සැලැසුමක් නැති තැන වැනසුමක් අත ළඟ

2015-10-10 10:03:00       566
feature-top
වාස්තු විද්‍යාව පිළිගන්නා ඔබ ඔබේ අලුත් නිවෙස හදන්න කලින් එහි සැලැස්ම නිවැරැදිවම කරගත යුතුයි. බිම් මහල සම්පූර්ණ කරගන්න අමාරු නම් ඔබට පදිංචිය පිණිස පහසුවෙන් කරගත හැකි කොටස් පිළිබඳවත්, එසේ කරද්දී සිදුවන වාස්තු දෝෂ ගැනත් නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුයි.

මා මුලදී පැහැදිලිවම කීවා භාගෙට ගෙයක් හදන එක හැම පැත්තෙන්ම සුදුසු නැති බව. නමුත් මෙහෙම හදන "ගේ භාගෙටත්" අමතර වාස්තු දෝෂ ඇතුළත් වෙලා තිබුණොත් එහි හානිකර තත්ත්වය උග්‍ර විය හැකියි. ඉතිරි වැඩ ඉවර කරගන්නත් මෙය තදබල බාධකයක්. මා අද කියන්නෙත් මීට තරමක් සමාන දෙයක්.
අතේ සල්ලි තියාගෙන නව නිවෙසේ කොටසක් තට්ටු තුනකට සෑදුවේ මිදුලේ එක පැත්තකින් තියෙන "මහ ගේ" කඩා දමා නව නිවෙසේ එම අර්ධය අවසානයේ සාදන්න හිතාගෙන. ගෘහ මූලිකයාගේ වචනය අනුව කිසිදු සැලැස්මක් අඳින්නේ නැතිවයි මේ නිවෙස කොන්ත්‍රාත්කරු විසින් ඉදිකරගෙන ගියේ.


සැලැසුමක් නැතිකමින් අද කළ දේ හෙට ගැලෙව්වේ ගෙහිමියාත්, බාසුත් අතර මනා සන්නිවේදනයක් නොතිබූ නිසා. මේ හැම පාඩුවක්ම නිවෙස් හිමියාට තමයි.
අවුරුදු සිය ගණනක් පැරැණි විශාල ළිඳක් මේ ඉඩමේ පිහිටියා. නිවෙස තුළ යම් අලංකාරයක් ගැනීමට සිතා ඔවුන් ගේ හැදුවේ ළිඳ නිවෙස තුළට මැදිවෙන්නයි. නිවෙසක වර්ග සීමාවේ ඇතුළත ළිඳක් හෝ වෙනත් කිසිදු වළක් නොතිබිය යුතුයි. ඔබ උපයන දේ ඉතා ඉක්මනින්ම ඔබ නොසිතූ ආකාරයට වියදම් වීමටත්, විනාශ වීමටත්, නිවැසියන්ගේ අසනීප තත්ත්වයන් වැඩි කිරීමටත් ඍජුවම මෙය බලපාන දෙයක්.
මෙම නිවෙසේ ප්‍රධාන ‍ෙදාර ලෙස තාවකාලිකව භාවිත කළේ නිවෙසේ අයිනකට වෙන්නට තිබූ ‍ෙදාරක්. එයින් ඇතුළු වූ විට දිග පැසේජයක් හරහා ගමන් කර කාමරවලට ඇතුළු වීමටයි තිබුණේ.


ඒ විතරක් නෙවෙයි ‍ෙදාරෙන් ඇතුළු වුණ විට ඉඩ ඇහිරුණුකමත්, අඳුරු හා වාත්‍රාශය නොමැතිකමත්, එන්න එන්නම පහළට පඩිපෙළ සහිතව නිවෙස ඉදිකර තිබීමත් දෝෂ සහිත දේවල්. ප්‍රධාන ‍ෙදාරක් කුස්සියේ චිමිනියත් එකම රේඛාවක පිහිටීමත් දෝෂයි.
ලොකු වියදමක් කරලා හදපු මෙම නිවෙස තිබුණේ පාරට වඩා තරමක් පහළින්. තව ටිකක් වියදම් කරලා හරි ගේ ඉස්සුවා නම් වැහි වතුර ටික ලේසියෙන්ම ඉඩමෙන් ඉවත් කරගන්න තිබුණා.
නමුත් මුලදී එම දේවල් හිතුවේ නැති නිසා මුළු වතුර පාරම යන්නේ නිවෙස ඇතුළින් තාවකාලික ප්‍රධාන ‍ෙදාරට යටින්. දිය පාරවල් නිවෙස ඇතුළින් යනවා කියන්නේ ආර්ථික පරිහානියක්.


වැසිකිළි වළ, කුණු වළ ආදිය කැපිය යුත්තේ වාස්තු පැත්තෙනුත් නිවෙසට හානියක් නොවන ආකාරයට. ඔබට පේනවා ඇති විශාල ප්‍රමාණයෙන් ඉදිකර තිබූ වළවල්. මේවායේ මුළු දිග අඩි විස්සකට වැඩියි. නිවෙසේ මධ්‍ය රේඛාවක් හරහා යන මෙවැනි දේ තුළින් තවදුරටත් ඔබේ ඉදිරි බලාපොරොත්තු යටපත් වීමයි වෙන්නේ.
මෙම නිවෙසේ අයිතිකරුවන් දැනට පදිංචිව සිටින්නේ මහ ගෙදර නිසා ඔවුන් වෙත ගෙනෙන දෝෂ බලපෑම් සාපේක්‍ෂව අඩුයි. නමුත් එම නව නිවෙස පරිහරණය කරනදාට වැඩි වැඩියෙන් දෝෂ ගෙනදෙයි. නිවෙසක පදිංචි නොවුණත් ඔබ විසින් සාදාගෙන යන එම නිවෙසේ දෝෂ තිබේ නම් ඉදිකිරීම් වැඩකටයුතු අඩාල වීමත්, නිවැසියන්ගේ ජීවිතවලට යම් යම් පීඩා, බාධක ඇතිවීමත් සිදුවිය හැකි දෙයක්.



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »