ප්‍රධාන දොරටුව සක්‍රීය කරන ඉපැරැණි වාස්‌තු ක්‍රම.

2017-12-11 10:11:00       313
feature-top
මිනිසෙකුගේ බාහිර ලෝකය හා සම්බන්ධ කෙරෙන ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ ඇසයි. එසේම අපට යම්කිසි කෙනෙකු හඳුනා ගැනීමට උපකාරී වන්නේද, වෙනත් පුද්ගලයෙකුටද අපව හඳුනා ගැනීමට උපකාරී වන්නේ ඇස බව අප දනිමු. එසේම ඕනෑම පුද්ගලයෙකුගේ දර්ශනයකදී ප්‍රථමයෙන් දර්ශන තලයට හසු වන්නේ එම පුද්ගලයාගේ ඇස්‌ දෙකයි. එම ප්‍රථම දර්ශනයේදීම අනෙක්‌ පුද්ගලයාගේ චිත්ත සන්තානයට සිතුවිලි දස දහස්‌ ගණනක්‌ සම්ප්‍රේෂණය කිරීමට තරම් ඇස නමැති ඉන්ද්‍රිය බලවත්. මෙහිදී කෙනෙකුගේ ඇස්‌ දෙක තුළින් එම පුද්ගලයාගේ බලවත් බව, දුර්වල බව, අහිංසක බව, කරුණාවන්ත බව ආදී විවිධ චරිත ලක්‍ෂණ වටහාගත හැකි අතර බාහිර පුද්ගලයන් දමනය කිරීමේ හැකියාව ඇති විවිධාකාර ලක්‍ෂණයන් මතු වනු ඇත. එම නිසා පුද්ගලයෙකු දකින මුල්ම අවස්‌ථාවේ එම පුද්ගලයා හඳුනා ගැනීමට එම පුද්ගලයාගේ ඇස යම් සේ උපකාරීවේද ගෘහයක්‌ දකින මුල්ම අවස්‌ථාවේදීම එම ගෘහයක බාහිර පුද්ගලයාට හඳුනා ගැනීමට උපකාර වන්නේ නිවසේ මංගල ද්වාරයයි. බාහිර සමාජය සහ ගෘහයක්‌ අතර ඇති කරන සම්බන්ධතාව සඳහා ගෘහයේ ප්‍රධාන ද්වාරය වැදගත් වන අතරම ගෘහ වාසීන්ගේ සියලු කටයුතු කෙරෙහි විශාල බලපෑමක්‌ ප්‍රධාන ද්වාරය තුළින් සිදුවේ. 
 
 ගෘහ වාසීන් හා බාහිර ලෝකය අතර ප්‍රධානම සම්බන්ධතාව ඇති කරනු ලබන ගෘහ අංග අතර නිවසේ මංගල ද්වාරය බව ඔබ මතක තබා ගත යුතු කාරණයකි. මෙවැනි වැදගත් ගෘහ අංගයක්‌ වන ප්‍රධාන ද්වාරය නිසි ලෙස පිහිටුවා ගැනීමේ වැදගත්කම වාස්‌තු ශිල්පයේදී විශේෂ කොට පෙන්වා දී තිබෙන කාරණයකි. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සහ ගන්නේ ගෘහයේ මංගල ද්වාරය නිසි ලෙස පිහිටුවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව පහදා දීමටයි. 
 
 වාස්‌තු ශිල්පයේ දී අප මංගල ද්වාරය ලෙස ඉතා ගෞරවාන්විතව හඳුන්වනු ලබන්නේ නිවසේ ප්‍රධාන ද්වාරයයි. මෙම ද්වාරයට මංගල ද්වාරය ලෙස ව්‍යවහාර කෙරෙන්නේ එහි ඇති වැදගත්කම නිසාමයි. මංගල කාරණා පිළිබඳව ඔබ මීට පෙර අසා ඇත. මංගල ද්වාරය එහි අර්ථය පිළිබිඹු වන ලෙස පිහිටුවිය යුතු අතර වාස්‌තු ශිල්පීය ක්‍රමවලට පටහැනිව ප්‍රධාන ද්වාරය තැබීම එම ද්වාරය අවමංගල ද්වාරයක්‌ බවට පවා බලගැන්විමේ ඉඩකඩ තිබෙන බව සිතන්න. මේ නිසා ඔබගේ ඉදිකිරීමට යෝජිත නිවාස සැලැස්‌මේ හෝ දැනට පරිහරණය කරන ගෘහයේ ද්වාරය මංගල ද්වාරයක්‌ ලෙස බලවත් කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් මූලික සිද්ධාන්ත කෙරෙහි අවධානය යොමුකළ යුතු බව සිතන්න. 
 
 මංගල ද්වාරය දිශානුගත කිරීම
 
 නිවසේ ප්‍රධාන ද්වාරය තැබීමේදී එය තමන්ගේ ජන්ම නැකත හා සසඳා ජන්ම නැකතට ගැලපෙන දිශාව තෝරාගෙන, දිශාව තෝරා ගැනීම කළ යුතුයි. අප විසින් නැකැත් 27 ක්‌ භාවිත කළද සැබෑ ලෙසම නැකැත් 28 ක්‌ පැවති අතර 28 වැනි නැකත වන්නේ අභිජිත් නැකතයි. ඒ අනුව ප්‍රධාන ද්වාරය පිහිටුවිය යුතු දිශාව තීරණය කිරීම පහත පරිදි සිදු විය යුතුයි.
 
 ජන්ම නැකත ප්‍රධාන ද්වාරය 
 
 පිහිටුවිය යුතු දිශාව
 
 * 1 සිට 07 දක්‌වා - උතුරු දිශාව
 
 * 08 සිට 14 දක්‌වා - නැගෙනහිර දිශාව
 
 * 15 සිට 21 දක්‌වා - දකුණු දිශාව
 
 * 22 සිට 27 දක්‌වා - බටහිර දිශාව
 
 ප්‍රධාන ද්වාරය පිහිටුවීමට සුදුසු දිශාව තීරණය කිරීමේදී ඉහත ක්‍රමවේදය භාවිත කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකිය. එහිදී ඉඩමේ මුහුණත හා ඉඩමේ හැඩය මෙන්ම ප්‍රවේශ මාර්ගය යන කරුණු බලා දිශාව තීරණය කිරීමේ හැකියාව පවතී. එසේ වුවද නිවසේ ද්වාර සටහන ගැළපීමේදී දකුණු දිශාවෙන් නිවසට පොදු ස්‌ථානයකින් ද්වාරයක්‌ තැබීම කළ යුතුම බව සිතන්න. 
 
 ද්වාර තැබීමේදී පාද සටහන මංගල ද්වාරය ස්‌ථානගත කිරීමේදී එය සුබ පාදයකින් තැබීම අනිවාර්ය සිද්ධාන්තයකි. මෙහිදී ගෘහයේa පාද බෙදීමේ ක්‍රම නිසි ලෙස තිබුණද නන්දා, භද්ද්‍ර, ඡයා, රික්‌තා, පූර්ණා, වශයෙන් පාද පහේ කොටස්‌ 3 කට වෙනස්‌ කිරීම ඉතාමත් නිවැරැදි සහ සක්‍රීය ක්‍රමය ලෙස පෙන්වා දිය හැකිය. ගෘහයේ දිග හෝ පළල අඩි 45 කට අඩුවන විට එක්‌ පාදයක පළල අඩි 03 කට වඩා අඩුවන බැවින් ප්‍රධාන ද්වාරය සෑමවිටම 5, 6 හෝ 10, 11 වශයෙන් යොදන පූර්ණා නන්දා පාදවලින් පිහිටුවීම ඉතාමත් ප්‍රතිඵලදායක වේ. කිසිම විටක ප්‍රධාන ද්වාරය අසුබ පාදයක ස්‌ථාන ගත නොකළ යුතු අතර පාද පිහිටුවීම නිසි ලෙස සිදු කිරීම කළ යුතු බව පෙන්වා දෙමි.
 
 මංගල ද්වාරයේ පියන් විවෘත කරන දිශා
 
 ප්‍රධාන ද්වාරයේ පියන එළියේ සිට අරින විට නිවස තුළට දකුණු දිශාවට විවෘත විය යුතු වේ. කිසියම් විටක වමට හෝ නිවසින් පිටතට ද්වාරයේ පියන් විවෘත නොවිය යුතු බව පෙන්වා දෙමි. නූතන නිවාස සැලසුම් කරණයේ දී Dරැඋ යෙදීම දක්‌නට ලැබෙනවා. මේවා නිවාස සඳහා යොදා ගැනීම වරදක්‌ නොමැති වුවද ඒවා දැනට යොදා තිබෙන ආකාරය දෝෂ සහගත බවද පෙන්වා දෙමි. මෙවැනි Dරැඋ වල පියන් එළියට ඇරීම නොකළ යුතු වේ. ද්වාරයේ පියන් එළියට විවෘත නොවන අතර පියන් එළියට විවෘත වන්නේ ජනේලවල පමණි. මෙවැනි Dරැඋ නපුංසක උළුවහු ලෙස බලගැන්වී නිවසට දෝෂ ඇතිකර දෙනවා. ඔබගේ නිවසේ දැනටමත් මෙවැනි Dරැඋ ඇත්නම් ඔබ කළ යුත්තේ ද්වාරයක්‌ ලෙස එහා මෙහා යන කොටසේ පියන් ඇතුළට විවෘත වන ලෙස සකස්‌කර ගැනීම සහ ජනෙල් ලෙස භාවිත කළ කොටස්‌ ග්‍රිල් යොදා වසා දමා ඡනේලයක්‌ ලෙස භාවිතා කිරීමයි. මෙවැනි නපුංසක ගණයේ උළුවහු පවතින නිවාසවල පොදු ලක්‍ෂණය වන්නේ නිවසේ සතුට හා සාමය නොමැතිකම හා නිවසේ ඉදිකිරීම් ප්‍රමාදවීම හා සතුරු කරදර ඇතිවීමයි. 
 
 මංගල ද්වාරය බල ගැන්වීම
 
 ඔබගේ නිවසේ ප්‍රධාන ද්වාරයේ දෝෂ ඉවත්කොට එය නිසි ලෙස බල ගැන්වීම නිවසේ සියලු කටයුතු සාර්ථක වීම හා බාහිර පරිසරය හා පවතින සම්බන්ධතාවල ප්‍රතිඵල යහපත් වීමට හේතු වේ. මේ සඳහා ඔබගේ මංගල ද්වාරය පළමුව නිදහස්‌ කිරීම කළ යුතුයි. ඒ සඳහා පහත දෑ ඔබ විසින් දැනටමත් සිදු කරයි නම් ඒවා ඉවත්කොට මංගල ද්වාරය නිදහස්‌ කරන්න. 
 
 1. මංගල ද්වාරයේ පහන් දැල්වීම
 
 2. විවිධ ඡායාරූප හා පිංතූර එල්ලා තිබීම
 
 3. යන්ත්‍ර සහ ආගමික ශාස්‌තෲන්aගේ පිළිම පිංතූර තිබීම
 
 4. ජීවම් කරන ලද මුට්‌ටි හෝ පොල් එල්ලීම
 
 5. වෙස්‌ මුහුණු හා අශ්ව ලාඩම් එල්ලීම
 
 6. පඬුරු ගැට ගැසීම
 
 7. කළු පාට වර්ණ යෙදීම
 
 8. නිවසින් පිටතට විවෘත වීම
 
 9. එළියේ සිට විවෘත වන විට වමට විවෘත වීම
 
 10. මංගල ද්වාරය අභියස අලි හක්‌ක වැනි ශෛලමය කොටස්‌ වැළලීම
 
 ඉහතින් දක්‌වා ඇති ලෙස ඔබගේ නිවසේ මංගල ද්වාරය දෝෂයන් සකස්‌ වී ඇත්නම් ඒවා ඉවත්කොට මංගල ද්වාරය නිදහස්‌ කරන්න. ඔබගේ මංගල ද්වාරය පහත පරිදි සක්‍රීය කර ගන්න. 
 
 * උතුර හෝ නැගෙනහිර දිශාවල ඔබගේ මංගල ද්වාරය යෙදී ඇත්නම් ද්වාරය අභියස සුදු මල් යෙදු පැන් බඳුනක්‌ තබන්න.
 
 * ද්වාරය උතුරු දිශාවේ නම් - දකුණු පැත්තට
 
 * ද්වාර නැගෙනහිර දිශාවේ නම් - වම් පැත්තේ
 
 * දකුණ හෝ බටහිර දිශාවල ඔබගේ මංගල ද්වාරය පිහිටා ඇත්තේ නම් ඇත් රූපය පුන්කලස පිහිටුවීම ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි. 
 
 * ද්වාරය බටහිර දිශාවේ නම් - දකුණු පැත්තෙන් 
 
 * ද්වාරය දකුණු දිශාවේ නම් - වම් පැත්තේ 
 
 * ඉහත සක්‍රීය කිරීම්වලට අමතරව ඔබට ද්වාරයේ දිශාව අනුව කැටයම් වර්ග යෙදීම කළ හැක.
 
 * උතුරු දිශාව - ලිය වැල/හංස පූට්‌ටුව
 
 * දකුණු දිශාව - මිදි වැල/අන්නාසි මල/පුන්කළස
 
 * නැගෙනහිර දිශාව - ලිය වැල/පුන්කළස/හංස පූට්‌ටුව
 
 * බටහිර දිශාව - ඇත් රූපය / පුන්කලස
 
 එසේම ඔබගේ මංගල ද්වාරය අභියස නිවස තුළ ප්‍රධාන ද්වාරයට දර්ශනය වන ලෙස ස්‌වස්‌ථික ලාංඡනය ප්‍රදර්ශනය කිරීමද මංගල ද්වාරය වඩාත් බලවත් කිරීම සඳහා යොදාගත හැකි බව පෙන්වා දෙමි.
 
 ඔබගේ නිවසේ මංගල ද්වාරය නැත්නම් නිවසේ ප්‍රධාන ද්වාරය කොතරම් වැදගත් ගෘහ අංගයක්‌ද යන්න පිළිබඳව වැටහෙනවා ඇත. එබැවින් ඔබගේ නිවසේ දැනට පවතින ප්‍රධාන ද්වාරය නිසි ලෙස හඳුනාගෙන එහි ඇති කර තිබෙන දෝෂ ඉවත්කොට මංගල ද්වාරය සක්‍රීය කොට බලවත් කිරීමේ යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනු ඇත. ගෘහයේ ප්‍රධාන ද්වාරය මංගල ද්වාරයක්‌ කරනවාද? නැත්නම් අවමංගල ද්වාරයක්‌ කරනවාද? පිළිබඳව තීරණය කිරීම ඔබ කළ යුතු දෙයකි. නිවසේ ඇස්‌ දෙක වන් මංගල ද්වාරය නිසි ලෙස සාදා ගැනීමට ඔබට අවශ්‍ය වාස්‌තු ඔසු ලබාදීම මාගේ ඒකායන අරමුණ වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »