මහා වාස්‌තු ශිල්පය රැක ගනිමු

2015-10-06 10:55:00       586
feature-top
''මහා වාස්‌තු'' ශිල්පීය සිද්ධාන්ත පිළිබඳව අනුරාධපුර පොලොන්නරු යුගවලට පසුව ශ්‍රී ලංකා වාසීන්ගේ අවධානය නැවතත් යොමුවන කාලවකවානුවක්‌ ලෙස මෙම කාලය ඉතා වැදගත් වෙනවා. මෙතෙක්‌ කලක්‌ අපගේ රටේ වාස්‌තු ශිල්පය ගැන කතා කළාට ''මහා වාස්‌තු'' යන වචනය පිළිබඳව කතා කළේ හෝ එම වචනය භාවිතා කළේa හෝ නැතිs අතර සියවස්‌ ගණනාවකට පසුව නැවතත් ශ්‍රී ලංකාවේ වාස්‌තු ශිල්පීන් විසින් ''මහා වාස්‌තු'' යන වචනය භාවිතා කිරීමට පටන් ගැනීමත් සතුටට කරුණක්‌. ඒ සඳහා පුරෝගාමි වූයේ ''දිවයින'' බව ශ්‍රී ලංකා වාසි ඔබ සැම වෙත ඉතාමත් නිහතමානීව මතක්‌ කිරීමට කැමැත්තෙමු. ''මහා වාස්‌තු'' සංකල්පය උපදින්නේ මහා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් වීමත් මහා විෂ්ණු දෙවියන් විසින් ලොවට දායාද කළ ''මහා වාස්‌තු'' සංකල්ප සෘෂි උතුමන් විසින් ආරක්‍ෂා කළ බවත් ''මහා වාස්‌තු'' පුරාණයේ සඳහන්ව පවතිනවා. නූතනයේ වාස්‌තු ශිල්පය සම්බන්ධයෙන් විවිධ ගුරුකුල රාශියක්‌ පැවතිය ද ඒ සෑම ගුරුකුලයකම ආරම්භය වන්නේ ''මහා වාස්‌තු'' බව මතක තබා ගත යුතු අතර නූතනයේ ශ්‍රී ලංකාවාසී ඔබ සැමට පිරිසිදු ''මහා වාස්‌තු'' ශිල්පීය සිද්ධාන්ත නිවැරදිව අවබෝධ කර දීම අපගේ අරමුණ වේ.

මහා වාස්‌තු භාවිතය දැනගන්න.

විෂ්ණු දෙවියන් විසින් ලොවට දායාද කළ ''මහා වාස්‌තු'' ශිල්පය භාවිතා කිරීම විනයානූකූලව සිදුකළ යුතු බව කියෑවේ. ඒ අනුව ''මහා වාස්‌තු'' ශිල්පියෙකු වීමට සෑම පුද්ගලයෙකුටම හැකියාවක්‌ නොමැති අතර ඒ සඳහා මහ විෂ්ණු දෙවියන්ගෙන් වරම් ලබා ගෙන පේ වීම කළ යුතු අතර ආධ්‍යාත්මික පරිචයක්‌ ලබාගෙන ''මහා වාස්‌තු'' විනය පරිචය තම දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට සමත් විය යුතුයි. ඒ අනුව ''මහා වාස්‌තු'' ශිල්පයෙකු විසින් පහත සඳහන් ධර්ම විනය දෙකම ආරක්‍ෂා කිරීම තුලින් පමණක්‌ ''මහා වාස්‌තු'' ශිල්පය පිහිටා භාවිතයේ යෙදවීමේ ශක්‌තිය ඔහුට පිහිටන බව මහා විෂ්ණු පුරාණයේ සඳහන්ව පවතිනවා.

මහා වාස්‌තු විනය කාරණා 10 දැන ගන්න.

* මහා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සම්‍යදෘෂ්ඨික දේව මණ්‌ඩල වලින් ආශිර්වාදය ලබා ගැනීම හා පින් පෙත් නිතැතින් අනුමෝදන් කිරීම.

* මිනිසුන්ගේ යහපත උදෙසා පමණක්‌ කැපවීම.

* මිනිසුන්ගේ ලෞකික ජීවිතය උපරිමනය තුළින් ආධ්‍යාත්මික ජිවිතයට ඔසවා තැබීමට පිහිට උපකාර කිරීම.

* මහා වාස්‌තු සිද්ධාන්ත සඳහා පෞද්ගලික අර්ථකථන නොයෙදීම.

* මහා වාස්‌තු සිද්ධාන්ත තර්කනයට භාජනය නොකිරීම.

* මහා විෂ්ණු දෙවියන්ගෙන්a අවසර ගෙන ශිල්පය භාවිතයේ යෙදවීම.

* සෑම ගෘහයක්‌ම සෑම ගෘහ කටයුත්තක්‌ම මහා වාස්‌තු ශිල්පියාගේ දෙයක්‌ ලෙස සලකා කටයුතු කිරීම.

* සෑම ගම් තුලානකටම අලුතින් පිවිසීමේ දී එම ගම් තුලානේ වැඩ සිටින ගම්භාර දෙවියන්ගේ අවසර ගෙන ගෘහ පරීක්‍ෂාව ආරම්භ කිරීම.

* ලාභ සත්කාර වලින් තොරව අසරණ වූ මිනිසුන්ට සහ රෝගීන්ට මහා වාස්‌තු භාවිතය පිළිබඳව උපදෙස්‌ ලබා දීම.

* වාස්‌තු සිද්ධාන්ත වලට අනුකූලව නිවාස නැකැත් සහ විශ්ව ශක්‌ති බල යන්ත්‍ර පිහිටුවීම උදෙසා ලාභ සත්කාර අපේක්‍ෂා නොකිරීම.

ඉහතින් සඳහන් කළ මහා වාස්‌තු විනය කාරණා 10 නිසි පරිදි ආරක්‍ෂා කර ගනිමින් මහා වාස්‌තු ශිල්පියෙකු තම ශිල්පය භාවිතා කළ යුතු අතර එම විනය කාරණා නිසි පරිදි ඉටු නොවන විට ඔහුගේ ශිල්පය පිරිහී යන බව සඳහන්ව පවතිනවා. පෙර රජ දවස ඉතා සශ්‍රීකව පැවති මහා වාස්‌තු ශිල්පය අතුරුදන් වීමට බලපෑ ප්‍රධානතම කරුණු වූයේ ද වාස්‌තු ශිල්පීන්ගේ විනය පිරිහීම බව කිව යුතුයි. නූතනයේ මෙම තFවය ඉතාමත් නරක ලෙස පිරිහී ඇති අතර වාස්‌තු ශිල්පයේ විශ්වය මිනිසුන්ගෙන් දුරස්‌ වීමට සහ ශිල්පය අතුරුදහන් වීමට මෙවැනි කරුණු බලපාන බව ද පෙන්වා දෙමි.

චූල වාස්‌තු ශිල්පයේ ප්‍රවේශය හඳුනාගන්න

''මහා වාස්‌තු'' සිද්ධාන්ත නැවත ශ්‍රී ලංකාද්වීපය තුළ පැතිර යන කාලයක මහා විෂ්ණු දෙවියන් සතුටට පත් වී මහා වාස්‌තු ශිල්පීන්ට ආශිර්වාද කරන්නේ මිනිසුන්ගේ යහපත උදෙසාම වේ. බුද්ධසාසනය සහ ශ්‍රී ලංකාදීපය ආරක්‍ෂා කරන මහා විෂ්ණු දෙවියන් විසින් මහා වාස්‌තු ශිල්පය ද ආරක්‍ෂා කොට ලෝකයට රැක තිබෙන බව කිව යුතුයි. විවිධ ලාභ සත්කාර පිටුපස දුවමින් ''මහා වාස්‌තු'' ශිල්පයට පටහැනි ලෙස කටයුතු කරනු ලබන චූල වාස්‌තු ශිල්පීන් හඳුනා ගැනීමට ඔබ සමත් විය යුතුයි. ඔබගේ ගෘහය පරීක්‍ෂා කරනු ලබන වාස්‌තු ශිල්පියා තුළින් ඉහත විනය කාරණා ආරක්‍ෂා වන්නේ දැයි ඔබ සිහිනුවණින් විමසීම තුළින් චූල වාස්‌තු ශිල්පීන් හඳුනා ගත හැකි වෙනවා. ඒ අනුව වාස්‌තු ශිල්පයා ඔබගේ ගෘහය පරීක්‍ෂා කිරීමේ දී පහත කරුණු නිසි පිළිවෙලට ඉටු කරනවාද යන්න සොයා බලන්න.

* වාස්‌තු ශිල්පියා සෑම විටම පුරුෂ පක්‍ෂයට අයත් විය යුතු අතර විෂ්ණු දෙවියන් විසින් ස්‌ත්‍රී පක්‍ෂයට වාස්‌තු ශිල්පය භාවිතයට අවසර ලබා දී නොමැති අතර මෙය වාස්‌තු ධර්මතාවයක්‌ බව මතක තබා ගන්න.

* ගෘහයට පිවිසීමේ දී මහා විෂ්ණුq දෙවියන්ගේ අවසර ලබාගෙන ගෘහය පිහිටා ඇති ගම් තුලානේ දෙවියන්ගේ අවසර ලබා ගත යුතුයි.

* ඔබගේ ගෘහයේ හා භූමියේ අයිතිවාසිකම් කියන භූමි ඥාතීන්ගේ සහ හත්මුතු පරම්පරාවෙන් මෙන්ම ඔබගෙන් අවසර ලබා ගත යුතුයි.

* එදිනට සුබ දිශාව හෝ විශ්ව ශක්‌ති දිශාව බලා ස්‌වස්‌ථික ලාංඡනය රෝපණය කොට ගෘහයට ඇතුල් වීම කළ යුතුයි.

* මහා වාස්‌තු සිද්ධාන්ත ගැන හා විෂ්ණු දෙවියන්ගේ ප්‍රමුඛ සම්‍යදෘෂ්ඨික දේව මණ්‌ඩල කරුණු පැහැදිලි කොට ගෘහවාසීන් ප්‍රසාදයට පත් කළ යුතුයි.

* ගෘහ මූලික හා ගෘහ මූලික කාන්තා සීහුම් බල මිණුම් ලබා ගත යුතුයි.

* බ්‍රහ්ම පාදයේ සිට දිශා නිල සහ චුම්භක නිල නිසි පරිදි වටහාගත යුතුයි.

* ඉහත කටයුතු අවසන් වූ පසුව දැනට ගෘහයේ පවතින යහපත් වාස්‌තු සිද්ධාන්ත පිළිබඳව ගෘහවාසීන් දැනුවත් කළ යුතුයි. නිශ්චිතව හඳුනාගන්නා තුරු නිවසේ දෝෂ පිළබඳව ගෘහවාසීන්ට නොකිය යුතුයි. (වාස්‌තු මනෝවිද්‍යාව)

* පුරෝගාමිත්වය පරිදි ගෘහය යාවත්කාලීන කරගත යුතු පිළිවෙල පිළිබඳව නිවැසියන් දැනුවත් කළ යුතුයි. (නූතනයේ දී මේ සඳහා නිශ්චිත සැලසුම් සටහන්a සහ ලිත වාර්තා ලබාදිය හැකියි.)

* ගෘහයේ සතර කොණ සහ අට කොණ පස්‌ ගෙන ගෘහයේ බ්‍රහ්ම පාදයේ සිට මූලීක ආරක්‍ෂා කිරීම කළ යුතුයි.

* විෂ්ණු දෙවියන් උදෙසා ප්‍රසාද පඬුරු සකස්‌ කිරීම ගෘහ මූලිකයා විසින් ඉටු කළ යුතුයි.

* ගෘහ මූලීකයා සහ ගෘහ මූලික කාන්තාව මෙන්ම සියලු ගෘහවාසීන් ගෘහයේ බ්‍රහ්ම පාදයේ සිට සීහුම් බල නැකැත් පරිදි වාස්‌තු ශිල්පයා විසින් බලගන්වා සීහුම් කොට නිවසට බලගැන්විය යුතුයි. (ආධ්‍යාත්මික ශක්‌තීන් උද්දීපනය)

* වාස්‌තු පරීක්‍ෂාවෙන් පසුව නැවත දෙවියන්ට පින් දී, භූමි ඥාතීන්ට පින් දී ගෘහවාසීන්ට පින් දී ගෘහ වාස්‌තු පරීක්‍ෂාව අවසන් කිරීම.

ඔබගේ ගෘහයේ වාස්‌තු පරීක්‍ෂාවේ දී ඔබ විසින් ඉතා සිහි නුවණින් යුතුව වාස්‌තු ශිල්පියාව විමර්ශනය කළ යුතුයි. මෙහි දී ඉහතින් සඳහන් කළ කරුණු නිසි පරිදි ඉටුවනවාද යන්න පිළිබඳව හඳුනා ගන්න. ඒ තුලින් චූල වාස්‌තු ශිල්පියා සහ මහා වාස්‌තු ශිල්පයා පිළිබඳව ඔබට හඳුනා ගැනීමට හැකි වනවා ඇත.

මහා වාස්‌තු ශිල්පයෙකු ගෘහ පරීක්‍ෂාව කළ විට ඔබට දැනෙන දේ හඳුනා ගන්න.

ඔබගේ ගෘහය පරීක්‍ෂා කළ මහා වාස්‌තු ශිල්පියා එය පේ වි නිසි පරිදි සිදුකළ විට පහත සඳහන් දෑ ඔබට දැනෙනු ඇත.

* නිවස සම්බන්ධයෙන් මෙතෙක්‌ තිබූ අවිනිශ්චිතතාවයන් ඉවත් වී යනු ඇත.

* ඔබගේ මානසික හා කායික ශක්‌තීන් සෑම විටම ධනාත්මකව ශක්‌තිමත් වනු ඇත.

* ඔබගේ ගෘහයේ තිබු පාළු මූසල ගතිය ඉවත් වී දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩිවීම නිසා ප්‍රබෝධමත් ගතියක්‌ දැනෙනු ඇත.

* ඉදිරි කටයුතු පිළිබඳව පැහැදිලි දැක්‌මක්‌ සහා ඒවා ඉටුකර ගැනීමේ ශක්‌තිය වර්ධනය වනු ඇත.

''මහා වාස්‌තු ශිල්පය'' සහ ''මහා වාස්‌තු ශිල්පියාගේ'' නිශ්චිත හැඩතල ඔබ වෙත නැවත මතක්‌ කර දුන්නේ ඔබගේම යහපත සඳහා බව මතක තබාගන්න ''මහා වාස්‌තු'' නමින් ''චූල වාස්‌තු ශිල්පීන්'' නූතනයේ දී වාස්‌තු ශිල්පය පරිහරණයට ලක්‌කරන බව පෙනී යන අතර එය මුළු මහත් ශ්‍රීs ලාංකාවාසීන්ට මෙන්ම රටට ද අයහපත පිණිසම හේතුවන බව හඳුනා ගන්න. මහා වාස්‌තු ශිල්පයේ නිජබිම වන භාරත දේශය තුළ ද ශිල්පය පිරිහී ඇති මෙවන් යුගයක ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක්‌ මහා වාස්‌තු ශිල්පයේ සුවඳ හමා යන බව නොරහසකි, බුදු දහම ආරක්‍ෂා කිරීමට මහා විෂ්ණු දෙවියන්ට පැවරී තිබෙන වගකීම මෙන්ම මහා විෂ්ණු දෙවියන් මිනිසුන්ගේ යහපත උදෙසාම ලොවට දායාද කළ මහා වාස්‌තු ශිල්පය චූල වාස්‌තු ශිල්පීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට මහා විෂ්ණු දෙවියන් නිතැතින් කටයුතු කරන බව කිව යුතු අතර යහපත් මිනිසුන් උදෙසා මෙම ශිල්ප ධර්ම ආරක්‍ෂා කිරීම අප සැමගේ යුතුකම වේ. මහා වාස්‌තු ශිල්පයේ ගුණ සුවඳ ඔබ සැමට දැනී ලෞකික ජීවිතයක උපරිමනය තුළින් ආධ්‍යාත්මක ජීවිතයට ප්‍රවේශවීමට කුසල් බලවත් වේවා මහා වාස්‌තු'' සිද්ධාන්ත ගැන වැඩි විස්‌තර සදහා 071 - 4402574 / 081- 2386 577 අමතන්න. මහා වාස්‌තු තුළ පෙන්වා දී ඇති තවත් කරුණු ලබන කලාපයෙන්

ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද කීර්ති,
පේරාදෙණියේ, ඩී.යු. සෙනරත්



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »