මුල්කිරිගල පුංචි සීගිරිය.

2018-02-22 11:08:00       107
feature-top

බෙලිඅත්ත - වීරකැටිය මාර්ග‍යේ මුල්කිරිගල හන්දි‍යෙන් මුල්කිරිගල - ම‍කේවල මාර්ග‍යේ සැතපුමක් පමණ ගිය විට මුල්කිරිගල විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය. වීරකැටිය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යන අන්වර්ථ  නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය පුංචි සීගිරිය නමින්ද ප්‍රචලිතව ඇත්තේ පර්වතයක් මත ඉදිව ඇති නිසා බව ඉතිහාසයේ සදහන් වේ. ක්‍රි.පූ. 2-3 සියවස්වලදී නිර්මාණය ඇරඹීයයි සිතන මෙහි නිර්මාතෘ පිළිබඳව විවිධ මත පවතී. ඇතැමෙකුට අනුව සද්ධාතිස්ස රජුන් මෙය කරවූ අතර, කාවන්තිස්ස රජු විසින් කරවූ මුහුදුගිරි විහාරය හෙවත් සමුද්‍රගිරි විහාරය මෙය බවටත් මත පවතිනවා. සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙය විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගලයන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන්. මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද දැක්වෙනවා.

එ‍මෙන් ම මෙම විහාරය හක්මණ උමංගල හා උමගකින් සම්බන්ධ බවත් නා ර‍ජෙකු විසින් නිර්මාණය කළ බවටත් ජනප්‍රවාද ‍වේ

මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ  මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ. පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ය. මෙහි ඇති බෝධීන් වහන්සේ සඟමිත් තෙරණිය ගෙන ආ බෝධින් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් අතුරින් එකක් බවට ජනප්‍රවාදයේ පැවතියත් බෝධි වංශයේ මේ ගැන සඳහන් නොවේ.

ලන්දෙසි යුගයේදි සිරීපාදය සමග මෙය පටලවා ගත් කිතුණු භක්තික විදේශිකයන්, ආදම් සහ ඒවගේ සොහොන් මෙහි වේයයි සිතූ නිසා එකල මෙය ඔවුන් නිතර ආගිය තැනක් විය.  (සිරීපාදෙත් පටලව ගත්තු එකේ..) විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ආදම්යයි ලන්දේසීන් රැවටුණු අතර, ඔවුන් විසින් ලියන ලද පොත්වලද මේ බව දැක්වේ.

මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතක් ඇතුළත්. මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි/හිටි පිළිමවලින් යුක්තයි. අතිශයින් රමණීය බිතු සිතුවම් ද විශාල සංඛ්‍යාවක් දැකිය හැකියි.මෙම සිතුවම්  මහනුවර සම්ප්‍රදා‍යේ පහතරට ශෛලියේ සිතුවමින් අලංකාර කර ඇත. ගලෙහි ඉහළට නැගීමට පඩි 533ක් තිබෙනවා. බෝධීන් වහන්සේ ඇත්තේ මෙහි මුදුනෙයි.

පුරාතනයේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි පුද බිමක්‌ යෑයි සැළකෙන මුල්ගිරිගල විහාරය අඩි 350 ක්‌ පමණ උස ගල් පර්වතයක්‌ ආශ්‍රිතව ගොඩනඟා ඇත. විහාරයේ මෙකී අපූර්ව ශෛලමය ආකෘතිය හේතුවෙන්ම ඊට ලැබෙන්නේ අනෙක්‌ කවර විහාරයකට වුවද නොලැබෙන ආකාරයේ අභිමානයකි. ප්‍රෙෘඪත්වයකි. මේ ආකාරයේ ලෙන් විහාරයක්‌ පිළිබඳ අන් කවර සඳහනක්‌ හෝ ඉතිහාසය පුරා අපට අසන්නට දකින්නට නැත.

ලෙන් විහාරය පිහිටා ඇති ගල් පර්වතය විශාලය. එහි බිමෙහි සිට මුදුන්තලය දක්‌වාම විහිද යන්නා වූ ආකාරයට විහාර සංකීර්ණය දක්‌නට ඇත. එය සකස්‌ වී ඇත්තේ පහත මළුව, මැද මළුව, උඩ මළුව ලෙසය. පහත මාලයේ අති විශාල ශාලාවක්‌ හා ලෙන් විහාර දෙකකි. ලෙන් විහාර දෙකෙන් විශාල ලෙන් විහාරයේ දහඅට රියන්, සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හා තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ හතරක්‌ වැඩ සිටින්නේ, බොදුණු බැති සිත් පහන් කරවමිනි. මෙකී සැතපෙන බුද්ධ පිළිම වහන්සේ නෙළා ඇත්තේ දෑස්‌ අන්ධ භික්‍ෂුවක විසින් බව කියෑවේ. එහෙත් එකී නිර්මාණ කටයුත්තේ එතරම්ම අඩුපාඩුවක්‌ නැති බවක්‌ පෙනෙන්නේ බැතිබර බොදුණුවන් එය සුපිරිසිදුව වන්දනාමාන කරන අයුපහත මළුවේ සිට මැද මළුවට නඟින්නට ඇති පියගැටපෙළ පසු කරද්දී කටාරම් කෙටූ තවත් ලෙන් විහාරයක්‌ දක්‌නට ලැබේ. එහිදී ද දොළොස්‌ රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හා බුද්ධ ප්‍රතිමාවක්‌ දක්‌නට ඇත. එමෙන්ම මැද මළුවෙහි ඇසතු බෝගස්‌ කිහිපයක්‌ ද දක්‌නට ලැබෙයි. පියගැට පෙළෙහි ඉහළට යද්දී තවත් විහාර දෙකක්‌ හමුවේ. ඒවා රජුන්ගේ විහාරය, පිරිනිවන් විහාරය ලෙසින් නම් කෙරේ. රජුන්ගේ විහාරය ලෙසින් නම් කෙරේ. රජුන්ගේ විහාරය කළ ද දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්‌ සහ හිටි පිළිම හතරක්‌ දක්‌නට ලැබේ. ඊට අමතරව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද ඇත්දළ යුවළක්‌ ඇතුළු කෞතුක වස්‌තු කිහිපයක්‌ තැන්පත් කර ඇති බව සඳහන්ය. ඊළඟට හමුවන විහාර මන්දිරයන්හි ද ප්‍රතිමාවලින් අඩුවක්‌ නැත. අනතුරුව පියගැට පෙළ ඔස්‌සේ කඳු මුදුනට නැඟි විට හමුවන්නේ උඩමළුවයි. මෙය පුළුල් වපසරියක පිහිටි ඉඩකඩකි. මේ කොටස අඩි 65 ක්‌ පමණ විශ්කම්භයකින් යුතු පරිශ්‍රයකි. ඒ වටා ප්‍රාකාරයක්‌ ඉදිකර ඇති අතර අඩි අසූවක්‌ පමණ උස්‌ වූ අටපට්‌ටම් හැඩයකින් යුත් ස්‌ථූපයත් පැරැණි බෝධියත් පිහිටා ඇත්තේ එහිය.මෙහි මුදුනට නැගී කල තංගල්ලේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය අපූරුවට දිස්වේ.  

මෙකී ඓතිහාසික වූත් අතිශය දනවන්නාවුත් මුල්ගිරි විහාරය සතු සංකීර්ණ ලක්‍ෂණයන් පෙර කීවාක්‌ මෙන් මෙරට කිසිදු තැනක දක්‌නට නොලැබේ. එය සාක්‍ෂාත් කරන්නේ මුල්ගිරිගල විහාරය වැඳ පුදා ගන්නට එහි ඓතිහාසික බව අත් විඳින්නට පැමිණෙන දේශීය වන්දනාකරුවන්ටත් වඩා විදේශීය සංචාරකයන්ය. මුල්ගිරිගල විහාරයෙහි චිත්‍ර එකී පිරිසගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ පවා අවධානයට යොමුව ඇත්තකි.

මෙහි ආරම්භයේ සඳහන් කළාක්‌ මෙන් මුල්ගිරිගල විහාරය දකුණේ රුහුණු පුරවරයේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍ර වන බෞද්ධ සිද්ධස්‌ථානයකි.



More News »