0 Views  

යළි පිබිදෙන පොතුවිල් මුහුදු මහා විහාරය
නැගෙනහිර පළාතේ දිගාමඩු`ඵ දනව්වේ වසර සියදහස් ගණනක තොරතුරු තවමත් තුරු වදු`ඵ අතරේ සහ වැලි තලාවන් යට සැගව ගොස් තිබේ.  එවන් අතීත උරුමයන් අද විවිධ තර්ජන මැද දිනෙන් දින විනාශ වෙමින් ඇත. දිනපතාම මෙසේ පුරා වස්තු විනාශව ගියද පුරා වස්තු රකින්නට සිටින පුරා විද්‍යාව මේවා නිසි පරිදි රකින්නට  නිසි පියවරක් නොගැනීම නිසා මේ වන විට දැඩි ගැටලූකාරි තත්ත්වයක් ඇතිව තිබේ. සුන්දර ආරුගම්බ මුහුදු තීිරයට යාබදව ඇති පොතුවිල් මුහුදු මහා විහාරය එවන් දැකුම්කලූ ඉතා වටිනා ඓතිහාසික පුදබිමකි. අතීතයේ මුහුද ගොඩගැලූ කල  කැලණිතිස්ස රජුගේ දියණිය වන විහාරමහා දේවිය රට වැසියන් වෙනුවෙන් මුහුදේ පාකර යැවූ විට මෙම පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයෙන් ගොඩබට බව ජනප‍්‍රවාදයේ ස`දහන්ව ඇත. නමුත් කිරින්දට ගොඩබෑ බවට තවත් මතයක් තිබේ.

එම පුවත සැලව කාවන්තිස්ස රජු එම ස්ථානයට පැමිණි බවත් පසුව විහාර මහා දේවිය විවාහ කරගත් බවත්  ජනප‍්‍රවාදවලින් පැවසේ. එවන් වටිනා කමකින් යුත් ඉපැරණි පුරා වස්තු රැුසකින් සමන්විත වූ මෙම පොතුවිල් මුහුදු මහා විහාරයට මේ වන විට ගැටලූ රැුසකට  මුහුණ පාන්නට සිදුව  තිබේ.

අතීතයේ අක්කර 264ක් තිබුණු මුහුදු මහා විහාරය භූමිය 1965 ගැසට් නිවේදනයට පින් සිදුවන්නට  අක්කර 30ක්  දක්වා අඩු වන ලදී. එදා අක්කර 30ක් හිමිව තිබූ මෙම පුද බිමේ අදට ඉතිරිව ඇත්තේ අක්කර 03ක භූමි භාගයකි. ඒ භූමි භාගයත් මේ වන විට අන්තවාදීන් ක‍්‍රමයෙන් අල්ලාගනිමින් සිටී.

මෙම ස්ථානයේ බෝධි වෘක්ෂය හත් වතාවක් රෝපණය කර ඇත. එයට හේතුව වී ඇත්තේ හය වතාවක් මෙම බෝධි වෘක්ෂය විනාශ කර දැමීමයි. මීට වසර කිහිපයකට පෙර මෙම පුදබිමේ කිසිදු  කාර්යක් කිරීමට නොහැකි වනසේ දැඩි තර්ජනයක් එල්ලවුණි. අඩුම තරමින් බෞද්ධ කොඩියක්වත් එල්ලීමට නොහැකිවූ අතර තහඩුවක අ`දින ලද බෞද්ධ කොඩියක් ඇණ විශාල ප‍්‍රමාණයකින් ගසා  බිත්තියකට සවිකර ගැනීමට එකල වැඩ විසු භික්ෂූන් වහන්සේලාට සිදුවූයේ ඒ ආකාරයෙන් දැඩි තර්ජනයක් මෙම පුදබිම වෙත එල්ලවුණ නිසාවෙනි.

මෙම පුදබිම වසර 14ක කාලයක් තිස්සේ රැුකගන්නට  කතරගම සීලරතන හිමියෝ මහත් වෙහෙසක් ගත්හ. ඇතැම් අවස්ථාවක අන්තවාදී පිරිස් පැමිණ සීලරතන හිමියන්ට පොලූ  මුගුරුවලින් නොසෑහෙන්නට  පහරදුන් අවස්ථාද තිබුණි. සීලරතන හිමියන් අපවත්වූ පසු 2010 වසරේ සිට මෙම විහරස්ථානයේ වැඩ වසන්නේ වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. තවත් හිමිවරු දෙනමකගේ සහයෙන් මෙම පුදබිම දිනෙන් දින දියුණු කරන්නට ඉන්දසිරි හිමියෝ මහත් වෙහෙසක් දරති.

ඒ අනුව මේ වන විට අන්තවාදින්්ගේ දැඩි තර්ජනයක් එල්ලව ඇති මෙම පුදබිම අද මනස්කාන්ත පුදබිමක් බවට පත්ව ඇත්තේ ඉන්දසිරි හිමියන්ගේ දැඩි කැපවීමක ප‍්‍රතිඵලයක් නිසාය. නව බුද්ධ මන්දිරය සහ පිළිම වහන්සේලා ඉදිවෙමින් රණවිරුවන්ගේ දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලින්්ගේ සහයෙන් ඉදිවුණ දාගැබ මේ වනවිට මුහුදු මහා විහාරස්ථානයට මහත් අභිමානයක් ගෙන දෙයි. නමුත්  අදටත් මෙම විහරස්ථානය වෙත එල්ලව ඇති තර්ජන නම් කිසිම අඩුවක් දක්නට නැත. අහස උසට අපේකම සමගින් ඉහළට ඔසවා යන මෙම දාගැබ අසල මේ වන විට විහරස්ථානය සතු භූමිය විවිධ පුද්ගලයින් වැටවල් ගසමින් අත්පත් කරගනමින් සිටින්නේ නිීතිය තඹයකට හෝ මායිම් නොකරමිනි. එසේ අල්ලා ගත් භූමිය වැලි ඉවත්කර දැන් ඩෝසර් යොදා සංවර්ධනය කරමින් සිටිති. දාගැබට නුදුරින්් මේ ආකාරයෙන් වැලි ඉවත් කිරීම නිසා මෙම දාගැබට මහත් හානියක් සිදුවීමට ඉඩ ඇත.

මෙවන් තත්වයක් යටතේ ගැටලූ රැුසක් මැද මෙම පුදබිම රැුකගන්නට අපේ හිමිවරුන්ට ඔබගේ සහය අත්‍යවශ්‍යව ඇත.  පොතුවිල් ප‍්‍රදේශයේ සංචාරයට පැමිණෙන අය බලවත් ගැටලූවකට මුහණපා ඇත. ඒ විශ‍්‍රාම ශාලා නිසි පරිදි නොමැති වීමයි.  මුහුදු මහා විහාරයේ තිබෙන කුඩා විශ‍්‍රාම ශාලාව ප‍්‍රමාණවත් නොවන නිසා දෙමහල් විශ‍්‍රාම ශාලාවක් ඉදිකරන්නට  කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කරන ලද  ජී.එල්. ආරියපාල, නෙල්සන් විජේසේන, මහින්දපාල ද සිල්වා, ආරියවංශ මුතුගම සහ පේ‍්‍රමදාස ජයසිංහ යන ගුරු පියවරුන් පස් දෙනකු වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව පරිත්‍යාගශිීලීන්ගේ සහාය මත මේ වන විට දෙමහල් විශ‍්‍රාම ශාලාවේ කටයුතු යම් ප‍්‍රමාණයක් නිමවා තිබුණත් ඉතිිරි වැඩ කටයුතු ස`දහාද විශාල මුදලක් වැය වන නිසා මෙම සත් කාර්යය සිදුකරන පිරිස ප‍්‍රතිපාදන සොයා ගැනීමට අපහසුව දැඩි ගැටලූවකට පත්ව සිටී.

මුහුදු මහා විහාරයේ වියළි වැලිකතර මත ගඩොලින් ගඩොල තැබී ඉහළට නැගුණු මෙම විශ‍්‍රාම ශාලාව මේ වන විට මු`ඵමණින්ම වාගේ ඉදිව ඇත. දැන් ඇත්තේ වහල සෙවිළි කර කපරාරු කර ජනේල් දොරවල්  දමා නිමා කිිරීමටය. ඒ ස`දහා විශාල මුදලක් වැය වෙනු ඇත.

මෙම සත්කාර්ය ස`දහා පුරෝගාමීව කටයුතු කරමින් සිටින ජී.එල්. ආරියපාල මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

”පොතුවිල් මුහුදු මහා විහාරය කියන්නේ  දැඩි  ගැටලූ රැුසකට ලක්වූ අපේ පෞරණික පුදබිමක්. දහසක් බාධක මැද මේ වන විට  පුුරා වස්තුන් රැුසක් මේ තරමින්වත් ඉතිරිව තිබීම අනාගත පරපුරේ භාග්‍යයක්. ඒ නිසා මෙම පුද බිම අපි රැුකගත යුතුයි. වසර ගණනක් තිස්සේ මෙම ස්ථානය හුදෙකලාව තිබීම නිසා බොහෝ දෙනකුගේ වැඩි අවධානයක්ට ලක්නොවීමෙන් අවට පදිංචිකරුවන්ගේ දැඩි තර්ජනයට ලක්වී තිබෙනවා.

ඒ නිසා මෙම පුදබිම රැුකගැනීමට නිරන්තරයෙන් සහය දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.”  ආරියපාල මහතා  රිවිරට අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වු ආදි ආනන්ද  ගුරු සංගමයේ සභාපති නෙල්සන් විජේසේන මහතා මෙසේ පැවසුවේය. ”අපි මෙම විහාරස්ථානය වෙත පැමිණි විට කුමක් හෝ කරන්නට අවශ්‍යයයි කියන අදහස හිතට ආවා. ඒ අනුව ආනන්දයේ මිතුරන් පස්දෙනෙක් එකතුවෙලා කොහොම හරි මෙම පුදබිමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සලසාදිය හැකි ආකාරයේ හො`ද දෙමහල් විශ‍්‍රාම ශාලාවක් සෑදිය යුතු යැයි තීරණය කළා. ඒ අනුව මේ වන විට අපි දෙමහල් විශ‍්‍රාම ශාලා ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. වහලය සකස්කර ඉතිරි වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍යයි. ඒ ස`දහා විශාල මුදලක් වැය වෙනවා. මේ වනවිට මෙම සත්කාර්ය ස`දහා බොහෝ දෙනෙක් නොමසුරු සහය ලබා දුන්නා. ඒ නිිසා මේ සත්කාර්යය මෙතෙක් සාර්ථකව කරගෙන ඒමට හැකි වුණේ. ඒ නිසා මෙතෙක් අපිට සහය දුන් ආකාරයට ඉදිරියටත් මේ අකාරයට මෙම දෙමහල් විශ‍්‍රාම ශාලාව ඉදිකිරීම ස`දහා සහය දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝද මෙසේ අදහස් දැක්වූහ.

”තවමත් මෙම විහාරස්ථානය වෙත තිබෙන බාධා ඉවත්ව නැහැ. මේ වන විට පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහයෝගයෙන්  විහාරස්ථානය ගොඩනගා ගෙන යනවා. විහාරස්ථානයට අඩුවක්ව පැවති දාගැබ ඉදිකිරීම ස`දහා නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා ඇතු`ඵ විශේෂඥ වෙද්‍යවරු  පිරිසක් නොමසුරු ධන පරිත්‍යාග කළා. යුද හමුදාවේ රණ විරුවන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් අලංකාර දාගැබක් ඉදිකිරීමට හැකිවූවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කළ ගුරු මහත්වරුන් පස්දෙනකුගේ මූලිකත්වයෙන් තවත් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත මේ වන විට මෙම පුදබිමට බලවත් අඩුපාඩුවක්ව පැවති විශ‍්‍රාම ශාලාවක්  ඉදි කරන්නට කටුයතු ආරම්භ කර මේ වන විට ඉතා සාර්ථකව ඒ කටයුත්ත සිදු කරගෙන යනවා. ඒ සියලූ පිංවතුන්ට  මෙම විහාරස්ථානය හුදෙකලා වන්නට ඉඩ නොදී රැුකගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා”  ඒ ස`දහා ආධාර මුදල් සම්පත් බැංකුවේ පොතුවිල් ශාඛාවේ 0130 5000 3382 යන  පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති  වරකාපොළ ඉන්දසිරි හිමි සහ විශ‍්‍රාම ශාලාව  ඉදිකිරීමේ කමිටුවේ  භාණ්ඩාගාරික එන්. විජේසේන මහතා නමින් ඇති බද්ධ ගිණුමට බැර කිරීමට හැකිය. දහසක් බාධක මැද  හෙට දිනයේ මෙම පුදබිමට  පැමිණෙන බැතිමතුන් උදෙසා සිදුකරගෙන යනු ලබන මෙම සත්කාර්ය වෙනුවෙන් ඔබගේ නොමසුහරු සහයද ඔවුහු බලාපොරොත්තු වෙති.


Wmqgd .ekSu ��r mqj;am; weiqfrks
o