සමන් දෙවි­යන් කියන්නේ පනිත රජුගේ භාණ්ඩා­ගා­රි­කට
බුදු­ර­දුන් සරණ ගිය පළමු ලාංකි­කයා “මහාසුමන”

2019-01-05 12:03:00       0
feature-top
විටෙක නිල් කැට ද, තවත් විටෙක රතු කැට ද මතු වන සබ­ර­ගමු බිම උස්-නූස් කඳු යායෙන් ද, ගලා හැලෙන නිල් දිය කඳු­රෙන් ද අලං­කෘත වාස­නා­වන්ත බිමෙකි. මේ බිම සිසාරා විසිර පව­තින සංස්කෘ­තික වටි­නා­කම් ද බොහෝය. උපන් මහ පොළොවේ සැඟව තමන්ට උරු­මව පව­තින මිණි කැට සොය­න්නට වෙහෙ­සෙන්නා වූ එහි වෙසෙන බහු­ත­ර­යක් මිනි­සුන්ද තමන් උපන් බිම කෙරෙහි බොහෝ ආඩ­ම්බ­රය. මෙබිම බොහෝ තැන්ව­ලට දිස්වෙන කේතු ආකාර ගිරි ශිඛ­ර­යක් පව­තින අතර නොදන්නා අතී­ත­යක සිට එහි වෙසෙන මිනි­සුන් එකි­නෙකා හා සහ සම්බ­න්ධව, එකි­නෙ­කාට නොදෙ­වැ­නිව මේ ගිරි ශිඛ­ර­යත්, ඒ හා බැඳුණු අතී­ත­ය­ටත් පෙම් බඳි­මින් ඒ වටා එක්රොක් වන්නේ මී වද­ය­කට රොද බඳින මීමැ­ස්සන් සේ එක­මු­තු­ක­මිනි.

වසරේ මාස දොළ­හෙන් මාස පහක් පම­ණක් ජනී ජන­යාගේ වන්ද­නා­වට පාත්‍ර වන සම­නොළ ශ්‍රීපාද රක්ෂි­තයේ පිහිටි සිරිපා කඳු මුදුන විද්‍යා­ත්මක ගණ­නය කිරීම් අනුව නම් මෙරට උසම කන්ද නොවේ. එහෙත් ලක්දිව අග­මික හා සංස්කෘ­තික වටි­නා­කම් ද, ඓති­හා­සික වැද­ගත් සිදු­වී­ම්වල ශේෂ­යන් ද සඟ­වා­ගත් මේ කඳු ශිඛ­රය පිදු­රු­ත­ලා­ගල ද පරදා දෙස් විදෙස් ගවේ­ශ­ක­යන්ගේ නිබඳ අව­ධා­න­යට පාත්‍ර­වන මහා ගිරි­කු­ළකි.

මහ­වැලි කැලණි කළු වළවේ යන ගංඟා - සම­නොළ කන්ද මුදුනේසිට පැන නැංඟා
කඳුහෙල්තැනි­තලා ගල්අත­රින්රිංගා - මේවා ගලයි මිණිකැට දියයට හංඟා

කොළඹ යුගයේ කවි­යෙකු වූ පී.බී. අල්විස් පෙරේරා විසින් 1947 දී රචිත “මගේ රට” කවි පන්තියේ එන එම කවිය මා අසා ඇත්තේ නින්දට යන්නට උත්ප්‍රේ­ර­ක­යක් ලෙස මගේ මව විසින් තාල­යට ගායනා කළ අත­ර­වා­ර­ය­ක­දීය. ඒ මගේ ජීවි­තයේ දී සිරිපා අඩ­විය ගැන ඇසූ මුල්ම අව­ස්ථා­වයි.

එතැන් පටන් විවිධ අව­ස්ථා­වල “සම­නොළ කන්දත්” ඒ සමඟ බැඳුණු ඓති­හා­සික, සාමා­ජීය, සංස්කෘ­තික, ආග­මික, පාරි­ස­රික වටි­නා­කම් ගැන මගේ ජීවි­තය තුළ අැසූ දුටු දේත්, පසුව කියවා අව­බෝධ කර­ගත් දේත්, කුතු­හ­ලය නිසාම සිරිපා බිම ගැන දැන­මු­ත්ත­න්ගෙන් ඇසු දේත්, උක­හා­ගෙන ලබා­ගත් දැනු­මත්- ඌණ­පූ­ර­ණ­යන් ලෙස තව තවත් සොයා බලා ඉදි­රි­යේදී එකතු පහදු කරන දේත් රැස් කොට සම­නොළ සිරිපා වරුණ ගැන ගවේ­ෂ­ණා­ත්මක ලිපි පෙළක් ඉදි­රියේ දී සිළු­මිණසිත්ම­ල්යාය පිටු අතර පළ කිරී­මට නිය­මි­තය.

මේ ලිය­වෙන්නේ එහි පූර්විකා සට­හ­නයි.

මහා­වං­ශය මූලික කර­ගත් පර­ණ­වි­තාන - කොඩ්රි­න්ටන් ඉති­හා­සය විශ්වාස කරන අප, දඹ­දිව් පුරයේ බුදු­ර­දුන් වැඩ­සි­ටියේ ක්‍රි.පූ. 623-542 සමයේ බවට පිළි­ග­න්නෙමු. ඓති­හා­සික සිද්ධීන්ට දින වක­වානු සැල­සුම් කිරීම වර්ත­මා­නයේ ජීව­ත්වන අප විසින් සිදු කිරීම මඟින් කිසි­යම් ගැට­ලු­කාරී තත්ව­යක් මතු කරන අතර එනි­සාම මේ කාල­ව­ක­වානු ගැන විද්ව­තුන් අතර විවිධ මත සහ ගැටීම් හඳු­නා­ගත හැකිය. එස­ම­යෙහි භාවිතා කළ මාගධී භාෂාවේ දී සංවා­ද­යන් හැර, ලිඛිත ලේඛ­ව­යන් භාවිතා නොකළ නිසාත් ඓති­හා­සික සිද්ධි පිළි­බඳ ප්‍රවාද සහ ජන­කතා පම­ණක් පර­පු­රෙන් පර­පු­රට ඉති­රිව විකා­ශ­නය වී ඇති නිසාත් මේ කාල­ව­ක­වානු අනු­මා­න­යන් පම­ණක් බව විශ්වාස කළ යුතුය.

බුදුන් දවස ලංකාවේ සිවු ගෝත්‍ර­ය­නට අයත් වැසි­යන් වෙන වෙනම වූ උප රාජ්‍ය­වල වාසය කොට ඇත. රක්කු­ස­යන් ලෙස හැඳින්වූ ගොවි­තැන මූලික කොට­ගත් කර්මාන්ත කළ පිරි­සත්, යක්ෂ­යන් ලෙස හැඳින්වූ යකඩ සහ ලෝහ ආශ්‍රිත කර්මාන්ත වල නියැ­ළුණු පිරි­සත්, නාග­යන් ලෙස හැඳින්වූ නාවික සහ ප්‍රවා­හන කට­යු­තු­වල යෙදුණු පිරි­සත් දේව නමින් හැඳි­න්වුණු ප්‍රාදේ­ශීය සහ රාෂ්ඨ පාල­ක­යොත් ඒ අතර වූහ.

දේව නමින් සුවි­ශේෂ ගෝත්‍ර­යක් නොවූ බවත්, රාක්ෂ, නාග, යක්ෂ ගෝත්‍රි­ක­යන්ගේ දක්ෂ­යන් ලෙස සම්භා­ව­නා­වට පාත්‍ර වූවන් පාල­ක­යන් ලෙස තෝරා­ගත් බවත්, එම ගෝත්‍ර සිය­ල්ලේම පාල­ක­යන්ගේ එක­මු­තුව දේව නමින් හැඳින්වූ බවත් විවිධ ලේඛන පරි­ශී­ල­නයේ දී පෙනී යන කරු­ණකි.

කළු ගඟෙන් ද, මහ­වැලි නදි­යෙන් ද සීමා වී තිබූ ලක්දිව දක්ඛිණ දේශය බුදුන් දවස පාල­නය කර ඇත්තේ පණිත නම් රජ කෙනෙකු බව ඉති­හාස ප්‍රවා­ද­වල සඳ­හන්ය. ඒ පණිත රජු යක්ෂ ගෝත්‍රි­ක­යන්ගේ පාල­කයා ලෙස කට­යුතු කර ඇත. ඔහුගේ භාණ්ඩා­ගා­රික ධූරය හොබවා ඇත්තේ දක්ඛිණ දේශයේ සබ­ර­ග­මුවේ- උප රජු ලෙස කට­යුතු කළ “මහා සුමන” නම් අයෙකි. ඔහුගේ ඥාතීන් වාසය කර ඇත්තේ මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ යැයි විශ්වාස කෙරේ.

“මහා සුමන” පණිත රජුගේ ද ආසන්න ඥාති­යෙකු හෝ හිත­ව­තෙකු ලෙස සැල­කිය හැක්කේ පණිත රජුගේ ඇවෑ­මෙන් එහි රජ­වන්නේ “මහා සුමන”ගේ මුනු­පුරු වූ දම­රක බවට වන ප්‍රවා­ද­යක් සමා­ජයේ පව­තින නිසාය. මේ මතය තහ­වුරු කරන සෙල්ලි­පි­යක් පානම බෝව­ත්තා­හෙල ගල්ගේ අස­ලින් හමු වී තිබේ.

කෙසේ හෝ බුද්ධ­ත්ව­යෙන් නව වන මස දුරුතු පොහෝ දා බුදුන් වහන්සේ සිය පළමු ලංකා ගමන ලෙස වත්මන් මහි­යං­ග­ණය මහ­වැලි ගඟ අස­බඩ ස්ථාන­ය­කට වැඩ වදා­ළහ. පළමු සිය­වසේ ලියැ­වුණු දිව්‍ය­දා­නය නම් මහා­යාන සංස්කෘත ග්‍රන්ථයේ දැක්වෙන්නේ මෙරට අග්නි­දිග ඉසව්වේ පිහිටි සක්ක­ර­සොබ්බ නම් වරා­ය­කට මුහුදු යාත්‍රා­ව­කින් බුදු­ර­දුන් වැඩම කොට ඇති බවය. එහෙත් එතැන් සිට මහි­යං­ග­ණ­යට බුදුන් වැඩම කළ ආකා­රය ගැන කිසිදු සඳ­හ­නක් සප­යා­ගත නොහැ­කිය. එකල මහි­යං­ග­ණය ප්‍රදේ­ශය හඳුන්වා ඇත්තේ “මහ-මේඝ-වනය” ලෙසිනි. මෙහි විසූ යක්ෂ ගෝත්‍රි­ක­යන් විසින් ආග­න්තුක බුදු රජා­ණන් වහන්සේ සමඟ මත­වාදී ගැටු­ම­කට හෝ සමාන අභි­යෝ­ගා­ත්මක හැසි­රී­ම­කට එළැ­ඹෙ­න්නට ඇතැයි සිතිය හැකිය.

කෙසේ හෝ අව­සා­නයේ යක්ෂ ගෝත්‍රි­ක­යන් දම­නය කර තම­නට අව­නත කර­ගැ­නී­මට බුදු­ර­දුන්ට හැකි වන අතර ඔවුන්ගේ ගෝත්‍රයේ නාය­ක­යෙකු වූ සම­නොළ කඳු මුදුනේ සිට පැමිණි “මහා සුමන”ද සෝවාන් ඵල­යට පත් විය. අද දවසේ සුමන සමන් දෙවි­යන් ලෙස පුද පෙත් ලබන්නේ එදින සෝවාන් වූ “මහා සුමන” බවට විශ්වාස කෙරේ.

සෝවාන් වූ “මහා සුමන”තම අත­වැසි ජන­තා­වට බුදු රදුන් සිහි වීම පිණි­සත් වන්ද­නා­මාන කිරීම පිණි­සත් කිසි­යම් මතක සට­හ­නක් ලබා­දෙන මෙන් බුදු­ර­දු­න්ගෙන් ඉල්ලූ විට, සිය හිස පිරි­මැද ලබා­ගත් කේෂ ධාතු මිටක් සමන් දෙවි­යන්ට පිරි­නැමූ බව ජන­ප්‍ර­වා­දයේ සඳ­හන්ය. ඉන් පසු එම කේෂ ධාතු රන් කර­ඬු­වක බහා තැන්පත් කර සත්රි­යන් උසට මැණික් දාගැ­බක් කොට පුද පූජා පව­ත්ව­න්නට “මහා සුමන” විසින් කට­යුතු කළ බව ද, අද එම චෛත්‍යය මහි­යං­ගණ මහ සෑය බව ද විශ්වාස කෙරේ. මහි­යං­ගණ සෑය ලක්දිව පළමු චෛත්‍යය බවට පත් වන්නේ එනි­සාය.

පසුව ප්‍රාති­හා­ර්ය­යෙන් යක්ෂ­යන් දම­නය කරන බුදුන් වහන්සේ මහි­යං­ග­ණයේ සිට විහි­දෙන “ගෝතම ඇළ” නම් ඇළක් දිගේ නාග­භ­ව­නය නම් ස්ථාන­ය­කට ජල යාත්‍රා­ව­කින් වැඩම කොට පණිත රජු මුණ ගැසුණු බැවි විශ්වාස කෙරේ. ඒ ගැන ද ”දිව්‍ය­දා­නය” ග්‍රන්ථයේ සඳ­හන්ව ඇතැයි ආචාර්ය සූරිය ගුණ­සේ­ක­ර­යන් සිය ලිපි වල දක්වා ඇත. මෙම සිදු වීමට අදාළ සිතු­ව­මක් පොලො­න්න­රුව තිවංක පිළිම ගෙයි ඇත. එහි පිට­ප­තක් කොළඹ කෞතු­කා­ගා­රයේ ද සංර­ක්ෂ­ණය කොට ඇත. හිස වටා රැස්‌ව­ළ­ල්ල­ඇති මුඩු­හිස හා සිවුර ඇති අයෙකු අතින් භූමි ස්පර්ශ මුද්‍රාව දක්‌ව­මින් ඉදි­රියේ සිටින අයට දහම් දෙස­මින් ජල යාත්‍රා­වක ගමන් කරනු එම චිත්‍රයේ දැකිය හැකිය.

බුද්ධ­ත්ව­යෙන් පස් වැනි වසරේ දී සිදු වන බුදු­ර­දුන්ගේ දෙවැනි ලංකා­ග­මනේ දී ද “මහා සුමන” හෙවත් සමන් දෙවි­යන් ලාංකීය ප්‍රභූන් නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වී තිබේ. චූලෝ­දර - මහෝ­දර නා රජුන් අතර සිදු වන සටන දකි­මින් සෘද්ධි­යෙන් වැඩ­සි­ටින බුදු­ර­දුන්ට, උදු­රා­ගත් කිරි­පලු ගසක් ඡත්‍ර­යක් සේ ඉහලා සෙවණ සලසා ඇත්තේ ද සමන් දෙවි­යන් බව දීප­වං­ශයේ සඳ­හන්ව ඇත. ප්‍රාදේ­ශීය නාග රාජ්‍ය­යක් වූ කැළ­ණි­යට බුද්ධ­ත්ව­යෙන් අට­වෙනි වසරේ වැඩම කර­වන බුදු­ර­දුන් හමු­ව­ටද, ”මහා සුමන” පැමිණ තිබේ.

එහිදී “සමන්ත කූඨ­යෙහි” පිහිටි සිය වාස­භ­ව­න­යට පැමිණ සිරිපා සට­හන තබන මෙන් “මහා සුමන” විසින් බුදු­ර­ජා­ණන් වහ­න්සේ­ගෙන් ඉල්ලා සිට ඇත. එය පිළි­ගත් බුදු රජා­ණන් වහන්සේ, මහා සුමන සමඟ දඬු­මො­න­ර­ය­කින් ශ්‍රිපා­ද­ස්ථා­න­යට වැඩම කොට සිය පාද­ස්ප­ර්ශ­යෙන් පූජ­නී­ය­ත්ව­යට පත් කොට තිබේ. එලෙස මහා සුමන සමඟ බුදු­ර­දුන් සිරිපා මුදු­නට පැමිණි දඬු­මො­න­රය අද ද බොල්තුඹේ සමන් දේවා­ල­යෙහි තැන්පත්ව ඇති බව විශ්වාස කෙරේ.

මහා සුමන” මර­ණින් පසු ලක්වා­සීන් විසින් දේව­ත්ව­යට නංවා අද සුමන සමන් දෙවි­යන් ලෙස පුද ලබන අතර, ප්‍රාදේ­ශීය ගෝත්‍ර­ව­ලින් උත්ක­ර්ෂ­යට පැමිණ දේව අධ්‍යා­ප­නය ලැබූ අව­සන් ලාංකීය දේව සෘෂි­ව­රයා සුමන සමන්ය. දෙවි­යන් සහ සෘෂි­ව­රු­ව­රුන් බිහි වීම සුමන ගෙන් අව­සන් වූයේ ඔවුන්ගේ ලෞකික වි‌ද්‍යාවන් අධ්‍යා­ප­නය වෙනු­වට බුදු­ද­හමේ ලෝකෝ­ත්තර සුවය වඩා වැද­ගත් යැයි සිතූ නිසා බව සූරිය ගුණ­සේ­ක­ර­යන් සිය ලේඛ­න­වල දී විශ්වා­ස­යෙන් සට­හන් තබා තිබේ.

“මහා සුමන” ප්‍රමුඛ යක්ෂ ගෝත්‍රි­ක­යන්ට සම­නොළ ගිරට ඇති අයි­තිය මොන­වට පැහැ­දිලි කර­මින් අදත් ශ්‍රීපාද වාරය අර­ඹ­මින් පෙර දින ගල්පො­ත්තා­වල කීර්ති ශ්‍රී රාජ­සිංහ විහා­ර­යේදී සිදු කෙරෙන පුද පූජා ආරම්භ වන්නේ ආදි­වාසී නාය­ක­යාගේ මූලි­ක­ත්ව­යෙනි.

මේ අනුව බලන කල සිරි­පා­දය යනු හුද­කලා පුද­බි­මක් නොවේ. දක්ඛිණ දේශයේ බොහෝ ප්‍රදේ­ශ­වල පිහිටි සංස්කෘ­තික හා ආග­මික ස්ථාන ශ්‍රීපා­ද­යත්,එහි පුද­පූජා සංස්කෘ­ති­යත් සමඟ බැඳී තිබේ. මහි­යං­ගණ සෑ රදුන්, රත්න­පුර මහා සම­න්දේ­වා­ලය, බොල්තුඹේ සමන් දේවා­ලය, මහි­යං­ගණ සම­න්දේ­වා­ලය, අල­ව­තු­ගොඩ සමන් දේවා­ලය ද ඒවාගේ පුද­පෙත් විධි ද ඒ අත­රින් ප්‍රධා­නය. ගල්පො­ත්තා­වෙල රජ­මහා විහා­රය, පැල්ම­ඩුලු රජ­මහා විහා­රය, පලා­බ­ද්දල පිරි­වෙන ශ්‍රීපා­දය වටා පිහිටි තවත් පූජ­නීය ස්ථාන ගණ­නා­වක් ද මේ පුද සිරිත් සමඟ බැඳී පවතී. එසේම ශ්‍රීපා­දය හැර බුදු හිමි­යන්ගේ පාද­ස්ප­ර්ශය සිදු වූයේ යැයි සැල­කෙන වෙනත් ස්ථාන හත­රක් ගැන ද බොදු ඉති­හා­සයේ දැක්වේ. එනම් නර්මදා නදී තෙර, සච්ච බද්ධ පර්ව­තය,යෝනක පුරය සහ අනු­රා­ධ­පු­ර­යයි. ශ්‍රීපා­දය ගැන විම­සන්නේ නම් ඒ හා බැඳුණු මේ පුද­බිම් ගැන තතු සොයා යන්න­ටද සිදු වනු ඇත.

මෙව­රත් ශ්‍රීපාද වන්දනා වාරය පසු­ගිය උඳු­වප් පුන් පොහෝ දින­යෙන් ඇර­ඹුණු අතර එය ඉදිරි පස් මාසය පුරා­වට පව­තිනු ඇත. ඉන් පසුව එළැ­ඹෙන වෙසක් පුර පස­ළො­ස්වක පොහො­යෙන් සිරිපා වාරය නිමා වේ. එම කාලය පුරා­වට සබ­ර­ග­මු­වේත්, සමන් දෙවි ඔද තෙද පැති­රෙන දක්ඛිණ දේශයේ ගම් නියම් ගම්ව­ලත් සැරි­ස­ර­මින් සිරිපා බිමත්, සමන් දෙවි අනු­හ­සත් ගැන බොහෝ තොර­තුරු සොයා යන්නට අප බලා­පො­රොත්තු වන්නෙමු.

අතී­තයේ සිරිපා වන්ද­නාවේ ගිය බැති­ම­තුන් පුරාණ හිම­ගත වර්ණ­නා­වේදී

සාසනබාරවූවිෂ්ණුදෙවි­යනේ - මේහිමබාරවූසමන්දෙවි­යනේ

දොසක්‌ තිබුණමුත්දුරලාහරිනේ - වඳින්ටයන්නටඅව­සරලැබෙනේ

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »