දකුණට සහ නැඟෙනහිරට ‍දොර උළුවහු තිබේ නම් කාන්තාවන්ට හානි

2015-06-18 10:13:00       688
feature-top
වාස්තු විද්‍යාවට අනුව නිවෙසක් හදන්නෙ ජීවිත කාලයේම සතුටින් සමගියෙන් ජීවත්වෙන්න බලාපොරොත්තු පොදි බැඳගෙන. නිවෙසේ ඉදිවෙන සෑම අංගයක්ම වාස්තු විද්‍යාවට අනුව සැලසුම් කරන්නෙ ඒ නිසාමයි. සුබ දිශාවට කාලයට මුල් තැන දීලා නිවැරැදිව කටයුතු කරන්න අපි උනන්දු වෙන්නෙ ඒ නිසාමයි. ‍

ප්‍රධාන ‍දොර සහ උළුවස්ස තැබීමේදී සුබ දිශාවන් සේම අසුබ දිශා මොනවාද යන්න පිළිබඳවත් අපි දැනුම්වත් විය යුතුයි. උතුරු සහ දකුණු දිශාවට යොමු වූ ‍දොර උළුවහු පිහිටා තිබීම රිපුද ලෙස හඳුන්වනවා. එසේ පිහිටීමෙන් සොර සතුරු බියෙන් නිවැසියන්ට පීඩා විඳීමට සිදුවෙනවා.

උතුරට සහ නැඟෙනහිරට ‍දොර උළුවහු පිහිටන්නේ නම් එයද අසුබ පිහිටීමක්. උග්‍ර ලෙස හඳුන්වන මෙය නිරන්තරයෙන් දුකින් පීඩා විඳීමට හේතුවක්. යම් නිවෙසක උතුරට සහ බටහිරට ‍ෙදාර උළුවහු යෙදී ඇත්නම් එය නාශ යනුවෙන් හඳුන්වන අසුබ පිහිටීමක්. සියලුම වස්තූන් හානියට පත්වන්නේ මෙවැනි පිහිටීමකින්. කාන්තාවන්ට හානි පමුණුවන නන්ද නම් පිහිටීම නිර්මාණය වන්නේ නැඟෙනහිරට සහ දකුණට ‍දොර උළුවහු තිබූ විටයි.

යම් කිසිවකු ‍දොර උළුවහු 3ක් භාවිත කරයි නම් ඒවා බස්නාහිර, නැඟෙනහිර සහ උතුරට යෙදීම ආත්‍රාන්ද යන අසුබ පිහිටීම නිර්මාණය කරන්නකි. නිරන්තර දුක්ඛ දෝමනස්සයන් ශෝකයෙන් කාලය ගත කිරීමට නිවැසියන්ට සිදුවෙනවා.

ද්වාර වේද

නිවෙසක ප්‍රධාන වූ කිසිදු ද්වාරයකින් තවත් ද්වාරයක් පෙනේ නම් එයද අසුබය. වාස්තු විද්‍යාවේ ප්‍රධාන ද්වාර ඵල චක්‍රයේ රීතියට අනුව ඒවා ස්ථානගත කිරීම සිදුවෙනවා. උළුවස්සක් ඉදිරිපිට මාර්ගයක්, මඩවළක්, ජල පහරක්, ළිඳක්, කණුවක් සුසාන භූමියක්, වෙනත් ගෙයක මුල්ලක් හෝ ප්‍රධාන ද්වාරයක්, වැසිකිළියක්, ගවයන්, අශ්වයන් හෝ කුකුළන් ඇති කරන ස්ථානයක් ප්‍රධාන ද්වාරයේ උස මෙන් 1 1/2ක් ඇතුළත පිහිටයි නම් එනිසා ද්වාර වේද වේ. එනිසා දුක් කරදර, විපත්, ගෘහණිය රෝගී වීම, දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම වැනි අහිතකර විපාක ඇති වේ. ඊට අමතරව සොර සතුරු පීඩා, දුරාචාරය, අමනුෂ්‍ය දෝෂ, වංචා ප්‍රයෝගවලට හසුවීම, තනතුරු නොලැබීම, දරුවන් මවුපියන්ගෙන් වෙන්වීම සහ අකල් මරණ පවා ඇතිවිය හැකිය.

ප්‍රධාන ‍දොර

ඉර උදාවේදී, මුදුන් වීමේදී හිරු බසින කල්හි පූජනීය ගසක සෙවණැල්ල ප්‍රධාන ‍දොරට වැටෙයි නම් ගෘහ මූලිකයාට එකී අසුබ බලපෑම්වලට මුහුණ දීමට සිදුවේ. ප්‍රධාන ‍ෙදාර සෙසු ‍ෙදාරවලට වඩා කෙටි නම් එය දරුඵල හීන කිරීමට හේතු වේ. රාජ බිය, සොර සතුරු බිය ඇතිවීමට හේතුවන වාස්තු දෝෂයක් ලෙස ප්‍රධාන ‍ෙදාර උසට වඩා පළලිනුත්, පළලට වඩා උසිනුත් යුක්තවීම සැලකිය හැකියි.

නිවෙසේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා කුඩා ‍ෙදාරක් තිබීම නිවැසියන්ට බලතල අහිමිවීමට හේතු වන්නකි. නිවෙසේ ‍දොර පිහිටා ඇති ස්වභාවයත්, නිවැසියන්ට බලපෑම් කළ හැකි වාස්තු දෝෂයකි. ප්‍රධාන ‍ෙදාර නිවෙසින් පිටතට නැවී තිබේ නම් එම නිවෙසේ ගෘහ මූලිකයා නිවෙසින් පිටත ජීවත් වේ. ප්‍රධාන ‍දොර නිවෙස දෙසට නැවී ඇත්නම් එය ගෘහ මූලිකයා රෝගීව පීඩා විඳිමින් නිවෙසේම කාලය ගත කරයි.

තට්ටු නිවාස

‍දොර එක් පසෙකට ඇල වී තිබේ නම් උසස් පුද්ගලයන්ගේ, උගතුන්ගේ උපකාර නොලැබීමට හේතුවකි. එනිසාම දියුණු වීමට නොහැකි වේ. නමුත් තට්ටු නිවස බිම් මහල වර්ග අඩි 2500ට වැඩි නම් ඒ නිවසේ සතර පැත්තට ‍ෙදාරවල් දැමීම ජය පිට ජය ලැබීමට තරම් වාසනාවන්ත පිහිටීමක්.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »