ඔබට සුදුසු ඉඩමක්‌ තෝරාගන්නේ මෙහෙමයි

2018-01-08 10:24:00       559
feature-top
නිවසක්‌ ඉදිකිරීම සඳහා ගනු ලබන ඉඩමේ හැඩතල අනුව වාස්‌තු විද්‍යානුකූලව පූර්වාචාරීන් විසින් විවිධ ශුභ අශුභ දක්‌වා ඇත. මායිමකින් එක්‌ කොටසක්‌ හෙවත් ඒකකයක්‌ බවට පත්ව ඇති ඉඩමක මධ්‍යයට බලපානු ලබන විශ්ව ශක්‌තිය එහි මායිම දක්‌වා කෙමෙන් විහිදී යයි. අනතුරුව එම මායිම ඔස්‌සේ එම බලය ක්‍රියාකරනු ලබන්නේ ඉලෙක්‌ට්‍රොනික පරිපථයක විද්යුත් ශක්‌තිය ක්‍රියාත්මක වන ආකාරයටය.
 
 එබැවින් ඉඩමේ හැඩය අනුව එම ඉඩමේ වාසය කරන්නන්ට ශුභඵල හෝ අශුභඵල දෙන බව විද්‍යාත්මකව පිළිගත හැක. ඒ අනුව හැඩතල අනුව ඉඩම්වල ශුභ අශුභ.
 
 1. චතුරශ්‍ර භූමිය : Rජුකෝණාස්‍රාකාර හෝ සමචතුරශ්‍රාකාර විය හැක. මෙවන් භූමියක ඉදිකරනු ලද නිවසක වාසය කරන අයගේ ආර්ථික ශක්‌තිය වර්ධනය වන බවත් ප්‍රීතිමත් නිත්‍ය වාසයක්‌ සඳහා මෙම භූමිය සුදුසු බවත් වාස්‌තු විද්‍යා නියමයයි.
 
 2. ත්‍රිකෝණාකාර භූමිය : ත්‍රිකෝණාකාර හැඩය ගත් මෙම භූමිය ශුභඵලදායක නොවේ. මෙය රාජ භය ගෙනදෙන භූමියක්‌ ලෙස සැලකේ. නීති ප්‍රශ්න ආරක්‌ෂක ප්‍රශ්න රාජ්‍යමය චෝදනාවලට ලක්‌වීම වැනි අශුභඵලවලට නිවැසියන්ට මුහුණදීමට සිදුවේ.
 
 3. විෂම භූමිය : පරස්‌පරව හමුවන සේ මායිම් ඇති මෙම භූමිය තුළ ඉදිකළ නිවසේ වාසය කරන්නන්ගේ ජීවිත ශෝකාකූල මලානික ස්‌වභාවයක්‌ ඇතිවන අතර දියුණුවක්‌ ඇති නොවේ. දිගින් දිගටම ප්‍රශ්න ඇතිවේ.
 
 මේ නිසා බොහෝ විට නිවස අතහැර යැමට සිදුවේ.
 
 4. වෘත්ත භූමිය : මායිම් වක්‍රකාර ස්‌වභාවයක්‌ ගත්තා වූ මෙම භූමිය වාසනාවන්තය. මෙහි ජීවත්වන අය ප්‍රබෝධයෙන් දිවි ගෙවන අතර දියුණුවත් සැප සම්පත් හිමිවීමත් නිසා ජය ලබන්නෝ වේ.
 
 5. චක්‍ර භූමිය : රථ රෝදයක්‌ වැනි හැඩයක්‌ ඇති මෙවන් භූමි ඇත්තේ ඉතා කලාතුරකිනි. ඉතාම අශුභ ඵල දෙන බව පැවසේ.
 
 6. දණ්‌aඩ භූමිය : දිගින් ඉතා වැඩිවූ පළලින් අඩු මෙම භූමිය සාමාන්‍ය ඵල දෙන්නකි. සත්ත්වයන්ට අශුභඵල දෙන නමුත් මනුෂ්‍යයන්ට අශුභ නොවේ. නමුත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු නොවන නමුත් සාමාන්‍ය අයුරින් ගෙනයැමට හැකිවේ. මෙහි ජීවත්වන අයට දියුණුවීමට බොහෝ අවහිරකම් ඇතිවේ.
 
 7. වෘහත් භූමිය : මෙය පළල් වූ මුඛ විටක්‌ බඳු භූමියකි. අශුභ ඵල දෙන භූමියක්‌ ලෙස වාස්‌තු විද්‍යාවේදී හඳුන්වයි. මෙහි නිවැසියන්ගේ හිත මිත්‍රාදීන්ට අශුභ ඵල ගෙනදෙයි. බොහෝ විට අනික්‌ අයගේ උදව් උපකාර අහිමි වේ. එබැවින් මද දියුණුවක්‌ සහිතව ද අසාර්ථක සබඳතා සහිතව ද දිවි ගෙවීමට සිදුවේ.
 
 8. ශකට භූමිය : ශාලක හැඩය ඇති මෙම භූමිය අශුභ ඵල දෙයි. ධනය හානි වේ. දියුණුව මද වේ. ප්‍රීතිමත්ව ජීවත්වීමට හැකි පරිසරයක්‌ ඇති නොකරයි. එබැවින් මෙවන් භූමිවල නිවැසියෝ රැඳී නොසිටී.
 
 9. ව්‍යජන භූමිය : මෙහි හැඩය පොරෝ තලයකට සමාන වේ. මෙය ද අශුභ ඵල දෙන භූමියකි. මෙහි නිවැසියන් අතර මතගැටුම් කලකෝලාහල අසමගිය ඇතිවේ. දියුණුව බිඳවැටේ.
 
 10. ධනවා භූමිය : දුන්නක හැඩය ගත් මෙම භූමියෙහි නිතර සොර සතුරු භය රෝග භය ඇතිවන බව වාස්‌තු නියමයයි. මෙහි ජීවත්වන අය සමාජයෙන් කොන්වී අසාර්ථක ජීවිත ගතකරයි.
 
 11. පණවා භූමිය : මෙම භූමිය පනා බෙරයක හැඩය ගනී. මෙහි සාදන නිවසේ වෙසෙන්නන්ට ශීර්ෂ රෝග, අක්‌ෂි රෝග ඇතිවන අතර බුද්ධි හීන ලෙස ද අවිචාරාත්මක ලෙස ද කටයුතු කිරීමට පෙළඹීමෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වේ.
 
 12. ශුර්පී භූමිය : කුල්ලක ආකාර හැඩය ගත් මේ භූමිය ද අශුභ වේ. තැන්පත් ධනය නැතිවී යයි. මෙහි ජීවත්වන නිවැසියන්ගේ ජීවිත අසාර්ථක වේ.
 
 13. මු-ජාකාර භූමිය : මැද මහත්ව දෙකෝණ සිහින්ව වූ මිහිඟු බෙරයකට සමාන මෙම භූමිය ජීවත්වන ස්‌ත්‍රී පක්‌ෂයට අශුභය. නිතර රෝගාබාධ ඇතිවේ. අනිසි ප්‍රතිඵල හිමිවේ. එබැවින් වාසයට සුදුසු නොවේ.
 
 14. පතාකාර භූමිය : මුල් කොටස පළල වී අග කොටස සිහින්ව දික්‌ව ගිය පතාකයකට සමාන වූ මෙම භූමිය සිරිකත කැඳවන ජය භූමියක්‌ වශයෙන් හඳුන්වයි. ධන ධාන්‍ය ගව මහීෂාදී සැප සැම්පත් නිවැසියන්ට හිමිවන අතර ප්‍රසිද්ධියටත් ගෞරවයටත් පත්වේ.
 
 15. ඕවලාකාර භූමිය : මෙය බිත්තරයක හැඩය ගත් භූමියකි. ශුභ අශුභ සමානව ගෙනදෙයි. දෙවියන් ඇදහීම වැනි ශුභ කටයුතුවලින් වාසනාව ළඟාකර ගත හැක.
 
 ඉහත දක්‌වන ලද භූමි 15 අතරින් නිවාස ඉදිකිරීමට ඉතා සුදුසු වන්නේ චතුරශ්‍ර භූමිය, වෘත්තාකාර භූමිය සහ පතාකාර යන භූමි බව පෙනේ.
 
 නිවාස ඉදිකිරීමෙන් නිවස ඇතුළත දොaෂ ඉවත් කළ යුතුය. මහා මර්මස්‌ථාන බේරා නිවස සෑදිය යුතුයි. අත්තිවාරම දිග අතට කොටස්‌ 8 ක්‌ ද පළල අතට කොටස්‌ 8 ක්‌ ද කොටස්‌ 64 ඇත. එහි මැද කොටස්‌ 4 බ්‍රහ්ම පාදය වන අතර එහි මධ්‍ය ලක්‌ෂය ගිනි කතුර හෙවත් මරුසුලම නමින් හඳුන්වයි. මෙය මනුෂ්‍යයාගේ හදවත පිහිටි ස්‌ථානය හා සමාන වේ. මෙය ඉතාම පවිත්‍ර ස්‌ථානය වේ.
 
 මෙම ස්‌ථානය පෑගීම සුදුසු නැත. මෙයට මල් අසුනක්‌, බුදු ගෙයක්‌ ඇතුළත් වීම සුදුසුය. එයට වැසිකිළි කැසිකිළි පොකුණක්‌ ඇතුළත් වී නම් නිමක්‌ නැති කරදර ඇතිවේ.
 
 ඉඩමක හරි මැදට වැසිකිළි, ළිං ආදිය ඇතුළත් වූයේ නම් කරදවල කෙළවරක්‌ නැත. ඉඩමේ මැදට සිදුරක්‌ ඇතිවුවහොත් විශාල කරදර ගොඩක පැටලේ. එනම් පවුල් අවුල් වේ. ගෘහ මූලිකයාගේ මරණය නියතය. ඉඩමක මෙම දොaෂ ඇත්නම් මායිම් දමා වෙන්කළ යුතුය.
 
 නිවසක වයඹ කෝණය ගෘහමූලිකයා නිවේදනය කරන ස්‌ථානයයි. වයඹේ ලිපක්‌ බැඳීම වැසිකිළි, නාන කාමර තිබීම කරදර පිට කරදර ඒමට හේතුවකි. දරුවන්ට සොයාගැනීමට අපහසු රෝග වැළඳේ.
 
 නිවසේ මුළු හතරේ නාන කාමර වැසිකිළි ඇතුළත් කිරීම භයානක රෝග පීඩා ඇතිකරයි. පිළිකා රෝගවලට හේතුවේ. හම්බකරන මුදල් නිකරුණේ වියදම් වී යයි.
 
 නිවසේ මර්මස්‌ථාන රේඛාවලට හසු නොවන සේ උළුවහු තැබිය යුතුය. මෙම වාස්‌තු නියමයන් පිළිපැද නිවාස තනන්නේ නම් කරදර නැතිව ජීවත්වීමට හැකිවනු ඇත.
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »