ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය

2018-02-06 11:24:00       359
feature-top
සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබීමත්. තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන් ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංසයේ සඳහන්ය. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ඵෙතිහාසික විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග දෙකකි.

බෞද්ධ වන්දනාකරුවන් වැඩි ප්‍රමාණයක් යන කන්තලේ සිට වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත පැමිණෙති. ඓතිහාසික සේරුවිල පුද බිම නැවත පුනර්ජීවය ලබන්නේ මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නා හිමියන් වහන්සේගේ ආගමනයත් සමගය. වත්මන් විහාරාධිපති හිමියන් වන්නේ මුංහේනේ මෙත්තාරාම නාහිමිය.

ලංකාවේ පළාත් බෙදීම් අනුව, රුහුණු බෞද්ධ රාජ්‍යයේ කෙළවර පිහිටි මෙම පුදබිමෙහි පන්සියයක් මහරහතන් වහන්සේ වැඩ සිටි බව ලංකා බෞද්ධ ඉතිසායේ කියැවේ.  සංඝාවාසය – උපෝසථාගාර බෝධි ගෘහ ප්‍රතිමා මාලකාදී සියලු විහාරාංගයන්ගෙන් සමන්විත ස්ථානයක් වශයෙන් පැවැති සේරුවාවිල රාජ මහා විහාරය කාවන්තිස්ස රජතුමා විසින් තුන් යොදුනක් මානයේ ගම් බිම් පුදා පුදබිමෙහි මතු දියුණුවට වැඩ සැලසූ බව වංශකතාවන්හි සඳහන්ය.

මෙම ඓතිහාසික මහා සෑ කරවන ලද්දේ කාවන්තිස්ස රාජ්‍ය සමයේ ය. (ක්‍රි.පූ. 205 – 61) ධාතු වංශයේ සඳහන් වන අන්දමට අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වසරේ ලංකාවට තෙවැනි වර වැඩම කළ අවස්ථාවේදී පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ නිරෝධ සමාපත්තියට සමවැදී සිටි බවත් ධාතු වංශයේ සඳහන් වෙයි.seruwavila-500x330

මාගම රාජ පරපුර ආරක්‍ෂා කරගෙන සිටි බව කියන සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සෑදූ මෙම මහා සෑය මංගල මහා සෑය වශයෙන් වහරණු ලබන අතර මීට වසර දෙදහස් දෙසීය ගණනකට පෙර මෙම ස්තූපය සඟසතු කර පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්‍ෂූන් වහන්සේගේ උපදෙස් පරිදි බව ද ධාතුවංශයේ සඳහන් වෙයි.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සේරුවිල සමීපයේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. මෑත කාලයේ දී පුරා විද්‍යා සොයා ගැනීම් අනුව එය රෝපණය කර ඇත්තේ කිලිවෙඩ්ඩි නම් වූ ග්‍රාමයේ ය. මෙම ඓතිහාසික බෝධීන් වහන්සේ ත්‍රස්ත්‍රවාදීන් විසින් විනාශ කර ඇති අතර එකී දෙතිස්ඵල බෝධීන් වහන්සේ ශ්‍රී වර්ධන බෝධීන් වහන්සේ නමින් සඳහන් වූ සේරුවාවිල පුදබිමටම සම්බන්ධ බව පුරා විද්‍යාඥයින්ගේ මතය වී ඇත.seruwawila 2 9-17-2011 5-13-47 PM

පුරාතනයේ නාග ග්‍රෝත්‍රිකයන්ගේ පුණ්‍ය භූමියක් බව සිතිය හැකි සාක්‍ෂි මෙහි පුරාවිද්‍යාත්මක කැණීම් වලදී හමු වී ඇත.  නයිපෙන නවයකින් සහ හතකින් ආවරණය ලත් බුදු පිළිම ඒ අතර වේ. වනයට වන්නට සිය ගණන් ගල් ගෙවල් මෙන්ම ගල් පොකුණු වරහ සොණ්ඩනම් දැකුම්කළු ගල් කෙම, ආරාමික නටබුන්, කළු ගලින් කළ විශාල මල් ආසන ද පුරා විද්‍යා කැණීම් වලදී සොයාගෙන ඇත.

ගමන් මග

ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කර සේරුවාවිල රජ මහා විහාරයට ලගාවිය හැක. 
ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා පැමිණෙන විට කි.මී. 15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය.
​කන්තලේ සිට සේරුවාවිල  දක්වා වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත පැමිණිය හැකි ය.


(under the courtesy of roar.media web)

More News »