අවසන් කෝණ මාසකට පෙර සුබම නිවාස නැකත මෙන්න

2017-11-27 11:28:00       203
feature-top
එළැඹෙන 2017 දෙසැම්බර් මාසයේ 16 වැනි දින සිට 2018 නව වසරේ ජනවාරි මස 16 වැනි දින දක්‌වා මේ වසරේ අවසන් කෝණ මාසය උදාවීමට නියමිතය. ජ්‍යෙdතිෂ්‍යානුකූලව කෝණ මාසයක්‌ යනුවෙන් අදහස්‌ කරනුයේ එම කාලසීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුභ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයන්ගේ සුබ ග්‍රහ බලය මෙම කාලය තුළ දුර්වල වීමයි. එම හේතුව නිසා මෙම සුබ ග්‍රහයන්ගේ බලය දුර්වල වී පිරිහී ගොස්‌ ඇත. ඒ අනුව එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය. මෙම කාල සීමාව තුළ ඒ සම්බන්ධව නැකැත් සෑදීමක්‌ සිදු නොකරනු ඇත. 
 
 මෙම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළ විට එම අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදා වන්නේය. ඒ අනුව දෙසැම්බර් මාසයේ 16 වැනි දින සිට ජනවාරි මස 16 වැනි දින දක්‌වා මාසයකට ආසන්න කාලයක්‌ නිවාස කටයුතු සඳහා නැකැත් යොදාගත නොහැකි හෙයින් ඔබගේ එම කටයුතු සඳහා යොදාගත හැකි වඩාත්ම සුදුසු ඉක්‌මන් හා පහසුම සුබ නැකත් ලෙස මෙම මස 30 වැනි ගුරු දින පෙ.ව. 9.12 ට උතුර දිශාව බලා යහපත් වේ. මෙදින තත්කාල ලග්නය ලෙස ගුරු හිමි ධනු ලග්නය උදාවන අතර ලග්නාධිපති ගුරු 11 වැන්නේ හෙවත් අයස්‌ථානයේත්, සඳු ලග්නයෙන් 4 වැන්නේ බලවත් වීම ඉතාම සුභදායක වේ. පාපීන් වන රාහු, කේතු, ශනි, රවි යන ග්‍රහයන් පිළිවෙලින් 8, 2, 12, 1 යන ස්‌ථානවල යෙදීමත් රේවතී නැකතත්, පුර එකොළොස්‌වක තිථියතA, ධනයට අධිපතියා බලවත් වීමත්, සිකුරු පංචම හෝරාවේ මෙම නැකත යෙදීම ඉතාම සුබදායක වනු ඇත. මෙදින නව නිවාස ඉදිකිරීමට ආරම්භ කිරීම, අතරමඟ වැඩ නවතා දමා ඇති නිවාස හා යම් ඉඩම්වල එම කටයුතු නැවත ආරම්භ කිරීම මෙන්ම ගෙට ගෙවදීමටද මෙම නැකත ඉතාම යහපත් වනු ඇත. 
 
 තමන් උපන් ජන්ම නැකත අනුව අස්‌විද මා මූල බෙරණ පුවපල් යන නැකැත්වලින් උපන් අයට මෙම වේලාව තමාගේ නිවාස කටයුතුවලට පුවසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්‌ලිස දෙට, රේවතී යන නැකැත්වලින් උපන් අයට මෙම නැකත යොදාගත හැකිය. මෙදින ඉර උදාව පෙ.ව. 06.06 වන අතර රාහු කාලය සවස 1.27 සිට ප.ව. 2.54 දක්‌වා යෙදී ඇත. 
 
 ඒ අනුව ඔබත් ඉහත සඳහන් නැකැත් දින දෙක තුළ ජ්‍යෙdතිෂවේදී උපදෙස්‌ මත නිවාස හා විවාහ කටයුතු සඳහා නැකැත් යොදා ගැනීමට උත්සුක වීම තුළින් ඔබටත් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය. මෙම නැකැත් වේලාවන් කොළඹට ඉර උදාව අනුව සකස්‌ කර ඇත. මෙම දින දෙක තුළ තවත් සුභ වේලාවන් උදාව පවතින අතර ලණු ඇදීම, අත්තිවාරම් කැපීම හා මුල්ගල් තැබීමටද ජ්‍යෙdතිෂවේදී උපදෙස්‌ මත නැකැත් වේලාවන් යොදාගත හැක. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »