මුළුතැන්ගෙය පිහිටන දිශාව අනුව සුබාසුබ

2016-04-19 10:03:00       587
feature-top
නිවසක මුළුතැන්ගෙය ලබා දෙන සහාය ගැන සිංහල අවුරුදු සමය තරම් අපට කියාදෙන තවත් කාලයක් නැත. ඒ වගේම ගෘහණිය වෙනත් වෘත්තියක නියැළුණත් නිවසේ නිදන කාමරයේ මට්ටමටම රැඳෙන ස්ථානය වන්නේද මෙයයි. මේ හේතුව නිසා විශේෂයෙන් නිවසක ගෘහණියගේ ජීවිතයට වැඩිම බලපෑම් ඇති කරන ගෘහ අංගය වන්නේ මුළුතැන්ගෙය බවට වාදයක් නැත. නිවසක නිල බර දරන්නේ ස්වාමි පුරුෂයා වුවත් නිවසක සැබෑ බර දරා සිටින්නේ ගෘහණිය නිසා  අපට මුළුතැන්ගෙය නිවැරදිව පිහිටුවා ගැනීම සමස්ත නිවසම නිවැරදි කරගන්නා තරම්ම වැදගත් බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ.

මුලින්ම ප්‍රධාන දිශාවනට මුහුණලා පිහිටි නිවසක් ගෙන බලමු. එහි එකී ඉඩමේ මුලු අනු දිශාවනට පිහිටා තිබේ. (උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ප්‍රධාන දිසා වන අතර ඊසාන, නිරිත, ගිනිකොන, වයඹ අනුදිශා වේ.) ඒ අනුව නැගෙනහිර දිශාවට මුළුතැන්ගෙය පිහිටා ඇති නිවෙස්වල අනාරක්ෂිත හැඟීම් ඇති කරයි. නඩුහබවලට පත්වේ. සමාජයෙන් ගෞරව හිමි නොවේ. පරිපාලන ගැටලු ඇති කරයි. දරු පරපුරක් ඇතිවීමට බාධා පමුණුවයි.

විශේෂයෙන් ආදායම් උපයන්නන්ටද  ‍පොදුවේ පවු‍ලේ සියලු සාමාජිකයන්ට කරදරකාරී හැඟීම් හා සිදුවීම් ජනිත කිරීමක්, ඊසානය ආශ්‍රිත මුළුතැන්ගෙයකින් ඇති කරයි. ප්‍රගතිය අඩාළ කර මූල්‍යමය පරිහානිය අත් කර දෙයි. සමාජ පිළිගැනීම් අඩු කරයි. පළමුවන හා සිවුවන දරුවන්ගේ ජීවිතවලට බරපතළ ගැටලු ඇති කරයි.
උතුරු දිසාවේ පිහිටි මුළුතැන්ගෙයකින් මූල්‍යමය පරිහානිය ඇති කරයි. කාන්තාවන් අපහසුතාවට පත් කරයි. මානසික ආතතිය වැඩි කරයි.

ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවීමෙන් නිවසේ කටයුතු සක්‍රීයව සිදු වීමත්, සියලු සැලසුම් ඉටුකර ගැනීමට හැකියාව ඇතිවීමත් පවු‍ලේ සමගිය සමාදානය ඇති වීමත් සිදුවේ.

වයඹ දිශාවේ ගිනිකොන තරම් ශුභඵල නොදෙන නමුත් බරපතළ ගැටලු ඇති නොකරයි. කැපවීම් අපතේ යන තත්ත්වයක් ඇති විය හැකි මුත් ජීවිතයේ ප්‍රගතිය ඇන නොසිටියි.

නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවීම නිසා බරපතළ වියදම් ඇති කරයි. යහපත් චර්යාවන්හි යෙදෙන බිමත්කම, සූදුකෙළීම් ආදියේ නොයෙදෙන යහපත් පවුල්වල පවා රෝගාබාධ හටගෙන මූල්‍ය පරිහානිය ඇති කරයි. ගර්භාෂගත රෝග ආදිය ඇතිවීම කෙරෙහි තදින්ම බලපෑ හැකි අතර සිරුරේ පහළ කොටස්වල දුර්වලතාවනට හේතු වෙයි.

අනෙකුත් දිශාවන්ට විශේෂයෙන් කිය යුත්තේ නැතත් මුළුතැන් ගෙය පිහිටුවිය යුත්තේ ගිනිකොන දිශාවේ බවත් එය කළ නොහැකි නම් වයඹ පිහිටුවීමේ වරදක් නැති බවත් සාරාංශ වශයෙන් කිව යුතුවේ.

අනුදිශාවනට මුහුණත් පිහිටා ඇති නිවෙස්වල ‍පොදුවේ අන්තරීක්ෂ ශක්ති හානියක් තිබිම නිසා ගැටලු හට ගත හැකිය. මෙවැනි තත්ත්වයකදී නිවසේ කරන භෞතික වෙනස්කම්වලින් පවා එතරම් ප්‍රතිඵල ලබා නොදේ. එසේම ඉඩමේ හැඩයට ගළපා නිවස තැනීමෙන් එන ශුභඵලය ද ඇල බිත්ති තැනීමෙන් අවුල් විය හැකිය.

මෙබඳු ප්‍රධාන දිශාවන් නිවසේ කොන්වලට ළංවෙන පරිදි පිහිටි අවස්ථාවලදී දෝෂ නිවාරණය කළහැක්කේ පිරමීඩ් වැනි අමතරව ශක්තිය කැඳවා ගත හැකි මෙවලම් භාවිත කිරීමෙන් පමණි.

එහිදී කළ යුතු සරල ප්‍රතිකර්මය නම් නිවසේ මධ්‍යය (නූතන භෞතික විද්‍යාවට අනුව නිවසක් නම් නිවසේ බිම් තලයේ ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍ය පිරමීඩ් නවයක් යොදා හෝ වෙනයම් බලවත් පිරමීඩයක් යොදා බලගැන්වීමෙන් පමණි.

කෙසේ වෙතත් වාස්තු දෝෂ නිසා කර ඇති ඉදිකිරීම් බිඳ දැමීමට සිදුවීම අද වැනි ඉදිකිරීම් වියදම් ඉතා ඉහළ මට්ටමක පවතින අවස්ථාවක පහසු දෙයක් නොවේ. එසේම එයින් නිවැසියන් මුහුණ දෙන කරදරයද සුළුපටු නොවේ. තවත් අතකින් බැලීමේදී කැඩීම් බිඳීම් නිසා ඇසට නොපෙනෙන පිපිරුම් ගණනාවක් නිවසේ හට ගනියි. එවැනි පිපුරුම් හරහා වන අශුභ ශක්තීන් මානසික ආතතියක්, කලකිරීමක් ඇති කරයි.

මේ සියලු තත්ත්වයන් සලකා බැලීමේදී ප්‍රායෝගික විසඳුමක් ලෙස අප විසින් යොදාගත යුත්තේ පයිරා වාස්තු නමින් හඳුන්වන නූතන වාස්තු ශිල්ප ක්‍රමය බව අවධාරණය කළ යුතුවේ.



Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »