කිරිඇල්ලේ නැදුන් රජමහ විහාරය

2018-03-05 10:32:00       198
feature-top
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ග්‍රාමයෙහි පිහිටි කබරගල නමින් හැඳින්වෙන මහාපර්වතය පසුබිම් කොට ‍ගත් රමණීය කෙත් යායකින් වටවූ භුමි බාගයක පිහිටි නැදුන් විහාරය වර්තමාන ශ්‍රී ලංකාවේ දස දෙස පතල ඓතිහාසික පුජ්‍යස්ථානයකිමෙහි ඉතිහාස කතාව සීතාවක රාජසිංහ සමය තෙක් ඈතට විහිද යන බව මුලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරින් පෙනී යයි සීතාවක රාජසිංහ රජු බුදුසමය හැරපියා ශිව ලබ්ධිය වැළඳ සිදුකරන ලද බෞද්ධ විරෝධී ක්‍රියාවලට මුහුණ දීමට නොහැකිවූ භික්‍ෂුහු ක්‍ෂේම ස්ථාන කරා පලා ගියෝය ඇතැම් භික්ෂුන් ක්‍ෂේම ස්ථාන කරා පලා ගියේය දිවි බේරා ගෙන ක්‍ෂේම ස්ථාන කරා පලා ගිය භික්‍ෂුන් පිරිසක් කරඳන -විහාරහේන නමින් දැන් හැඳින්වෙන ඉඩමෙහි තිබෙන ගල් ලෙනට පැමිණ වාසය කල බවට සඳහන් වේ මේ පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ සීතාවක රාජසිංහ රජු රාජ්‍යයෙන් පහකොට වෙනත් පාලකයකුට බලය ලබාදීම සඳහා භික්ෂුන් වහන්සේලා උත්සහ කල බවත් එහිදී කුමන්ත්‍රණය හෙළිවී ගිය පසු එම භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක් සීතාවක ගඟේ කනමැදිරියන්වල නම් ස්ථානයේ ගිල්වා දැමුබවත් සමහරක් භික්ෂුන් බේරී පලාගිය බව සඳහන් වේ මෙකල භික්ෂු ශාසනයයෙන්  උපසම්පදාව අහෝසි වී ගොස් තිබී ඇති අතර මෙහි වාසය කල ඇතැම් භික්ෂුවක් හැඳින්වුණේ ගනින්නැහැ යනුවෙනි කිරිඇල්ලේ නැදුන් රජමහ විහාරස්ථානයට ඍජු සම්බන්ධතා පවත්වන කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේ උපසම්පදාව ලත් මහා තෙර නමක් වුහ උන්වහන්සේට පෙර නැදුන් විහාරයට සම්බන්ධ භික්‍ෂු පරම්පරාව මෙසේය 




More News »