කෝට්‌ටේ රාජධානියේ පෙරළිවලට මැදි වූ ඓතිහාසික කැකුණදොළ ටැම්පිට විහාරය

2018-06-01 11:07:00       0
feature-top
බස්‌නාහිර පළාතේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ පිහිටා තිබෙන එකම ටැම්පිට විහාරය වන්නේ මෙම විහාරයයි (ගුලවත්ත, 2005, 87 පිටුව). සියම් නිකායට අයත් විහාරස්‌ථානයක්‌ වන මෙහි පිඹුරේ උදිත හිමියෝ වර්තමාන විහාරාධිපති වශයෙන් කටයුතු කරති. මෙහි මුල් ස`ග පුරපුර පිළිබඳව තොරතුරු නොමැත. වර්ෂ 1825 න් පසුව මෙහි නූතන ස`ග පරපුරේ ඉතිහාසය හඳුනාගත හැකිය. පිඹුරේ ශ්‍රී ධම්මානන්දවාචිස්‌සර හිමි (වර්ෂ 1948 අපවත් වී තිබේ), පිඹුරේ ගුණරතන හිමි (වර්ෂ 1988 අපවත් වී තිබේ), පිඹුරේ ජීවානන්ද හිමි (වර්ෂ 1996 අපවත් වී තිබේ) ආදී නායක හිමිවරුන් මෙම විහාරස්‌ථානයේ නායක පදවිය හොබවා ඇත. වර්තමානයේදී සාමණේර හිමිවරුන් 45 නමකට පමණ ශිල්ප අධ්‍යාපනය ලබාදෙන පිරිවෙනක්‌ ලෙස ද මෙම විහාරස්‌ථානය හඳුනාගත හැකිය.
 
 මෙම විහාරස්‌ථානයේ පිහිටීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී බස්‌නාහිර පළාතේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌යොදුන් කෝරළයේ කැකුණදොළ ග්‍රාමයෙහි පිහිටා තිබේ. උතුරු අක්‌ෂාංශ 6.33 හා නැගෙනහිර දේශාංශ 80.08 වශයෙන් නිරපේක්‌ෂ පිහිටීම දැක්‌විය හැකිය. මීට ප්‍රවේශ විය හැකි මාර්ග පිළිබඳව සලකා බැලීමේදී මතුගම නගරයේ සිට අගලවත්ත නගරය හරහා කිලෝමීටර් 6.8 ක්‌ ගිය පසු මෙම විහාරයට ප්‍රවේශ විය හැකිය. අගලවත්ත නගරයේ සිට මෙම විහාරයට ඇත්තේ කිලෝමීටර් 2.6 ක්‌ පමණ දුරකි. හොරණ සිට පැමිණෙන්නකුට කලවැල්ලාව - අගලවත්ත මාර්ගය ඔස්‌සේ පැමිණිය යුතුවේ.
 
 ඓතිහාසික පසුබිම
 
 පස්‌යොදුන් කෝරළයේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ අගලවත්තේ පිහිටි කැකුණදොළ රජමහ විහාරය කළුතර ප්‍රදේශයට ආලෝකයක්‌ ලබාදුන් පූජ්‍ය ස්‌ථානයකි. කෝට්‌ටේ සයවැනි පරාක්‍රමබාහු යුගයේදී රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ගරු සරුවට ලක්‌ වූ මේ රජමහා විහාරය පස්‌යොදුන් කෝරලයේ ඓතිහාසිකත්වය හෙළිකරන වැදගත් ස්‌ථානයකි. මෙම විහාරස්‌ථානය ප්‍රතිරාජ පිරිවෙන නමින් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ කෝට්‌ටේ යුගයට සම්බන්ධ ඓතිහාසිකත්ව සිදුවීම් පදනම් කරගෙන ය.
 
 සයවැනි පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් උලකුඩය දේවිය සහ නන්නූර් තුනයාගේ පුත් ජයබාහු කුමරා වීර පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1467 -1469) නමින් රාජ්‍යත්වයට පත්විය. නමුත් සපුමල් කුමරු මීට එරෙහි වීම නිසා වීර පරාක්‍රමබාහු රජුට රාජ්‍ය විචාරන්නට හැකි වූයේ වසර දෙකක්‌ පමණකි. ඉන් පසුව ඔහුව මරා සයවැනි බුවනෙකබාහු නමින් සපුමල් කුමරු රාජ්‍යත්වයට පත් වේ. සපුමල් කුමරු යාපනයේ ආර්ය චක්‍රවර්තීවරු පරාජයට පත් කොට රට එක්‌සේසත් කරලීමට සයවැනි පරාක්‍රමබාහු රජුට විශාල ශක්‌තියක්‌ දුන් මේණවර වංශයේ කුමාරයෙකි. සයවැනි බුවනෙකබාහු රජු සමයේදී පස්‌යොදුන් රට පාලනය කරමින් සිටි ප්‍රාදේශීය පාලකයෙක්‌ වූ සිරිවර්ධන ප්‍රතිරාජයා කළු ග`ග සිට වලවේ ග`ග දක්‌වා විශාල ප්‍රදේශයක්‌ තම පාලනයට යටත් කරගෙන රජුට එරෙහිව කැරළි ගැසීය. 
 
 "...කෝට්‌ටේ නුවරට වැද පරාක්‍රමබාහු රජ මරා බුවනෙකබාහු නමින් සිංහාසනප්‍රාප්තව රාජ්‍ය කරන කල පස්‌යොදුන් කෝරලය බද කැකුලJදල සිරිවර්ධන පතිරාජයෝ කළුග`ගින් එගොඩ පටන් වලවය දකිනා තුරු කතාකොට එක්‌සියත්ව නොයෙක්‌ ලෙසින් සිංහල පෙරළි නම් වූ මහත් පෙරළියක්‌ කළෝය". (සුරවීර, 1965, 24 පිටුව)
 
 මෙම කැරළි ගැසීම්වලට කැකුළන්දොළ පුරාණ විහාරස්‌ථානයේ වැඩ සිටි කූරගම ස්‌වාමීන් වහන්සේගේ උපදෙස්‌ ද ලැබුණු බව රාජාවලියේ සඳහන් වේ.
 
 "ශ්‍රී බුවනෙකබාහු ර-ජුරුවන් රාජ්‍ය කරන අවධියට පස්‌යොදුන් කෝරලය කැකුලන්දොල ශ්‍රී වර්ධන පතිරාජයා කළුග`ගින් එපිට වලඔය දකිනා තුරු එකසිත්ව කතාකරගන කූරගම හිමියාණන් එක්‌ක සිංහල පෙරළි කළාහ". (සුරවීර, 1976, 210 පිටුව)
 
 මේ අවස්‌ථාවේ බුවනෙකබාහු රජු අම්බුළුගල සිටි තම සහෝදරයා ගෙන්වා සිරිවර්ධන ප්‍රතිරාජයාගේ කැරළි සංසිඳුවා ඔහුව සිරගත කොට තිබේ. (සුරවීර, 1976, 211 පිටුව). පසුව ප්‍රතිරාජයාව සිරෙන් නිදහස්‌ කරගෙන බුවනෙකබාහු ඇතිදැඩි කළ කුමරුව ප්‍රතිරාජයාට භාරදුන්නේය. අවුරුදු 7 ක්‌ රජකොට බුවනෙකබාහු රජු මියගිය විට ඇති දැඩි කළ කුමරු පණ්‌ඩිත පරාක්‍රමබාහු නමින් රජ විය. බුවනෙකබාහු මියගිය බව දැනගත් අම්බුළුගල කුමරා රාජ්‍ය ලබාගැනීමට සේනාවක්‌ සමඟ එන විට ඔහු හා යුද්ධ කිරීමට ප්‍රතිරාජයන්ට හා කුරගම හිමියන්ට සිදුවේ. මෙහිදී ප්‍රතිරාජයා පරාජය වීම නිසා අම්බුළුගල කුමරු පණ්‌ඩිත පරාක්‍රමබාහු මරා වීර පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1480-1505) නමින් රජ්‍යත්වයට පත්වේ (මහාවංශය, පරි. 92, 34 පද්‍යය). මේ ඓතිහාසික සිදුවීමට ගරු කිරීමක්‌ වශයෙන් කැකුළන්දොළ පුරාණ විහාරය ප්‍රතිරාජ පිරිවෙන නමින් හඳුන්වන්ට වූ බව ජනප්‍රවාදයේ දැක්‌වේ. එම ජනප්‍රවාදයන්ට අනුව මෙම ටැම්පිට විහාරය කරවන්නට ඇත්තේ කූරගම හිමියන් හා ප්‍රතිරාජ ඇමැති විසින් යෑයි අනුමාන කළ හැකිය (ගුලවත්ත, 2005, 89 පිටුව).
 
 මෙම විහාරයේ ඓතිහාසිකත්වය පිළිබඳව පවතින තවත් මතවාදයක්‌ වේ. එය ද කෝට්‌ටේ යුගය දක්‌වා දිවෙන්නකි. යාපනය ජයගැනීමේ සටනට සිය මස්‌සිනා වූ ශ්‍රී වර්ධන කුමරු ද කැටිව යැමට සපුමල් කුමරුට හැකිවිය. ක්‍රි.ව. 1446 දී සිදු වූ ඒ යුද්ධය ජය ගැනීමෙන් පසු සපුමල් කුමරු සේනානායක සපුමල් යනුවෙන් ද ශ්‍රී වර්ධන කුමරු සමරවීර ශ්‍රී වර්ධන නමින් ද හඳුන්වන්නට විය. යුද්ධයේ විජයග්‍රහණය සිහිපත් කරවනු වස්‌ මේ ප්‍රතිරාජ කුමරු විසින් නුගේගොඩදී අභිනව ස්‌ථූපයක්‌ සහිත විහාරස්‌ථානයක්‌ කරවන අතර එය විජයාරාමය වශයෙන් වර්තමානයේදී හැඳින්වෙයි. එයට සමගාමීව කෝට්‌ටේ රජමහා විහාරයේ ද අගලවත්තේ කැකුණදොළ විහාරයේ ද ස්‌ථූපයන් තැනවීමට ද ශ්‍රී වර්ධන ප්‍රතිරාජයන්ට හැකිවෙයි. අද කැකුළන්දොළ රජමහා විහාරයේ තිබෙන ස්‌ථූපයත් ටැම්පිට විහාරයත් මේ නිර්මාණයන් අතරට එක්‌වන බවට මෙම ප්‍රදේශයේ පවතින ජන විශ්වාසයන්වලින් කියෑවේ. සිය අතීත මුත්තණුවන් වූ දඹදෙණියේ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ නමින් මෙම පිරිවෙන නම් කරන්නට ඇති බවට අනුමාන කළ හැකිය. ශ්‍රී වර්ධන ප්‍රතිරාජයන්ගේ ප්‍රතාපවත් රූපය මූර්තියට නළුd කැකුළන්දොළ රජමහා විහාරයේ බුදු මැඳුරේ තැන්පත්ව ඇත. ප්‍රතිරාජයන් විසින් තැන වූ ස්‌ථූපයෙන් විසිවැනි සියවස මුල් භාගයේදී බුදුරැස්‌ විහිදුණු බව ජනප්‍රවාදයේ පවතී. ඒ නිමිති කොට රජමහ විහාරයට ආසන්න කුඹුරු යාය පූජා කොට ගල් ටැඹක්‌ ද පිහිටුවා ඇත.
 
 වාස්‌තු විද්‍යාව සහ නිර්මාණ තාක්‍ෂණය
 
 කළුතර දිස්‌ත්‍රික්‌යේ පවතින එකම ටැම්පිට විහාරස්‌ථානය වන මෙහි වාස්‌තු විද්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මෙය ගල් ටැම් මත දැව ලෑලි අතුරා ඒවා පොළොව ලෙස සලකමින් පිහිටුවා ඇති පිළිම ගෙයකි. ලංකාවේ ටැම්පිට විහාර සාමාන්‍යයෙන් 168 ක්‌ පමණ වෙයි. දැනට හොඳ තත්ත්වයේ ටැම්පිට විහාර 130 ක්‌ 135 ක්‌ පමණ පවතියි. ගල් ටැඹක්‌ ගත් විට ඒවා සමාන්‍යයෙන් උසින් අඩි එකක සිට අඩි හත දක්‌වා විය හැකිය. සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයක්‌ ගොඩන`ගන විට යොදාගන්නා ගල් ටැම් ආකාර තුනක්‌ වෙයි. 
 
 Ö බෝලගල් මත ඉදිකළ ටැම්පිට විහාර
 
 Ö Rජුකෝණාස්‍රාකාර ගල් ටැම් මත ඉදිකළ විහාර
 
 Ö ගල් පතුරු මත ඉදිකළ ටැම්පිට විහාර (සක්‌ක පතුරු)
 
 අගලවත්ත කැකුණදොළ ටැම්පිට විහාරය ගොඩන`ගා තිබෙන්නේ Rජුකෝණාස්‍රාකාර ගල් ටැම් 9 ක්‌ මතය. මෙහි වේදිකාව අ`ගල් 14 1/2 ක්‌ උසය. ගල් ටැම් නවය මත අ`ගල් 8.8 ක්‌ පමණ වූ ලී බාල්ක යොදා අතිරේක දැව අතුරා ඉතා ශක්‌තිමත්ව නිමවා තිබේ. මෙම වේදිකාව මත පිළිමගෙයි බිත්ති ගොඩන`ගා තිබේ. ඒවා වරිච්චි බිත්තිය. විහාර ගෙය ඇතුළත වේදිකාවක්‌ මත බුදුපිළිමයක්‌ නිර්මාණය කොට තිබේ. එය ද මැටියෙන් තැනූවකි. පිළිමගෙයි බිත්ති මැටියෙන්ම කපරාරු කර තිබෙන අතර ඒ මත සිතුවම් ඇඳ තිබේ.
 
 විහාරගෙයි ඒකාකාර දිග පළලක්‌ නැත. විහාරගෙයි ඉදිරිපස අත්තිවාරම දිගින් අ`ගල් 116 කි. පිටුපස දිග අ`ගල් 125 කි. වම්පස අත්තිවාරම දිග අ`ගල් 127 ක්‌ වන අතර දකුණුපස අත්තිවාරම දිග අ`ගල් 130 ක්‌ වේ. විහාරගෙට පිවිසෙන උළුවස්‌ස අ`ගල් 74 ක්‌ උසය. විහාරගෙට පිවිසීමට පඩි 4 කින් යුතුව පඩිපෙළක්‌ තනා තිබේ. එය සිමෙන්ති භාවිතයෙන් නිර්මාණය කොට තිබේ. නමුත් අතීතයේදී නා ලීයෙන් තැනූ තරප්පු පෙළක්‌ පැවති බවට අදිත නාහිමි ප්‍රකාශ කළේය. විහාරගෙයි අභ්‍යන්තරයේ බුදු පිළිමය තනා තිබෙන් පීඨිකාව දක්‌වා දැව බාල්ක 10 ක්‌ බිමට අතුරා තිබෙනු දැකගත හැකිය. එයින් එකක්‌ පළල 15 ජප පමණ විය.
 
 මෙම විහාරයෙහි පිටත වේදිකාවේ කෙටි බිත්ති සකස්‌කර තිබේ. එම අත්තිවාරම්වල ද සමාන දිග පළලක්‌ නොමැත. ඉදිරිපස අත්තිවාරම දිග අ`ගල් 242 ක්‌ ද පිටුපස අ`ගල් 239 ක්‌ ද දකුණුපස අ`ගල් 226 1/2 ක්‌ ද වේ. කෙටි බිත්තියේ පළල වම්පස අ`ගල් 14 ක්‌ හා දකුණුපස අ`ගල් 13 1/2 කි. පිටමාලයෙහි ගල් කණු 4 ක්‌ දක්‌නට ලැබේ. අද වනවිට ඒවායෙහි ද සුදු වර්ණාලේපිත කොට තිබෙනු දැකිය හැකිය. එම ගල් කණු අතර මැද ද මැටියෙන් කණු 3 ක්‌ නිර්මාණය කොට තිබෙනු හඳුනාගත හැකිය. මෙම විහාරගෙය වර්ෂ 1993 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ම`ගින් සංරක්‍ෂණය කර තිබේ. (ගුණවර්ධන සහ විෙ-තුංග, 2005, 15 පිටුව). මෙම විහාරගෙයි වහලය දෙතුන් වරක්‌ අලුත්වැඩියාවට ලක්‌කොට තිබේ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ම`ගින් පැරණි ක්‍රමයට නිර්මාණය කර තිබේ. මෙහි වහලය වර්තමානයේදී Kandyan Roof යනුවෙන් හඳුන්වන අකෘතියට නිර්මාණය කොට තිබෙනු හඳුනාගත හැකිය. අද වනවිට පෙති උළු සෙවිලි කිරීමෙන් මෙහි වහල සකසා තිබෙනු දැකගත හැකිය.
 
 සිතුවම් සහ පිළිම නිර්මාණකරණය
 
 විහාරගෙයි ඇතුළත ප්‍රධාන අංගය ලෙස ශක්‌තිමත් ලෑලිවලින් තනන ලද වේදිකාවේ බුදු පිළිමය නිර්මාණය කොට තිබේ. පඩිපෙළින් ප්‍රවේශ වන්නකුට මුලින්ම ඇස ගැටෙන්නේ මෙම බුදුපිළිමයයි. එය ධ්‍යාන මුද්‍රdවෙන් හිඳි ඉරියව්වෙන් නිර්මාණය කොට ඇති පිළිමයකි. මෙම පිළිමය බැලූ බැල්මට මහනුවර සම්ප්‍රදායට අනුකූලව ඉදිකර තිබෙන බවට පෙනී යයි. පිළිමයෙහි චීවරය දියරැලි ආකාරයට නිරූපිතය. හිසකෙස්‌ අක්‌බඹරු විලාශය ගනියි. සිරස්‌පතක්‌ ද නිර්මාණය කොට තිබේ. එය නිල්, කහ, රතු, සුදු හා තැඹිලි වර්ණවලින් වර්ණ ගන්වා තිබේ. මෙහි සිවිලිම ලීයෙන් සකස්‌ කර තිබේ. එහි පළාපෙති මෝස්‌තර හා ලියවැල් යොදා අලංකාර කර ඇත.
 
 මෙම ටැම්පිට විහාරයෙහි පිට බිත්තිවල කිසිදු සිතුවමක්‌ දක්‌නට නැත. සුදු පිරියම් කිරීමෙන් එය නිම කොට තිබේ. අභ්‍යන්තරයෙහි සරල සිතුවම්කරණයක්‌ දැකිය හැකිය. විහාරයට ඇතුළුවන දොරටුව දෙපස ඇතුළතින් වම් පස කූරගම හිමිගේ ද දකුණු පස දේව පතිරාජ ඇමැතියන්ගේ ද රූප සිත්තමට න`ගා තිබේ. මේවා පසුකාලීනව අඳින ලද ඒවා බව උදිත නායක හිමි ප්‍රකාශ කළේය. එම සිතුවම් දෙකට ඉහළින් "කුරුණෑගල සමයේ සඩ පැරකුම්බා නිරිඳුගේ අග්‍රාමාත්‍ය ශ්‍රී වර්ධන ප්‍රතිරාජ ඇමතිතුමා" සහ "මෙම විහාරයේ ආදි කර්තෘ භූත කුරුණෑගල සමයේ විසූ කූරගම මාහිමි" යනුවෙන් සඳහන් කොට තිබේ. නමුත් කූරගම හිමි සහ සිරිවර්ධන ප්‍රතිරාජ හයවැනි පැරකුම්බා රජු සමයේ විසූ බව මූලාශ්‍රවලින් පැහැදිලි වේ. ඒ අනුව මේ විහාරය සිරිවර්ධන ප්‍රතිරාජ හා කූරගම හිමි සිහිවීමට පසුකාලීන නුවර යුගයේදී කරවන්නට ඇති බව පෙනෙයි. නමුත් නුවර යුගයට අයත් සූරියගොඩ වැනි ටැම්පිට විහාරවල දක්‌නට ලැබෙන විචිත්‍ර සිතුවම්කරණයක්‌ මෙහිදී දක්‌නට නොලැබීම විශේෂත්වයකි. බුදු පිළිමය ද සූරියගොඩ ටැම්පිට විහාරයේ ඇති බුදුපිළිමය සම`ග සැසඳීමේදී විචිත්‍රත්වය අතින් පසුපසින් සිටියි. සූරියගොඩ ටැම්පිට විහාරයෙහි බුදුපිළිමය වටා අලංකාර මකර තොරණක්‌ ද දැකිය හැකිය. නමුත් එයට වඩා ප්‍රතිරාජ ටැම්පිට විහාරයේ බුදු පිළිමය ප්‍රමාණයෙන් විශාලය. රැස්‌ වළල්ලක්‌ දැකිය හැකිය. එය පළාපෙති සහ ගිනිදැල් මෝස්‌තර ඇඳ අලංකාර කොට තිබේ.
 
 අගලවත්ත කැකුණදොළ ටැම්පිට විහාරගෙයි බුදු පිළිමයට දෙපස බිත්තියේ එක්‌ පැත්තක පස්‌දෙනා බැගින් භික්‌ෂුන් වහන්සේලාගේ සිතුවම් 10 ක්‌ ඇඳ තිබේ. ඒවා හිටි ඉරියව්වෙන් ද එක්‌ අතක්‌ සිරුරට සමාන්තරව සහ අනෙක්‌ අත නවාගෙන සිටින ආකාරයෙන් ද දෙපා දෙක දෙපසට තබාගෙන සිටින ආකාරයෙන් ද සිත්තම් කොට තිබේ. චීවරය දිය රැලි ආකාරයට දක්‌වා තිබේ. බුද්ධ ප්‍රතිමාව දෙපස බුදුන් වහන්සේට වන්දනා කරන ඉරියව්වෙන් සැරියුත් - මුගලන් අගසව් දෙනම සිතුවමට න`ගා තිබේ. ඒ හිමිවරුන් දෙනමගේ හිස වටා සුදු පැහැයෙන් රැස්‌ වළල්ලක්‌ ඇඳ තිබේ. එයින් ඔවුන් දෙනම අනෙක්‌ හිමිවරුන්ගේ සිතුවම් අතුරින් විශේෂ කොට දැක්‌වෙයි. ඉතිරි ඉඩවල නිල් පාටින් රෝස මල්, ලියවැල්, පලා පෙති, ගස්‌ ආදිය සිතුවම් කොට තිබේ. සිවිලිමට ආසන්නයේ බිත්තිය ඉහළ කෙළවරෙහි සිවු පැත්තේම අළු පැහැති තිරස්‌ අතට දිවෙන වර්ණ තීරුවක රතු පාටින් නෙළුම් පෙති මෝස්‌තර ඇඳ තිබේ. මෙම සිතුවම් 19 වැනි සියවසේ අවසාන කාලයට අයත් බවට සැලකෙයි.
 
 උපයෝගීතාව
 
 මෙම ටැම්පිට විහාරය සැලකීමේදී එහි උපයෝගීතාව වන්දනා කිරීමයි. එබැවින් මෙම පිළිමගෙය වඩා උස්‌ව අනෙක්‌ ගොඩනැ`ගිලිවලින් විශේෂව තිබෙනු වස්‌ ටැම් මත ඉදිකළ බවට සිතිය හැකිය. මෙරට පවතින ටැම්පිට විහාරයන් පිළිබඳව සලකා බැලීමේදී මෙය සරල මධ්‍යම ප්‍රමාණයේ ටැම්පිට විහාරයක්‌ වශයෙන් හඳුනාගත හැකිය. මෙහි පිටත බිත්තිවල සිතුවම් නොමැත. අභ්‍යන්තර බිත්තිවල ද සිතුවම් ලෙස ජාතක කතා හෝ බුදු සිරිත නිරූපණය කිරීමක්‌ හෝ දක්‌නට නැත. බුදු පිළිමයට ගෞරව කරමින් සිටින භික්‌ෂු රූප සිත්තම් කොට තිබේ. දේව රූප කිසිවක්‌ දක්‌නට නැත. බිනර මල, පලා පෙති, ලියවැල් සහ නෙළුම් පෙති ආදිය හිඩැස්‌ පුරවා අලංකරණය සඳහා යොදා ගෙන තිබේ. ඒවා ද සංකීර්ණ බවක්‌ දක්‌නට නැත. බැලූ බැල්මටම මෙම පිළිම ගෙය චාම් බවක්‌ උසුලයි. එය බෞද්ධාගමේ දැක්‌වෙන සරල බව ක්‍රියාවෙන්ම පෙන්නුම් කරන්නක්‌ බඳුය.
  
 
 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
 ප්‍රාථමික මූලාශ්‍ර
 
 මහාවංශය, සංස්‌., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය. නුගේගොඩ( අජිත් ප්‍රින්ටර්ස්‌, 2004
 
 සුරවීර, ඒ. වී. සංස්‌., අලකෙශ්වර යුද්ධය, කොළඹ( රත්න පොත් ප්‍රකාශකයෝ, 1965.
 
 සුරවීර, ඒ. වී. සංස්‌., රාජාවලිය. කොළඹ( සීමාසහිත ලේකහවුස්‌ ඉන්වෙස්‌ට්‌මන් සමාගම, 1976.
 
 ද්විතීක මූලාශ්‍ර
 
 ගුණවර්ධන, ඉන්දික සහ චින්තක විඡේතුංග, පෞරාණික ස්‌ථාන සහ ස්‌මාරක කළුතර දිස්‌ත්‍රික්‌කය. පිටකෝට්‌ටේ( පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 2005.
 
 ගුලවත්ත, ආරි. පුරාණ පස්‌යොදුන්රට පුරාවිද්‍යාව සහ ඉතිහාසය. හොරණ( කර්තෘ ප්‍රකාශනයකි, 2005.
 
 දිසානායක, ගංගා රාජිනී. බෞද්ධ විහාරාංග සම්ප්‍රදායේ උඩරට කලාගාරය ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ඉතිහාසය, සම්ප්‍රදාය හා විකාශය. කැලණිය( සංකථන පර්යේෂණ කේන්ද්‍රය, 2017.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »