මතු බුදු වන නාථ දෙවි නමින් ඉදිවුණු මහ­නු­වර ඉපැ­ර­ණි­තම පුද­බිම

2018-11-01 02:52:00       0
feature-top
අතීත රජ­ව­රුන් රජ වීමෙන් පසු තම පැරණි නම වෙනු­වට වෙනත් නම් භාවිත කළ අතර, ඒ අනුව කන්ද උඩ­රට රජ වූ සෑම රජ­කුම නම් යෙදී­මට භාවිත කළේ නාථ දේවාල භූමි­යයි. එහි ඇතුළු මාලි­ගයේ මැටි මුට්ටි­යක තබා තිබෙන නම්ව­ලින් එකක් උදෑ­ස­නම පිළි­වෙත් රැක ගොස් රජු විසින් ලබා­ගැ­නී­මෙන් පසු රජුට හිමි නම තැබෙන අතර, ඔටුනු පැල­ඳීම සිදු කෙරෙ­න්නේද එම දේවාල පරි­ශ්‍රයේ තනා ඇති ඔටුනු පල­ඳන ස්ථාන­යේ­දීය. ඔටුනු පල­ඳන ස්ථාන­යද විශේ­ෂ­ත්ව­යක් දරන අතර, එහි  උතු­රට මුහුණ ලා වාහ­ල්ක­ඩත්, නැ‍ඟෙන­හි­රට මුහුණ ලා චෛත්‍යය හා බෝධි­යත්, දකු­ණට මුහුණ ලා දේවා­ල­යත් පිහිටා තිබේ.

ලොව කොත­නක වුවද නුව­රක් යනු මහා ප්‍රෞඪ නග­ර­යකි. සත් සිය­වස් පැරැණි ප්‍රෞඪ­ත්ව­ය­කින් පිරි මෙරට මහා නුවර අතීත සෙංක­ඩ­ගල පුර­යයි. අතීත සෙංක­ඩ­ග­ල­පුර හෙවත් මහ­නු­වර මෙරට රාජා­ව­ලියේ අව­සන් රාජ­ධා­නිය සේම අද වන විට මෙරට දෙවන අග­න­ග­රය ලෙසද සැලකේ.

අතීත ප්‍රෞඪ­ත්වයේ ක්ෂේම භූමි­යක් වන සෙංක­ණ්ඩ­පුර හෙවත් මහ­නු­වර ගොඩ­නැ­ගෙ­නුයේ 13 වන සිය­වසේ ඉදි වන නාථ දේවා­ල­යද සම­ඟිනි. මතු බුදු වන මෛත්‍රී බෝස­තුන් ලෙස සැල­කෙන නාථ දෙවි­යන් උදෙසා ඉදි වූ නාථ දේවාල ගොඩ­නැ­ඟිල්ල හත්සිය වසක් ගෙවු­ණද අදද ශේෂව ඇත්තේ මහ­නු­වර නග­රයේ පළමු මෙන්ම ඉපැ­ර­ණි­තම ගොඩ­නැ­ඟිල්ල ලෙසිනි. දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍ර­දයේ ගෙඩි­ගෙ­යක් ලෙස ඉදි වූ මේ ගොඩ­නැ­ඟිල්ල මුළු­ම­නින්ම ගලෙන් නිමවා ඇත.

නාථ දෙවි­ඳුන් මතු බුදු වන මෛත්‍රී බුදුන් වහන්සේ ලෙස සැල­කෙ­නවා මෙන්ම ලොව බොහෝ රට­වල නාථ දෙවිඳු ඇද­හී­මද සිදු වෙයි. අව­ලෝ­කි­තේ­ශ්වර නමින්ද හැඳි­න්වෙන නාථ දෙවි­ඳුන් වෙනු­වෙන් ඉදිව ඇති ප්‍රධා­න­තම දෙවොල මහ­නු­වර ශ්‍රී නාථ දේවා­ල­යයි. මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගා­වට ඉතා සමී­පයේ, දළදා මාලි­ගය ඉදි­රි­පි­ටින්ම පිහිටි නාථ දේවා­ලය දළදා මාලි­ගය ඉදි කිරී­ම­ටත් සිය­වස් තුන­කට පමණ පෙර ඉදි වූ බැව් කියවේ. දහ හතර වන සිය­වසේ ගම්පොළ යුගයේ රජ කළ 3 වන වික්‍ර­ම­බාහු රජු කරවූ මේ නාථ දේවා­ලය අයත් භූමිය එවක සෙංකණ්ඩ නම් බමුණා විසින් හඳු­නා­ගනු ලැබ ඇත්තේ ජය භූමි­යක ලෙසින්ය. එනිසා නාථ දේවාල භූමිය අදද සැල­කෙන්නේ ජය භුමිය ලෙසය. ඒ ජය භුමිය සෙංකණ්ඩ බමුණා විසින් හඳු­නා­ගැ­නීම නිසා ඒ නග­ර­යත් සමස්ත රාජ­ධා­නි­යත් සෙංක­ණ්ඩ­ග­ල­පුර නම් විය.

සෙංකණ්ඩ බමුණා මේ ස්ථානයේ සිටි­යදී එක්ව­රම දුටු අද­හා­ගත නොහැකි අපූර්ව සිදු­වී­මක් නිසා එම ස්ථානය ජය භූමි­යක් ලෙස හඳුන්වා බමුණා එම ස්ථානයේ භාව­නා­නු­යෝ­ගිව කල් ගත කිරී­මට ක්‍රියා කළේය. මේ සිද්ධිය සැල වූ ගම්පොළ රජු මේ පිළි­බඳ සොයා බලා එහි නාථ දේවා­ලය ඉදි කරවූ බවත්, දේවා­ලය ඉදි කෙරෙන තුරු එම ස්ථානයේ කුඩා කුටි­යක් සකසා නාථ දෙව් රුව තැන්පත් කරනු ලැබූ බවත් කියවේ. පල්ලව සම්ප්‍ර­දා­යට අනුව ගෙඩි­ගෙ­යක් ලෙස ඉදි කෙරුණු මේ දේවා­ල­යෙහි උඩ චෛත්‍යක් ආකා­ර­යට ගෙඩි­ගෙ­යක් සකසා, පහ­ළින් මාලි­ගාව තනා ඇත. නාථ දේව ප්‍රති­මාව තැන්පත් කර ඇත්තේ එහිය.

දෙවි­වරු අතු­රින් නාථ දෙවි­යන් යනු දැහැමි දෙවි කෙනෙකි. එහෙත් පිටියේ බණ්ඩාර දෙවි­යන් යුද්ධ­යට පෙර­මුණ ගත් දෙවි­යකු හේතු­වෙන් නිර­න්ත­ර­යෙන් නාථ දෙවි­යන් සමඟ යුද්ධ­යක පැට­ලී­මට උත්සාහ කළ බැව් ජන­ප්‍ර­වා­ද­යන්හි සඳ­හන් වේ. මේ නිසා නාථ දෙවි­යන් බොහෝ ස්ථාන අත්හැර අව­සා­නයේ මේ ස්ථානයේ වැඩ සිටී­මට පැමිණි බැව් සඳ­හන් වේ.

නාථ දේවා­ලය ඉදි කිරී­මත් සමග රජු තම මාලි­ගය, නග­රය ආදිය මේ ස්ථානය වෙත ගෙන ආවේය. එවක මහ­නු­වර නග­රය ඉදි වන්නේ දොළොස් චක්‍ර­යක ආකා­ර­ය­ටය. අදද එහි පැරැණි වීදි දැකී­මෙන් එම චක්‍රයේ ශේෂ කොටස් අව­බෝධ වනු ඇත. නාථ දෙවි­යන්ගේ ජීව­නයේ දොළොස් චක්‍රය අනුව මෙය නිර්මා­ණය වුවත් පසු කාලීන ඉංග්‍රීසි පාලන සමයේ එය වෙනස් වූ බැව් සඳ­හන්ය.

දෛනි­කව ශ්‍රී දළදා මාලි­ගා­වට යන-එන දහස් සංඛ්‍යාත ජනයා වර්ත­මා­නයේ එහි මෙහි ගමන් කර­නුයේ නාථ දේවාල භූමි­යෙන් වුවද එය කන්ද උඩ­රට, සෙංක­ඩ­ගල පුරයේ මෙන්ම මහ­නු­වර නග­ර­යේත් ආර­ම්භය වන ජය භූමිය ලෙස ඒ බොහෝ අය නොද­නිති.

පැරණි නාථ දේවාල ගෘහය ශෛල­මය දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලක් වන අතර, මෙහි ඉදි­රි­පස හේවිසි මණ්ඩ­පය ඉපැ­රණි සම්ප්‍ර­දා­යන් මූලික කර­ගෙන ඉදි කැර තිබේ. දේවාල ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­රි­පස ගෘහ­නි­ර්මා­ණය ගම්පොළ යුගයේ දකුණු ඉන්දීය ආභා­සය ගනී. දේවාල භූමි­යට ඇතුළු වන ප්‍රධාන වාහ­ල්කඩ මහ­නු­වර නග­රයේ පැර­ණි­තම වාහ­ල්ක­ඩකි. පෙර රජ දවස පැවැති දේව­සං­හිඳ භූමි­යට යාබ­දව තනා ඇති මේ වහ­ල්කඩ නාථ දේවා­ල­යට නොව, පැරණි දළදා මාලි­ග­යට මුහුණ ලා ඉදි කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

මේ වාහ­ල්කඩ මුර­ගල් දෙක­කින්ද, මුදුනේ මකර තොර­ණ­කින්ද, උළු සෙවිලි කළ වහ­ල­කින්ද සම­න්වි­තය. පහ­තින් පිහිටි සඳ­ක­ඩ­ප­හ­ණද අනෙක් ස්ථාන­යන්හි සඳ­ක­ඩ­ප­හ­ණට වඩා විශේ­ෂ­ත්ව­යක් පෙන්නුම් කරයි. නාථ දේවා­ල­යට ඇතුළු වන ස්ථාන­යේම හේවිසි මණ්ඩ­පය ඇති අතර, ඉන් පසු හඳු­න්කු­ඩ­මද ඒ අස­ලින්ම දෙප­සට ද්වාර දෙකක් ඒ වටා මැද මිදු­ලක්ද ඒ තුළ දේවාල කුටි­යද පිහිටා ඇත. එයට ඇතුළු වීමට පෙරද තවත් ස්ථාන දෙකක් පසු කර යා යුතුය. එහෙත් මින් සාමාන්‍ය බැති­ම­තු­නට යා හැක්කේ සඳු­න්කු­ඩම අස­ලට පමණි. කපු මහ­ත්ව­රු­නට හා බස්නා­යක නිල­මේ­ව­ර­යාට පම­ණක් ඒ තුළට යෑමේ අව­ස­රය හිමි වේ.

අතීත රජ­ව­රුන් රජ වීමෙන් පසු තම පැරණි නම වෙනු­වට වෙනත් නම් භාවිත කළ අතර, ඒ අනුව කන්ද උඩ­රට රජ වූ සෑම රජ­කුම නම් යෙදී­මට භාවිත කළේ නාථ දේවාල භූමි­යයි. එහි ඇතුළු මාලි­ගයේ මැටි මුට්ටි­යක තබා තිබෙන නම්ව­ලින් එකක් උදෑ­ස­නම පිළි­වෙත් රැක ගොස් රජු විසින් ලබා­ගැ­නී­මෙන් පසු රජුට හිමි නම තැබෙන අතර, ඔටුනු පැල­ඳීම සිදු කෙරෙ­න්නේද එම දේවාල පරි­ශ්‍රයේ තනා ඇති ඔටුනු පල­ඳන ස්ථාන­යේ­දීය. ඔටුනු පල­ඳන ස්ථාන­යද විශේ­ෂ­ත්ව­යක් දරන අතර, එහි උතු­රට මුහුණ ලා වාහ­ල්ක­ඩත්, නැ‍ඟෙන­හි­රට මුහුණ ලා චෛත්‍යය හා බෝධි­යත්, දකු­ණට මුහුණ ලා දේවා­ල­යත් පිහිටා තිබේ. ඒ අනුව පෙර රජ­වරු චාරි­ත්‍රා­නු­කූ­ලව ඔටුණු පලඳා උතුරු වාහ­ල්ක­ඩින් පිටව ගොස් විෂ්ණු දේවා­ල­යෙන් අසි­පත අතට ගනී. මෙහි විශේ­ෂ­ත්වය වනුයේ නාථ දෙවි­යන් යුද්ධ නොකළ දෙවි කෙනකු නිසා අසි­පත තබා තිබුවේ විෂ්ණු දේවා­ලයේ වීමයි.

අතීත රජ දවස සුවි­ශේ­ෂ­තම භූමි­යක් වූ මේ ජය භූමිය තුළ නාථ දේවා­ල­යට යාබ­දව පැරැණි දළදා මාළි­ගයේ නට­බුන්ද අදද දක්නට ලැබේ. ප්‍රධාන වාහ­ල්කඩ ඉදි කර ඇත්තේද මේ මාලි­ගය දිස් වන ලෙස එයට මුහුණ ලාය. එම දළදා මාලි­ගයේ ඉපැ­රණි නට­බු­න්ව­ලින් ගරා­වැ­ටුණ මාලි­ගයේ පාදම පම­ණක් අද වන විට දක්නට ලැබේ. දළදා වහ­න්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර ඉදි කළ චෛත්‍යය, ඓති­හා­සික වැල්බෝ­ධිය, ආයුධ සැදී­මට යකඩ උණු කළ කෝව, දළදා වහ­න්සේට පූජාව සඳහා පැන් ගත් ළිඳ, ඝණ්ටාර කුලුන, කළු­ග­ලෙන් නිම­වන ලද සැත­පෙන බුදු පිළිම වහන්සේ, කළු ගලෙන්ම නිම­වන ලද පින්තා­ලිය, ශ්‍රී පතුල, ගල් උළු­වස්ස, මෙන්ම කැණී­ම්ව­ලින් සොයා­ගන්නා ලද පුරා­වස්තු රැසක් මේ භූමියේ අදද දක්නට ලැබේ.

රජුන්ට නම් තැබීමේ ඔටුනු පැල­ඳී­මාදි අතීත රජ දවස සුවි­ශේෂ කාර්ය රාශි­යක් සිදු වූ පරි­ද්දෙන් අදද හිස­තෙල් ගෑමේ මහෝ­ත්ස­වය, නානු­මුර මංග­ල්‍යය වැනි උසස් චාරිත්‍ර මහෝ­ත්සව රැසක් මෙන්ම තෙල් නානු­මුර බෙදී­මද සිදු කර­නනේ මේ පරි­ශ්‍ර­යේය. දැනට නට­බුන්ව ඇති දළදා මාලි­ගයේ එව­කට දළදා වහන්සේ තැන්පත් කැර ඇති බවත් දළ­දාව ගෙන ගිය පාත්‍රා ධාතුව තැන්පත් කර චෛත්‍යය කරවූ බවත් කියවේ.

මෙනිසා මේ භුමියේ සෑම අඟ­ලක්ම සුවි­ශේෂ බවක් ගනී. මේ දේවාල පරි­ශ්‍රයේ තිබෙන්නා වූ අතීත ගම්භාර දේවාල බැම්මෙහි බිතු සිතු­වම් මත ලන්දේ­සීන් ඇඳි බිතු සිතු­වම් සිය­වස් ගණ­නා­වක් ගෙවී ගියද අදත් දක්නට ලැබේ. එවක උඩ­රට පාල­නය කළ රජ­ව­රුන් හමු වීමට නිර­න්ත­ර­යෙන් පැමිණි ලන්දේ­සීන් මේ සිතු­වම් ඇඳි බවට කියවේ. රජු හමු­වී­මට පැමිණි ලන්දේ­සීන්ට පැය ගණන් බලා සිටී­මට සිදු වූ අව­ස්ථා­වල ඔවුන් මේ සිතු­වම් ඇඳි අතර, ඒවායේ මුළු­ම­නින්ම පාහේ දක්නට ඇත්තේ රුවල් නැව්ය.

එවක දළදා මාළිගා පෙර­හර හා නාථ දේවාල පෙර­හර ක්‍රියා­ත්ම­කව නොපැ­වති අතර විෂ්ණු දේවා­ලය මහ දේවා­ලය ලෙස අනෙක් දේවාල සමඟ පෙර­හර මංග­ලය පැවැ­ත්විණි. දළදා මාලි­ගය පෙර­හ­රට සම්බන්ධ වීමත් සමඟ පෙර­හර මංග­ල්‍යයේ දළදා මාලිගා පෙර­හ­රට පසු දේවාල අතු­රින් මුලින්ම ගමන් කර­නුයේ නාථ දේවාල පෙර­හ­රයි.

අතීත සම්ප්‍ර­දාය අනුව මේ දේවා­ලයේ කපු පර­පුරේ අයි­තිය පැවරී තිබුණේ වංශ­වත් පවු­ල­කට වන අතර, එය එවක පැවැති වඩු­ගො­ඩ­පි­ටිය පර­පු­රට හිමිව තිබිණි. මෙය ඉංග්‍රීසි පාලන සම­යෙහි කොම­සා­රිස් පොත­ටද ඇතු­ළත් විය. එමෙන්ම මේ නාථ දේවා­ලයේ රාජ­කාරි අතර දෙවි­යන්ගේ පූජා සඳහා සහල් ගත් වෙල දෙයි­යන්නේ වෙල ලෙස හැඳි­න්වුණු අතර, එවක අක්කර 80කින් පමණ සම­න්විත වූ මේ භූමිය වර්ත­මා­නයේ මහ­නු­වර මහ රෝහ­ලට සමීප ප්‍රදේ­ශ­යයි. වර්ත­මා­නයේ දෙයි­ය­න්නේ­වෙල ලෙස හැඳි­න්වෙන මේ ප්‍රදේ­ශය අද අඟ­ලක් අඟ­ලක් පාසා ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් පිරුණු භූමි­යෙකි. එමෙන්ම ගොවි­තැ­නට අවශ්‍ය හර­කුන් බැඳ සිටි බිම අංකු­ඹුර නම් විය. අංකු­ඹු­රත් අද කොන්ක්‍රීට් වනා­න්ත­ර­යකි. මහ­නු­වර ශ්‍රී නාථ දේවා­ලයේ වර්ත­මාන බස්නා­යක නිලමේ ගයාන් හීන­කෙන්ද අතීත පෞරා­ණි­ක­ත්වය ආරක්ෂා කර­ග­නි­මින්, එහි සියලු චාරිත්‍ර-වාරිත්‍ර උප­රි­ම­යෙන් රැක­ග­නි­මින් දේවාල පරි­ශ්‍රය වර්ත­මා­නය වන විට සංව­ර්ධ­න­ය­කට ගෙන යමින් සිටී. ඔහු පව­සන ආකා­ර­යට පැරණි දළදා මාලි­ගාවේ නට­බුන් ආරක්ෂා කිරී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යය. ඒ සඳහා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව වඩා විම­සි­ලි­මත්ව කට­යුතු කළ යුතුය. එහෙත් මේ දක්වා එවන් පිය­ව­රක් ගත් බවක් පෙනෙ­න්නට නැත.

ශත වර්ෂ 7කට අධික ප්‍රෞඪ අභි­මා­න­නීය උරු­ම­යක් මතින් ගොඩ­නැ­ඟුණු සෙංකණ්ඩ පුර­යෙහි මහා නුවර එදා ජය භූමි­යක නොවුණා නම් ඒ භූමියේ නාථ දෙවො­ලක් ඉදි නොවුණා නම් මහ­නු­ව­රක්ද ගොඩ නොනැ‍ඟෙ­න්නට ඉඩ තිබිණි. ජාති­යක් ලෙස අප මේ පුද­බිම ආරක්ෂා කර­ගත යුත්තේ එබැ­විනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »