2017-11-30 10:39:00       0
feature-top
යක්දෙස්සාගල රක්ෂිතය තුළ මේ ලෙන් විහාරය පිහිටයි. එසේ හෙයින් මීට යක්දෙස්සාගල විහාරය යනුවෙන්ද හඳුන්වයි. මෙය ලොකු, කුඩා ගල් ලෙන් විස්සකට අධික සංඛ්‍යාවක් සහිත ලෙන් සංකීර්ණයකින් යුක්ත ය. මෙහි ඉපැරැණි විහාරගෙය සහිත ලෙන තුළ නටඹුන්ව ගිය බුද්ධ ප්‍රතිමා කිිහිපක් සහ සඳකඩ පහන කිහිපයක් දැකගත හැකි වෙයි. මෙහි ලෙන් චිත්‍ර නුවර යුගයේ කලා සම්ප්‍රධායට නෑකම් කියයි. ක්‍රි. පු. 03වන සියවසේ දෙවන පෑතිස් රජ සමයේ මේ විහාරගෙය ඉඳිකළ බවට ඉතිහාසය කියයි. සඟ පරපුර මිහිදු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරෙන් පැවත එන බවද පැවැසේ. වරින් වර රජ බවට පත් වන රජ පරපුර විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරවා අනාගත පරපුර උදෙසා රැගෙන විත් තිබේ. මේ ප්‍රදේශය කුවේණියගේ යක් පරපුරේ වාස භූමියක්ව පැවැති බවද සඳහන් ය. යක් ගහනය සිදු වූ කන්ද හෙවත් ගිර යන්න පසුව යක්ගිරි වශයෙන් ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ එන්නකි. අද මේ විහාරය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හැට නමකගේ ධර්ම ශ්‍රස්ත්‍ර අධ්‍යයනය කරන පිරිවෙනකි. ඉපැරැණි නෂ්ටාවශේෂ තවමත් රැදී ඇති මෙය දෙස් - විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව ඇත.

courtesy : mihithuru.lk


More News »