ජාතියේ අනන්‍යතාව කියා පාන නිල්ලක්‌කම බෝධිඝරය

2018-03-07 10:02:00       198
feature-top
බෝධිඝරය යනුවෙන් හ`දුන්වන්නේ බෝධීන් වහන්සේ නමක්‌ ස`දහා බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාව ස`දහා ඉදි කළ ගෘහයයි. "බෝගෙය" ලෙසද හ`දුන්වන මෙය බෝධිය වටා ඉදි කළ පියස්‌සක්‌ සහිත ගොඩනැගිල්ලකි. මැද කොටස විවෘතව පැවැතුණි. පැරැණි කළු ගලින් හෝ ගඩොලින් වටේ බිත්ති බැ`ද ඇති අතර මධ්‍යයේ බෝධීන් වහන්සේ වැඩ සිටිති. ලංකාවට ආවේණික වූ බෝධිඝරය හෙළ සිංහල කලාකරුවාගේ අනර්ඝතම නිර්මාණයක්‌ වන අතර එයින් ද ප්‍රධානතම හා දැකුම්කලු බෝධිඝරය නිල්ලක්‌කම බෝධිඝරයයි. 
 
 කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ගල්ගමුව ප්‍රදේශයේ ඇති ලෝක පූජිත නිල්ලක්‌කම බෝධිඝරය 9 වැනි හෝ 10 වැනි සියවස්‌වල ඉදිකර ඇති බව නිර්ණය කර ඇත. ජනප්‍රවාදයේ එන්නේ අනුරාධපුර යුගයේ ඇති වූ විශේෂ ආක්‍රමණික අවස්‌ථාවක දළදා වහන්සේගේ ආරක්‌ෂාව ස`දහා හෙට්‌ටියකුගේ වෙස්‌ ගෙන මායා රට බලා ගමන් කරන අතරතුර දිනක්‌ රැය පහන් කිරීමට භික්‌ෂූන් වහන්සේ නමක්‌ මෙම ස්‌ථානය තෝරා ගෙන ඇත. අවුල් වියවුල් සමනය වූ පසු එම භික්‌ෂූන් වහන්සේ මහ රජුන්ට සියලු පුවත් සැල කළ පසු රජතුමා එහි වූ බෝධීන් වහන්සේ ස`දහා මෙම බෝධිඝරය ඉදි කළ බවත්, භික්‌ෂූන් වහන්සේ දළදා වහන්සේ ආරක්‌ෂා කිරීමට ගත් උත්සාහයට ගරු කිරීමක්‌ ලෙස සිදු කළ බවත්ය. 
 
 1950 ගණන්වල මහා වනාන්තරයෙන් වැසී තිබූ මෙය සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්‌තුමා කැලෑ එළි කොට පස්‌වලින් යටව තිබූ නිල්ලක්‌කම බෝධිඝරය සොයා ගෙන ඇත. නමුත් 1895 දී බෙල් මහතා මෙහි පැමිණ ඇති බව ASCAR - 1985 ඡ-13 වාර්තාව අනුව පිළි ගත හැකි අතර මෙය දළදා ගෙයක්‌ ලෙස හ`දුනා ගෙන ඇත.
 
 මෙම බෝධිඝරය තනිකරම කළුගල් නිර්මාණයක්‌ වේ. ඇතුළත හා පිටත මණ්‌ඩප දෙකක්‌ වශයෙන් නිර්මාණය කර ඇත. පිටත මණ්‌ඩපය වන්දනා කිරීම ස`දහා ද ඇතුල් මණ්‌ඩපය බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාව ස`දහා ද නිර්මාණය කර ඇත.ඇතුළු මණ්‌ඩපයේ ඇතුළු පිවිසුම් දොරටු එකක්‌ ඇති අතර එය මනරම් කළුගල් උළුවස්‌සකින් නිර්මිතයි. 
 
 පිටත මණ්‌ඩපය ස`දහා දොරටු දෙකක්‌ වන අතර එය උවැසි උවැසියන්ගේ වන්දනාව ස`දහා සකස්‌ කර ඇති බව පෙනේ. මණ්‌ඩපයේ බිත්තිය කළුගලින් නිර්මිත වන අතර එහි සිංහ, අශ්ව, ඇත් හා හංස පින්තූර කැටයම් කර ඇත. සිංහයාගේ පිරිමි බව කැපී පෙනෙන ලෙස දක්‌වා ඇති අතර ඉතා සියුම් කැටයම් නිර්මාණයන්ගෙන් අනූනය. මෙහි ඇති ශිලා ලිපිය කියන අයුරින් නම් එහි ස`දහන්ව ඇත්තේ "මොනරගල් බුද්මි මේ දස ඇතුන් කරවා මහ බොහි පිදූ පිනින් අනුත්තර සම්මා සම්බු...." (දු වෙම්වා) මොනරගල බුද්මි නමැත්තා මහබෝධියට ඇත් රූප දහසක්‌ පූජා කර ඇති අතර ඒ පින් බලයෙන් අනුත්තර සම්මා සම්බුද්ධ වේවා" යනුවෙන් කළ ප්‍රාර්ථනයයි. මධ්‍යකාලීන සිංහල භාෂාව ලෙස නිගමනය කර ඇති මෙහි යමක්‌ සැ`ගව ඇති බව මැනවින් මා හට විද්‍යමාන විය.
 
 ඇතුන්ගේ රූප පූජා කළ පමණින් බුදු බව ප්‍රාර්ථනා කළ හැකි ද ? අනුරාධපුර ශ්‍රී මහා බෝධිය තිබියදී මෙම බෝධියට පූජා පවත්වා බුදු බව ප්‍රාර්ථනා කළේ කුමන හේතුවක්‌ නිසාද ? මෙය එබ`දු උදාර ප්‍රාර්ථනයක්‌ කිරීමට තරම් බල සම්පන්න බෝධියක්‌ ද ? ශ්‍රී මහා බෝධිය මෙහි තැන්පත් කළා කියා අනුමාන කළ හැකි ද ?අඩු තරමින් ශ්‍රී මහා බෝධි අංකුරයක්‌වත් මෙහි වඩා හි`දුවා තිබුණාද ? මහාවංශයේවත්, බෝධිවංශයේවත් මේ ගැන ස`දහන් නොවන්නේ මන්ද ? මොනරගල් බුද්මි යනු කවුද ? මහබෝ යන සුවිශේෂ වදනින් මෙම බෝධිය හ`දුන්වන්නට ඇත්තේ ඇයි ? එම නිසා මෙම නිල්ලක්‌කම බෝධිය ගැන ගැඹුරින් සොයා බැලිය යුතුය. නිදහස්‌ව, නිරවුල්ව, නිවහල්ව සොයා බලන ලෙස පුරාවිද්‍යාඥයන්ගෙන් අයෑද සිටිමි. 
 
 ලෝ ප්‍රකට මෙම නිල්ලක්‌කම බෝධිඝරයට අද කිසිම සැලකිල්ලක්‌ නැත. මෙහි ළ`ගා වීමට මාර්ග පහසුකම් අල්පය. නිවැරැදි මාර්ග සලකුණු කළ දැන්වීමක්‌ නැත. කැලෑවෙන් යට වී ඇති පටු පාරවල් ගමනාගමනය දුෂ්කර කරයි. විදුලිය, ජලය ගොඩනැ`ගිලි කිසිවක්‌ නැත. දැනට මෙය පිරිසිදුකර රැක බලා ගන්නා යූ.එම්.මුතුබණ්‌ඩා මහතාට ගෙවනුයේ මාසිකව රුපියල් 1500 කි. ලොව අන්a කොතැනකවත් නැති මෙම කළු ගල් කලා නිර්මාණය පිළිබ`දව බලධරයන්ගේ ඇස නොගැටීම මහත්ම පාප කර්මයකි. සිංහල බෞද්ධයා බෝධීන් වහන්සේට කොපමණ ගෞරවයක්‌ බැ`දීමක්‌ තිබුණා ද යන්න මෙමගින් දරුවන්ට පෙන්වා දිය හැක. 
 
 මෙම බෝධිඝරයට අමතරව ලංකාවේ බෝධිඝර කීපයක්‌ම හමුවන අතර, ප`ඩුවස්‌නුවර රජමහා විහාරය අසල ඇති බෝධිඝරයේ ද දැනට බෝධීන් වහන්සේ කෙනෙක්‌ නැත. කුලියාපිටිය ප`ඩුවස්‌නුවර පාරේ එස්‌.ඩබ්.ආර්.ඩී.බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ද කැටයම් කළ පඩි පෙළකින් සමන්විත ගඩොලින් නිම කළ බෝධිඝරයක්‌ ඇති අතර එය අඩි 50කට වඩා ගැඹුරට ගඩොලින් බැ`ද ඇත. එහිද බෝධීන් වහන්සේ නමක්‌ නැත. අතීතයේදී අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධිඝරයක්‌ වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි.
 
 කරුණු මෙසේ හෙයින් හෙට දවසේ ලොවට දායාද කිරිමට ඇති අගනා නිර්මාණයක්‌ වන නිල්ලක්‌කම බෝධිඝරය රැක ගැනීමටත්, ජනතාවට දැක බලා ගැනීමටත් පහසුකම් සැලසීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා ·
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »