උදේ හවා ලෙඩ දුක්‌ද? එහෙනම් වාස්‌තු දොෂයක්‌

2017-11-28 10:01:00       290
feature-top
නිරෝගීකම උතුම්ම ලාභයයි, සතුට උතුම්ම ධනයයි යනුවෙන් තිලෝගුරු සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කළේ මීට වර්ෂ 2600 කටත් පෙර කාලයකදීය. එය කිසිදා වෙනස්‌ නොවන අකාලික දේශනයකි. ජීවිතයේ කුමන දේ තිබුණද, නිරෝගිකම තරම් වටිනා ලාභයක්‌ නොමැති බව අපහට වටහා ගැනීමට අපහසු නැත. මිල මුදල්, යාන වාහන, වතුපිටි, දැසි දස්‌සන්, බලය, උගත්කම කොපමණ තිබුණත් එම පුද්ගලයා රෝගියෙක්‌ නම් මේ කිසි දේකින් වටිනාකමක්‌ ඇති නොවේ. රජෙක්‌ වුවත් ගිලන් වූ විට ඔහුගේ රජකමෙන් කිසිදු වටිනාකමක්‌ ඇති නොවේ.
 
 පුද්ගලයකුගේ නිරෝගි සම්පත ඉවත්වීම කෙරෙහි කරුණු කිහිපයක්‌ බලපා හැක. 
 
 * පෙර කුසල් අකුසල් අනුව කර්ම ශක්‌තිය
 
 * වැරැදි පුරුදු ෆ රැකියාව
 
 * ජීවත් වන පරිසරය
 
 * කාලගුණය, දේශගුණය හා ස්‌වාභාවික හේතු
 
 * ආහාරපාන ෆ ගෘහයේ වාස්‌තු දෝෂ
 
 පුද්ගලයකුගේ නිරෝගිකම කෙරෙහි ඉහතින් දක්‌වන ලද කරුණු අතරින් කර්ම ශක්‌තිය, ඉතාමත් ප්‍රබල සාධකය වේ. ඊට පහළින් ඇති අනෙකුත් හේතූන් සකස්‌වීම කෙරෙහිද කර්ම ශක්‌තිය සෘජුව බලපානු ලැබේ. නිදසුනක්‌ ලෙස පුද්ගලයාගේ අකුසල් බලවත් වන විට එම පුද්ගලයා වැරැදි පුරුදුවලට නැඹුරුවීමේ ඉඩකඩ බහුල වන අතර අනෙකුත් කරුණුවලද අයහපත් ප්‍රතිඵල ළඟාකර ගැනීමට එය හේතු වේ. එසේම පුද්ගලයාගේ කුසල් බලවත් නම් වැරැදි පුරුදුවලින් මඟහැරී අනෙකුත් සාධකවලද යහපත් ප්‍රතිඵල පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය වේ. මෙම විග්‍රහ තුළ අප විසින් වටහාගත යුතු මූලිකම කාරණයක්‌ තිබේ. එනම් පුද්ගලයාගේ කටයුතු කෙරෙහි කර්ම ශක්‌තියේ බලපෑම කෙසේ වේවිද යන්න පිළිබඳව විග්‍රහ කරගැනීමට අපහට කිසිදු හැකියාවක්‌ නොමැතිකමයි. කර්ම විෂය අචින්ත්‍ය විෂයක්‌ වන අතර එය බුද්ධ විෂයයි. බුදු කෙනෙකුට හැර මෙම ලෝක ධාතුවේ වෙන කිසිම කෙනෙකුට මෙම කර්ම විෂය පිළිබඳව විග්‍රහ කිරීමේ හැකියාවක්‌ නොමැත.
 
 එසේ නම් අපට මේ සඳහා ඇති විසඳුම කු=මක්‌ද? යන්න පිළිබඳව විමසා බැලීම වටී. මෙවැනි අවස්‌ථාවන්ට පත්වන ලෝක සත්වයන්ට පිහිට වීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන්ම සිත් දියුණු කළ පුරාතනේ විසූ සෘෂිවරුන් තම ආධ්‍යාත්මික ශක්‌තිය උපයෝගී කොට ගෙන විවිධ ශිල්ප ශාස්‌ත්‍ර ලෝකය වෙත දායාද කරන ලදී. මේ අතරින් වාස්‌තු ශාස්‌ත්‍රය ඉතා වැදගත් තැනක්‌ ගනී. පුද්ගලයාගේ නිරෝගී සම්පත ආරක්‍ෂා කර ගැනීම සඳහා වාස්‌තු ශිල්පය යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානයට ලක්‌කිරීමට අදහස්‌ කරමි. විශේෂයෙන් පුරාණයේ අපේ මුතුන් මිත්තන් මෙම වාස්‌තු ශිල්පයේ ආරක්‍ෂාව සලසාගත් අතර නූතන සමාජයේ ජනතාවට මෙමගින් ලබාගත හැකි ප්‍රතිඵල දුරස්‌ වී තිබීම ඉතා කනගාටුවට හේතුවන කරුණක්‌ වුවද වර්තමානයේ වාස්‌තු ශිල්පය පිළිබඳව විශාල ප්‍රබෝධයක්‌ ඇතිවී තිබීම ජාතියේ වාසනාවකි. 
 
 වාස්‌තු ශිල්පයේ සෑම මූලධර්මයක්‌ම ගොඩනැඟී ඇත්තේ සොබාදහමේ නීති රීතීන්ට අනුකූලවයි. විශ්ව ශක්‌තිය, විශ්ව බලය, දිශා ශක්‌තිය, ආලෝකය, සුළඟ, වෘක්‍ෂලතා. මූල ධාතු, ස්‌වාභාවික වර්ණ රටා, ගුරුත්ව ශක්‌තිය, චුම්භක බලය ආදී සොබාදහමේ පවතින සෑම දෙයක්‌ සමඟම වාස්‌තු විද්‍යාවේ සංකල්පයන් බැඳී ඇත. සොබාදහමෙන් ඈත්වන තරමට මිනිසාගේ ප්‍රශ්න වැඩිවන අතර සොබාදහමට සමීපවන තරමට සෑම දෙයක්‌ම සරල පහසු වේ. වාස්‌තු ශාස්‌ත්‍රයේ සඳහන් පරිදි නිවසක නිරෝගිකම ආරක්‍ෂා කරනු ලබන ලෙඩ රෝග පලවා හරින ඒක කේන්ද්‍රික වාස්‌තු මර්මස්‌ථාන 03 ක්‌ හඳුන්වා දී ඇත. 
 
 * භූමියේ දෝෂ හා අත්තිවාරමේ දෝෂ 
 
 * දිශානුගතකරණයේ දෝෂ
 
 * වහලයේ දෝෂ
 
 මෙම දෝෂ ගොඩනැඟෙන ස්‌ථරයන් අතර පවතින සම්බන්ධතාවයේ තීව්‍රරත්වය මත නිවසේ ලෙඩ රෝග බහුල වීම හෝ නිරෝගි සම්පත ආරක්‍ෂා වීම සිදුවේ. විශේෂයෙන් මෙම ස්‌ථර තුනට අයත් ප්‍රධාන වාස්‌තු මූල ධර්මවල පවතින ඌණතාවයක්‌ එම නිවසේ ගෘහ හිමියා, ගෘහ හිමි කාන්තාව හා ගෘහවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම කෙරෙහි බලපෑම් එල්ල කළ හැක. 
 
 භූමි දෝෂ සහ අත්තිවාරම් දෝෂ - විශේෂයෙන් ඔබ විසින් නිවසක්‌ සෑදීමේදී තෝරගනු ලබන භූමියේ හැඩය හා බෑවුම පිළිබඳව විශේෂයෙන් අවධානයක්‌ යොමු කරන්න. පහත සඳහන් දිශාවන්ට බෑවුම් සහිත භූමියක නිවස සෑදීම ගැන ගෘහ මූලිකයාගේ සෞඛ්‍ය පිරීහිමට හේතුවේ.
 
 1. වයඹට බෑවුම 2. බටහිරට බෑවුම
 
 3. නිරිතට බෑවුම
 
 භූමියේ හැඩය පිළිබඳව සැලකීමේදී පහත සඳහන් හැඩතල ඉඩම් සෞඛ්‍ය පිරිහීමට හේතුවේ. 
 
 1. නිරිත දිශාවට අඩු ඉඩම
 
 2. ගිණිකොන දිශාවට ඇදී ගිය ඉඩම
 
 3. වයඹ දිශාව අඩු ඉඩම
 
 මෙහිදී නිවසේ වෙසෙන්නන්ගේ සෞඛ්‍ය පිරිහීම පිණිස ඉහත සඳහන් කළ ලක්‍ෂණයන් දෙකම සහිතව ඉඩම් පිහිටීම බද්ධ වුණු ඉඩම් හේතු වේ. මෙම තත්ත්වය ඉඩම තුළ තිබුණද එය වඩාත් තීව්‍රර කිරීම සඳහා ඔබ විසින් යොදන අත්තිවාරම නිවැරැදි නොවේ නම් එය තව තවත් අයහපත් ප්‍රතිඵල ලබාදීමට හේතුවේ. විශේෂයෙන් අත්තිවාරම සකස්‌ කිරීමේදී අත්තිවාරමට අයත් වර්ග ක්‍ෂේත්‍රය බල ගැන්වීම ප්‍රත්‍යාධාරි බල ගැන්වීම හෝ වධ, විපත් වීම තුළ සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. 
 
 දිශානුගතකරණයේ දෝෂ - නිවසේ ලෙඩ රෝග බහුල වීම තුළ නිසියාකාරයෙන් ගෘහ අංග දිශානුගත කරණය නොකිරීම හේතු වේ. 
 
 1. මුළුතැන්ගෙය - ඊශාන දිශාවේ පිහිටීම
 
 2. ප්‍රධාන නිදන කාමරය - ගිණිකොන දිශා පිහිටීම
 
 3. ප්‍රධාන නිදන කාමරය හෝ ළමා කාමර මුළුතැන්ගෙයි උඩ හෝ මුළුතැන්ගෙයි යට කාමර ලෙස පිහිටා තිබීම
 
 4. බ්‍රහ්ම පාදයේ විල් පොකුණු, කණු පිහිටුවා තිබීම 
 
 5. මුල්ගල පෑගීම
 
 ඉහත පිහිටීම තුළින් සිදු වන්නේ නිවසේ නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. මෙවැනි පිහිටීම් ඔබගේ නිවසේ ඇත්නම් ඒවා පිළිබඳව අවධානය යොමුකොට නිවැරැදි කර ගැනීම සිදු කළ යුතුම දෙයකි.
 
 වහලයේ දෝෂ - වහලය යනු ගෘහයේ සිරසයි. එබැවින් ඒ සඳහා විශේෂ අවධානයක්‌ යොමු කිරීම සිදු කළ යුතු බව, ශෞනක සෘෂී, ශෞනක තන්ත්‍ර යෙහි ලෝකයාට උපදෙස්‌ දී ඇත. ඒ අනුව ගෘහයේ වහලය නිසා සිදුවන දෝෂ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කිරීම සිදු කළ යුතුයි. 
 
 1. නිවස මැදින් පල දෙකක ජලය එකට එක්‌වී නිවස මැදින් ගලා යැම
 
 2. නිවසේ බ්‍රහ්ම පාදය හා ඉඩමේ බ්‍රහ්ම පාදය එකම ලක්‍ෂයකට යෙදී තිබීම හා ඊට ලම්බකව වහලයේ මූට්‌ටුවක්‌, බාල්කයක්‌ හෝ කුරුපාවක්‌ යෙදී තිබීම.
 
 3. සොහොන් පරාල ගසා තිබීම
 
 4. කැණිමඬල ලක්‍ෂණ
 
 5. තනි පලයේ වහල
 
 ඉහතින් පෙන්වා දුන් වාස්‌තු දෝෂයන්වලට ගෘහය ලක්‌වීම තුළ නිවසේ වෙසෙන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හා නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීමේ හැකියාව නිතැතින් ඇති වේ. විශේෂයෙන් ඉහත දෝෂයන් 03 ක්‌ එකට එක්‌ වීම තුළ ගෘහ හිමියා නිධන්ගත රෝගයකට ලක්‌වීම හෝ සදාකාලික අකර්මණ්‍යතාවයන්ට ලක්‌වීම, ගෘහ හිමි කාන්තාව හදිසි අනතුරුවලට භාජනය වීම හා දරුවන් රෝගීවීම දැකිය හැක. ඉහත දෝෂයන් මඟහරවා ගැනීම සඳහා ඔබ විසින් මිලදී ගනු ලබන ඉඩම කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරන්න. සෑම විටම ඔබගේ ගෘහ සැලැස්‌ම වාස්‌තුවට එකඟ කර ගැනීමට උත්සහ ගන්න, වහලය විවිධ හැඩතල ඉවත් කොට සරලව පල දෙකකට හෝ පල 4 කට සරල රටා යොදන්න. දැනටමත් ඔබගේ නිවසේ ඉහත වාස්‌තු දෝෂයන්ට ලක්‌වී ඇත්නම් ඒ සඳහා නිවස කඩන්නේ බිඳින්නේ නැතිව වාස්‌තු සිද්ධාන්තවලට එකඟ කළ හැකි බවද තරයේ සිහි තබාගත හැකිය. එය කෙසේද යත් අතක ලෙඩක්‌ ආ විට වෛද්‍යවරයා ළඟට ගිය විට එම අත කැපීමට අවශ්‍ය නොවේ. විවිධ ඖෂධ ලබාදී එම අතේ රෝගය සුව කරති. 
 
 ඒ ආකාරයටම නිවසේ පවතින වාස්‌තු දෝෂයන්ද කැඩීම්, බිඳීම්වලින් තොරව යහපත් ලෙස සක්‍රීය කළ හැකිවේ. වාස්‌තු සිද්ධාන්තවලට එකඟ සම්පත්, පරම මෛත්‍රී, මෛත්‍රී නිවසක නිරෝගී සම්පන්නව ජීවත්වීමට ඔබ සැමට වාසනාව උදා වේවා· 


More News »