පැරණි ශ්‍රී ලංකාවේ බිසෝකොටුව හා සබැඳි වාරිමාර්ග තාක්‍ෂණය

2018-11-08 09:56:00       0
feature-top
රජරට වාරිමාර්ග පද්ධතියේ ආරම්භය ගැන මෙන්ම විකාශනය ගැන ද කරුණු සොයා බැලීමේදී මූලික වශයෙන් අපේ වංශකථා පමණක්‌ම මූලාශ්‍ර වශයෙන් ගත නොහැකිය. වංශකථාකරුවන් විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ පාලකයන්ගේ ආගමික සේවාවලට හා එම ආයතනවලට කරන ලද පරිත්‍යාගවලටය. එහිදී භික්‌ෂූන් වහන්සේ සමග පැවැත් වූ සම්බන්ධතාව එම තොරතුරු විස්‌තර කිරීමේදී බොහෝ සෙයින් බලපා ඇති බව පෙනේ. තවද බොහෝ වංශකථා රචනා වී ඇත්තේ ද භික්‌ෂූන් වහන්සේ අතිනි. ආගමික අංශයට විශේෂතාවක්‌ දක්‌වන්නට ඇත්තේ එම නිසා විය හැකිය. මෙලෙස එවැනි තොරතුරු ඇතුළත් කිරීමේදී සමහර අවස්‌ථාවලදී අනියම් වශයෙන් වූ නිර්මාණ ගැන තොරතුරු ගොඩනඟා ගැනීම ඉතාමත්ම අසීරු කටයුත්තකි. කෙටියෙන් කියතොත් මෙම විෂය සම්බන්ධ ක්‍රමවත් ඉතිහාසයක්‌ සකසා ගැනීමේදී උපයෝගි කර ගත හැකි මූලාශ්‍ර අල්ප වීම නිසාත් ඒවායේ පවත්නා ඌනතා නිසාත් බොහෝ දුෂ්කරතා ඇති වේ. මෙසේ වියළි කලාපයේ වාරි අංශය පිළිබඳව පැහැදිලි මෙන්ම ක්‍රමවත් පසුබිමක්‌ ගොඩ නගා ගැනීමේදී සෙල්ලිපි මූලාශ්‍ර ද උපයෝගී කර ගත හැකිය. සමස්‌තයක්‌ වශයෙන් බැලුවහොත් සෙල්ලිපිවල ද බෙහෙවින් ඇතුළත් කර ඇත්තේ ආගමික අංශය සම්බන්ධව පවත්නා කරුණුය. මෙයින් වැඩි ප්‍රමාණයක්‌ ලෙන් පූජා පිළිබඳව කෙටි වාර්තා වශයෙන් හැඳින්වීමට පුළුවන. එසේ වුවද තත්කාලීන සිද්ධීන්වලට සමාසන්න හා සමකාලීන නිසාත් වංශකථා මූලාශ්‍රවලට වඩා විශ්වාස කටයුතු තොරතුරු මේ තුළින් ලබා ගත හැකිය. ඊටත් වඩා වංශකථාවල එන වාරි තොරතුරු මේ තුළින් අනාවරණය කර ගත හැකිවීම ද තවත් විශේෂතාවකි. විවිධ ශාස්‌ත්‍රඥයින් විසින් පුරාණ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කොට තිබේ. මෙම ශාස්‌ත්‍රීය පර්යේෂණයෙහිදී සාකච්ඡා කරනුයේ පැරණි වාරි මාර්ගික තාක්‌ෂණයෙහි එක්‌ ප්‍රධාන අංගයක්‌ වූ බිසෝකොටුව පිළිබඳවයි.

 

 

biso2
 
 ක්‍රි. ව. පළමුවැනි සියවස තෙක්‌ මල්වතු ඔය, කලා ඔය වැනි නදීවලින් ලත් ජලයෙන් වගා කටයුතු කරගෙන ගිය ද දිවයිනේ ජනගහන වර්ධනයත් සමග ස්‌වාභාවික ජල මාර්ගවලින් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවූ බැවින් වැසි ජලයත් මුහුදට ගලා යන ගංගා ජලයත් රැස්‌ කිරීම සඳහා ගම්වැව් තැනීම ආරම්භ කෙරුණි. ගම්වැව් තැනීමේදී ඒවායේ ජලය රැස්‌ කිරීම ජල නඩත්තුව සහ ජල පරිවහනය පිළිබඳ ගැටලු රාශියක්‌ උද්ගත විය. ඇතැම්විට මුල් කාලයෙහිදි ගම්වැව්වලින් ජලය කුඹුරුවලට බෙදා හරින්නට ඇත්තේ ජල චක්‍රයක්‌ උපයෝගී කරගෙන යෑයි සිතීමට ඉඩ තිබේ. මහාවංසයෙහි චක්‌කවට්‌ටක යන වචනය යෙදී තිබීමෙන් එසේ සිතිය හැකිය. ඇතැම්විට මෙම කුඩා ගම්වැව්වලින් ජලය ලබා ගැනීම සඳහා ආරක්‌ෂාකාරී පිළිවෙතක්‌ සොයා ගැනීමට පැරණි වාරි ශිල්පීන්ට කාලයක්‌ ගත වන්නට ඇතැයි නිගමනය කළ හැකිය. මුල් කාලයෙහිදී වැව් කණ්‌ඩිය කපා හිඩැසක්‌ ඇති කර ගෙන මෙසේ ජලය ලබා ගන්නට ඇත. එහෙත් ජලය ඇළ මාර්ගයෙන් කුඹුරුවලට ලබා ගැනීමට මෙම ක්‍රමය එතරම් සාර්ථක උපක්‍රමයක්‌ නොවීය. අධික වර්ෂාව පැවති කාලවලදී ජලයෙන් වැව පිරුණුවිට වේගවත් ජල සැඩ පහර නිසා මේ වැව් කණ්‌ඩිය කැපූ ස්‌ථානයෙන් එය කඩා බිඳගෙන යැමට ඉඩ තිබේ. අනෙක්‌ අතින් වර්ෂාව නැති වියළි කාලවලදී ද පස්‌ කණ්‌ඩි පුපුරා කඩා වැටී පසින් වැසී යන්නට ද ඉඩ තිබේ. කෙසේ හෝ සියවස්‌ දෙක තුනක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ කුඩා වැව් පරිහරණය කිරීමෙන් ලබා ගත් අත්දැකීම් හා පළපුරුදුකම් ප්‍රයෝජනයට ගෙන වැවකින් ජලය නිරුපද්‍රිතව පිට කිරීමේ ක්‍රම සොයා ගන්නට ඇතැයි නිගමනය කළ හැකිය. එපමණක්‌ නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වැවේ ජලය එකතු වුවහොත් එය ක්‍රමවත්ව මුදා හැරීමට ද මෙබඳු තාක්‌ෂණයක්‌ අවශ්‍ය වේ. මෙහි ප්‍රතිඵලය වූයේ බිසෝකොටුව නමින් සාමාන්‍ය ජනතාව අතර ප්‍රකට, ජලය වැවකින් පිට කිරීමේ උපක්‍රමයක්‌ බිහිවීමයි. මෙය පැරණි ශිල්පීන්ගේ අති විශිෂ්ට තාක්‌ෂණික නිෂ්පාදනයක්‌ සහ සොයා ගැනීමක්‌ වශයෙන් හඳුන්වාදීම නිවැරදිය. බිසෝකොටුව නමින් හැඳින්වූ සොරොව්ව ''පණළි'' යනුවෙන් වංශකථාවේ සඳහන් වේ. සොරොව්වක්‌ කොටස්‌ තුනකින් යුක්‌ත වේ. ගැඹුරට කණින ලද විවෘත සෘජුකෝණාස්‍රාකාර ළිඳක්‌ හෝ වළක්‌ වැවෙන් ළිඳට බසින බෝක්‌කුවක්‌ සහ ළිඳේ සිට බන්ධනයෙහි පිටස්‌තර බෑවුමෙහි අඩිය දක්‌වා බඳින ලද ජලය පිට කරන බෝක්‌කුවක්‌ වශයෙනි. ළිඳේ සහ බෝක්‌කුවේ මූනත මනාව සකස්‌ කරන ලද ලොකු ගල්වලින් බැඳ තිබේ.

සිංහලෙන් ළිඳ බිසෝකොටුව නම් විය. බිසෝ යන්න ආගමනය හෝ ගලා ඒම යන අරුත්හි වැටේකොටුව යන්න පාළි කොට්‌ඨක, ස්‌ටෝරු කාමරය හෝ ජලාශය වේ එසවීමෙන් හෝ පහත දැමීමෙන් බෝක්‌කුව මෙන් තැනූ කොටස සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඇරිය වැසිය හැකි උපකරණයක්‌ මගින් බිසෝකොටුවට සවිකොට තිබිණි. මේ මගින් ජලය පිටවීම අඩු වැඩි ආකාරයට හැසිරවිය හැකි වන අතර සම්පූර්ණයෙන්ම හෝ නැවැත්විය හැකිය. සොරොව්වේ වෑල්වය හෙවත් ඉපියාව හෝ දොරක්‌ මෙන් තනා ඇති කොටස ආවරණ යනුවෙන් වංසකථාවේ සඳහන් වේ. මෙය ලීවලින් සාදන ලද බැවින් සම්පූර්ණයෙන් විනාශවී ගොස්‌ ඇති බව පෙනේ. එබැවින් දැවයෙන් හෝ මැටියෙන් තනවන ලද බිසෝකොටු අප අතට පත්වී නොමැත. කෙසේ හෝ වැව් කණ්‌ඩිය හරහා වැවකින් ජලය බෙදා හැරීමේදී ඇති විය හැකි දැඩි ජල සැඩ පහරින් ඇළ වේල්ල ආරක්‌ෂා කර ගැනීමේ උපක්‍රමයක්‌ වශයෙන් මෙම බිසෝකොටු ක්‍රමය උපයෝගී කර ගන්නා ලදී. මෙසේ මුල් කාලයෙහිදී තනවන ලද බිසෝකොටු කුඩා ගම්වැව්වලින් ජලය බෙදා හැරීමට උපයෝගී කර ගැනීමේදී උද්ගත වූ විවිධ ගැටලු පිළිබඳව මනා අවබෝධයක්‌ ඇති කර ගත් වාරි ශිල්පීන් ක්‍රි. ව. පළමුවැනි සියවස වනවිට විශාල පරිමාණයේ බිසෝකොටු තැනීමට ශිල්පීය ඥානයක්‌ අත්කර ගත් බව පෙනේ. කෙසේ වෙතත් මුල් කාලීන බිසෝකොටු නිර්මාණය අතින් සලකනවිට ශිල්පීන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරදුන් පරිසමාප්ති තාක්‌ෂණික ලක්‌ෂණවලින් හෙබ වූ බව සැලකිය හැකිය. මේ පිළිබඳව සලකා බලනවිට ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන ශූරීන්ගේ පර්යේෂණ ඉතා වැදගත් යෑයි කිව හැකිය.
 
 ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ප්‍රභවය සිදු වූයේ ක්‍රි. පූ. හයවැනි ශත වර්ෂයේ විජයාගමනයත් සමග බව සාමාන්‍ය පිළිගැනීමයි. ආර්. එල්. බ්‍රොaහියර් දිවයිනේ වාරිමාර්ග සංවර්ධනයෙහි පියවර පිළිබඳව කළ දේශනයකදී ඔහුගේ උපන්‍යාසය වූයේ ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණියේ එෙŒරන් වූ අතර ක්‍රමානුකූලව ඔවුන් කෘෂි වගාවට හුරු පුරුදු වූ බවයි. ඔවුන් සංක්‍රමණය වූ ප්‍රදේශය බොහෝ වියළි සහ ශුෂ්ක වූ බැවින් ඔවුන් කෘත්‍රිම ජලාශ ඉදිකර ගැනීමට පෙළඹුණි. මේවාට ජලය රැස්‌කර ගනු ලැබූයේ මෝසම් වැසිවලිනි. එවැනි මුල් කාලීන ජලාශ සඳහා නිදසුන් ලෙස බ්‍රොaහියර් දක්‌වන්නේ විල්පත්තු අභය භූමිය ආසන්නයෙන් සොයා ගෙන ඇති මෝදරගම් ආරු ආසන්නයෙහි පිහිටා ඇති කුඩා ජලාශ දෙකකි. බ්‍රොaහියර්ගේ අදහස අනුව පැහැදිලිවම පෙනී යනුයේ ශ්‍රී ලංකාවේ වාරිමාර්ගවල ආරම්භය දේශීය ප්‍රභවයක්‌ බවත් ඒවායෙහි වර්ධනය විදේශීය සංස්‌කෘතික සම්මිශ්‍රණයන්හි ප්‍රතිඵලයක්‌ නොවූ බවත්ය. කෙසේ වෙතත් දකුණු ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සාක්‌ෂි මගින් ලැබෙන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ වාරිමාර්ගවල ප්‍රභවය පිළිබඳව වන න්‍යායන් දෙකම නැවත පරීක්‌ෂා කළ යුතුව තිබේ.
 
 පැරණි වාරිමාර්ග තාක්‍ෂණයේ වෙනස්‌වීම සිදු වූයේ අතිශයින්ම මන්දගාමීවය. එහිදී කාලයෙන් කාලයට සංශෝධන සහ අලුතින් අංග එකතු කිරීම් සිදු වූ බව නිසැකය. සංගම් සාහිත්‍යයට සම්බන්ධ වූ කවීහුq ගැඹුරු ජලාශ භාවිතය සහ (කුළන්තොට්‌ටු වළප් පෙරුක්‌කිප්) රොන් මඩ ඉවත් කිsරීමේ ක්‍රියාන්විතය දැන සිටියහ. පට්‌ටිනප්පාලෙයි ග්‍රන්ථයෙහි සඳහන් වන කරිකාල විසින් මෙය දැන සිටි බව සඳහන් වේ. කෙසේ වෙතත් කුඩා පරිමාණයේ ගම් වැව් රජවරුන්ගේ අනුග්‍රහයෙන් ඉදි වූ මින්නේරි සහ කාවේරිපාක්‌කම් වැනි විශාල ජලාශ බිහිවීමට පෙර සිටම ශතවර්ෂ ගණනාවක්‌ පුරා පැවත ගෙන ආවේය. ශ්‍රී ලංකාවේ මෙම තීරණාත්මක වෙනස්‌වීම් ආරම්භ වූයේ දකුණු ඉන්දියාවේ සිදු වූ වෙනස්‌වීම්වලටත් පෙර සිටය. ගුණවර්ධන පෙන්වා දී ඇති පරිදි ක්‍රි. ව. තෙවැනි ශත වර්ෂයෙහි මින්නේරි ජලාශය ඉදිකිරීම දකුණු ආසියාවේ වාරිමාර්ග තාක්‌ෂණයෙහි ආරම්භය පිළිබඳව වන කඩඉම් සලකුණකි. මිනිස්‌ ශ්‍රමයෙන් ඉදිකරනු ලැබූ මෙම ජලාශයෙහි ධාරිතාව කියුබික්‌ මීටර් මිලියන 87 කට වඩා ඇතැයි ගණන් බලා තිබේ. වංශකථාවන්ට අනුව ඊළඟ ශත වර්ෂ හතර තුළ විශාල පරිමාණයේ වාරිමාර්ග හැට හයක්‌ ඉදිවීම සහ ප්‍රධාන ඇළ මාර්ග හයක්‌ සම්බන්ධ ව්‍යාපෘති කීපයක්‌ පිළිබඳව තොරතුරු හෙළි වේ. නිදසුනක්‌ ලෙස පදවිය ජලාශයෙහි ජල ධාරිතාව කියුබික්‌ මීටර් 453,000ක්‌ ලෙස ගණන් බලා තිබේ. ක්‍රි. ව. දෙවැනි ශතවර්ෂයටත් පෙර සිටම භාවිත වූ බිසෝකොටුව සොයා ගැනීම එවැනි විශාල පරිමාණයේ ජලාශ ඉදි කිරීමේදී අත්‍යවශ්‍ය තාක්‍ෂණික පූර්ව අවශ්‍යතාවක්‌ විය. මෙම ශත වර්ෂ හතර තුළ කරන ලද කඩිනම් ජලාශ ව්‍යාපාර නිසා තවදුරටත් වාරිමාර්ග තාක්‍ෂණය වර්ධනය විය. විනය පිටකයෙහි අට්‌ඨ කථාව වන ක්‍රි. ව. පස්‌වැනි සියවසේදී රචිත සමන්තපාසාදිකාවෙහි ජලාශවල වැඩි ජලය පිට කිරීමට නිමවන ලද බිසෝකොටු දෙකක්‌ පිළිබඳව සඳහන් වේ. එනම් උදක නිද්ධමන තුම්භ සහ උදකනි-බ්බාහන වශයෙනි. මෙයින් පිළිබිඹු කරනුයේ ජලාශවල ආරක්‌ෂාව සඳහා වැඩි ජලය පිට කිරීමේ ක්‍රම අත්‍යවශ්‍ය බව දැන සිටි බවයි. පාකර් සහ බ්ලෙයාර් ගවේෂණය කර ඇති පරිදි මහාගල්ල සහ කවුඩුල්වැව වැනි විශාල ජලාශවල වෑකඳු නිම කිරීම සඳහා ස්‌වාභාවික කඳු පිහිටි ස්‌ථාන තෝරා ගෙන තිබේ. මෙසේ ස්‌වාභාවික කඳු පිහිටි ස්‌ථාන තෝරා ගෙන ඇත්තේ වේලි ඉදි කිරීම් අවම කර ගැනීම සඳහාය. නිදසුනක්‌ ලෙස මින්නේරි ජලාශය සඳහන් කළ හැකිය. මෙම විශාල ජලාශයෙහි වැව් බැම්ම දිගින් කිලෝමීටරයක්‌ පමණ නිම කිරීමට අවශ්‍ය විය. කලාවැවේ සිට අනුරාධපුරයට ජලය ගෙන ගිය කිලෝ මීටර් 87 ක්‌ දිගින් යුත් ඇළ මාර්ගය මිනින්දෝරු සහ සමතුලිත තාක්‍ෂණය පිළිබඳව තොරතුරු හෙළි කරයි. මෙම ඇළ මාර්ගයෙහි කිලෝඟට¾ 27 සිට සෑම කිලෝමීටරයටම සෙන්ටි මීටර් 19 බැගින් බැස්‌ම නිමවිය. ශත වර්ෂ ගණනාවක්‌ පුරා පැවති වාරිමාර්ග පිළිබඳව ලබා ගත් දැනුමෙන් සහ ගවේෂණයෙන් ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ට ජල හැසිරීම්වල ලක්‌ෂණ සහ එහි ප්‍රායෝගික අනුමිති පිළිබඳව ඥානයක්‌ ලබා ගැනීමට හැකිවිය. සමන්තපාසාදිකාව වැව් බැම්මේ පාංශු ඛාදනය පිළිබඳව සඳහන් කරයි. ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරු වැව් බැම්මේ වදින ජල තරංග සඳහා ගල් බැමි තට්‌ටුවක්‌ ඇතිරූහ. විශාල ජලාශවල සැලසුම්කරුවෝ ජලාශවල ජල පරිමාවේ සහ ජල පීඩනයේ සම්බන්ධතාව දැන සිටියහ. විවිධ මට්‌ටම්වල වූ විශාල ජලාශ සඳහා බිසෝකොටු ඉදි කිරීමෙන් එම ජලාශවල ජල පරිමාණය පාලනය කිරීමත් වැඩි ජලය පිට කිරීමෙනුත් වැව් බැම්මට වන හානිය වළක්‌වා ගත්හ.
 
 ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වාරිමාර්ග කටයුතු සම්බන්ධයෙන් වන කාලනිර්ණ පිළිවෙළ අප සලකා බලනවිට ඉතා වැදගත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වේ. එනම් පෙර සිටම ඉතා උසස්‌ සංවර්ධන අවධියකට පැරිණි ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්‌ෂණය පල්ලව සහ පාණ්‌ඩ්‍ය බලපෑමෙන් නිමවූවක්‌ද යන්නයි. මෙම කාල පරිච්ඡේදය පුරා දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙන්දන් භික්‌ෂූන් වහන්සේ සහ විවිධ සංක්‍රමණිකයින් නිසා සංස්‌කෘතික සම්බන්ධතා ඇති වී තිබුණි. ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය කෙරෙහි වූ පල්ලව බලපෑම ඉසුරුමුණියේ ඇති ඉතා ප්‍රසිද්ධ මිනිසා සහ අශ්වහිස වැනි මූර්ති මගින් සහ පල්ලව ග්‍රන්ථ අක්‌ෂර යෙදූ සංස්‌කෘත ශිලාලේඛන කීපයක්‌ මගින් පෙනී යයි. ශ්‍රී ලාංකේය ප්‍රභූවරයකු වූ මානවම්ම හත්වැනි ශත වර්ෂයෙහිදී පල්ලව පාලකයකු විසින් සපයන ලද හමුදාවක්‌ මගින් අනුරාධපුර රාජ්‍යත්වය ලබා ගන්නාවිට රාජ්‍යයන් දෙක අතර පැවති දේශපාලන සම්බන්ධතා ඉතා සමීප වී තිබෙන්නට ඇත. පළමුවැනි සේනගේ සමයෙහිදී ශ්‍රී මාර ශ්‍රී වල්ලභ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනවිට ශ්‍රී ලංකාව සහ පාණ්‌ඩ්‍ය රාජ්‍ය අතර පැවති සම්බන්ධතා සමහරවිට පලුදු වී තිබෙන්නට ඇත. සේනගෙන් පසුව පැමිණි එම නම් ඇති තැනැත්තා පාණ්‌ඩ්‍යයන්ට විරුද්ධ වූවන්ට එරෙහිව මදුරෛහිදී සටන් කොට දෙවැනි වරගුණ රාජ්‍යත්වයෙහි පිහිටුවීමට සහාය දැක්‌වීය. මෙම සිදුවීම පාණ්‌ඩ්‍ය සහ ශ්‍රී ලංකාව අතර මනා සම්බන්ධතා පවත්වාගෙන යැමට මහඟු පිටිවහලක්‌ විය.
 
 දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්‍ෂණයේ පහත සඳහන් කරන ගවේෂණ සහ සමානතා දළ වශයෙන් විස්‌තර කළ හැකිය. ප්‍රාරම්භක ගවේෂණ අනුව ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වාරිමාර්ග තාක්‍ෂණය සම්බන්ධයෙන් කිව හැක්‌කේ ප්‍රධාන ලක්‌ෂණ අෙන්‍යාaන්‍ය වශයෙන් හුවමාරු කරගෙන ඇති බවයි. මෙම සියලුම වැව් නිර්මාණය කිරීමේදී පොදුවේ වැව් බැමි ඉදි කොට ඇති අතර ශ්‍රී ලංකාවේදී හඳුන්වා දෙන ලද ඉදි කිරීමේදී සමහර ක්‍රමවේද පසුකාලීනව දකුණු ඉන්දීය වාරි තාක්‌ෂණයට ඇතුළත් කර ගෙන ඇති බව පෙනීයයි. ප්‍රදේශ දෙකේදීම ජලාශවල වෑ කන්ද නිර්මාණය කිරීමේදී අක්‍රමවත් ලෙස යොදා තිබේ. සැලසුම්කරුවන් උත්සාහ කරන්නට ඇත්තේ වෑ කඳු නිර්මාණය කිරීම සඳහා ස්‌වාභාවික කඳු ගැට පිහිටි ස්‌ථාන පාවිච්චි- කිරීමටයි.
 
 දැනටමත් පෙන්වා දී ඇති පරිදි ක්‍රි. ව. පස්‌වැනි ශත වර්ෂය තරම් ඈත කාලයකදී ශ්‍රී ලාංකිකයෝ රළ පහර නිසා වැව් බැම්මට සිදුවන හානිය සහ පාංශු ඛාදනය සිදු වන බව දැන සිටියහ. එමෙන්ම ඔවුහු වැවේ ආරක්‌ෂාව සඳහා වැඩි ජලය පිට කිරීමේ මාර්ග අත්‍යවශ්‍ය මූලයක්‌ බව ද දැන සිටියහ. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ ද වෑකන්දට ජල පහර වැදීම වැළැක්‌වීම සඳහා ගල්වැටි ස්‌ථරයක්‌ යොදා තිබුණි. වැඩි ජලය පිට කිරීමේ වැවට යෙදීමේ අංගයක්‌ ලෙස පළමුවෙන් සඳහන් වන දකුණු ඉන්දියාවේ ශිලාලේඛනයක්‌ ලෙස උතුරු අර්කොට්‌ දිස්‌ත්‍රික්‌කයෙහි අර්කොනම් සිට කිලෝමීටර් හතක්‌ පමණ දුරින් පිහිටි තණ්‌ඩලම් අභිලේඛනය සඳහන් කළ හැකිය. හුල්ට්‌ෂ් විසින් මෙය ක්‍රි. ව. නවවැනි සියවසට දින නිර්ණය කර ඇති මෙම ශිලාලේඛනයට අනුව පල්ලව මහ රජෙකු විසින් (පල්ලව මහාරාය) ගොඩනැගූ වැසි ජලය පිට කරන යන්ත්‍රය (කලිඟු) ජලාශය සඳහා යෙදූ බව සඳහන් වේ. ඉහතින් සඳහන් කළ සියලුම විශාල ජලාශ සඳහා වැසි ජලය පිට කරන මාර්ග තිබුණි. ඇත්ත වශයෙන්ම තෙණ්‌ණේරි වැනි පල්ලව සමයට අයත් කළ හැකි සමහර ජලාශ සඳහා වැසි ජලය පිට කරන මාර්ග දෙකකට වඩා තිබූ බව සඳහන් වේ. මෙම රාජ්‍ය දෙකෙහි වාරිමාර්ග ව්‍යාපාරයන්හි කාලනිර්ණ සම්බන්ධතාවේ සමානතා සලකා බලන කල්හි පෙනී යන්නේ දකුණු ඉන්දීය වාරිමාර්ග තාක්‌ෂණයෙහිදී ශ්‍රී ලංකාවෙන් තාක්‌ෂණය මාරු වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම ලක්‌ෂණ වෙනස්‌ වූයේ ස්‌වාධීන සංවර්ධනයක ප්‍රතිඵලයක්‌ නිසාදැයි යන්න නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකිය. එවැනි නිගමනයක්‌ ලබා දීමට නම් තවදුරටත් පර්යේෂණ කිරීම අත්‍යවශ්‍යය.
 
 අවාසනාවකට ශිලාලේඛන සහ සාහිත්‍ය මූලාශ්‍රවලින් ඉහතින් සඳහන් කළ පිස්‌ටනයක්‌ සහිත බිසෝකොටු ඉතා ඈත අතීතයක සිට පැවතගෙන ආවාදැයි දැන ගැනීමට ප්‍රමාණවත් සාක්‌ෂි හමු නොවේ. මේ සම්බන්ධයෙන් ශීs්‍ර ලාංකේය සාහිත්‍ය මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු ඉතා ප්‍රයෝජනවත් වේ. පන්සිය පනස්‌ ජාතක පොතෙහි සුදීන ජාතකයෙහි ඉමං නික්‌ඛං සුකුණ්‌ඩලං යනුවෙන් සඳහන් වේ. ථෙරවාද ත්‍රිපිටකයෙහි නික්‌ඛ යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පියයුරු හෝ බෙල්ල සඳහා වන ආභරණයක්‌ ලෙසයි. කුණ්‌ඩල යන්න භාවිත කර ඇත්තේ කරාබු යන අර්ථයෙනි. කෙසේ වෙතත් ජාතකට්‌ඨකථාවෙහි ඊට වෙනස්‌ අර්ථකථනයක්‌ ලබා දෙයි. මෙම අට්‌ඨකථාව තමා විසින් රචනා කරනු ලැබුවේ අත්ථදස්‌සිල බුද්ධමිත්ත සහ බුද්ධදේව යන තෙරවරුන්ගේ ආරාධනයෙන් බව එහි කතුවරයා සඳහන් කරයි.
 
 ඉන්දියාවෙහි මයුරපට්‌ටනයෙහි වාසය කළ බුද්ධමිත්ත නම් භික්‌ෂුවක්‌ පිළිබඳව බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පපඤ්චසුදනියෙහි සඳහන් කරති. මයුරපට්‌ටනය පිහිටියේ දකුණු ඉන්දියාවේ යෑයි සලකනු ලැබේ. පපඤ්චසුදනියෙහි සහ ජාතකට්‌ඨකථාවෙහි සඳහන් වන බුද්ධමිත්ත නමැති භික්‌ෂුව බුද්ධඝෝෂගේ සමකාලීනයෙක්‌ යෑයි සිතීමට ඉඩ තිබේ. ඔහු දකුණු ඉන්දියාවේ වාසය කරන්නට ඇත. නමුත් මෙම කෘතීන් දෙකම එකම තැනැත්තෙකුගේ යෑයි මලලසේකර විශ්වාස කරන අතර ඇත්ත වශයෙන්ම ජාතකට්‌ඨකථාව රචනා කරන්නට ඇත්තේ බුද්ධඝෝෂ විසින් යෑයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මෙම හඳුනා ගැනීම නිශ්චිත නොවේ. ජාතකට්‌ඨකථාව රචිත කතුවරයාගේ මෛත්‍රිය බුද්ධ විශ්වාසය වැනි ආගමික අදහස්‌ පිළිබඳව සැලකිමේදි ඔහු බුද්ධඝෝෂ තෙරුන්ගෙන් වෙනස්‌ පුද්ගලයෙකැයි තර්ක කළ හැකිය. එමෙන්ම ඔහු පසුකාලීන රචකයෙකැයි වන්නට ද පුළුවන. මෙම අට්‌ඨකථාකරුවා නික්‌ඛ යනු බිසෝකොටුවක්‌ (උදකනිද්ධමනං) ලෙස අර්ථ නිරූපණය කරයි. ඔහු තවදුරටත් අට්‌ඨකථාවේ සඳහන් වන අවසාන වචනය වන සුකුණ්‌ඩලං යන්න විග්‍රහයෙහිදී මුසල-පවෙසන-කුණ්‌ඩලෙන සමන්නාගතං යනුවෙන් අ¾ර්ථ නිරූපණය කරයි. මුසල යනු පාලි සහ සංස්‌කෘත භාෂාද්වයේම මෝල් ගසට භාවිත කරන වචනයකි. සම්පූර්ණ වාක්‍යයෙහි අර්ථය ලෙස මෝල් ගස රවුම් සිදුර තුළින් ඇතුළු කළවිට ලෙස සඳහන් කළ හැකිය. මෙම විස්‌තරයට අනුව අෂ්ඨකථාකරුවාගේ සිතේ පැවතියේ පිස්‌ටනයක්‌ සහිත නාලයක්‌දැයි තරමක සැකයක්‌ උපදී. පැහැදිලි ලෙසම පෙනී යන පරිදි මෝල් ගස යනුවෙන් අදහස්‌ කළේ පිස්‌ටනයයි. නිශ්චිත වශයෙන්ම කැපී පෙනෙන සමානත්වයක්‌ පෙනීයයි. පොලොන්නරුව රාජ්‍ය සමයට අයත් කළ හැකි ජාතකට්‌ඨ කථාවෙහි සඳහන් වන රජමොහොල් යන්නෙහි අර්ථ නිරූපණය වන රාජකීය මෝල් ගස හෙවත් රජුගේ මෝල් ගස යන අර්ථයෙන් පිස්‌ටනය හඟවන අතර බිසෝකොටු යන අර්ථයෙන් රැජිණියගේ කොටුව යන අර්ථය ලබා දෙයි. මෙයින් හඳුවන්නේ බිසෝකොටු නාලයෙහි රවුම් වූ සිදුරයි. (කුණ්‌ඩල) එම නිසා බිසෝකොටුව යන වචනයෙන් ශ්‍රී ලංකාවේ සොරොව්වල ජලය රැස්‌ කර තබන ටැංකිය හෝ කොටස හැඳින්වීම සඳහා භාවිත කළ බව පෙනීයයි. මෙය මූලික වශයෙන්ම පැමිණ ඇත්තේ පිස්‌ටනයක්‌ සහිත වු සොරොව්වල නාලයේ සිදුරු මගිනි. නූතන රචකයින් විවිධ වාග් විද්‍යාත්මක අර්ථ නිරූපණ මේ සඳහා ලබා දී තිබේ. නමුත් මෙම වචනය පළමුවෙන්ම සඳහන් වන ජාතකට්‌ඨකථා ගැට පදයෙහි මෙම වචනය යොදන්නට ඇත්තේ ගොවියාට හාස්‍ය දනවන ලිංගික අර්ථයක්‌ ලෙසිනි.
 
 ජාතකට්‌ඨකථාවෙහි දැක්‌වෙන සාක්‍ෂියට අනුව පිස්‌ටනයක්‌ සහිත සොරොව්ව ඉතා ඈත කාල පරිච්ඡේදයකට යොමු කරයි. පල්ලව සහ පාණ්‌ඩ්‍ය යුගයන්ට අයත් සොරොව්වක්‌ යෑයි කෙනෙකුට යෝජනා කළ හැකිය. පිස්‌ටනයක්‌ සහිත සොරොව් භාවිතය විශාල ජලාශ ඉදි කිරීමට කලින් ඉදි කරන ලද ඒවා බව පෙනෙන බව ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇත්ත වශයෙන්ම එහිදී සිදුවන අඩු ජල ධාරිතාවෙන් පෙනී යනුයේ මුලින්ම මෙම වර්ගයේ සොරොව් යොදා ඇත්තේ කුඩා පරිමාණයේ ජලාශ සඳහා බවයි. සොරොව්ව යන අර්ථය ලබා දෙන 'මතකු' යන පාරිභාෂිකය සංගම් සාහිත්‍යයේ සිලප්පදිකාරම් ග්‍රන්ථයේ සඳහන් වීම වැදගත් වේ. නීලකන්ඨ ශාස්‌ත්‍රී මෙම කෘතිය ක්‍රි. ව. පස්‌වැනි ශත වර්ෂයට වඩා පසුකාලයකට අයත් වන බව සඳහන් කරයි. ජාතක අටුවා ගැටපදයෙහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලාංකිකයින් විසින් දකුණු ඉන්දියාවේ භාවිත සොරොව් ශෛලිය දැන සිටි බව පෙනේ. දහතුන්වැනි ශත වර්ෂයෙහි රචිත පූජාවලියෙහි පිස්‌ටනයක්‌ සහිත සොරොව් පිළිබඳව සටහනක්‌ දැක්‌වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ දකුණු ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්‌ථාන සමග සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගියහ. එම නිසා ඔවුන්ගේ රචනාවන් මගින් එම ප්‍රදේශවල පැවති වාරිමාර්ග තාක්‌ෂණය පිළිබඳ දැනුම ලබා ගත් බව බලාපොරොත්තු විය හැකිය. සමහරවිට මේ පිළිබඳව වන අනුමිතීන් තවදුරටත් වර්ධනය වේ. පිස්‌ටනයක්‌ සහිත සොරොව් පිළිබඳව තොරතුරු ලැබෙන දහවැනි ශත වර්ෂයට අයත් ශිලාලේඛනයක්‌ හමුවේ. හතරවැනි මහින්දගේ වෙස්‌සගිරිය සෙල්ලිපියෙහි මොහොල්නඟැ යන පාරිභාෂිකයෙන් අනුරාධපුරයේ තිසා වැවේ සිට ජලය බෙදා හැරීම පිළිබඳව තිබූ විස්‌තර දැක්‌වේ. මෙම සෙල්ලිපිය ප්‍රකාශයට පත් කළ වික්‍රමසිංහ එම පාරිභාෂිකය පරිවර්තනය කොට නොමැත. ඔහු එය සංඥා නාමයක්‌ ලෙස පිළිගත් බවක්‌ පෙනෙයි. දහවැනි සියවසට අයත් ධම්පියා අටුවා ගැටපදයෙහි ඉස්‌සීම යන අ¾ථයෙන් නඟැ යන්න විස්‌තර කොට තිබේ. එම නිසා මොහොල් නඟැ යන්න පිස්‌ටනය උස්‌සමින් යනුවෙන් පරිවර්තනය කළ හැකිය. මේ අනුව සෙල්ලිපියෙහි අඩංගු සම්පූර්ණ අර්ථය ලෙස පිස්‌ටනය උස්‌සා රජ සොරොව්වේ සතර රියනක්‌ ප්‍රමාණයෙන් ජල මට්‌ටම ලකුණු වන ලෙස දිය යට හිඳුවන ලද දිය කැට පහණ මුදුන පෙනෙන තෙක්‌ ලෙස සඳහන් කළ හැකිය. මෙම අර්ථ නිරූපණය නිවැරදි නම් දහවැනි ශත වර්ෂයෙහිදී මෙම ජලාශයෙහි පිස්‌ටනයක්‌ සහිත සොරොව්වක්‌ භාවිත කළ බව පෙනීයයි. කෙසේ වෙතත් එවැනි තාක්‌ෂණයක වෙනසක්‌ පිළිබඳව පෙනී යනවා නම් එහි බලපෑම සීමා සහිත වූ බව පෙනේ. දකුණු ඉන්දියාවේදී සොයා ගන්නා ලද කුලුනු සහිත සොරොව්වක්‌ ශෛලීන් ශ්‍රී ලංකාවේදී වාර්තා නොවේ. දිවයිනේ ඉතාමත්ම ජනප්‍රිය සොරොව් වර්ගය වූයේ ටැංකියක්‌ හෙවත් සිස්‌ටනයක්‌ සහිත වූ සොරොව්වයි.
 
 දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්‌ෂණය පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයකදී ඉංජිනේරුවන් හුවමාරු වීමේදී ඇතිවන සංකීර්ණ ස්‌වභාවය පැහැදිලි වේ. එමෙන්ම පූර්ව යටත් විජිත දකුණු ආසියාවේ තාක්‌ෂණික විද්‍යා ඉතිහාසය අධ්‍යයනයෙහිදී ව්‍යාප්තිය පිළිබඳ වැදගත්කමේ සීමිතතා පිළිබඳව අවධානය යොමු කරයි. වාරිමාර්ගික තාක්‍ෂණය ඉතිහාසයෙහිදී ඉතා සුවිශේෂී පැතිකඩකි. කෙසේ වෙතත් අපගේ අධ්‍යයනයෙන් පැහැදිලිව පෙනී යන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදුවන විනිවිද ආකාරයේ සංස්‌කෘතික පෙළඹවීම් වාරිමාර්ගික තාක්‍ෂණයේ සමහර අංග වර්ධනය වීමට බලපෑ බවයි. ව්‍යාප්තිවාදය පිළිබඳව හසළ දැනුමකින් යුත් පිරිස්‌ පෙන්වා දී ඇති ආකාරයට එක්‌ මධ්‍යස්‌ථානයක සිට එවැනි පෙළඹවීම්වල වර්ධනයක ආකෘතියක ගලා යාමක්‌ සිදු වූයේ නැත. ප්‍රොaටෝ ඓතිහාසික සමයෙහිදී දකුණු ඉන්දියානු වාරිමාර්ගික තාක්‍ෂණයෙහි බලපෑම ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වූ අතර ඓතිහාසික සමයෙහිදී ශ්‍රී ලංකාවේ සිට දකුණු ඉන්දියාවට එම බලපෑම ලැබුණු බව පෙනීයයි. මෙම ක්‍රියාවලිය විස්‌තර කිරීම සඳහා සුදුසු පාරිභාෂිකය වනුයේ 'ව්‍යාප්තිය' යන්නට වඩා 'අෙන්‍යාන්‍ය ක්‍රියාකාරිත්වය' යන්නය. පූර්ව යටත් විජිත දකුණු ආසියාවේ සංස්‌කෘතික සහ දේශපාලන මායිම් හරහා විවිධ පැතිවලින් පැරිණි අදහස්‌ සහ තාක්‌ෂණය කාර්මික විප්ලවයෙන් පසුව මතු වූ තාක්‌ෂණය විහිද යාමේ රටාවෙන් වෙන්කොට හඳුනා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ විශාල ජලාශ සඳහා තිබූ වාරිමාර්ග තාක්‌ෂණයෙහි සිත් ගන්නාසුලු වර්ධනීය ලක්‌ෂණ වන්නේ ජල පද්ධතියට සම්බන්ධ වී තිබීම, දකුණු ඉන්දියාවට කලින් එය වර්ධනය වීම යනාදියයි. නමුත් මෙම සම්පූර්ණ තාක්‌ෂණය විවිධ සංස්‌කෘතික සම්බන්ධතා පැවැත්වූ අසල්වැසි රාජ්‍ය ලබා ගත්තේ නැත. රාජ්‍ය දෙකේ සොරොව් තාක්‌ෂණය පිළිබඳව කෙරුණු අපගේ පර්යේෂණයෙන් සමාන භෞතික පරිසරයකින් සහ එකිනෙකට සම්බන්ධ සංස්‌කෘතීන්ගෙන් යුත් රාජ්‍ය දෙකක්‌ එකම මූලික ප්‍රශ්නයට ළඟා කර දුන් තාක්‍ෂණික විසඳුම් හෙළි කරයි. සෑම සංස්‌කෘතියක්‌ම වාරිමාර්ග තාක්‍ෂණයේ සමහර මූල පමණක්‌ ලබා ගත් බවක්‌ පෙන්නුම් කෙරෙන අතරම සංස්‌කෘතියේ මූලික අංග තවදුරටත් පවත්වා ගෙන තිබේ. වාරිමාර්ග තාක්‌ෂණයේ දී නායකයන් ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගැනීමට තරමක්‌ කැමති වුවත් ග්‍රාහකයන් පැරණි ආකාරයෙන්ම ඒ සියල්ල පිළිගැනීමට අකැමැති විය.
 
 ශ්‍රී ලංකාවේ පැරණි වාරි කර්මාන්තය පරීක්‌ෂා කළ යුරෝපීය ඉංජිනේරුවන් මෙරට පැරණි වාරි කර්මාන්ත ශිල්පීන්ගේ තාක්‌ෂණික කුසලතා හා නිපුණතා පිළිබඳ ඉතා උසස්‌ ලෙස වර්ණනා කොට තිබේ. කර්නල් සී. වුඩ්වර්ඩ් හා පාකර් ශ්‍රී ලාංකේය ශිල්පීන්ගේ ඉංජිනේරු ඥානය හා සංකීර්ණ වාරි ක්‍රම සැලසුම් ගැන ප්‍රශංසා කොට තිබේ. ඉපියාවකින් ක්‍රියා කෙරෙන ජල ළිඳ (ඪ්කඩැ-චසඑ) ප්‍රථම වරට නිපදවන ලද්දේ මෙරට වාරි ශිල්පීන් යයි පාකර් පවසා ඇත. කෙසේ හෝ සොරොව්ව නිපදවීම ප්‍රායෝගික ජල විද්‍යාවේ ආශ්චර්යමත් වික්‍රමයක්‌ වශයෙන් හැඳින්විය හැකිය. මේ වික්‍රමය නිසා මුළු වියළි කලාපයම එකම ධාන්‍යාගාරයක්‌ බවට පත් කිරීමට සමත් සංකීර්ණ වැව් අමුණු ජාලයක්‌ පැරණි වාරි ශිල්පීන් විසින් නිර්මාණය කරනු ලැබීය.
 

පැරණි ශ්‍රී ලංකාවේ බිසෝකොටුව හා සබැඳි වාරිමාර්ග තාක්‍ෂණය
 
 මහාචාර්ය එන්. ඒ. විමලසේන හෑලෝගම
 අංශාධිපති, ඉතිහාසය අධ්‍යයනාංශය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 
 රජරට වාරිමාර්ග පද්ධතියේ ආරම්භය ගැන මෙන්ම විකාශනය ගැන ද කරුණු සොයා බැලීමේදී මූලික වශයෙන් අපේ වංශකථා පමණක්‌ම මූලාශ්‍ර වශයෙන් ගත නොහැකිය. වංශකථාකරුවන් විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ පාලකයන්ගේ ආගමික සේවාවලට හා එම ආයතනවලට කරන ලද පරිත්‍යාගවලටය. එහිදී භික්‌ෂූන් වහන්සේ සමග පැවැත් වූ සම්බන්ධතාව එම තොරතුරු විස්‌තර කිරීමේදී බොහෝ සෙයින් බලපා ඇති බව පෙනේ. තවද බොහෝ වංශකථා රචනා වී ඇත්තේ ද භික්‌ෂූන් වහන්සේ අතිනි. ආගමික අංශයට විශේෂතාවක්‌ දක්‌වන්නට ඇත්තේ එම නිසා විය හැකිය. මෙලෙස එවැනි තොරතුරු ඇතුළත් කිරීමේදී සමහර අවස්‌ථාවලදී අනියම් වශයෙන් වූ නිර්මාණ ගැන තොරතුරු ගොඩනඟා ගැනීම ඉතාමත්ම අසීරු කටයුත්තකි. කෙටියෙන් කියතොත් මෙම විෂය සම්බන්ධ ක්‍රමවත් ඉතිහාසයක්‌ සකසා ගැනීමේදී උපයෝගි කර ගත හැකි මූලාශ්‍ර අල්ප වීම නිසාත් ඒවායේ පවත්නා ඌනතා නිසාත් බොහෝ දුෂ්කරතා ඇති වේ. මෙසේ වියළි කලාපයේ වාරි අංශය පිළිබඳව පැහැදිලි මෙන්ම ක්‍රමවත් පසුබිමක්‌ ගොඩ නගා ගැනීමේදී සෙල්ලිපි මූලාශ්‍ර ද උපයෝගී කර ගත හැකිය. සමස්‌තයක්‌ වශයෙන් බැලුවහොත් සෙල්ලිපිවල ද බෙහෙවින් ඇතුළත් කර ඇත්තේ ආගමික අංශය සම්බන්ධව පවත්නා කරුණුය. මෙයින් වැඩි ප්‍රමාණයක්‌ ලෙන් පූජා පිළිබඳව කෙටි වාර්තා වශයෙන් හැඳින්වීමට පුළුවන. එසේ වුවද තත්කාලීන සිද්ධීන්වලට සමාසන්න හා සමකාලීන නිසාත් වංශකථා මූලාශ්‍රවලට වඩා විශ්වාස කටයුතු තොරතුරු මේ තුළින් ලබා ගත හැකිය. ඊටත් වඩා වංශකථාවල එන වාරි තොරතුරු මේ තුළින් අනාවරණය කර ගත හැකිවීම ද තවත් විශේෂතාවකි. විවිධ ශාස්‌ත්‍රඥයින් විසින් පුරාණ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කොට තිබේ. මෙම ශාස්‌ත්‍රීය පර්යේෂණයෙහිදී සාකච්ඡා කරනුයේ පැරණි වාරි මාර්ගික තාක්‌ෂණයෙහි එක්‌ ප්‍රධාන අංගයක්‌ වූ බිසෝකොටුව පිළිබඳවයි.
 
 ක්‍රි. ව. පළමුවැනි සියවස තෙක්‌ මල්වතු ඔය, කලා ඔය වැනි නදීවලින් ලත් ජලයෙන් වගා කටයුතු කරගෙන ගිය ද දිවයිනේ ජනගහන වර්ධනයත් සමග ස්‌වාභාවික ජල මාර්ගවලින් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවූ බැවින් වැසි ජලයත් මුහුදට ගලා යන ගංගා ජලයත් රැස්‌ කිරීම සඳහා ගම්වැව් තැනීම ආරම්භ කෙරුණි. ගම්වැව් තැනීමේදී ඒවායේ ජලය රැස්‌ කිරීම ජල නඩත්තුව සහ ජල පරිවහනය පිළිබඳ ගැටලු රාශියක්‌ උද්ගත විය. ඇතැම්විට මුල් කාලයෙහිදි ගම්වැව්වලින් ජලය කුඹුරුවලට බෙදා හරින්නට ඇත්තේ ජල චක්‍රයක්‌ උපයෝගී කරගෙන යෑයි සිතීමට ඉඩ තිබේ. මහාවංසයෙහි චක්‌කවට්‌ටක යන වචනය යෙදී තිබීමෙන් එසේ සිතිය හැකිය. ඇතැම්විට මෙම කුඩා ගම්වැව්වලින් ජලය ලබා ගැනීම සඳහා ආරක්‌ෂාකාරී පිළිවෙතක්‌ සොයා ගැනීමට පැරණි වාරි ශිල්පීන්ට කාලයක්‌ ගත වන්නට ඇතැයි නිගමනය කළ හැකිය. මුල් කාලයෙහිදී වැව් කණ්‌ඩිය කපා හිඩැසක්‌ ඇති කර ගෙන මෙසේ ජලය ලබා ගන්නට ඇත. එහෙත් ජලය ඇළ මාර්ගයෙන් කුඹුරුවලට ලබා ගැනීමට මෙම ක්‍රමය එතරම් සාර්ථක උපක්‍රමයක්‌ නොවීය. අධික වර්ෂාව පැවති කාලවලදී ජලයෙන් වැව පිරුණුවිට වේගවත් ජල සැඩ පහර නිසා මේ වැව් කණ්‌ඩිය කැපූ ස්‌ථානයෙන් එය කඩා බිඳගෙන යැමට ඉඩ තිබේ. අනෙක්‌ අතින් වර්ෂාව නැති වියළි කාලවලදී ද පස්‌ කණ්‌ඩි පුපුරා කඩා වැටී පසින් වැසී යන්නට ද ඉඩ තිබේ. කෙසේ හෝ සියවස්‌ දෙක තුනක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ කුඩා වැව් පරිහරණය කිරීමෙන් ලබා ගත් අත්දැකීම් හා පළපුරුදුකම් ප්‍රයෝජනයට ගෙන වැවකින් ජලය නිරුපද්‍රිතව පිට කිරීමේ ක්‍රම සොයා ගන්නට ඇතැයි නිගමනය කළ හැකිය. එපමණක්‌ නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වැවේ ජලය එකතු වුවහොත් එය ක්‍රමවත්ව මුදා හැරීමට ද මෙබඳු තාක්‌ෂණයක්‌ අවශ්‍ය වේ. මෙහි ප්‍රතිඵලය වූයේ බිසෝකොටුව නමින් සාමාන්‍ය ජනතාව අතර ප්‍රකට, ජලය වැවකින් පිට කිරීමේ උපක්‍රමයක්‌ බිහිවීමයි. මෙය පැරණි ශිල්පීන්ගේ අති විශිෂ්ට තාක්‌ෂණික නිෂ්පාදනයක්‌ සහ සොයා ගැනීමක්‌ වශයෙන් හඳුන්වාදීම නිවැරදිය. බිසෝකොටුව නමින් හැඳින්වූ සොරොව්ව zzපණළිZZ යනුවෙන් වංශකථාවේ සඳහන් වේ. සොරොව්වක්‌ කොටස්‌ තුනකින් යුක්‌ත වේ. ගැඹුරට කණින ලද විවෘත සෘජුකෝණාස්‍රාකාර ළිඳක්‌ හෝ වළක්‌ වැවෙන් ළිඳට බසින බෝක්‌කුවක්‌ සහ ළිඳේ සිට බන්ධනයෙහි පිටස්‌තර බෑවුමෙහි අඩිය දක්‌වා බඳින ලද ජලය පිට කරන බෝක්‌කුවක්‌ වශයෙනි. ළිඳේ සහ බෝක්‌කුවේ මූනත මනාව සකස්‌ කරන ලද ලොකු ගල්වලින් බැඳ තිබේ. සිංහලෙන් ළිඳ බිසෝකොටුව නම් විය. බිසෝ යන්න ආගමනය හෝ ගලා ඒම යන අරුත්හි වැටේකොටුව යන්න පාළි කොට්‌ඨක, ස්‌ටෝරු කාමරය හෝ ජලාශය වේ එසවීමෙන් හෝ පහත දැමීමෙන් බෝක්‌කුව මෙන් තැනූ කොටස සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඇරිය වැසිය හැකි උපකරණයක්‌ මගින් බිසෝකොටුවට සවිකොට තිබිණි. මේ මගින් ජලය පිටවීම අඩු වැඩි ආකාරයට හැසිරවිය හැකි වන අතර සම්පූර්ණයෙන්ම හෝ නැවැත්විය හැකිය. සොරොව්වේ වෑල්වය හෙවත් ඉපියාව හෝ දොරක්‌ මෙන් තනා ඇති කොටස ආවරණ යනුවෙන් වංසකථාවේ සඳහන් වේ. මෙය ලීවලින් සාදන ලද බැවින් සම්පූර්ණයෙන් විනාශවී ගොස්‌ ඇති බව පෙනේ. එබැවින් දැවයෙන් හෝ මැටියෙන් තනවන ලද බිසෝකොටු අප අතට පත්වී නොමැත. කෙසේ හෝ වැව් කණ්‌ඩිය හරහා වැවකින් ජලය බෙදා හැරීමේදී ඇති විය හැකි දැඩි ජල සැඩ පහරින් ඇළ වේල්ල ආරක්‌ෂා කර ගැනීමේ උපක්‍රමයක්‌ වශයෙන් මෙම බිසෝකොටු ක්‍රමය උපයෝගී කර ගන්නා ලදී. මෙසේ මුල් කාලයෙහිදී තනවන ලද බිසෝකොටු කුඩා ගම්වැව්වලින් ජලය බෙදා හැරීමට උපයෝගී කර ගැනීමේදී උද්ගත වූ විවිධ ගැටලු පිළිබඳව මනා අවබෝධයක්‌ ඇති කර ගත් වාරි ශිල්පීන් ක්‍රි. ව. පළමුවැනි සියවස වනවිට විශාල පරිමාණයේ බිසෝකොටු තැනීමට ශිල්පීය ඥානයක්‌ අත්කර ගත් බව පෙනේ. කෙසේ වෙතත් මුල් කාලීන බිසෝකොටු නිර්මාණය අතින් සලකනවිට ශිල්පීන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරදුන් පරිසමාප්ති තාක්‌ෂණික ලක්‌ෂණවලින් හෙබ වූ බව සැලකිය හැකිය. මේ පිළිබඳව සලකා බලනවිට ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන ශූරීන්ගේ පර්යේෂණ ඉතා වැදගත් යෑයි කිව හැකිය.
 
 ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ප්‍රභවය සිදු වූයේ ක්‍රි. පූ. හයවැනි ශත වර්ෂයේ විජයාගමනයත් සමග බව සාමාන්‍ය පිළිගැනීමයි. ආර්. එල්. බ්‍රොaහියර් දිවයිනේ වාරිමාර්ග සංවර්ධනයෙහි පියවර පිළිබඳව කළ දේශනයකදී ඔහුගේ උපන්‍යාසය වූයේ ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණියේ එෙŒරන් වූ අතර ක්‍රමානුකූලව ඔවුන් කෘෂි වගාවට හුරු පුරුදු වූ බවයි. ඔවුන් සංක්‍රමණය වූ ප්‍රදේශය බොහෝ වියළි සහ ශුෂ්ක වූ බැවින් ඔවුන් කෘත්‍රිම ජලාශ ඉදිකර ගැනීමට පෙළඹුණි. මේවාට ජලය රැස්‌කර ගනු ලැබූයේ මෝසම් වැසිවලිනි. එවැනි මුල් කාලීන ජලාශ සඳහා නිදසුන් ලෙස බ්‍රොaහියර් දක්‌වන්නේ විල්පත්තු අභය භූමිය ආසන්නයෙන් සොයා ගෙන ඇති මෝදරගම් ආරු ආසන්නයෙහි පිහිටා ඇති කුඩා ජලාශ දෙකකි. බ්‍රොaහියර්ගේ අදහස අනුව පැහැදිලිවම පෙනී යනුයේ ශ්‍රී ලංකාවේ වාරිමාර්ගවල ආරම්භය දේශීය ප්‍රභවයක්‌ බවත් ඒවායෙහි වර්ධනය විදේශීය සංස්‌කෘතික සම්මිශ්‍රණයන්හි ප්‍රතිඵලයක්‌ නොවූ බවත්

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »