වැසිකිළි වළ මුල්ලට එපා

2016-08-28 09:48:00       594
feature-top
රාජකරුණා ස්‌වයං රැකියාවක්‌ කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව සහ පියා මහ ගෙදර ජීවත් විය. රාජකරුණා ඊට යාබදව ජීවත් විය. නමුත් හදිසියේම මව රෝගාතුර වී මිය ගියේය. පියාද දැන් අංශභාගය රෝගය වැළඳී රෝද පුටුවට වැටී ඇත. රාජකරුණා සහ ඔහුගේ බිරි`ද ව්‍යාපාරික ලෝකයේ කාර්යය බහුල බැවින් තම පියාගේ වැඩකටයුතුවලට වෙනත් කාන්තාවක සේවය කළේය. මහ ගෙදර ඇතිවන විවිධ වූ ප්‍රශ්න නිසා රාජකරුණාටද සිතට සහනයක්‌ නොවීය.

ඔහුගේ මහ ගෙදර මුල් කාලයේ පිහිටා තිබුණේ මෙසේය. ප්‍රතිසංස්‌කරණය සිදු කළ පසු මහ ගෙදර පිහිටීම

මෙම පුවත්පත හරහාම විශාල කරුණු රාශියක්‌ ඔබ අධ්‍යනය කර ඇති නිසා නිවස වෙනස්‌ කිරීමෙන් පසු සිදුවී ඇති හානිය ඔබටම පෙනෙනවා ඇති. නිවස වෙනස්‌ කිරීමේදී (එනම් නිවස විශාල කිරීමේදී) නිවසේ අවසාන කෙළවරක මුල්ල වැසිකිළි වළ සීමාවටම ගෙනත් නවතා ඇත. මින් පසු මෙම නිවසේ සියලු ප්‍රශ්න හටගත්තේය. නිවසේ ප්‍රබල ධන හානි සහ බරපතල සෞඛ්‍යය ගැටලු හට ගැනීම මින් ප්‍රධාන වේ. ඔබ නිවසක්‌ ඉදි කිරීමේදී කිසිදු අවස්‌ථාවක මෙසේ සිදු කිරීමෙන් වළකින්න. නමුත් මොවුනට ලබා දුන් ප්‍රතිකර්මය ලෙස මෙම වැසිකිළි වළ ඉවත් කළේ නැත. ලොව දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ වන පිරමීඩ ශක්‌තිය මගින් එහි ඇති සෘණ ශක්‌තිය ඉවත් කර දැමුවේය.

දෙවන කාරණය නම් මෙහි ජීවත්ව මිය ගිය කාන්තාවගේ සහ දැනට රෝගාතුරව සිටින පුරුෂයාගේ උපන්දින 1957 වසරේය. එනම් ෙµංෂුයි විද්‍යාව අනුව ඔවුන් දෙදෙනම ඉපදී ඇත්තේ කුකුළාගේ වර්ෂයෙන්ය. එනම් ඔවුන් දෙදෙනාගේම නිල පිහිටා ඇත්තේ නිවසේ බස්‌නාහිර දිශාවේ 252.50 ත් 277.50 අතරය. නිවස ප්‍රතිසංස්‌කරණයෙන් පසු ලිප වැටී තිබුණේ මෙම අංශක ප්‍රමාණය අතර සීමාවේය. මින් ඔවුන් දෙදෙනාගේම ශක්‌තිය හීන වී යයි. එනම් ඔවුන් දෙදෙනාම දැවී පිළිස්‌සී යන තරමට කඩා වැටේ. කිසිදු අවස්‌ථාවක නිවසේ ජීවත්වන ප්‍රධානීන්ගේ නිල අපිරිසිදු නොවිය යුතුය. එනම් ලිප, නාන කාමරය, වෙනත් අපද්‍රව්‍ය හෝ කුණු බාල්දි වැටීම කොහෙත්ම සුදුසු නොවේ. මෙහිදී නම් මෙම ස්‌ථානයේ ලිප වෙනත් ස්‌ථානයකට ගෙන යා යුතුමය. එසේත් නැතිනම් මෙම ස්‌ථානයේ ලිප භාවිතා නොකොට වෙනත් ස්‌ථානයක ගෑස්‌ ලිපක්‌ සකස්‌ කර ගත යුතුය.

තවද මොවුන් භාවිතා කළ කාමරයේ ඇ`දට ඉහළින් විශාල බාල්කයක්‌ ගොස්‌ තිබුණි. කිසි විටකත් ඇ`දට ඉහළින් බාල්ක තිබීම කොහෙත්ම සුදුසු නොවේ. විශාල බාල්ක නොවුණත් සමහර නිවෙස්‌ වල මදුරු දැල් සවි කිරීම ස`දහා වෙනත් යකඩ පොලු සවි කර ඇති අවස්‌ථාද මා දැක ඇත. හැකි නම් ඇ`ද එම ස්‌ථානයෙන් ඉවත් කළ යුතු අතර එසේ නොහැකි නම් බට 5 වින්චයිම් සීනු සවි කිරීමෙන් එහි එන අහිතකර කිරණ ශක්‌තිය මැඩලිය හැක. වෙනත් කාරණා කිහිපයක්‌ ඔබට කියනවානම් සෑම අවස්‌ථාවකම ඇ`ද යට හිස්‌ කර තැබිය යුතුය. බොහෝ නිවෙස්‌ වල සියලුම පරණ බඩු ඇත්තේ ඇ`දන් යටය. මෙය ඉතාම අසුභය. මෙසේ තැබීමෙන් අඹු සැමියන් අතර ගැටුම් ඇතිවීම, මානසික පීඩාවන්ට ලක්‌ වීම සිදුවේ. තවත් එකA කාරණයක්‌ නම් නිදන ඇ`ද කිසි විටකත් මුහුණ බලන කණ්‌නාඩියකින් පෙනෙන අයුරු තැබීමෙන් වළකින්න. මෙවන් පිහිටීමකින් බොහෝ විට පවුල් ජීවිතයකට තුන්වැනියකු පැමිණීම සිදුවී පවුල් විනාශ වී යයි. කණ්‌නාඩිය ඉවත් කිරීමට නොහැකි නම් ඝනකම් තිර රෙද්දකින් වසා තබන්න.
 

More News »