මහා වාස්‌තු ශිල්පය නිවැරිදිව භාවිතාකරන්නේ මෙහෙමයි

2017-11-20 10:41:00       177
feature-top
මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී බෝධිසත්ව දිව්‍ය ආත්මභාවය ශ්‍රී නාථ දෙවියන් ලෙසින් ජීවමානව වැඩ සිටී. සංසාරයේ පෙරුම්පුරා විත් මතු බුදු වන බෝධිසත්වවරු තම බුද්ධෝත්පාද කාල සම්පූර්ණ වන තුරු දිව්‍ය ආත්මභාවයන්a ලැබ දිව්‍ය විමන් තුළ ධ්‍යානගතව වාසය කරනු ලබයි. නාථ දිව්‍ය රාජ උත්තමයන් වහන්සේගෙන් පසුව බුද්ධත්වයට පෙරුම් පුරන දිව්‍ය ආත්මභාවය වන්නේ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ බව කිව යුතුයි. ශ්‍රී නාථ දිව්‍ය ආත්මය බුද්ධත්වය උදෙසා වූ සකලවිධ වූ පාරමිතා සම්පූර්ණ කොට කාලය, දීපය, දේශය, කුලය, මව යන පංචවිධ වූ සාධකයන් සම්පූර්ණත්වයට පත්වන තුරු දිව්‍ය වාසය තුළ වැඩහිඳිනු ඇත. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ යනු මේ මහා භද්‍ර කල්පයේ පහළ වන්නා වූ අවසන් බුදුරජාණන් වහන්සේ වන බව බුද්ධ දේශනාවයි. ඉන් පසුව මෙම කල්පය අවසන් වන අතර නැවත සකස්‌ වන විශ්ව ධාතුව තුළ එළැඹෙන කල්පයේ පළමු බුදුරජාණන් වහන්සේ ලෙස පාරමි පුරන්නා වූ ශ්‍රී විෂ්ණු දේවරාජ උත්තමයන් වහන්සේ ජීවමානව වැඩ සිටින අතර තවමත් පාරමිතා සම්පූර්ණ කරන නිසා සම්‍යදෘෂ්ටික දේව මණ්‌ඩල (සෝවාන්ඵලයට පත්) ප්‍රධානියා ලෙස මනුෂ්‍ය තලය වෙත තම කරුණාව සහ පිහිට, ශාන්තිය පතුරුවමින් බුද්ධත්වය උදෙසා වූ පාරමිතා පුරමින් සිටින බව කිව යුතුයි. මහා වාස්‌තු ශිල්පය Rෂි උතුමන්ට ලබාදුන් මහා විෂ්ණු දෙවියන් සෑම විටම මෙම ශිල්පය පොදු ජන හිත සුව පිණිස ඔවුන් ලෞකික තලයෙන් ආධ්‍යාත්මික තලයට ඔසවා තැබීමේ අරමුණෙන් ලොවට දායාද කළ ශිල්ප ක්‍රමයක්‌ බැවින් මහා වාස්‌තු ඇතුළු අනෙකුත් චතුර් විද්‍යා ශිල්පයන් සෑම විටම මිනිසාගේ සහනය උදෙසා භාවිත කිරීම සිදුකළ යුතුව ඇත. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට උත්සාහ ගන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් ලොවට දායාද කළ මහා වාස්‌තු ශිල්පය නිවැරැදිව භාවිත කරන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. 
 
na14 2 මහා වාස්‌තු අනුව විශ්ව තල හඳුනා ගන්න.
 
 (01 වගුව)
 
 මහා වාස්‌තු ශිල්පයට අනුව පෘථිවි තලයට උතුරු අනු දිශාවෙන් (ඊශාන) නිරන්තරයෙන් කාන්දු වන කුසල් ශක්‌තිය (විශ්ව ශක්‌තිය) මනුෂ්‍ය තලය තුළ සිටින පින්කළ මිනිසුන් උදෙසා කර්ම කර්මඵල අනුව එක්‌ එක්‌ ප්‍රමාණයන්ගෙන් ලැබෙනු ඇත. තමන් සංසාරයේ කරන ලද කුසල් අකුසල්වල ශක්‌තියේ තරම අනුව දෙවියන්ගේ සහ බ්‍රහ්මවරුන්ගෙන් නිකුත්වන ශක්‌තීන් අවශෝෂණය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම විශ්ව ශක්‌තිය තමන්ගේ ගෘහයට වඩාත් බලවත්ව ලබා ගැනීම උදෙසා වූ ශිල්පීය ක්‍රමවේදය මහා වාස්‌තු ශිල්පය තුළින් කියා දී තිබෙන්නේ මිනිසුන්ගේ යහපත උදෙසා වේ. ඒ අනුව ඊසාන දිශාවෙන් හෙවත් උතුරු අනු දිශාවෙන් පෘථිවියට ගලා එන කුසල්වලට නිරාවරණය වන ලෙස ඔබේ භෞතික පරිසරය සහ ආධ්‍යාත්මික පරිසරය ගොඩනැඟීම කළ යුතු වෙනවා. 
 
 ඊසාන දිශාවට හැරී ආගමික කටයුතු කරන්න
 
 විශ්ව ශක්‌තිය නිසි ලෙස උරා ගැනීමට නම් විශ්ව ශක්‌තිය ගලාඑන ඊසාන දිශාවට හැරී තමන්ගේ ආගමික කටයුතු ඉටුකිරීම ඉතාමත් වැදගත් වෙනවා. (මෙය කුමන ආගමක වුවද ප්‍රතිඵලදායක ක්‍රමය වේ) ඊසාන දිශාවට පිටුපා ආගමික වතාවත් ඉටුකිරීම නිසා විශ්ව ශක්‌තිය අහිමි වී යනු ඇත.
 
 මහා වාස්‌තුවලට අනුව සුබ මුහුර්ති හඳුනා ගන්න
 
 මහා වාස්‌තු ශිල්පයට අනුව තමන්ගේ ගෘහය ඉදිකිරීමේ දී සුබ මුහුර්ති ලබාගත යුතු බව පෙන්වා දී තිබෙනවා. සුභ මුහුර්ථියක්‌ යනු දිව්‍ය තලවල සිටින පෘථිවි තලයට ඇදී එන කුසල් ශක්‌ති තමන් වෙත ළඟා වන නිමේෂය බව සරලව කිව හැකියි. තමන්ගේ ශරීරයේ හා මනසේ සෑම විටම කුසල් තරංග සහ අකුසල් තරංග බලවත් වනු ලැබෙනවා. පුද්ගලයකුගේ කුසල් තරංග බලවත් වන නිසි හෝරාව තෝරා ඔහුගේ නිවාස කටයුතු උදෙසා සුබ මුහුර්ති ලබාදිය යුතු බව පෙන්වා දී තිබෙනවා. මෙහිදී ගෘහ කටයුතු සඳහා සුබ මුහුර්ති නැත්නම් නැකැත් සකස්‌ කරනු ලබන ආකාරය සාමාන්‍ය නැකැත් සාදනවාට වඩා විශේෂ විය යුතුයි. සාමාන්‍යයෙන් ජ්‍යෙdතිෂ්‍යවේදීන් නිවාස සඳහා නැකැත් පිළියෙල කිරීමේ දී පුද්ගලයාගේ ජන්ම නැකත සහ එළැඹෙන දිනය නැත්නම් යෝගය පිළිබඳව සලකා බැලීමක්‌ කරනු ලබන අතර ඒ අනුව මෙම කාලය නිවාස සෑදීමට සුදුසු හෝ නුසුදුසු කාලය බව ප්‍රකාශ කරනු ඇත. මහා වාස්‌තු ශිල්පය තුළ නිවාස නැකැත් සෑදීම නිරායාසයෙන්ම වෙනස්‌ වූ ක්‍රමයක්‌ බව කිව යුතුයි. මෙහිදී පුද්ගලයාගේ කුසල් අකුසල් ශක්‌තිය හා පෘථිවියට ගලාඑන විශ්ව ශක්‌තිය හා ඔහු විසින් ගොඩනඟනු ලබන නිවසේ ශක්‌තිය යන සියලු කරුණු පිළිබඳව විමසා බලා නිවාස නැකැත් පිළියෙල කළ යුතු බව මහා වාස්‌තු ශිල්පය තුළ සඳහන්ව පවතිනවා. මේ අනුව සෑම පුද්ගලයෙකුටම කෝණ මාසවල හැර වර්ෂයේ අනෙක්‌ සෑම කාල පරාසයකම නිවාස සෑදීම සඳහා සුබ මුහුර්ති ලබා ගත හැකි අතර එම සුබ මුහුර්ති මහා වාස්‌තු ශිල්පයට අනුව සෑමවිටම ඔතු සංඛ්‍යා ලෙස සකස්‌ වනු ඇත. මීට අමතරව නිවසක්‌ සඳහා ගෘහමූලිකයා සහ ඔහුට අනුබද්ධ වන සියලු ගෘහවාසීන්ට වඩාත් එකඟ වන කාල හෝරාවක්‌ නිවාස නැකැත් සඳහා ලබාගත යුතු අතර එය ස්‌වාභාවිකව යෙදෙන අවස්‌ථාවක්‌ බැවින් මෙම නිවාස නැකැත් ලබා ගැනීමේ දී විශ්ව ශක්‌තීන් අනුව එකඟව මහා විෂ්ණු දෙවියන් සමඟ සම්බන්ධ වී ආධ්‍යාත්මිකව එම නැකැත් ලබාගත යුතු වේ. එහිදී කිසිවිටත් ගෘහ කටයුතුවලට ලබා දෙන නැකැත් සඳහා මුදල් අය කිරීම නොකළ යුතු අතර එය වාස්‌තු ශිල්පියෙකු විසින් කළ යුත්තේ තමන්ට වාස්‌තු ශිල්පය ලබාදුන් විෂ්ණු දෙවියන්ට පින් පිණිසම විය යුතු බව විශේෂ කාරණයයි. 
 
 ගෘහ ආරම්භය සඳහා ලබාගත යුතු සුබ මුහුර්ති සතර දැනගන්න
 
 මහා වාස්‌තු ශිල්පයට අනුව ගෘහ ආරම්භයක්‌ සඳහා ප්‍රධාන සුබ මුහුර්ති සතරක්‌ ලබාගත යුතු අතර මේ සියලු සුබ ඔතු සංඛ්‍යාවන් විය යුතු වේ. පුද්ගලයාගේ කුසල් බලවත් වන්නේ සෑම විටම ඔතු සංඛ්‍යා තුළ බව මහා වාස්‌තු ශිල්පයේ සඳහන්ව පවතිනවා. ඒ අනුව ගෘහ ආරම්භයේ දී පහත සඳහන් ප්‍රධාන අවස්‌ථාවන් හතර සඳහා අඟහරුවාදා සහ ඉරිදා යන දිනයන් හැර සතියේ අනෙකුත් දිනයන් වල දී සුබ මුහුර්ති ලබාගත හැකි අතර ගෘහ ආරම්භය සඳහා ඉතාමත් යහපත් වන්නේ බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා දිනයන් බවද කිව යුතුයි.
 
 * ඉඩමේ පළමු කණුව සිටුවා ලණු ඇදීමේ නැකැත
 
 * පළමු පස්‌ පිඩැල්ල කැපීමේ නැකැත
 
 * විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රය භූමිගත කිරීමේ නැකැත
 
 * සීහුම් කොට බලගන්වන ලද මුල්ගල තැබීමේ නැකැත
 
 මහා වාස්‌තු ශිල්පයට අනුව ගෘහ ආරම්භය සඳහා ඉහත අවස්‌ථාවන් හතර සඳහා පුද්ගලයාට, දිනයට සහ ගෘහයට යෙදෙන විශ්ව ශක්‌තිය බලවත්ම වන ඔතු නැකත ලබා ගැනීම මහා වාස්‌තු ශිල්පීය නැකැත් ක්‍රමය වේ. මෙය අති සාර්ථක ක්‍රමයක්‌ වන අතර මෙලෙස සෑදු නැකතකින් ආරම්භ කළ නිවසක්‌ වර්ෂයකට අඩු කාලයක දී ඉදිකොට අවසන් කළ හැකි අතර කිසිම විටක වාස්‌තු දෝෂ බලවත් වන්නේද නැත. එසේ වුවද ඔබට විශේෂ යමක්‌ කිව යුතුව පවතිනවා. නිවාස සඳහා සුබ මුහුර්ති නිසි පිළිවෙලට ලබාගත්තද ඔබ සාදන නිවසේ වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස එකඟ වී නැත්නම් නැකත කෙතරම් නිවැරැදි වුවද නිවසේ වාස්‌තු දෝෂවල අයහපත් ප්‍රතිඵල ඔබට නිතැතින් දැනෙනු ඇත. 
 
 සුබ මුහුර්තියෙන් තබන විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රය යනු කුමක්‌ ද?
 
 ගෘහ ආරම්භයේ දී ගෘහයේ මඟුල් ගල තැබීම කළ යුතු වන්නේ නැකතට තබන ලද විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රයක්‌ මත වේ. මෙය මහා වාස්‌තු අනුව මුල්ගල තබන නිවැරැදි ක්‍රමය වේ. ගෘහ හිමියාගේ කුසල් ශක්‌තියට හා විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම බලවත් වන ලෙස සකස්‌ කළ විශ්වයේ විශ්ව පින පාදන මෙම විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රය මත මුල්ගල තබන නිවස විෂ්ණු දෙවියන්ට කැප වීම සිදු වේ. එවිට එවැනි නිවාස සඳහා අමනුෂ්‍ය බැල්ම හෝ හදි හූනියම් කිසිම විටක බලවත් වන්නේ නැත. එයට හේතුව එම ගෘහ පරිශ්‍රය ශ්‍රී විෂ්ණු දෙවියන්ට කැපකළ ස්‌ථානයක්‌ බැවිනි. එසේම මෙවැනි විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍ර පිළියෙල කරනු ලබන වාස්‌තු ශිල්පීන් ඒවා සඳහා මුදල් අය කිරීම නොකළ යුත්තේ ගෘහ හිමියාගේ යහපත උදෙසාම වන අතර ඒ තුළින් ලැබෙන පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කිරීම කළ යුතුයි. නැකැත් හා යන්ත්‍ර සකස්‌ කොට එය මුදලට අලෙවි කිරීම තුළින් ඒවායේ විශ්ව ශක්‌ති බලය හීන වී යන අතර එය සිදු කරනු ලබන කෙනාගේ ශිල්පයද පිරිහී යන බව මහා වාස්‌තු පුරාණයේ සඳහන්ව පවතිනවා. මෙම කටයුතු හුදී ජනයාගේ හිත සුව පිණිස සිදුකොට එම පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කිරීම තුළින් වාස්‌තු ශිල්පියාගේ ආධ්‍යාත්මික ශක්‌තීන් නිතැතින් වර්ධනය වන බවද ශිල්පය පිහිටන බවද එය මිනිසුන්ගේ හිත සුව පිණිසම වන බවද සඳහන් වෙනවා.
 
 මහා වාස්‌තු ලොවට දායාද කළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් දී ඔබගේ ගෘහයට එන විශ්වයේ කුසල් ශක්‌තීන් නිතැතින් වර්ධනය කොටගෙන ලෞකික ජීවිතය උපරිමනය කොට ආධ්‍යාත්මික තලයට ප්‍රවේශ වීමට කුසල් සිත්a පහළ වේවා·


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »