වැසිකිළි වළ තියෙන්නේ කෑම කාමරයෙලු

2015-11-18 10:10:00       539
feature-top
විරාජ් විවාහ වී වසර කිහිපයක් කුලී නිවෙස්වල දිවි ගෙවා අවසානයේදී මෙම නිවෙස මිලදී ගත්තේ වෙනත් අයකු විසින් අඩක් නිම කර තිබියදීය. එය පසුව ඔවුන්ට ඕනෑ ආකාරයෙන් සකසා ගනී.


විරාජ් විවාහ වී වසර කිහිපයක් කුලී නිවෙස්වල දිවි ගෙවා අවසානයේදී මෙම නිවෙස මිලදී ගත්තේ වෙනත් අයකු විසින් අඩක් නිම කර තිබියදීය. එය පසුව ඔවුන්ට ඕනෑ ආකාරයෙන් සකසා ගනී.


නිවෙස මිලදී ගන්නා සමයේ බොහෝ දේවල් ඔවුන්ට නොමැති වුවද වසර කිහිපයක් ගතවන විට නොසිතූ පරිදි දියුණුවක් අත්කර ගැනීමට හැකියාව ලැබුණේය. හේතුවක් නොමැතිවම විරාජ්ගේ බිරිය එම නිවෙසේ විසීමට ප්‍රිය නොකළාය. ඇයට සෑමවිටම නිවෙසේ සතුටක් නොමැති බව හිතුණු වාර අනන්තය.
නොසිතන පරිදි විරාජ්ද අධික ලෙස රෝගී බවට පත් වූයෙන් වෛද්‍ය පරීක්‍ෂණ කීපයකට මූණදීමට ඔහුට සිදුවිය. ව්‍යාපාර නොවැටී ආරක්‍ෂා කරගැනීමට හැකි වූයේද බිරියගේ දැඩි උත්සාහය නිසාවෙනි.


විශේෂයෙන් පිළිවෙළකට ජීවත් වූ මිනිසකුගේ ජීවිතය කාලකණ්ණි කිරීමටත් නිවෙස අවුල්සහගත ස්වරූපයකට පත්වීමට නම් දරුණු වාස්තු දෝෂයක් නිවෙසේ තිබිය යුතුය. නමුත් මතුපිටින් පෙනෙන පරිදි මෙම නිවෙසේ ප්‍රධාන ‍ෙදාර පිහිටා තිබුණේ සෞභාග්‍යය උදාකරන ධන පාදයටය.
මතුපිටින් කිසිදු බරපතළ දෝෂයක් නැති බව පෙනුණද වැළලී ගිය යම් බරපතළ වාස්තු දෝෂයක් හෝ ඇතිදෝයි සිතුණෙන් නිවෙසේ අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කිරීමේදී එයට හේතු සාධක සොයාගත හැකිවූ අතර මෙම නිවෙසේ තිබූ වාස්තු දෝෂ හා ඒකට යෙදූ පිළියම් මෙසේය.

කෑම කාමරයේ මිහිදන් වූ වැසිකිළි වළ
නිවෙසේ අස්සක් මුල්ලක් නෑරම අපිළිවෙළකට බඩු පුරවා තිබිණි. නිවෙස කෙතරම් පිරිසුදු කළද නිවෙස සෑම විටම අපවිත්‍රවන බව විරාජ් පැවසීය. නිවෙස ප්‍රථමයෙන් ඉදිකළ මුත් නිවෙසේ වැසිකිළි වළ නිවෙස තුළ වූ කෑම කාමරයේ ටයිල් පොළොව යටට වැටෙන පරිදි නිවෙස ගොඩනඟා තිබිණි.
මෙලෙස පිහිටි විට කෙතරම් වාස්තු විද්‍යානුකූලව ගොඩනැඟුවත් නිවෙස් පල නොදේ. බරපතළ "ශල්‍ය" දෝෂ හෙවත් වැළලුණු දෝෂවලින් දිනෙන් දින නිවෙස්වල සෞභාග්‍ය පිරිහේ. දැඩි මානසික පිරිහීම මෙන්ම රෝගාබාධවලින් ජීවිතයද පිරිහී යයි.
වැසිකිළි වළෙහි ඇති අපද්‍රව්‍ය ඉවත් කොට වැසිකිළි වළ පස්දමා පුරවා මහපොළවට මුදා හැරියේය. වැසිකිළි වළ නිවෙසින් පිටත මිදුලේ දකුණු දිශාවට සකස් කළේය.


තනිපල වහලය
වහලය යනු විශ්වයේ සිට පැමිණෙන විශ්ව ශක්තිය පාලනය කරන හිසය. එය තනිපලයක් වූ විට තනි කකුලෙන් හිට ගත්තාක් මෙන් ජීවිත සමබරතාව මෙන්ම විශේෂයෙන් මානසික සමබරතාවද බිඳී යයි. මෙම නිවෙසේ අලංකාරය ඇති වන පරිදි තනිපලයක් ලෙස සාදා තිබිණි.
සෑමවිටම වහලයේ පල ඉරට්ටෙ විය යුතුය. ගෘහමූලිකයාගේ මානසික මෙන්ම කායික පිරිහීමටද මෙය රුකුලක් විය. තවත් පලයක් නිවෙසට එක්කර එම දෝෂය භංග කළේය.

නිවෙසේ අත්තිවාරම
ඇදට දැමීම.
මෙය අංගහීන දෝෂයයි. වාස්තු පුරුෂයාගේ ශරීර අංග විකෘති කිරීමක් වැනිය. මෙවැනි පිහිටීම් සහිත නිවෙස්වල දැඩි මානසික පිරිහීම්ද, ජීවිත පිරිහීම්ද පවුල් ජීවිතවල සමඟිය අඩුවීමද සිදුවේ.
මෙය පිළියම් කිරීමට අපහසු වුවත් අංගහීන වූ කොටස කෙළින් කොට සැකැසීමට ගෘහමූලිකයා කැමැතිවිය. එමඟින් එම දෝෂය ඉවත් විය.
මෙම වෙනස් කිරීමෙන් පසු දැන් ගෘහමූලිකයා නැවත ක්‍රම ක්‍රමයෙන් පූර්ණ සුවපත් භාවයට පත්ව සක්‍රිය ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වේ.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »