ගැටලුව බ්‍රහ්ම පාදය නම් මෙන්න විසඳුම

2017-11-01 11:30:00       236
feature-top
වර්තමානයේ බොහෝ දේ දියුණු වී ඇත. දඩයම් යුගයේ සිට මිනිසා චන්ද්‍රිකා යුගය වෙත පැමිණීමේදී වෙනස්‌වීම් රාශියකට මුහුණ දී ඇත. එය බොහෝ දෙනා තාක්‌ෂණ විද්‍යාවේ දියුණුව ලෙස හෝ විද්‍යාවේ දියුණුව ලෙස හෝ "දියුණුව" ලෙස හෝ නම් කරන්නට පෙළඹී ඇත. බොහෝ දේ වෙනස්‌ වුවත් ඇතැම් දේ එසේ වෙනස්‌ නොවේ. මේ වෙනස්‌ නොවන දේ ඒ ඒ ජාතීන්ගේ "සංස්‌කෘතිය" ලෙස සඳහන් කළ හැක. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දේ මේ සංස්‌කෘතිය ලෙස පිළිගැනේ. එය ජාතීන් අනුව හෝ රටවල් අනුව වෙනස්‌ විය හැක. බටහිර සංස්‌කෘතිය, මුස්‌ලිම් සංස්‌කෘතිය, පෙරදිග සංස්‌කෘතිය උදාහරණ වේ. එසේම ශ්‍රී ලංකාව ගෙන බැලුවහොත් මේ රට ඇතුළේම සිංහල බෞද්ධ සංස්‌කෘතිය, හින්දු සංස්‌කෘතිය මුස්‌ලිම් සංස්‌කෘතිය ආදි වශයෙන් විවිධ සංස්‌කෘතීන් පවතී. මේ සංස්‌කෘතික වෙනස්‌වීම් අතර ඇඳුම් පැළඳුම්, ඇදහිලි හා විශ්වාස ආහාරපාන විවාහ ආදි විවිධ වෙනස්‌කම් ඇතිවේ. මේ වෙනස්‌කම් අතරින් සමානතාවන් ද ඇතිවන අවස්‌ථා අපට දැකිය හැක. සංස්‌කෘතීන්ගේ සමාන අසමානතා ගැන සාකච්ඡා කිරීම දිගු ලිපි කිහිපයකින් කළ යුතු එකකි. ඒනිසා අප විවිධ සංස්‌කෘතීන් අතර විෂමතා සහ සමානතා පවතින බව පමණක්‌ දැනට සිතා ගනිමු. 
 
 සෑම සංස්‌කෘතියකම පොදු දෙයක්‌ අතර නිවසක සිහිනය වැදගත්ය. ගල්ගුහාවෙන් එළියට ආ මිනිසාට නිවසක්‌ තනා ගැනීම අවශ්‍ය විය. කොළ අතුවලින් සකසා ගත් නිවස අද මහල් නිවාස දක්‌වා විකාශය වී ඇත. අතීතයේ "කෙසේ හෝ" අව්වෙන් වැස්‌සෙන් ආරක්‌ෂාවීමත් පසුව සොර සතුරන්ගෙන් ආරක්‌ෂා වීමටත් ඉනුත් පසුව තමාගේ සමාජ තත්ත්වය පෙන්නුම් කිරීමටත් නිවාස ඉදිකිරීම සිදු විය. තමාගේ සමාජ පිළිගැනීම ආර්ථික පසුබිම මෙන් ම අනාගත ආයෝජනයන් ද අරබයා නිවාස ඉදිකරන අතර වැඩි දෙනෙක්‌ "ජීවත්වීම" සඳහා බැංකු ණය මුදලක්‌ හෝ ලබා ගෙන තමාගේ දරුවන් සුරැකීම සඳහා නිවසක්‌ ඉදිකර ගනී. අතීතයේ "අක්‌කර" වලින් මිණුම් කළ භූමි සම්පත් වර්තමානයේ "පර්චස්‌වලට සීමාවී ඇත. මහපොළොව සීමාසහිත වන විට තනිමහල් නිවාස වෙනුවට "නිවාස සංකීර්ණ" ඉදිවීම නතර කළ නොහැක. ජනගහනය වර්ධනය වුවත් භූමිය දිනෙන් දින සීමා වේ. ස්‌වාභාවික විපත් නිසාත් සංවර්ධන ව්‍යාපෘති ආදිය නිසාත් "මහ පොළොව" මිනිසාට අහිමි වන කාලයක්‌ අනාගතයේදී ඇතිවීම වැළැක්‌විය. නොහැක සිංගප්පූරුව වැනි රටවල එක පිට එක නිවාස ඉදිවී ඇත්තේ ඒ රටේ භූමි සම්පත් සීමා වී ඇති නිසාය. "ජනපද" ව්‍යාපාර නොව "මහල් නිවාස සංකීර්ණ" ඉදිවෙමින් පවතී.
 
 නිවාස සහ ගොඩනැඟිලි ඉදිකිරීම වැඩි වෙත්ම අලුතින් ඊට අදාළ තාක්‍ෂණ මෙවලම් සහ දැනුම් ක්‍රමයන් ද දියුණු වීම සිදුවිය. ලඹකැටය මේසන් හැන්ද පමණක්‌ නොව ශිල්පීය ක්‍රමයන්ද වෙනස්‌ විය. ශ්‍රී ලංකාවේ අතීතයේ පැවැති "වරිච්චි බිත්ති" "මෝඩගල් බිත්ති" කබොක්‌ ගල් බිත්ති වෙනුවට පුළුස්‌සන ලද ගඩොල් සිමෙන්ති ගල් කොන්ක්‍රීට්‌ තාක්‌ෂණය උරුම විය. උදැල්ල, නාරස්‌සනය වෙනුවට පස්‌ කැපීමේ යන්ත්‍ර (ඩෝසර්) සිමෙන්ති ඇනීමේ උපකරණ දොඹකර අපට නවීකරණය වී ලැබී ඇත. අතීතයේ මේ වාස්‌තු විද්‍යාව නොතිබුණා නොවේ. යමෙකු වාස්‌තුවිද්‍යාව අලුත් දෙයක්‌ යෑයි සිතුව ද එය වැරදි අදහසකි. අතීතයේ ද අද මෙන් ම නවීන වාස්‌තු ශිල්පයක්‌ තිබුණි. නමුත් "වාස්‌තු විද්‍යාව" යන නම අලුත් එකක්‌ විය. අතීතයේ රුවන්වැලි සෑය වැනි මහ සෑයවල් ඉදිකරන්නට ලෝවාමහාපාය වැනි මන්දිර ඉදිකරන්නට කලාවැව වැනි මහ වැව් ඉදිකරන්නටත් සීගිරිය වැනි කලා නිකේතනයන් ඉදිකරන්නටත් සමත් වූ වාස්‌තු ශිල්පයක්‌ එදා ද විය. නමුත් එදා ඒ සඳහා යොදාගත් තම වාස්‌තුවිද්‍යාව නොවේ. වර්තමානයේ උගත් බුද්ධිමත් පිරිසක්‌ බිහිවීම, ජනමාධ්‍ය මගින් වාස්‌තු ශිල්පය ප්‍රචලිත කිරීම, වාස්‌තු විද්‍යා පොත පත නිර්මාණය වීම නිසා එය අලුත් විෂයයක්‌ ලෙස අපට හැඟුණ ද සත්‍ය වශයෙන් ම එය පැරණි ශිල්පයකි. ඉන්දියාවේ ටාඡ්මහල් ඉදිවී ඇත. බුදුන් දවසේ තක්‍ෂිලා විශ්වවිද්‍යාලය ඉදි වී තිබිණි. යුරෝපීයයන් මවිත කරවන ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත අතීතයේ ද තිබිණි. "වඩුරියන" "නූල" "මිම්ම" මුළුපරස්‌" අතීතයේ සිට එන වදන්ය. ලෝවාමහාපාය "සත් මහල් ප්‍රාසාදයක්‌" බවට ඉතිහාසයේ සඳහන් වේ.
 
 නූතන වාස්‌තු විද්‍යාව සමඟ අපට මතුව ඇති වැදගත් සිද්ධාන්තය නම් "භූමි දොaෂ" ගැන මතයයි.
 
 අලුතින් ඉදිකරන්නා වූ නිවාසයක මේ භූමි දෝෂ - ඉවත්කර ගැනීම ගැටලුවක්‌ නොව. නූතන විද්‍යා ශිල්පීන් නිවැරදිව සැලසුම් සහගතව ඉදිකරන සැලසුමකට නිවස ඉදිකරන්නේ නම් භූමි දෝෂ ඇති නොවන්නට වග බලා ගත හැක. වැසිකිළිය නිදන කාමරය කුස්‌සිය අවශ්‍ය දිශාගත කිරීමත් දොර ජනේල නිවැරදි සංඛ්‍යාවකට ගැළපීමත් කළ හැක. එසේම "බ්‍රහ්ම පාදය" නොපෑගෙන ලෙස හෝ බිත්තියකට අසු නොවන ලෙස යොදා ගන්නටත් හැකියාව ඇත. එහෙත් ගැටලුව වන්නේ ඔබ "ඉදිකර ඇති" නිවසේ මේ දොaෂ පවතීනම් ඒවා ඉවත් කර ගන්නේ කෙසේද?. ඒ සඳහා කොපමණ මුදලක්‌ වැය කළ යුතුද? පවතින භූමි ප්‍රමාණයට අනුව දෝෂ ඉවත් කරගත හැකිද? යන තර්කය ගැටලුව මතුවීමයි.
 
 අවුරුදු දහයක්‌ පහළොවකට පෙර හෝ විසිපහකට තිහකට හෝ නැතහොත් උරුමයෙන් දැවැද්දට ලැබුණු නිවස බ්‍රහ්ම පාදය පෑගෙන නිසා කඩා ඉවත් කරන්නට වුවහොත් නැතහොත් එහි දෝෂ පවතින නිසා නිවැසියනට දියුණුවක්‌ නැතැයි ඔබට පැවසුවහොත් ඔබ කොතරම් අසරණ වන්නේද? නැතහොත් වාස්‌තු විද්‍යා ලිපි කියෑවීමේදී ඔබට ම නිවසේ බ්‍රහ්ම පාදය ගැන ගැටලුවක්‌ මතුවුවහොත් ඔබ මානසිකව පීඩාවට පත්වන බව නිසැක ය ඔබට නිවස වෙනස්‌ කරන්නට තරම් ආර්ථික ශක්‌තියක්‌ නොමැති විය හැක. නැතහොත් භූමියේ ඇති ඉඩ කඩ සීමා සහිත නිසා නිවස වෙනස්‌ කරන්නට ද නොහැකිව ඇත. එකට ඈඳුණු නිවාස (පේළි නිවාස) වෙනස්‌ කරන්නට පහසු නැත. එසේ ම ඇතැම් නිවාස ප්‍රාදේශීය සභා නීති රීති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය නොමැතිව වෙනස්‌ කිරීම් කළ නොහැකිය. එවිට ඔබට බ්‍රහ්ම පාදයේ පවතින දෝෂයටත් වඩා මානසික පීඩාවකට පත්වී අසරණ වන්නට හැක.
 
 - එසේම ඔබ කළ යුත්තේ කුමක්‌ද?
 
 1 පළමුව ඔබ කළ යුත්තේ සත්‍ය වශයෙන්ම ඔබගේ නිවසේ බ්‍රහ්මපාදය නිසා හෝ වෙනත් වාස්‌තු දෝෂයක්‌ නිසා පීඩාවට ලක්‌වී පවතීද? යන්න සොයා දැනගැනීමයි. එය ඔබටම පහසුවෙන් සොයා ගත හැක. එය අපහසුනම් වාස්‌තු විද්‍යා ශිල්පියෙකු හෝ ජ්‍යෙdතිෂ්‍ය විද්‍යා මහතෙකු ලවා පරීක්‌ෂා කරවා ගත යුතුය. ඒ සඳහා සරල පහසුකම් පවතී.
 
 2. ඔබගේ නිවස කඩා බිඳ වෙනස්‌ කිරීමට ඔබට අවශ්‍ය නැත. කැඩීම් බිඳිම්වලින් තොරව වාස්‌තු දෝෂ විශේෂයෙන්ම බ්‍රහ්මපාදය පිළිබඳ දෝෂ ඉවත් කරගත හැකිය. නිවස කඩා දැමීමට දොර ජනේල වෙනස්‌ කරන්නට. බිත්තිය කඩා දමන්නට උත්සාහ නොගන්න. නිවසේ සැලසුමේ කිසිදු වෙනසක්‌ කළ යුතු නැත. 
 
 3. මේ දොaෂ විශේෂයෙන්ම බ්‍රහ්මපාදය ගැන ඇති දෝෂ ඉවත් කර ගන්නට ඔබට භූමියෙන්ම ලබා ගන්නා ලද සම්පතක්‌ ප්‍රයෝජනයට ගත හැක. ස්‌වාභාව ධර්මයෙන්ම අපට ලබාදුන් නවරත්න මැණික්‌ මංජුසාවක්‌ මගින් මේ දොaෂ අඩුකරගත හැක. ඔප නොදැමූ නවරත්න මංජුසාවක්‌ එම ස්‌ථානයේ වැළලිය හැකිනම් ඉන් ලැබෙන ආකර්ෂණය මත මේ දොaෂ අඩුවේ. (කපා ඔපදමන ලද මැණික්‌ සුqදුසු නැත) එම ස්‌ථානය කඩා වළලන්නට අපහසුනම් ඒ ගැනද කරදර විය යුතු නැත. මෙම නවරත්න මැණික්‌ "සූර්ය මණ්‌ඩල" ජීවමෙන් (108) එකසිය අටවරක්‌ ජීවම් කර වැළලීම කළ යුතුයි.
 
 4. මා ඉහත කීවාක්‌ මෙන් බ්‍රහ්මපාදය ඇති ස්‌ථානය කඩා මැණික්‌ වැළලීම අපහසුනම් "සූර්ය මණ්‌ඩල යන්ත්‍රය" තඹ කොලයක ලියා රාමුකර හෝ කොනේ නිවසේ ප්‍රධාන උළුවස්‌ස ඉහළින් එල්ලීම සිදුකරන්න.
 
 මෙසේ කිරීමෙන් බ්‍රහ්මපාදය පිළිබඳ ඔබට ඇති ගැටලුවලින් ඔබට මානසික සහනයක්‌ සලසා- දෙනවා පමණක්‌ නොව තමාගේ තත්ත්වයෙන් උසස්‌වීම් තේජස බලය කීර්තිය ඇතිවීමත් සම්මුඛ පරීක්‌ෂණ තරග විභාග ආදියෙන් ජය ගැනීමත් සේවකයන් සහ නිවසේ අන් අය ගෘහ මූලිකයාට අවනතම පවුලේ සමගිය ඇතිවීමත් අනිවාර්යයෙන් ම සිදු වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට උසස්‌ ප්‍රතිඵල ලබාගන්නට ද හේතු වේ.
 
 මේ සියල්ලට ම වඩා ඔබට සහ පවුලේ සැමට නිවසේ වැඩිපුර කාලය ගත කිරීමේ වාසනාව මේ මගින් උදාවේ.
 
 වැඩි විස්‌තර සඳහා විමසන්න. 0727430179, 0812085541.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »