විජයාවතරණයටත් පෙර පැවති ලාංකික ලේඛණ ඉතිහාසය තහවුරු කළ අන්දරවැව අක්ෂර

2018-11-12 12:19:00       0
feature-top
ශ්‍රී ලංකාවේ ආදි­තම බ්‍රාහ්මී ලේඛන හෝ අක්‍ෂර අශෝක අධි­රා­ජ්‍ය­යාට සම­කා­ලී­නව මෙරට රාජ්‍ය පාල­නය කළ දේවා­න­ම්පිය තිස්ස රාජ්‍ය සමය වන ක්‍රිපූ 250-210 යුග­යට අයත් බව බොහෝ උග­තුන්ගේ මතය වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආදි­තම බ්‍රාහ්මී ලේඛන ක්‍රිපූ 3 වැනි සිය­ව­සින් ඔබ්බට ගමන් කළ නොහැකි බව එතෙක් පිළි­ගෙන තිබූ මතය විය. සාහිත්‍ය මූලා­ශ්‍රය සාධක අනුව ක්‍රිපූ 6 වන සිය­වසේ සිට ආර්ය භාෂා කතා කරන ජන­තාව ශ්‍රී ලංකා­වට පැමිණ ඇති බව සඳ­හන් වන අතර, ඒ සමඟ ලේඛන පිළි­බඳ ඔවුන්ගේ දැනුම මෙර­ටට රැගෙන එන්නට ඇතැ­යිද විශ්වා­ස­යක් පවතී.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිපූ 3 වන සිය­ව­සට පෙර සිටම යම් ලේඛන ක්‍රම­යක් පැවති බව සාහිත්‍ය මූලා­ශ්‍ර­ය­වල සඳ­හන් බව පෙන්වා දෙන පිය­තිස්ස සේනා­නා­යක ඒ මූලා­ශ්‍රය වැඩි ප්‍රමා­ණ­යක් ක්‍රිස්තු වර්ෂය ආර­ම්භව කල­කට පසු ලිය­වුණු ඒවා බවද ප්‍රකාශ කර තිබේ. එබැ­වින් මූලා­ශ්‍ර­ය­වල සඳ­හන් කරුණු තුල­නා­ත්මක ලෙස සාක­ච්ඡා­වට භාජ­නය කළ යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී ලේඛන හා ඒවායේ ඉති­හා­සය පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මේදී බ්‍රාහ්මී අක්‍ෂ­ර­ව­ලට පූර්ව­යෙන් හමු වූ සංකේත අක්‍ෂර ක්‍රම­යක් පව­තින්න ඇති බවට සාධක ශ්‍රී ලංකාවේ පූර්ව-ඓති­හා­සික අව­ධි­යට අයත් සුසා­න­වල පිය­න්ගල් මත හා ඒ යුග­යට අයත් ජනා­වා­ස­ව­ලින් මතු වන මැටි­බ­ඳුන් මත තිබී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් හමුව තිබේ. එසේම මේ යුග­යට අයත් ජනා­වාස භූමි වන අනු­රා­ධ­පු­රය, තිස්ස­ම­හා­රා­මය, කන්ත­රෝ­ඩය යන ස්ථාන­ව­ලින් හමු වී ඇති මැටි­බ­ඳුන් මත සට­හන් කර තිබූ බ්‍රාහ්මී ලේඛන රාශි­යක්ද වාර්තා වී තිබේ. පූර්ව-ඓති­හා­සික යුග­යේදී සංකේත ඇසුරු කර­ග­නි­මින් කිසි­යම් සන්නි­වේ­දන ක්‍රම­යක් භාවිත කළ බවට ශ්‍රී ලංකාවේ පූර්ව-ඓති­හා­සික යුගයේ මැටි­බ­ඳුන් මත හා ගල් සොහො­න්වල පිය­න්ගල් මත වන සංකේ­ත­ව­ලින් පැහැ­දිලි වුවද ඒවා තව­මත් කියවා නැති බැවින් නිශ්චිත අද­හ­සක් ප්‍රකාශ කළ නොහැකි බව පිය­තිස්ස සේනා­නා­ය­කගේ මතය වේ.

ශ්‍රී ලංකා­වෙන් හමු වී ඇති ක්‍රිපූ යුග­යට අයත් බ්‍රාහ්මී අක්‍ෂර විම­ර්ශ­න­යේදී මාතලේ වේර­ගොඩ (සුළු­නා­ප­හුර) විහා­ර­යෙන් හමු වූ ටෙරා­කොටා මුද්‍රා කිහි­ප­යක බ්‍රාහ්මී නොවන සංකේත සමඟ බ්‍රාහ්මී අක්‍ෂර සට­හන් වී තිබුණු බව සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පෙන්වා දී තිබේ. මීට අම­ත­රව තිස්ස­ම­හා­රාම අකු­රු­ගොඩ ජර්මානු පුරා­වි­ද්‍යා­ඥ­යන් කළ කැණී­ම්ව­ලදී පුලු­ස්සන ලද මැටි­බ­ඳුන් මත බ්‍රාහ්මී අක්ෂර සමඟ ද්‍රවිඩ බ්‍රාහ්මී අක්‍ෂර හමුව ඇති බව මහා­දේ­වන් ප්‍රකාශ කරයි. එසේම කේඑස් ශන්මු­ගම් විසින් කොර්කේයි වරාය ආශ්‍රි­තව සිදු කළ කැණී­ම්ව­ලින් හමු වූ මැටි­බ­ඳුන් මත වූ බ්‍රාහ්මී ලේඛන ක්‍රිපූ 8 වැනි සිය­ව­සට පමණ අයත් වන බව කාබන් කාල­නි­ර්ණය අනුව තහ­වුරු වන බව ප්‍රකාශ කළද ඒ ස්ථානයේ ස්තර අවුල්ව තිබුණු බැවින් ඒ මතය පිළි­ගත නොහැකි බව දකුණු ඉන්දීය අභි­ලේ­ඛ­න­ඥ­යන් ප්‍රකාශ කර තිබේ.

ක්‍රිපූ 5 වන සිය­ව­සට පෙර භාවිත කරන ලද බ්‍රාහ්මී ලේඛන අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රින් හමු වන බවට නව මත­යක් සිරාන් දැර­ණි­ය­ගල විසින් ඉදි­රි­පත් කරනු ලැබීය. එලෙස හමු වූ බ්‍රාහ්මී ලේඛන ක්‍රිපූ 600-500 පෙර කාලයේ සිට භාවිත වූ බව රේඩියෝ කාබන් කාල­නි­ර්ණය අනුව තහ­වුරු වන බවද ඔහු ප්‍රකාශ කළේය. මේ මතය තව­දු­ර­ටත් තහ­වුරු කර­මින් රොබින් කනිං­හැම් විසින් අනු­රා­ධ­පුර ඇතුළු-නුවර සල්ග­හ­වත්ත නම් ස්ථානයේ සිදු කළ ASW 88 කැණී­මෙන්ද බ්‍රාහ්මී ලේඛන හමු වූ බව ප්‍රකාශ කිරීම සමඟ දැර­ණි­ය­ග­ලගේ මතය යම් පම­ණ­කට තහ­වුරු විය. සිරාන් දැර­ණි­ය­ගල හා මොහාන් අබේ­රත්න ඇතුළු-නුව­රින් හමු වූ ක්‍රිපූ 500-600ට අයත් අක්‍ෂර සහිත මැටි­බ­ඳුන් සම්බ­න්ධ­යෙන් පසුව සිදු කළ තාප­සං­දී­ප්තතා කාල­නි­ර්ණය අනුව ඔවුන්ගේ මතය තව­දු­ර­ටත් නිවැ­රදි බව ප්‍රකාශ කර තිබේ.

අනු­රා­ධ­පුර ඇතුළු-නුවර මහා­පාලි දාන­ශා­ලාව අසල AMP 88 ස්ථාන නාමය යටතේ සිරාන් දැර­ණි­ය­ගල සිදු කළ කැණී­ම්ව­ලදී හමු වූ මැටි­බ­ඳුන් කැබලි කිහි­ප­යක මේ බ්‍රාහ්මී ලේඛන හමු වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩි­දු­ර­ටත් දක්වා ඇති ආකා­ර­යට ඒ අව­ධියේ බ්‍රාහ්මී අක්‍ෂර ලිවීම සඳහා භාවිත කරන ලද සත්ත්ව අස්ථි­ව­ලින් නිර්මා­ණය කරන ලද පන්හි­ඳක් හමුව තිබේ. එසේම එයට සමාන පන්හි­ඳ­වල් ඉන්දි­යාවේ අල­ම්ගී­ර්පුර්, චිරාන්ඩි, හස්ථි­නා­පූර් හා උජ්ජේන් යන ස්ථාන­ව­ලින්ද ලැබී තිබී­මෙන් මෙවැනි ඒවා සමාන කාල­ප­රා­ස­ව­ලදී ලංකාවේ හා ඉන්දි­යාවේ භාවි­තව ඇති බවද ඔහු පව­සයි. මේ අක්‍ෂර හමු වන කාල­ප­රි­ච්ඡේ­දය වන ක්‍රිපූ 600-500 තහ­වුරු කර­ගැ­නීම සඳහා කාබන් කාල­නිර්ණ 04ක්, තාප සංදී­ප්තතා කාල­නිර්ණ 04ක් කළ බවද ඔහු වැඩි­දු­ර­ටත් පව­සයි.

මේ සොයා­ගැ­නීම පිළි­බඳ පිය­තිස්ස සේනා­නා­යක ප්‍රකාශ කර ඇත්තේ සිරාන් දැර­ණි­ය­ගල ක්‍රිපූ 600-500 තරම් කාල­යට අය­ත්යැයි ප්‍රකා­ශ­යට පත් කර ඇති (බ්‍රාහ්මී අක්‍ෂර සට­හන් වී තිබූ) මැටි­බ­ඳුන් ක්‍රිව 1 වන සිය­ව­සට අයත් විය යුතු බවයි. ඒ සඳහා ඔහු ඉදි­රි­පත් කර ඇති මතය අනුව දැර­ණි­ය­ගල ඉදි­රි­පත් කර ඇති ඵලක අංක 64 හි a අක්‍ෂ­රය දරන මැටි­බ­ඳුන් කැබැල්ල මත සට­හන් වී ඇති අව­සන් අක්‍ෂ­රය ච-යන්න­යැයි උප­ක­ල්ප­නය කළ හොත් ඒ අක්‍ෂ­රය ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුව ඇති පැරණි බ්‍රාහ්මී ලිපි අතර දක්නට නැති තරම් බව පෙන්වා දෙයි. එසේම සේනා­නා­යක ඉදි­රි­පත් කර ඇති අනෙක් මතය වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි බ්‍රාහ්මී ලිපි­වල දීර්ඝ ස්වර වෙනු­වට බොහෝ විට හ්‍රස්ව ස්වර භාවිතා වී ඇති බවත්, දීර්ඝ ස්වර භාවිත කිරීම ආරම්භ වූයේ පසු­කා­ලී­නව බව පර­ණ­වි­තාන දක්වා ඇති මතය අනු­වද එය තහ­වුරු වන බවත්ය. එසේම දැර­ණි­ය­ගල ඉදි­රි­පත් කර ඇති “තාරම” හෝ “තාරච” යන්නත් “තයා­කුටෙ” යන යෙදුම් තුළ දීර්ඝ ස්වර ඇසුරු කර­මින් වචන සට­හන් කර ඇති බැවින් එවැනි යෙදුම් මගින් සංව­ර්ධ­නය වූ කාල­ව­ක­වා­නු­වක එම අක්‍ෂර රචනා කර­න්නට ඇති බව අක්‍ෂ­ර­වල ස්වරූ­පය අනුව පැහැ­දිලි වන බවද ඔහු පෙන්වා දී තිබේ.

පිය­තිස්ස සේනා­නා­යක වැඩි­දු­ර­ටත් දක්වා ඇති පරිදි, මේ අක්‍ෂ­ර­වල සංව­ර්ධන අව­ස්ථා­වක් දීර්ඝ ස්වර මෙන්ම හ්‍රස්ව ස්වර මඟින් පැහැ­දිලි වන බැවින් අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රින් හමුව ඇති අක්‍ෂර ක්‍රිව 1 වන සිය­ව­සට අයත් වීමට බොහෝ ඉඩ ඇති බව පෙන්වා දී අත­රම, දැර­ණි­ය­ගල විසින් මේ ලේඛන සම්බ­න්ධව දක්වා ඇති කාබන් කාල­නි­ර්ණය අනුව එහි ඉහළ සීමාවේ හා පහළ සීමාවේ පව­තින පර­ත­රය පිළි­බ­ඳ­වද සාකච්ඡා කර තිබේ. සිරාන් දැර­ණි­ය­ගල අනු­රා­ධ­පුර මහා­පාලි දාන­ශා­ලාව අසල සිදු කළ AMP 88 කැණීමේ අංක75g මැටි­බ­ඳුන් කැබලි අයත් වන ස්තරයේ කාල­නිර්ණ කාබන් 14 කාල­නිර්ණ අනුව එහි ඉහ­ළම සීමාව ක්‍රිපූ 7 වන සිය­වස හා එහි පහ­ළම සීමාව ක්‍රිපූ 3 වන සිය­ව­සට අයත් ලෙස දක්වා තිබෙන අතර, සේනා­නා­ය­කගේ මතය වන්නේ මේ අක්‍ෂර හමු වන කාල­ප­රා­සය පද­නම් මුල්-ඓති­හා­සික යුගය (Basal Early History 600-500 BC) හා පහළ-මුල්-ඓති­හා­සික අව­ධිය (Lower Early History 500-400 BC) අතර පව­තින පර­ත­රය සිය­වස් 4කට ආසන්න බැවින් එහි ඉහළ සීමාව පම­ණක් සලකා මේ තීර­ණය ගැනීම සාධා­රණ නොවන බවයි.

එසේම අනු­රා­ධ­පුර ඇතුළු-නුවර AMP 88 හා ASW 88 කැණී­මෙන් සොයා­ගන්නා ලද බ්‍රාහ්මී ලේඛන පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කරන විම­ල­සේන හැලෝ­ගම ක්‍රිපූ 3 වන සිය­ව­සට අයත් අශෝක අක්‍ෂ­රද ක්‍රිපූ 2 වන සිය­ව­සට අයත් පිප්‍රාවා අභි­ලේ­ඛ­නද සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිපූ 3 වන හා 2 වන සිය­ව­ස්ව­ලට අයත් ගුහා­ලිපි සංස­න්ද­නය කර­මින් අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රින් හමු වූ මැටි­බ­ඳුන් මත ඇති අක්‍ෂර හා ඒ අක්‍ෂර අතර සමා­නතා මෙන්ම දැඩි අස­මා­න­තාද පව­තින බව පෙන්වා දෙයි. හැලෝ­ගම දක්වා ඇති ආකා­ර­යට AMP 88 (75), ASW 88 (88)සංසි­ද්ධීන්ට අයත් අක්‍ෂර සහිත මැටි­බ­ඳුන් ක්‍රිපූ 818-754 හෝ ක්‍රිපූ 700-540 කාල­නි­ර්ණය ලැබී ඇති බව දක්වා තිබීම හා තවත් මැටි­බ­ඳුන් කැබැ­ල්ලක “බිය අනු­රධ” යනු­වෙන් සඳ­හන් ASW 88 (88)ට අයත් මැටි­බ­ඳුන් කැබැල්ල ක්‍රිපූ 600-500ට කාල­නි­ර්ණය කර තිබීමේ ගැට­ලු­වක් ඇති බවද පෙන්වා දෙයි. ඔහුගේ මතය වන්නේ මේ මැටි­බ­ඳුන් සඳහා කාල­නි­ර්ණය කළ යුත්තේ මැටි­බ­ඳුන් හමු වන පාංශු ස්තරය කාල­නි­ර්ණය කිරී­මෙන් නොව, අදාළ මැටි­බ­ඳුන් කොටස කාල­නි­ර්ණ­යට ලක් කිරී­මෙන් බවයි.

එසේම මෙයට අම­ත­රව උතුරු ඉන්දීය බ්‍රාහ්මී අක්‍ෂර හා දකුණු ඉන්දීය බ්‍රාහ්මී අක්‍ෂර මෙන්ම ශ්‍රී ලංකාවේ ගුහා­ලි­පි­වල අන්ත­ර්ගත බ්‍රාහ්මී අක්‍ෂ­ර­වල හැඩ-රටා හා ඒවායේ පරි­මා­ණය පිළි­බඳ විම­ර්ශ­නය කරන හැලෝ­ග­මගේ මතය වන්නේ අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රින් හමු වන මැටි­බ­ඳුන් මත සට­හන් කර ඇති අක්‍ෂර දකුණු ඉන්දි­යාවේ අරි­ක­මේ­ඩු­ව­ලින් සොයා­ගන්නා ලද අක්‍ෂ­ර­ව­ලට සමාන වන බැවින් අරි­ක­මේඩු අක්‍ෂර අයත් ක්‍රිව 2 වන සිය­ව­සට ඒවා අයත් බවයි.

දකුණු ඉන්දි­යා­වෙන් හමු වන අලුත් සාධක

කෙසේ වෙතත් ඉතා මෑතදී දකුණු ඉන්දි­යාවේ සිදු කර ඇති කැණී­ම්ව­ලින් හමුව ඇති බ්‍රාහ්මී ලේඛන සම්බ­න්ධ­යෙන්ද නව මත ඉදි­රි­පත්ව තිබේ.

ඒ අතු­රින් කේ රාජන් හා සුබ්‍ර­ම­නි­යම් තමි­ල්නා­ඩුවේ කොඩු­ම­නල් ස්ථානයේ ඇති මෙග­ලි­තික සුසා­නය ආශ්‍රි­තව සිදු කළ කැණී­ම්ව­ලදී හමු වූ මැටි­බ­ඳු­න්වල සට­හන්ව තිබූ අක්‍ෂර ක්‍රිපූ 5 සිය­වස තරම් පැරණි බව ප්‍රකාශ කර තිබේ. මීට අම­ත­රව දකුණු ඉන්දි­යාවේ ආදි­ච්ච­න­ල්ලූර් සුසා­න­යෙන් හමු වූ මැටි බරණි මත සට­හන්ව තිබූ බ්‍රාහ්මී අක්‍ෂර ක්‍රිපූ 6-5 සිය­ව­ස්ව­ලට අයත් බව ටී සත්‍ය­මූ­ර්තිගේ මතය වේ.

එසේම දකුණු ඉන්දි­යාවේ පලනි නම් ස්ථානයේ සිදු කළ කැණී­ම්ව­ලින් හමු වූ බ්‍රාහ්මී ලේඛන ක්‍රිපූ 540 කාල­යට අයත් වන බව සුබ්‍ර­ම­නි­යම් ප්‍රකාශ කර තිබේ. මේ අනුව දකුණු ආසි­යානු කලා­පය තුළ ක්‍රිපූ 5 සිය­ව­සට පෙර සිට බ්‍රාහ්මී ලේඛන පැවති බව තහ­වුරු වේ.

අනු­රා­ධ­පුර ඇතු­ළු­පුර AMP 88 හා ASW 88 මැටි­බ­ඳුන් මත පන්හි­ඳ­කින් හෝ තියුණු අස්ථි තුඩ­කින් සට­හන් කළ බවට උප­ක­ල්ප­නය කරන ලද ඉහත විස්තර කළ ශ්‍රී ලංකා­වෙන් හමු වූ බ්‍රාහ්මී ලේඛන සම්බන්ධ විද්ව­තුන් අතර විවිධ මත­වාද පව­තියි. ඔවුන් බොහෝ දෙනකු පෙන්වා ඇත්තේ අදාළ මැටි­බ­ඳුන් කොටස් කාල­නි­ර්ණය නොකර ඒවා හමු වන ස්තර කාල­නි­ර්ණය කිරී­මෙන් නිග­ම­න­ව­ලට එළ­ඹීම ගැටලු සහ­ගත බවයි.

එහෙත් ශ්‍රී ලංකා­වෙන් හමුව ඇති බ්‍රාහ්මී ලේඛ­න­වල පැරණි භාවය තහ­වුරු කර­ගැ­නීම සඳහා ඉතා හොඳ පිළි­තු­රක් සප­යා­ගැ­නී­මට ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ පුරා­විද්‍යා හා උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­ය­නාං­ශ­යට මේ වන විට හැකිව තිබේ.

2017 වර්ෂයේ අග­භා­ග­යේදී ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ පුරා­විද්‍යා හා උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­ය­නාං­ශය ආණ­ම­ඩුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ගල්ග­මු­වට නුදුරු අන්ද­ර­වැව මෙග­ලි­තික සුසා­නය ආශ්‍රි­තව RUSL EX 01 2017 ස්ථාන නාමය යටතේ කැණී­මක යෙදු­ණේය. එහිදී සුසා­නය අභ්‍ය­න්ත­රයේ තැන්පත් කර තිබූ මැටි මුට්ටි­යක කැඩී­ගිය බඳ කොටස් හමු විණි. ඒ මැටි­බ­ඳුන් කැබලි තුනක තිබී බ්‍රාහ්මී අක්‍ෂර තුනක් හඳු­නා­ගැ­නිණි.

මේ බ්‍රාහ්මී අක්‍ෂර අතර ත-අක්‍ෂර දෙකක් හා ශ-අක්‍ෂ­ර­යක් වන බව හඳු­නා­ගැ­නිණි. ශ්‍රී ලංකාවේ පූර්ව-ඓති­හා­සික යුගයේ මෙග­ලි­තික සුසාන ආශ්‍රි­තව මෙතෙක් සිදු කළ කැණී­ම්ව­ලදී ඒවායේ පිය­න්ගල් මත තිබී බ්‍රාහ්මී නොවන සංකේත රාශි­යක් හමුව තිබේ.

ඒ අතු­රින් ඉබ්බ­න්ක­ටුව මෙග­ලි­තික සුසා­නය ආශ්‍රි­තව සංකේත කිහි­ප­යක් හා යාප­හුව පිංවැව ගල් සොහොන් කනත්ත තුළ 40කට වැඩි සංකේත ප්‍රමා­ණ­යක් වාර්තා විය. එයට අම­ත­රව අනු­රා­ධ­පුර ගෙඩිගේ, කන්ත­රෝ­ඩය, පොම්ප­රි­ප්පුව, ආන­යි­කො­ඩ්ඩායි හා රිදි­ය­ගම, තිස්ස­ම­හා­රා­මය යන ස්ථාන­ව­ලින්ද බ්‍රාහ්මී නොවන සංකේත හා බ්‍රාහ්මී අක්‍ෂර වාර්තා විණි.

මේ ආකා­ර­යට මෙග­ලි­තික සුසාන හා ජනා­වා­ස­ව­ලින් විවිධ සංකේත හා සම­හර විට අක්‍ෂර හමු­ව­න­මුත් සුසා­න­යක් අභ්‍ය­න්ත­රයේ තිබූ මැටි­බ­ඳු­නක් මත සට­හන් කරන ලද බ්‍රාහ්මී අක්‍ෂර මෙතෙක් ශ්‍රී ලංකා­වෙන් වාර්තා වී නැත. ඒ අනුව අන්ද­ර­වැව මෙග­ලි­තික සුසා­නය ආශ්‍රිත මේ සොයා­ගැ­නීම ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී ලේඛන සම්බන්ධ අති­ශය වැද­ගත් අනා­ව­ර­ණ­යක් ලෙස පෙන්වා­දිය හැකිය. එසේ කිව හැක්කේ ශිලා­පු­වරු 4කින් වට කොට තනන ලද ශිලා­මං­ජු­සා­වක අභ්‍ය­න්ත­රයේ තැන්පත් කරන ලද මැටි­බ­ඳුන් විශාල පිය­න්ග­ල­කින් වැසූ පසු කිසිදු අයු­ර­කින් විතැ­න්වී­මක් නොවී­මය. සන්ද­ර්භය අවුල් සහ­ගත නොවූ තැන­කින් මේ අක්‍ෂර සහිත මැටි­බ­ඳුන් ලැබීම ඉතා වැද­ගත් වේ.

අති­ශය වැද­ගත් අනෙක් කරුණ මේ අක්‍ෂර අන්ත­ර්ගත මැටි­බ­ඳුන් කැබලි හමු වන මැටි­බ­ඳුන ඇතු­ළ­තින් ගත් අස්ථි සාම්පල ඇමෙ­රි­කාවේ බීටා ඇන­ලි­ටික් ආය­ත­න­යට යවා ලත් කාල­නි­ර්ණය අනුව ඒ අස්ථි හා මැටි­බ­ඳුන් අයත් වන කාලය ක්‍රිපූ 491-366 ලෙස දින නිර්ණය වීමයි. 94.4%ක විශ්ව­ස­නීය භාව­යක් දී ඇති මේ කාල­නි­ර්ණ­ව­ලින් 1.0%ක නිර­ව­ද්‍ය­තාව මත ඒවා නිශ්චිත වශ­යෙන් ක්‍රිපූ 507-501 (බුව 2456-2449) අයත් වන බව බීටා ඇන­ලි­ටික් ආය­ත­නය ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ අක්‍ෂර ක්‍රිපූ 6 වන සිය­ව­සට අයත් බව නිසැක ලෙසම තහ­වුරු වේ.

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී ලේඛන සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­මේදී කලා­පීය ලෙස එහි පව­තින තත්ත්වය විමසා බැලී­මද වැද­ගත් වේ. ඉන්දි­යාවේ අරි­ක­මේ­ඩු­ව­ලින් හඳු­නා­ගත් බ්‍රාහ්මී අක්‍ෂර ක්‍රිපූ 900-600 අතර කාල­යට අයත් බව ප්‍රකා­ශ­යට පත්ව ඇති අතර, සම­ස්ත­යක් ලෙස දකුණු ඉන්දි­යාව හා ශ්‍රී ලංකාව තුළ ක්‍රිපූ 600-500 කාලයේ බ්‍රාහ්මී ලේඛන භාවිත වූ බව මේ අනුව හඳු­නා­ගත හැකිය. එසේම අනු­රා­ධ­පුර ඇතුළු-නුවර මැටි­බ­ඳුන් මත ලේඛ­න­ගත කර තිබූ බ්‍රාහ්මී ලේඛන සම්බ­න්ධව උග­තුන් අතර මෙතෙක් පැවති ක්‍රිපූ 6 වන සිය­ව­සට ඒවා අයත් විය නොහැ­කිය යන කල­ව­ක­වානු සම්බන්ධ තිබූ ප්‍රශ්නය නිරා­ක­ර­ණය කර­ගැ­නී­මට අන්ද­ර­වැව මෙග­ලි­තික සුසා­නය ආශ්‍ර­යෙන් හමු වූ බ්‍රාහ්මී ලේඛ­න­ව­ලින් මේ අනුව හැකි වේ.

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී අභි­ලේ­ඛන හා ඒවායේ ඉති­හා­සය සම්බන්ධ වැද­ගත් සොයා­ගැ­නී­මක් ලෙස අන්ද­ර­වැව මෙග­ලි­තික සුසා­න­යෙන් හමු වූ බ්‍රාහ්මී ලේඛන පෙන්වා­දිය හැකිය.

අන්ද­ර­වැව මෙග­ල­තික සුසා­න­යෙන් හමු­වන බ්‍රාහ්මී ලේඛන අතර ඇති ශ අක්‍ෂ­රය සම්බ­න්ධව අක්‍ෂර පරි­ණා­මය සම්බ­න්ධ­යෙන් අභි­ලේ­ඛ­ක­යන් අතර මත­යක් ඇති විය හැකිය. බොහෝ උග­තුන් පෙන්වා දී ඇත්තේ ශ-අක්‍ෂ­රය බ්‍රාහ්මී ලේඛ­න­ව­ලට එකතු වී ඇත්තේ බ්‍රාහ්මී ලේඛ­න­වල පසුව ඇති වන සංව­ර්ධන අව­ස්ථා­වක බවයි.

කෙසේ වෙතත් මේ සම්බ­න්ධව සිරාන් දැර­ණි­ය­ගල ප්‍රකාශ කරන ආකා­ර­යට අක්‍ෂ­ර­වල ආකෘ­ති­යෙන් බහු­තර විවි­ධතා හට­ගෙන ඇත්තේ කාල පරි­ණා­ම­යට වඩා ඒවායේ ලිවීමේ හා ස්ථානයේ ස්වභා­වය අනුව බවය. එකම ආකෘ­ති­යට ඇති අක්‍ෂර දෙක­කින් එකක් පූර්ව ව්‍යව­හා­ර­යට අනෙක පසු­ක­ල­ක­ටද අයත් බවට පිළි­ගැ­නෙන මතය පිළි­ගත නොහැ­කිය යන තර්ක­යක් අනුව සිතී­මේදී ශ, ෂ අකුරු එක­කින් අනෙක පෙර හෝ පසු භාවිත අක්‍ෂ­ර­යක් යන්න සැල­කිය නොහැකි බවද මේ අනුව පෙන්වා­දිය හැකිය.

එසේම පර­ණ­වි­තාන දක්වන ආකා­ර­යට ක්‍රිපූ 3 වැනි සිය­වසේ සිට ක්‍රිව 1 වන සිය­වස දක්වා වන බ්‍රාහ්මී අක්‍ෂ­ර­වල පරි­ණා­මය සම්බ­න්ධ­යෙන් විශාල වෙන­ස්ක­මක් අක්‍ෂර ඇසු­රෙන් හඳු­නා­ගත නොහැ­කි­මුත්, ක්‍රිව 1 වන සිය­වස පමණ වන විට සුළු වෙන­ස්ක­මක් ත-අක්‍ෂ­රයේ දැක­ගත හැකි වේ.

අශෝක ශිලා ලිපි­වල යෙදෙන ත-අක්‍ෂ­රය සමඟ ශ්‍රී ලංකාවේ මුල් බ්‍රාහ්මී අක්‍ෂර සංස­න්ද­නය කිරී­මේදී පෙනී යන්නේ ඉන්දීය අශෝක අක්‍ෂ­ර­වල නැමී­ගිය රේඛා­ව­කට දකුණු පැත්තෙන් සිරස් රේඛාව මධ්‍යයේ සිට පහ­ළට දිවෙන කෙටි රේඛා­ව­කින් යුක්ත බවයි. ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී එසේ නොවන අතර, ඍජු රේඛා දෙක­කින් යුක්තව ලියා ඇති බව පෙනේ.

එසේම අන්ද­ර­වැව මෙග­ලි­තික සුසා­න­යෙන් හමු වන බ්‍රාහ්මී ලේඛන ශ්‍රී ලංකාවේ ක්‍රිපූ 3 වන සිය­ව­සට අයත් අක්‍ෂ­ර­ව­ලට සමාන වන බැවින් පූර්ව-ඓති­හා­සික යුගයේ සිට ඒ අක්‍ෂර විකා­ශ­නය වී ඇති බව පෙන්වා­දිය හැක්කේ ලංකාවේ ස්ථාන ගණ­න­කින් මෙයට සමාන බ්‍රාහ්මී නොවන අක්‍ෂර ලෙස උග­තුන් හඳු­නා­ගෙන ඇති අක්‍ෂර හමු වීම නිසාය. ඉන් අද පූර්ව-ඓති­හා­සික ලෙස හඳු­න්වනු ලබන අව­ධියේ මෙරට ලේඛ­නය ඇරඹි බවට ප්‍රබල මත­යක් ඉන් ගොඩ­නැ­ඟිය හැකිය.

එසේම ඇතුළු-නුව­රින් දැර­ණි­ය­ගල වාර්තා කර තිබෙන Fig. 64 දක්වා ඇති ඵල­කයේ දක්වා ඇති ත-අක්‍ෂ­ර­යට අන්ද­ර­වැ­වින් හමු වූ ත-අක්‍ෂ­රය සමාන වන බව අප විසින් සිදු කරන ලද අක්‍ෂර සංස­න්ද­නය කිරීමේ විම­ර්ශ­න­ව­ලදී පැහැ­දිලි විය. එමෙන්ම මේ කැණී­මේදී වාර්තා වී ඇති අනෙක් අක්‍ෂ­රය වන ශ-අක්‍ෂ­රය ක්‍රිපූ 3 වන හා 1 වන සිය­වස් අතර ලෙන්ලි­පි­වල දක්නට ලැබෙන අක්‍ෂ­ර­ව­ලට බොහෝ සමාන වන බැවින් පූර්ව-ඓති­හා­සික යුගය තුළ එය ලංකාවේ භාවිත වන්නට ඇති බව පෙන්වා­දිය හැකි වේ. අන්ද­ර­වැව මෙග­ලි­තික සුසා­නය අශ්‍රි­තව වාර්තා වන මේ අක්‍ෂර දෙකම එකම සන්ද­ර්භ­ය­කින් වාර්තා වන බැවින් දින නිර්ණය සම්බ­න්ධ­යෙන් ගැට­ලු­වක් පැන­නැ‍ඟෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී අක්‍ෂ­ර­ව­ලින් ලිපි ලිවීම හා ඒවා මෙරට ස්ථාපිත කර­වීම පිළි­බඳ ප්‍රච­ලි­තව තිබෙන මතය වන්නේ එම අක්‍ෂර මෙර­ටට හඳුන්වා දෙනු ලැබූවේ බෞද්ධ ධර්ම­දූ­ත­යන් විසින් බවය.

ඒත් මේ අද­හස පිළි­බඳ විම­ර්ශ­න­යක යෙදෙන සෙන­රත් පර­ණ­වි­තාන පෙන්වා දෙන්නේ බෞද්ධ ධර්ම­දූ­ත­යන් මෙර­ටට පැම­ණී­මට පෙර භාණ්ඩ හුව­මරු කට­යු­තු­ව­ලදී බ්‍රාහ්මී අක්‍ෂර භාවිත වන්නට ඇති බව අනු­මාන කළ හැකි බවයි. කෙසේ වෙතත් මේ වන විට ලැබී ඇති දින­නිර්ණ සහිත සාධ­ක­ව­ලින් පැහැ­දිලි වන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී ලේඛන පූර්ව-ඓති­හා­සික යුගයේ මෙරට ජීවත් වූ වැසි­යන් විසින් ආරම්භ කරන ලද ස්වාධීන ලේඛන ක්‍රම­යක් පැවති බවත්, මහි­න්දා­ග­ම­න­යෙන් අන­තු­රුව එම ලේඛන භික්‍ෂූන්ට ලෙන් ප්‍රදා­නය කිරීම සමඟ මෙරට ප්‍රච­ලිත වී ඇති බවත්ය.

සිරාන් දැර­ණි­ය­ගල 1988දී අනු­රා­ධ­පුර ඇතුළු-නුවර සිදු කළ AMP 88 කැණී­මෙන් හා කනිං­හැම් සිදු කළ ASW 88 කැණී­මෙන් සොයා­ගෙන ප්‍රකා­ශ­යට පත් කර ඇති ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී ලේඛන ක්‍රිපූ 500-600 කාල­යට අයත් බවට දැර­ණි­ය­ගල විසින් ප්‍රකා­ශ­යට පත් කර ඇති මතය අන්ද­ර­වැව මෙග­ලි­තික සුසාන ආශ්‍රිත කැණී­මෙන් හමු වූ මැටි­බ­ඳුන් මත පිලි­ස්සී­මෙන් පසු සට­හන් කර ඇති බ්‍රහ්මී අක්‍ෂ­ර­ව­ලින් තහ­වුරු වේ.

මේ අද­හස තව­දු­ර­ටත් ඉදිරි පර්යේ­ෂ­ණ­ව­ලින් තහ­වුරු වන්නේ නම්, බ්‍රාහ්මී අක්‍ෂ­ර­වල උපත ශ්‍රී ලංකාව තුළ සිදු වූ බව සනාථ කළ හැකි බවද වැඩි­දු­ර­ටත් පෙන්වා­දිය හැකිය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »