නිදිකුම්බා බහුල ඉඩමක ළිඳක් කැපීම සුබයි

2016-04-06 10:28:00       584
feature-top
මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවන් අතුරෙන් ජලයද අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. දැන් දැන් නාගරික පෙදෙස්වල නිවාසවලට ජල නළ මඟින් ජලය ලබාගත හැකි වෙතත් ගම්බද නිවෙස්වල මිනිසුන් මේ වන තුරුත් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ළිං ජලයයි. සමහර විට නගරබද නිවෙසක ප්‍රයෝජනය පිණිස ළිඳක් ද ගම්බද නිවෙසක ප්‍රයෝජනය පිණිස ජල නළ සවිකර තිබෙන අවස්ථාද නැතුවා නොවේ. ඒ කෙසේ වෙතත් ළිඳක් කැපීමේ සුබ මුහුර්තයක් සකසා ගැනීම වැදගත් කටයුත්තකි.

ළිඳක් කැපීමට පෙර ඉඩමේ කොතැනක ජලය වේ දැයි පළමුව සොයාගත යුතුය. ඒ සඳහා පුරාණ ආචාර්යවරුන් විසින් අපට නොයෙක් ක්‍රම කියා දී තිබේ. නිදිකුම්බා සහිත ඉඩමක නම් නිදිකුම්බා බහුලව වැවී ඇති පෙදෙසෙහිද ඉඩමේ තුඹසක් වේ නම් ඒ අසලද ජලය වෙයි. තවද ඉඩම අසල දැවැන්ත වෘක්ෂයක් වෙතොත් එහි මහ මුල ගමන් කළ පැත්තේ හෝ එම වෘක්ෂයේ ඇති අතු අතරින් විශාලම අත්ත විහිදී ගොස් ඇති පැත්තේ ජලය විය හැකිය.

සඳු, බුධ, ගුරු හෝ කිවි දිනෙක, උතුර හෝ ඊසාන යන දිසාවක ළිඳ කැපිය යුතුය. සුබ නැකැත් වශයෙන් අස්විද, රෙහණ, මුවසිරස, පුනාවස, පුෂ, දෙනට, මුල, සුවන, හත, මා, අනුර, උත්‍රපල්, පුවපුටුප, උත්‍රසල, රේවතී යන නැකැත්ද සුබ තිථි වශයෙන් පුරපස, දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළාස්වක, තෙලෙස්වක යන තිථිද ගැනේ. වෘෂභ, කටක සහ මීන ළිං කැපීමට සුබ ලග්න වේ. සිංහ හා කුම්භ යන ලග්න දෙක ද පාප ග්‍රහයන්ට අයත් වුවද ළිං කැපීමට සුබ බවට මතයකි.

චන්ද්‍රයා බලවත්ව සිටියදී සඳුදා දිනයක සඳු හෝරාවෙන් ළිං කැපීම සුබයි. ළිං කැපිය යුත්තේද සඳු හෝරාවෙනි. එවිට ළිඳෙහි වතුර මිහිරි රස වන බවත් කියැවේ. ළිඳ කැපීමට නියමිත තත්කාල ලග්නයෙහි (එම අවස්ථාවේ පවතින ලග්නය) පුරපස චන්ද්‍රයා හෝ බුධ ගුරු යන ග්‍රහයන් දෙදෙනාගෙන් එක් ග්‍රහයකු හෝ තැන්පත් වෙතොත් වඩාත් සුබය. පුරපස චන්ද්‍රයා මීන ලග්නගත වීමද යහපත් පිහිටීමකි.

curtesy : sithmalyaya.com




More News »