0 Views  

 රෑනගල රජමහාවිහාරය
කුරුණෑගල පොතුහැර මංසන්දියෙන් හැරී වදාකඩට පැමිණ, ඉතාමත්  දැකුම්කළු, දර්ශනීය , සුන්දර වූ ගම්මාන පසු කරමින් කිලෝමීටර් 2 ක් පමණ ඉදිරියට ගමන් ගත් විට මෙම පුජා භුමිය නෙතට ගැටෙනු ඇත. මෙහි සුන්දරත්වය වචනයෙන් කියා නිම කල නොහැක.
වැදගත් සාධක
කෝට්ටේ සිවු වන පැරකුම්බා රජු සමයේ යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගමන් ගත් මාර්ගය මෙය බව වංශකතාවල සදහන්වේ. අලුතින් ඉදි කරන ලද බුදු පිළිම වහන්සේ නමක් වුවද ,මෙම විහාරස්ථානය තුල ඉතාමත් පැරණි පිළිම වහන්සේලා ද ,ඉපැරණි නිර්මාණයන් බොහොමයක්ද දක්නට ලැබේ.

ඉරියව්ව :-හිටි පිළිම
මුද්‍රාව :-අභය මුද්‍රාව
අමුද්‍රව්‍ය :- සිමෙන්ති, වැලි,කම්බි කුරු,ගඩොල්



වෙනත් කරුණු
විහාර භුමියේ බෝධීන් වහන්සේගේ සිට ගල් තලාව මතින් දිවයන සුදු පැහැයෙන් යුත් අගල් දෙක තුනක උසකින් යුත් රෑනක ආකාරයෙන් චෛත්‍යය දිශාවට දිව යන කළු ගලෙහි නිර්මිත ස්භාවික ලක්ෂණය නිසා රෑනගල නම හිමිව ඇත.



සමාන වෙනත් පිළිම
අවුකන පිළිමය



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks
o