ඌව හැඩ කරනා බුද්ධදාස රජ්ජුරුවන්ගේ ඹෟෂධ උයන

2019-01-03 10:17:00       566
feature-top
නිල්ගල කියන්නේ ඌවෙි සුන්දරම ප්‍රදේශය කියලයි මම හිතන්නේ. බුද්ධදාස රජ්ජුරුවන්ගේ ඹෟෂධ උයනද ලෙස මෙය ප්‍රකටයි. සවානා වනානතර ලෙස හදුන්වන මෙම වනාන්තර දර්ශය ඌව කලාපයට පමනක් ආවෙිනිකයි.
අරලු (Terminalia Chebula) බුලු (Terminalia Belerica ) නෙල්ලි (Phyllanthus Emblica) වැනි ශාක සුලභව මෙහි දකින්න පුලුවන්. ගමිමලු වැනි ශාඛත් තැනින් තැන තියෙනවා. තෘණ ශාක වලින් වැසි පවතින මෙම වනාන්තරය තුල ඇත්අඩි, විශ්ණුක්‍රාන්ති, හීන් පැගිරි, මහ පිණිබරු තණ ,ඇත්තුත්තිරි වැනි ශාකද සුලභයි.
මෙම නිල්ගල තලාව තුල ඌවට පමණක් ආවෙිණික සත්ව විශේෂ ගනනාවක් ජිවත් වෙනවා. Laceertidae කුලයට අයත් Ophisops leschenaultii lankae හා Ophisops minor minar යන පඳුරු කටුස්සන්ගේ උප විශේෂ දෙක මෙහිදි සොයාගෙන තියෙනවා, මෙි උප විශේෂ දෙකම ලංකාවට ආවෙිනිකයි. ඒ වගේම උභයජිවි විශේෂයක් වන Nannophrys naeyakei යන ගල්පර මැඩි විශේෂයද 2007 වසරේදි මෙි පතන් භුමියෙන් වාර්ථා වි තියෙනවා.
මෙි වනාන්තරයේ පමනක් දැකිය හැකි පඳුරු වටුවා (jungal Bush Quail -Perdicula asiatica ceylonensis) පතන් කුකුලා ( Painted Partridge-Francolinus pictus watsoni) හා කහ පා බට ගොයා (Treron phoenicopterus phillipsi) යන ලංකාවට ආවෙිනික උප විශේෂ 03 IUCN රතු දත්ත පොතට ඇතුලත් වදවිමෙි තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ ලෙස හදුනගෙන තියෙනවා.


නිල්ගල ආශ්‍රිත ඌව පතන්බිමිවල ජිවත්වෙන Calodactylodes illingworthorum නමි මෙරටට ආවෙිනික සෙවන ප්‍රිය හුනන් විශේෂයකුත් තවත් Calodactylodes ගණය යටතේ තවත් විශේෂ 02 ගෙත් අනාගතය පිළිබද ප්‍රශ්න මතුවි ඇති බවයි පැවසෙන්නේ.
ලංකාවට ආවෙිණික ඌව පතන්බිම ආශ්‍රිතව ජිවත්වෙන ඉතා සීමිත ව්‍යාප්තියක් සහිත සත්ව විශේෂයක් තමයි Hemidactylus hunae නමි හුනන් විශේෂය ඒ වගේම dasia helianus නමි ලංකාවට ආවෙිනික විශාල වෘක්ෂ මත ජිවත්වෙන හිකනලුන් විශේෂයත් මෙි නිල්ගල පතන්බිමෙන් වාර්ථා වෙනවා.


නිල්ගලින් පමනක් හමුවෙන කුඩුමිබෙිරිය ශාක මත යැපෙන දලඹු අවස්ථාවක් හිමි Barronet (Euthalia nais) නමි සමනල විශේෂය මෙි පතන් බිමෙි සුවිශේෂිත්වය කියාපාන්නක්.මෙි සමනලයා නිල්ගල සමනලයා ලෙසද හදුන්වනවා.
ගලඹයේ පෝෂක වනාන්තරයද වන මෙම නිල්ගල වනය වර්තමානයේ ගැටලු රැසකට මුහුණ පා තියෙනවා.ගිණි තැබිමි,හේන් කැපිම,වන හෙලිම,හා සංවර්ධන සදහා වු මානව ත්‍රියාකාරකමි මෙි ප්‍රශ්න වලින් කොටසක්
කොහොම නමුත් ඌවෙි අභිමානය කියාපාන මෙි සුන්දර වන පෙත අනාගතයට ආරක්ෂාකරදිම ඌවෙි අපි කාගේත් වගකිමකි.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »