Home / ගම්මැද්ද /
පිදුරංගල වඳින්න රජමාවතේ එන්න
2018-10-01 03:36:00  ★ 679

ඓතිහාසික මාතලේ සොබා දහම් මාතාවගේ සුන්දරත්වයත් අභිමානයත් කැටිකොටගත් අතීත දනව්වකි. සිරිලක ප්‍රකට ස්ථාන බොහොමයක් උරුම කරගත් මාතලේ, කඳු මිටියාවත් වලින් සැදුම් ලද්දකි.
ඒ අනුව බලන කල ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සීගිරියත් සමඟම අත්වැල් බැඳගත් පිදුරංගල රජමහ වෙහෙර සොබා දහම හා කැටි වූ රමණීය අතීත පුදබිමක් ලෙස තම අතීත උරුමය ගොලු මුවින් පවසන නිහඬ අරණක පිහිටි පුදබිමකි.
මෙය සොඳුරු අසපුවක් වැන්න. ලොව අටවැනි පුදුමය ලෙස සැලකෙන සීගිරියට උතුරු දෙසින් පිහිටා ඇති බව පෙනේ. අතීතයක් සඟවාගෙන විරාජමානව නැඟී සිටින මනස්කාන්ත පුදබිමේ සෑම තැනම දකින්නට ඇත්තේ අතීතයේ නටබුන් ය. ඉපැරැණි ලෙන් විහාර සම්ප්‍රදායට අයත් මේ සොඳුරු වෙහෙරබිම තුළ අතීතයේ සිටම තිබී ඇත්තේ සංඝාරාමයක්, තපෝ අරණක් බඳුව ය. මෙහි පවත්නා ලෙන් ආශ්‍රිතව කටාරම් කෙටූ ලෙන්, සංඝාරාමයක පාදම නටබුන් ආදිය දක්නට ලැබේ .
එලෙස සීගිරි කාශ්‍යප රජු සීගිරියට පය තබන විටත් මෙහි පැවැතී ඇත්තේ බොදු පරසරයකි. අක්කර 13 ක් පුරා විහිදී ගිය තැනිතලා බිමත් වඳුකර පෙදෙසත් එක්කොට සැදුම්ලත් රමණීය ආරණ්‍යයේ යටගියාව පිළිබඳ ඇත්තේ කාශ්‍යප රජුගේ මූලිකත්වය යි.
කසුප් රජගේ සුවිශේෂී පූජාවක් ලෙස පිදුරංගල වෙහෙර තනා සංඝයා වහන්සේට පූජාකර ඇත්තේ තම පියා ඝාතනය කළ වේදනාවේ අකුසලය සමනය කරගනු සඳහා බව ද තොරතුරුවල සඳහන් වේ.
පියා මැරවූ පාපයේ දෙස් දෙන හෘද සාක්ෂිය දරාගනු නොහැකිවීම මෙන් ම තම සොයුරු මුගලන්ගේ ප්‍රහාරයට ලක්වීමට සිදුවනු ඇති බවට මහත් ලතැවුලෙන් යුතු ව ඔහු කල්ගෙවා ඇත. ඒ අනුව කල්පනා කළ රජු සීගිරිය පෙනෙන දුරින් යුතුව මේ විහාරය සාදවා පූජා කළේය. එලෙස නිම කළ වෙහෙර බිමට නම සැදුණු ආකාරය ද විමසා බලනු වටී.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
ගම්මැද්ද
ව්‍යාජ සෙල්ලිපියකින් වසා-දමන්නට හැදූ තන්තිරිමලේ සැබෑ ඉතිහාස කතාව
2018-12-04 11:30:00ඇමරිකා මිලේනියම් ගිවිසුමේ 70% අවුලක් නෑ.. 30% අවුල්..- ගම්මන්පිල
2019-12-09 05:15:00ස්විස් එම්බසි කතට පිස්තෝල කටේ එබු කතාවට රාජිත අත්ඇඩංගුවට ගන්නැයි කියයි…
2019-12-09 05:13:00 රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා තරග තහනමක්
2019-12-09 05:11:00
ස්විට්සර්ලන්ත නිලධාරිනිය ප්‍රකාශයක් දීමට යළි CID යට
2019-12-09 05:10:00 අර්ධ සුඛෝපභෝගී බස් සේවාව තහනම් කිරීමට පියවර ගන්නවා : අමාත්‍ය මහින්ද අමරවීර
2019-12-09 03:40:00
"පක්ෂයේ තනතුරු සමගියෙන් බෙදා ගමු" - කිරිඇල්ල
2019-12-09 01:56:00ඉවත්වී නොමැති රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල වෙත යළි දැනුම්දීමක්
2019-12-09 01:55:00බැඳුම්කර වංචාවට අදාළ ඉදිරි පියවර ගැනෙන හැටි පැහැදිළි කෙරේ
2019-12-09 01:15:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com