මහා වාස්‌තු ශීල්පයට අනුව වාසනාව කැන්දන සුබ දිශාව දැනගන්න

2017-11-13 09:50:00       148
feature-top
මානව ඉතිහාසය තුළ බිහි වූ ඉතාමත් ප්‍රබල විෂයයක්‌ වන්නේ "චතුර් විද්‍යාවන්" බව විද්වතුන්ගේa පිළිගැනීමයි. චතුර් විද්‍යාවන් ලොවට දායාද කළේ ඉපැරැණි ඉසි උතුමන් වේ. චතුර් විද්‍යාවන් අතර අති ප්‍රබල විෂය ධාරාවක්‌ වන වාස්‌තු ශිල්පය මිනිසාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා වූ පැතිකඩ සකස්‌ කිරීම සඳහා ප්‍රයෝජන ගැනීමට බිහිවූ විෂයකි. වාස්‌තු ශිල්පය තුළ තිබෙන අතිමහත් වූ වාස්‌තු රහස්‌ සහ ගුප්ත රහස්‌ විශාල ප්‍රමාණයක්‌ ගැබ්වී තිබෙන්නේ "මහා වාස්‌තු" තුළ වේ. ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා "මහා වාස්‌තු" තුළ ඇති ඉපැරැණි වාස්‌තු රහස්‌ දැන ගැනීමෙන් ඔබටත් විශ්වයේ ඇති විශ්ව ශක්‌ති බලයෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි වේ. 
 
 මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ වාසනාව කැන්දන සුබ දිශාව දැන ගන්න.
 
 "මහා වාස්‌තු" ශිල්පයට අනුව පුද්ගලයෙකුගේ ජන්ම නැකත හෝ එම පුද්ගලයාගේ උපන් මාසය අනුව ඔහුට හෝ ඇයට හිමි සුබ වූ දිශාව දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී සමාන්‍ය දිශා බෙදීම අනුව දිශා අටක්‌ තිබුණද තමන්ගේ උපන් මාසය අනුව හෝ ජන්ම නැකැත අනුව කෙනෙකුට යහපත් වන්නේ එසේ නැත්නම් වාසනාව ගෙන එන්නේ දිශා 04 ක්‌ බව මතක තබා ගන්න. ඒ අනුව ඔබට හිමි දිශා හතර හොඳින් හඳුනාගෙන ඔබගේ වැඩ කටයුතු සිදු කිරීමේ දී එම දිශාවන් ප්‍රයෝජනයට ගැනීමට ඔබගේ ජීවිතය සාර්ථක කරගත හැකි බව පෙන්වා දෙමි. ඔබේ ජන්ම නැකතට හෝ උපන් චන්ද්‍ර මාසයට අනුව ඔබට ඉතාමත් සුබ දිශාව පහතින් දැක්‌වා ඇත.
 
 ජන්ම නැකත හෝ උපන් චන්ද්‍ර මාසය අනුව සුභ දිශාව 
 
 උපන් නැකත උපන් චන්ද්‍ර මාසය සුබ දිශාවන්
 
 අස්‌විද, මා, මුල බෙරණ, පුවපල්, පුවසල කැති, උත්‍රපල්, උත්‍රසල 1. බක්‌ 2. වෙසක්‌ 3. පොසොන් 4. ඇසළ 1. උතුර 2. නැගෙනහිර 3. දකුණ 4. ගිණිකොණ
 
 රෙහෙන, හත, සුවන මුවසිරස, සිත, දෙනට අද, සා, සියාවස 1. නිකිනි 2. බිනර 3. වප් 4. ඉල් 1. නැගෙනහිර 2. ඊශාන 3. බටහිර 4. නි§ක
 
 පුනාවස, වීසා, පුවපුටුප පුෂ, අනුර, උත්‍රපුටුප අස්‌ලිස, දෙට, රේවති 1. උඳුවප් 2. දුරුතු 3. නවම් 4. මැදින් 1. බටහිර 2. වයඹ 3. නැගෙනහිර 4. ගිණිකොණ
 
 (ඔබගේ ජන්ම නැකත තිබේ නම් බලවත් දිශාව ජන්ම නැකත අනුව තෝරා ගන්න. ජන්ම නැකත නොමැති නම් චන්ද්‍ර මාසය අනුව සුබ දිශාව තෝරා ගන්න)
 
 "මහා වාස්‌තු" සිද්ධාන්තවලට අනුව ඔබගේ ජන්ම නැකත හෝ උපන් චන්ද්‍ර මාසය අනුව ඔබට වඩාත් යාදෙන දිශාව දැනගැනීම ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ සුභ දිශාව දැන ගැනීමෙන් ඔබගේ ජීවිතයේ වැදගත් කටයුතු ඉටු කිරීමේ දී එම දිශාව අභිමුඛව ඉටුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. නිදසුනක්‌ ලෙස ඔබගේ ජන්ම නැකත අස්‌විද යෑයි සිතමු. එවිට ඔබට සුබ දිශාවන් 04 ක්‌ ලැබෙනවා. මෙම දිශා 04 න් ඔබට වඩාත්ම බලවත් වන පළමු දිශාව සෑම විටම තෝරා ගන්න. ඒ අනුව අස්‌විද නැකතින් උපන් ඔබ සෑම විටම උතුරු දිශාව ඔබගේ පළමු දිශාව ලෙස තෝරාගත යුතුයි. සුබ කටයුත්තක්‌ සඳහා පිටවී යැමේදී ඔබ සෑම විටම එම දිශාව බලා පිටත් වී යැමෙන් ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව ස්‌ථිරයි. එසේ වුවද ඉරිදා දිනවල මරු සිටින දිශාව උතුර බැවින් එවැනි දිනවලදී ඔබ තෝරාගත යුත්තේ ඔබගේ ජන්ම නැකතට හෝ උපන් චන්ද්‍ර මාසයට බලවත් වන දෙවැනි දිශාව වන වයඹ දිශාවයි. 
 
 සතියේ දින හතේ මරු සිටින දිශාව දැනගන්න
 
 දවස මරු සිටින දිශාව 
 
 1. සඳුදා වයඹ
 
 2. අඟහරුවාදා බටහිර
 
 3. බදාදා නිරිත
 
 4. බ්‍රහස්‌පතින්දා දකුණ
 
 5. සිකුරාදා ගිනිකොණ
 
 6. සෙනසුරාදා නැගෙනහිර
 
 7. ඉරිදා උතුර
 
 ඔබගේ සුබ දිශා හතර නිසි ලෙස දැනගත් පසුව ඒවා මරු සිටින දිශාවන් මඟහැර යොදා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. එවැනි විටක දී ඔබගේ දෙවැනි සුබ දිශාව තෝරා ගන්න. 
 
 සුබ දිශාව අනුව ඔබගේ නිදන ඇඳ හරවා ගන්න
 
 ඔබගේ ජන්ම නැකතට සහ උපන් චන්ද්‍ර මාසයට අනුව ඔබගේ නිදන ඇඳ එම දිශාවට හිස යොමුවන ලෙස යොදා ගැනීමෙන් ඔබගේ ශරීරයට විශ්ව ශක්‌තිය ගලා ඒම පහසුවන බව "මහා වාස්‌තු" දක්‌වා තිබෙනවා. මේ නිසා ඔබට නිරෝගී සම්පත්තිය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව නපුරු සිහින නොපෙනෙන අතර ඔබට සුවදායකව නිදා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක්‌ නම් ධාරණ ශක්‌තිය වර්ධනය වන අතර ලැබීම යහපත් වනවා ඇති. විශේෂයෙන් දරුපල අපේක්‍ෂිත විටක දී ස්‌ත්‍රියකට වඩාත්ම සුදුසු දිශාව පළමුව තීරණය කළ යුතු වේ. මෙහිදී ඔබ මතක තබාගත යුතු විශේෂ කාරණයක්‌ තිබෙනවා. එනම් ඔබගේ පළමු ජය දිශාව උතුර නම් ඔබගේ නිදන ඇඳ කිසිම විටක උතුරු දිශාවට හරවා නිදා නොගත යුතුයි. එහිදී ඔබගේ ඊළග සුබ දිශාව තෝරා ගන්න. ඊට හේතුව උතුරු දිශාවේ කාන්දම් ශක්‌තිය බලවත් බැවිනි.
 
 "මහා වාස්‌තු" වලට අනුව ඔබගේ ජන්ම නැකතට සහ උපන් චන්ද්‍ර මාසයට අනුව සුබ දිශා හතර දැනගත් පසුව එම දිශාවන් භාවිත කිරීමේ දී පළමුවම ඔබට යා දෙන දිශා හතරට අයත් පළමු දිශාව තෝරා ගන්න. මක්‌නිසාද යත් එම දිශාව ඔබට වඩාත් බලවත් බැවිනි. එසේ වුවද එදිනට මරු සිටින දිශාව වුවහොත් ඔබ ඊළඟට දෙවැනි දිශාව තෝරා ගන්න බුද්ධිමත් වන්න. මීට අමතරව ඔබගේ ජය දිශාව නිශ්චිතව දැනගත් නිසා එය යොදාගෙන ඔබට ඔබේ ජීවිතයේ සාර්ථක අත්හදා බැලීම් රාශියක්‌ සිදුකළ හැකිව තිබෙනවා. ඔබ ලොතරැයි මිලදී ගන්නා විට ඔබගේ ජය දිශාව බලන්න. (මරු සිටී නම් දෙවැනි දිශාව බලන්න) ඔබ සුබ වැඩකට පිටත් වන විට ඔබගේ ජය දිශාව බලන්න. ඔබගේ රැකියා කරන ස්‌ථානයේ ඔබගේ මේසය ඔබගේ ජය දිශාවට හරවා ගන්න. ඔබ වැදගත් ලියකියවිල්ලකට අත්සන් කරන විට ඔබගේ ජය දිශාව බලා එය අත්සන් කරන්න. ඔබට යම් කරදරයක්‌ වූ විට ඔබගේ උරුම දිශාව බලා පිහිට පතන්න. මෙහි දී ඔබගේ ඉටු දෙවියන් සිහිකිරීම කළ යුතු වෙනවා. (ඉදිරියේ දී මහා වාස්‌තු අනුව ඔබට බලවත් වන ඉටු දෙවියන් කියා දෙන්නම්) මේ ආකාරයට ඔබගේ ජය දිශාව තුළින් ඔබගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට ඔබට විශාල හැකියාවක්‌ තිබෙනවා. "මහා වාස්‌තු" වල සඳහන් ඉපැරැණි රහස්‌ ඔබගේ ජීවිතය සැපවත් කොට සාර්ථක කර ගැනීමට ඔබට නිර්ලෝභීව කියා දීමට මා සැමවිටම ක්‍රියා කරන්නේ "මහා වාස්‌තු" ලොවට දායාද කළ විෂ්ණු දෙවියන්ට එම පින් අනුමෝදන් කිරීම උදෙසා වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »