මල් ඉහිරුණු ඇඳ ඇතිරිලි ගෙදරම හැඩ කරනවා

2015-06-22 03:00:00       685
feature-top
ගෙදර දොර ලස්සනට තියාගන්න වෙහෙසෙන කාටත් වැදගත් වන ආකාරයේ අදහස් කීපයක් ගැන ඔබට කියන්නට අපි හිතුවා. මේ දේවල් ගැන ඔබ වැඩිය නොහිතුවට මේ හැම දෙයක්ම ගෙදර පෙනුමට කරන බලපෑම සුළු පටු නැහැ.

ඔබේ නිදන කාමරය ඔබට සිත් අඳනා ආකාරයට තිබෙන්නට ඕනෑමයි. මොකද දවසේ වැඩ ඉවර කරලා නිදහසේ නින්දට යද්දී ඔබට දැනෙන හැඟීම අප්‍රසන්න වුනොත් ඔබට කොහෙත්ම සැප නින්දක් ලැබෙන්නේ නැහැ.

ඇඳට එක් කොට්ට යුගලයක් වෙනුවට විවිධ රටා පැහැයන්, වියමන් මුසු වුණු කොට්ට යුගල දෙකක්වත් භාවිත කරන්න ඔබට පුළුවන්. කුඩා පරිමාණයේ ගෘහ භාණ්ඩ කුඩා නිදන කාමරයක පෙනුම ඇති කරනවා.

ඒ නිසා තරමක් විශාල ඇඳක් හෝ තරමක් උස් ඇඳ විට්ටමක් සහිත ඇඳක් තෝරා ගන්න.අඳුරු පාට ඔබ සිතනවාට වඩා වෙනස් අර්ථයක් ඇති කරනවා. ඒ නිසා විශාල බව පෙන්වීමට අඳුරු පැහැය යොදාගන්න.

ගොඩක් බඩු තෝරගන්නවා නම් පිළිවෙළකට තියන්න වෙනවා.
බිත්ති රාක්ක තුළින් මේ දේ පහසුවෙන් කරගන්න පුළුවන්.

හිස් බිත්තිවල පාළු බව මකන්න තරමක් විශාල කැන්වස් චිත්‍ර එල්ලන්න.
කිසිවෙක් බලාපොරොත්තු නොවන වර්ණයේ බිත්ති සැරසිලි භාවිත කරන්න.

වේවැල් පුටු නිවෙසේ ගෘහ භාණ්ඩ අතරට එක් කරන්න. හොඳින් ඉර එළිය වැටෙන තැනකට වේවැල් පුටු ස්ථානගත කරන්න. ඒ මත කුෂන් තබන්නත් අමතක කරන්න එපා.

ජීවිතේ විවිධ අවස්ථාවල ලබාගත් ඡායාරූප වෙන වෙනම රාමු කරලා එක පිළිවෙළකට බිත්තිවල එල්ලන්න. බිත්තිවලට ලස්සනක් එක් වෙනවා. එක පිළිවෙළට එක හා සමාන පරතරයකින් රඳවන්න. ඒත් දකින දකින තැන ඇණ ගහලා ඡායාරූප රඳවන්න එපා.

හැම කාමරයකටම එක මේස විදුලි ලාම්පුවක් රඳවන්න. එක කාමරයකට එක් වර්ණයක් පමණක් ආලේප කරන්න.
නියමිත ආකාරයට පොත් රඳවන්න, පුළුවන් පොත් රාක්කයක් යොදා ගන්න. එහි ප්‍රමාණයට නොගැළපෙන පොත් වෙනම මේසයක කොනක හෝ කුඩා බංකුවක තැන්පත් කරන්න.
ඇඳ ඇතිරිලි තෝරා ගනිද්දී සුදු පැහැයට හුරු රෙද්දේ විවිධ වර්ණයෙන් යුත් මල් සහිත ඇඳ ඇතිරිලි තෝරගන්න.
නැවැත පාවිච්චියට ගන්න ඇඳුම් එල්ලා තැබීමට රාක්කයක් සකසා ගන්න.

කැඩුණු පුටුවක් වුවත් පුංචි පුංචි භාණ්ඩ තබා ගැනීමට භාවිත කරන්න පුළුවන්. එළාම් ඔරලෝසුව, වතුර වීදුරුව, මේස ලාම්පුව වගේ දේවල් මේ මත තැන්පත් කරන්න.
කෑම කාමරයට වඩාත් ගැළපෙන්නේ කොළ පැහැති වර්ණයක්.

පැරැණි ගස්වල කඳන් හොඳට පදම් කරලා දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වලා පුංචි මේසයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.
නිවෙසේ ඉඩ තියෙන පුංචි තැනක ගහක් වවන්න. පුංචි පෝච්චියක සිටු වූ මල් පැළයක් තරම් එතනට තවත් දෙයක් ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »