ආවාට ගියාට කරන වාස්තුවලින් හැදෙන දහමහ දෝෂ

2016-04-01 10:53:00       590
feature-top
වාස්තු දෝෂ නිවැරැදි කිරීමේදී ලවාස්තු ගැළපීමල නිවැරැදිව සිදුකළ දෙයක්. එම නිසා මූලිකවම ඔබ දකින කාරණාවන් එකක්, දෙකක්, කීපයක් ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් වාස්තු අවශ්‍යතාව නිවැරැදිව ඉටුවෙන්නෙ නැහැ. මේ ආකාරයට බොහෝ අය කටයුතු කිරීමෙන් තමාගේ නිවෙස වාස්තු අතින් නිවැරැදිව සාදා ඇතැයි සිතුවත් ඇතැම් විට බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැඛෙන්නේ කාරණා අංගසම්පූර්ණ නොවූ නිසයි. ආවාට ගියාට දෝෂ නිවැරැදි කරන්නට යෑමෙන් තව දෝෂ කීපයක් එකතු වීමට හැකියාව පවතින බව සිතට ගන්න.


වර්ගඵලයක් සාදාගැනීම
ඇත්තටම නිවැසියන්ට යාදෙන නිවෙසේ වර්ගඵලය තීරණය කිරීම අනිවාර්ය දෙයක්. ඉඩමේ දිග හා පළල මැනගත් සටහනක්, කේන්දර සමඟ වාස්තුවේදියකු වෙත ඉදිරිපත් කර තමුන්ට ගැළපෙන වර්ග ප්‍රමණය පමණක් ලබා ගැනීම බොහෝ විට දෝෂ ඇති කිරීමට ඉඩ තිඛෙනවා. මෙම දිග හා පළල ප්‍රමාණය ගෘහ නිර්මාණ ශිල්පියා වෙත ලබාදී නිවෙස තුළ තිබිය යුතු තමාගේ අවශ්‍යතාවයන් ලවර්ගඵලයල තුළට සිර කිරීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ මහත් හානියක්. නිවසේ දිග, පළල ගැළපුණු බව ඇත්ත. නමුත් එය එක් මූලික දෙයක් පමණි. දිශාවන් අනුවත්, නිවෙසේ ඇතුළත ස්ථානීය වශයෙනුත් තම අවශ්‍යතා පෙළගස්වා ගතයුත්තේ නිවෙස තුළ අංගෝපාංගයන්ගේ මනා ගලායෑමක් සහිතවයි. උදාහරණයක් ලෙස නිවෙසේ මුළුතැන්ගෙය වඩාත්ම උචිත ගිනිකොන දිශාවට වුණත් ඉඩඩම් පිහිටීම හා ඊට අනුව නිවෙස සැලැසුම් කිරීමේදී නිවෙසේ ඉදිරි පසට කිට්ටුවන්නට මෙම ගිනිකොන දිශාව පිහිටන්න පුළුවන්. දිශාවේ සුදුසු බව පමණක් හිතේ තියාගෙන සැලැසුම සිදු කළහොත් ප්‍රායෝගිකව මුළුතැන්ගෙය භාවිත කිරීමේදී යම් අපහසුතා ඇතිවෙන්න පුළුවන්. අපගේ වාස්තු විද්‍යාවට අනුව තවත් එක් දිශාවක් මුළුතැන්ගෙය සඳහා සුදුසුයි.


එම නිසා ඔබ කළ යුතු වන්නේ වාස්තුවේදියාගෙන් නිවෙස දිග පළල පමණක් ලබාගන්නේ නැතිව අවශ්‍යතාව පරිදි නිවෙසේ කොටස් නිවෙස තුළ පිහිටුවිය යුතු ආකාරය ගැන දළ සැලැස්මක් ලබාගැනීමයි. සිදුවිය හැකි දෝෂ බොහෝමයක් මුලදීම මෙයින් මඟහැරී යාවි.

බාහිර දෙයින් නිවෙසේ
බල බිඳීම
නිවෙස තුළ වාස්තු කාරණා උපරිමයෙන් විමසා බලා නිවැරැදි කරගත්තත්, පිටතින් ඇති දේ නිසා යහපත් ප්‍රතිඵල උදානොවීම කනගාටුවට කාරණයක්.
ඉඩමේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට කලින් ළිඳ හා වැසිකිළි වළ කපන නිවැරැදි ස්ථාන ගැන මිමි සටහන් වාස්තුවේදියාගෙන් ලබාගත යුතුයි. එහිදී දිශාව, යාබද ඉඩම්වල ළිඳ, වැසිකිළි වළේ පිහිටීම, ඉඩමට අනුව දෝෂ නොවන්නට ඒවා කපන තැන යනාදී කාරණාවන් කීපයක් ගැන අවධානය යොමු කිරීම වැදගත්. ඔබට මෙහිදී වඩාත්ම උචිත වන්නේ ඉඩමට ගැළපෙන ඔබගේ නිවැරැදි වාස්තු නිවාස සැලැසුම සමඟ සමගාමීව මේ දේවල් ඉඩමේ පිහිටන ආකාරයට සලකුණු කර ගැනීමයි.
සියලු දේ සපිරි මේ සැලැස්ම දැන් ඔබේ අතට ගත් විට නිවෙස පිහිටන ආකාරය හා වටේ මිදුලේ ඇති ඉඩකඩ ප්‍රමාණය ගැන අදහසත්, ළිඳ හා වැසිකිළි යනාදියේ පිහිටීම්, පිටත වාහන නැවැතුම් ස්ථාන, නිවැරැදිව යෙදූ ගේට්ටුව හා නිවෙස වෙත පැමිණෙන ආකාරය යනාදී කරුණු ඇතුළත් සංක්‍ෂිප්ත නිවාරණ කරගත හැකි සටහනක් තමයි දිස්වන්නේ.


වහලය ගැන නොසැලකීම
වාස්තු පරිසරයේදීත්, ගෘහයේ අත්තිවාරමේ සිට වහලයේ මුදුන දක්වා වූ සියලුම දේ වාස්තු විද්‍යාවේදී සැලකිල්ලට ගත යුතුයි. ලවහලයල යනු වාස්තුවලදී නිවෙසත්, නිවැසියනුත් බලයෙන් උපරිමයකට ඔසවා තබන අංගයක්. එය වැරැදි දෝෂ ඇතිවුණොත් ප්‍රති විපාක ඇතිකරවන දෙයක් බව වටහාගන්න.
නිවෙසක් සැලකීමේදී අත්තිවාරම්, බිත්ති, ‍දොර ජනේල් ආදිය පමණක් නොව වහලය ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතුමයි. බොහෝදෙනා මෙහිදී අසන දෙයක් තමයි වහලයෙන් මෙපමණ ‍දොස් හටගනී නම් වහලයක් නොගසා තනිකරම කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දැමූ විට ‍දොස් නැහැ නේද කියා.


දෝෂ ඇතිවීම මෙහිදී ඉතාම අඩු වුණත් නිවෙසක් ලෙස ඔබ පදිංචි තැනදී මුදුන් ලීයක් සහිතව නිවැරැදිව ගැසූ වහලයකින් ලැඛෙන ආකර්ෂණය හා ශක්තිය වාස්තු විද්‍යානුකූලව මෙහිදී ලැඛෙන්නේ නැහැ. නමුත් ඔබට අවශ්‍ය නම් නිවෙසේ පෙනුමට හානියක් නොවන්නට ඉඹ්ඒඕ ඊඡ්අඅඒඛ්ඡ් ආදිය සමඟින් ගැළපෙන මුදුන් වහලයක් යෙදීමට හැකියි. වාස්තු පරීක්‍ෂාවලදී වහලය ගැනත් සලකා දත්තයන් ලබාගත යුතුයි. සීලිම් ආදියෙන් ආවරණය වී ප්‍රායෝගිකව වහලයේ විස්තර ලබා ගැනීමේ යම් අපහසුතාවක් ඇත්නම් දෝෂ සිදුවන අවස්ථාවන් ගැන නිවැසියන් දැනුවත් කර එසේ වීදැයි පරීක්‍ෂා කර ගැනීමට උපදෙස් ලබාගැනීම වඩාත් වැදගත්. මා ඔබට කීවේ කාරණා කීපයක් පමණයි. නිවෙසක් හදන්නට සැලැස්මක් අඳින්නට යන ඔබට මෙවන් පුංචි පුංචි කාරණාවන් මුලදීම දැන සිටීම ඉතා වැදගත් වේවි.


curtesy : sithmalyaya.com


More News »