ලංකාරාමය

2017-12-02 10:49:00       0
feature-top
වට්ටගාමිණි රජු විසින් කරවන ලද මණිසෝමාරාමය මෙය බවද හදුනාගෙන ඇත. මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. වට්ටගාමිණි රජු විසින් කරවු සිලාසොබ්භකකණ්ඩක වේතිය වර්තමාන ලංකාරාම ස්තුපය ලෙස හදුනාගෙන ඇත. දැනට තිබෙන්නේ පසු කාලයේදි ප්‍රතිසංස්කරනය කරන ලද ස්තුපයයි. මුලින් ස්තුපයේ උපරි භාගයෙහි හතරැස් කොටුව හා ඡත්‍රය විය. ඒ කාලයේ ස්තුපවල උපරි භාගය එසේ තනන ලදි. දැනට හතරැස් කොටුව ඝනයකි. ඊට ඉහළින් දේවතා කොටුව හා කොත් කැරැල්ල වෙයි.
පිහිටි පොලොවට වඩා අඩි 10 අගල් 2 උසට තනන ලද වෘත්තාකාර වේදිකාවක මැද ස්තුපය තනා තිබේ. ස්තුපය මැදි කොට තනා තිබුණු ථුපඝරයේ කුඑණු තවමත් එහි වෙයි. ස්තුපය වටා බුදු පිළිම තැන්පත් කර තිබුණු බවට සාධක ඇත.

ඇතුල් මඑව අඩි 132 අගල් 2 ක් විශ්කම්භයකින් යුක්තව ඇති අතර එයට ඇතුඑවිමට දොරටු හතරක් වෙයි. මුලදි පහත මඑවක්ද තිබි ඇති අතර දැනට විනාශ වි ගොස් ඇත. මිට ශත වර්ෂයකට පෙර මෙම ථුපඝරය හා ස්තුපය පරික්ෂා කර සැලසුම් සහිතව විස්තර කළ ස්මිතර් කියන අන්දමට තුපඝරයේ කුඑණු 88 ක් තිබිය යුතුය. එයින් දෙකක් දක්නට නොලැබුණු බවත් 51 ක්ම කැඩි ගොස් තිබුණු බවත් වාර්තා වෙයි.

පංචාවාස
අභයගිරි විහාරයේ සෑම සංඝාරාමයකම පාහේ ප්‍රාකාරයකින් වට කරන ලද චත්‍රරශ්‍රාකාර භුමියක මැද විශාල ප්‍රාසාදයක් හා එය වටා හතර පැත්තේ කුඩා ප්‍රාසාද හතරක් ඇති ඒකක දක්නට ලැබේ. කලින් පුරාවිද්‍යාඥයන් මේ ඒකකය හැඳින්වුයේ පංචායතන නමිනි. එය හින්දු වාස්තු විද්‍යාවේ දේවාල පහක ඒකකයකට ව්‍යවහාර කරන නමකි. ශ්‍රී ලංකාවේ ශිලා ලිපිවල එන ‘පචඅවස’ යන්න පාලියෙන් පංචාවාස ලෙස ගෙන තිබේ. භික්ෂුණ් වාසය කරන ප්‍රාසාද පහක ඒකකයක් ලෙස ගෙන තනා තිබේ. මැද ඇති විශාල ප්‍රාසාදය එම සංඝාරාමයේ උපාධ්‍යයයන් වහන්සේ වාසය කළ ගොඩනැගිල්ල විය යුතුය. එහි බිම් මහලේ බුදු පිළිමයක් ද තැන්පත් කර තිබුණු බවට සාධක තිබේ. මේ ගොඩනැගිල්ලේ දොරටුව උසස් අන්දමට සඳකඩපහන්, මුරගල්, කොරවක්ගල් යොදා තනා තිබේ.

සමහර සංඝාරාමවල පංචාවාස ඒකකයට පිටතින් එයට මුහුණ ලා තවත් සංඝාවාස වෙයි. අභයගිරි විහාරයේ නිරිත දෙස බටහිර සීමාවේ සංඝාරාමයේ එවැනි අතිරේක ප්‍රාසාද වෙයි. මෙම සංඝාරාමයේ ජන්තාඝර දෙකක් විය. එකක් පංචාවාසයට යාබද ව එයට දකුණු පැත්තේ වෙයි. එහි භික්ෂුන්ට අවශ්‍ය වැසිකිළි කැසිකිළි ද නෑමට අවශ්‍ය කුඩු වර්ගාදිය පිළියෙල කරන ඇඹරුම් ගල් ද වෙයි. තවත් ප්‍රමාණයෙන් විශාල ජන්තාඝරයක් මෙම ආරාමයට ඇතුල් වු හැටියේ වම්පස වෙයි. එය ආගන්තුකයන් සඳහා වුවකි. දකුණු පැත්තේ ආගන්තුක භික්ෂුන් සඳහා තැනු ප්‍රාසාදවල නටබුන් වෙයි. ඒ සමගම රැස්විම් ශාලාවක් ද වෙයි. මෙම ආරාමයේ මැද කොටසේ භුමිය තරමක් උසය. එහි චතුරශ්‍රාකාර ස්තුපයක් ද එයට බටහිරින් පටිමාඝරයක් ද එයට නිරිත දෙස විශාල පටිමාඝරයක් ද බටහිර පැත්තේ තවත් විශාල ප්‍රාසාදයක් ද වු බවට නටබුන් තිබේ.
මෙම සංඝාරාමයේ පංචාවාසයට යාබද ඡන්තාඝරය පිහිටි කොටසේ ඇති වැසිකිලි ඉතා දියුණු තත්වයක පවතී.

සන්නිපාත ශාලාව
අභයගිරි ස්තුපයට දකුණුපස විශාල චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන් වෙයි. එය දැනට සංරක්ෂණය කර තිබේ. මෙහි විශාලත්වය ගැන සළකන විට විශාල පිරිසකට රැස්විය හැකි ශාලාවක් එහි වු බව පෙනේ. එය වටා පවුරක් ද සතර පැත්තෙන් දොරටු සතරක් ද දකුණු පස පොකුණක්ද වෙයි. උතුරු පැත්තෙන් ශාලාවට පිවිසෙන දොරටුව පසෙක පාදෝණිය වෙයි. එතැනදී පා සෝදාගෙන ගොඩනැගිල්ලට පිවිසීම අවශ්‍ය විය. මෙහි ඊසාන පැත්තේ පවුරට යාබද ව බුදු පිළිම ගෙයක නටබුන් වෙයි. එහි පද්මාසනය හා එයට යටින් යන්ත්‍රගල නමන් ප්‍රසිද්ධ ගර්භපාත්‍රයක් ද වේ. මෙම ස්ථානයේ කැණිම්වලින් හුණුගල් බුදුපිළිමයක අත් දෙකේ කොටස් හමු විය. ඒ අනුව එහි අභය මුද්‍රාවෙන් යුත් හිටි බුදු පිළිමයක් වු බව පෙනේ. දිගින් ද පළලින් වන සන්නිපාත ශාලාව මෙතෙක් සොයාගෙන ඇති ඒ වර්ගයේ විශාලම ගොඩනැගිල්ලයි. එහි වහළ කෙසේ තිබුණේ දැයි නොදනිමු.
මේ ගොඩනැගිල්ල මුලදී ගඩොල්වලින් තනා තිබුණි. එහි අත්තිවාරම ගල් අත්තිවාරමට යට තිබේ.

courtesy : wordpress.com


More News »