නිවාස සැලසුම් සකස්‌ කිරීමේදී ඥාති දිව්‍ය සමූහයාගේ උපකාර ලබා ගන්න

2018-01-09 10:24:00       134
feature-top
ලෞකික ජීවිත ගත කරන මිනිසෙකුගේ ජීවිතය තුළ තම අනාගත හැරවුම් ලක්‌ෂ්‍යයන් 03 ක්‌ තිබෙන බව පෙන්වා දී තිබෙනවා. මෙම අවස්‌ථාවන් තුන පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථකභාවය හෝ අසාර්ථකභාවය තීරණය කරනු ලබන මූලික අවස්‌ථා තුනක්‌ බැවින් ඒවා මංගල කාරණා ලෙස හැඳින්විය හැකි අතර මෙම අවස්‌ථාවන් තුනේදීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ හොඳ අතට හෝ නරක අතට ප්‍රබලව බලපෑම් එල්ල වන බව මහා වාස්‌තු පුරාණයේ සඳහන්ව පවතිනවා. මහා වාස්‌තු අනුව ලෞකික ජීවිතයේ මංගල කාරණා 03 හඳුනා ගන්න. 

ජන්මය - 

පුද්ගලයෙකුගේ ඉපදෙන අවස්‌ථාව නැතිනම් ජන්මය මෙම පුද්ගලයාගේ අනාගතය තීරණය කරනු ලබන ප්‍රධානතම සාධකයක්‌ බවට පත් වෙනවා. පුද්ගලයාගේ ජන්ම ලාභය ලබන ස්‌ථානය අනුව ඔහුගේ අනාගත ගමන් ම`ග තීරණය කරනු ලබනවා. උපතින්ම ධනය සහිත පවුලක ඉපදීම තුළ ඔහුගේ අනාගතය සැපවත් වීමේ මූල බීජයන් මතුවන අතර උපතින්ම දිළිඳු පවුලක ජන්ම ලාභය ලැබීම තුළ සැපවත් භාවයේ අවිනිශ්චිතතාවක්‌ මතු වනු ඇත. එබැවින් මහා වාස්‌තු ශිල්පයට අනුව පුද්ගලයකුගේ ජීවිත ජන්ම අවස්‌ථාව මංගල කරුණක්‌ ලෙස හඳුන්වා දී තිබෙනවා.

ආවාහ හා විවාහ - 

මීළ`ග මංගල කාරණය වන්නේ පුද්ගලයෙකු විවාහයට පත්වන අවස්‌ථාවයි. එය එම පුද්ගලයාගේ එතෙක්‌ පැවති ජීවන ගමන් මගෙහි හැරවුම් ලCෂ්‍යයක්‌ ලෙස ක්‍රියා කරන බව දක්‌වා තිබෙනවා. තමන්ට ලැබෙන සහකාරිය හෝ සහකරුවා අනුව අනාගත ජීවිතයේ සැපවත් බව හෝ බිඳවැටීම සිදු වනු ලබනවා. මෙයද පුද්ගලයෙකුගේ ජීවිතයේ හැරවුම් ලCෂ්‍යයක්‌ ලෙස දක්‌වා තිබෙනවා. 

මීළ`ග අවස්‌ථාව වන්නේ පුද්ගලයෙකු නිවසක්‌ ඉදිකොට ගෘහවාසී වන අවස්‌ථාවයි. මෙයද පුද්ගලයෙකුගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලCෂ්‍යයක්‌ බැවින් ලෞකික ජීවිතයේ මංගල කරුණක්‌ ලෙස මහා වාස්‌තු ශිල්පය තුළ දක්‌වා තිබෙනවා. ඔබගේ ජීවිතයේ අවසන් හැරවුම් ලCෂ්‍යය වන ගෘහ කටයුත්ත අති වැදගත් අවස්‌ථාවක්‌ ලෙස බලවත් වන අතර නූතන සමාජයේ මෙම කාරණය පිළිබඳව පවතින දැනුම අල්ප බැවින් ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්‌ෂ්‍යය වරද්ද ගන්නා බව පෙනී යනවා. මහා වාස්‌තු ශිල්පය ලොවට දායාද කළ මහා විෂ්ණු දෙවියන් විසින් සකල ලෝ වාසීන්ගේ යහපත උදෙසා තම ගෘහයට දෙවියන්ගේ ඇල්ම බැල්ම බලවත් වන ලෙස ඉදිකරන්න ගන්නා ආකාරයට මනාව පෙන්වා දී ඇති අතර පසු කාලීනව විවිධ Rෂි උතුමන් විසින් මෙම වාස්‌තු ශිල්පය පෝෂණය කරන ලදී. එසේ වුවද මහා වාස්‌තු ශිල්පය තුළ පවතින මූලික සිද්ධාන්තයන් නූතනයේ දීද ඉතාමත් සක්‍රීයව ඔබගේ ගෘහය ඉදිකරගැනීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින අතර මෙය වනාහි කුසල් ඇති අයට පමණක්‌ ගෝචර වන බවද මතක තබා ගැනීම මැනවි.

මූලික නිවාස සැලසුම සකස්‌ කරන්නේ කෙසේද?

ඔබ නිවසක්‌ සැදීමට අපේක්‍ෂිත කෙනෙක්‌ නම් ඔබගේ නිවසේ සැලසුම සකස්‌ කර ගත යුතු ආකාරය මහා වාස්‌තු ශිල්පයට අනුව කියා දෙන්නම්. ඔබට නිවසක්‌ සෑදීමට අවශ්‍ය වූ විට සාමාන්‍යයෙන් කරන්නේ නිවාස සැලසුම් ශිල්පියකු හමු වී ඔහු ළ`ග ඇති නිවාස සැලසුම් ආකෘති බලා එම ආකෘති අතරින් ඔබගේ සිත්ගත් සැලසුම තෝරාගෙන ඒ අනුව නිවාස සැලසුම් සකස්‌ කිරීමයි. එහිදී ඔබට ගෘහ සැලසුම් ශිල්පියා විවිධ මාදිලියේ නිවාස සැලසුම් ආකෘති පෙන්වනු ඇත. එහිදී ඔබට සිදු වන්නේ කුමක්‌දැයි කියා ඔබටවත් වැටහෙන්නේ නැති තරමට ඔබ වල්මත් වනු ඇත. ස්‌වාමියා හා බිරිඳ අතර මුල්ම ගැටුම ඇති වන බීජය රෝපණය වන්නේ නිවාස සැලසුම් තෝරා ගැනීමට ගෘහ නිර්මාණ ශිල්පියා හමු වීමට යැමෙන් පසුවය. මෙය ඉතාමත් වැරදි ක්‍රමයක්‌ ලෙස පෙන්වා දිය හැකියි. එහිදී ඔබට සෑම විටම ලැබෙන්නේ ආර්ථික තත්ත්වයට නොගැලපෙන, සංස්‌කෘතියට නොගැලපෙන සහ ඔබගේ අවශ්‍යතාවන්ට නොගැලපෙන විවිධ නිවාස සැලසුමක්‌ බවට මතක තබා ගන්න.

ඔබේ නිවාස සැලසුම සාදා ගන්නේ ඔබමයි.

ඔබ කළ යුතු වන්නේ නිවාස සැලසුම තීරණය කිරීමේදී පවුලේ සියලු දෙනා සම`ග (බිරිඳ සහ දරුවන් සම`ග) සාකච්ඡා කොට ඔබගේ ඉඩමට ගොස්‌ ඔබගේ සිතේ ඇති නිවාස සැලසුම මනෝ මූලිකව සකස්‌ කර ගැනීමයි. ඉන් පසුව සියලු දෙනාගේ අදහස සහ අවශ්‍යතා පරිදි ඔබේ නිවාස සැලසුම සරලව සටහන් කර ගන්න. ඔබගේ මනසේ ගොඩනැඟෙන ඔබේ නිවාසයේ අනාගත සැලසුම ගෘහ නිර්මාණ ශිල්පියාට පවසා එය ඔහු ලවා විධිමත් සැලසුම් ලෙස පිළියෙල කර ගැනීම සිදු කළ යුතු වෙනවා. එවිට ඔබට ලැබෙන්නේ ඔබේම නිවාස සැලසුමක්‌ මිස වෙනත් කෙනෙකුගේ නිවාස සැලසුමක්‌ නොවේ. එවිට එය ලෝකයේ වෙනත් කිසිම තැනක නොමැති නවතම සැලසුමක්‌ වේවි. ඔබගේ මනසේ ගොඩනැඟෙන නිවස ඔබේම බැවින් එය කිසි දිනෙක අතරම`ග නතර වන්නේ නැති බවද මතක තබා ගන්න. එය ඔබගේ ජාතක දරුවා ලෙස ඔබ රැකබලා ගන්නා බැවිනි.

නිවාස සැලසුම් කොපි කරන්න එපා

ඔබ නිවසක්‌ සෑදීමේදී සැලසුම සකස්‌ කිරීමට ඔබගේම ස්‌ව නිර්මාණයන් ලෙස ගොඩනඟා ගන්න. වෙනත් අයගේ නිවාස සැලසුම් කොපිකොට සැලසුම් සකස්‌ කිරීම ඉතාමත් අසාර්ථක තත්ත්වයකි. මේ නිසා ඔබගේ ධනයත්, කාලයත්, ශ්‍රමයත් නිකරුණේ නාස්‌ති වන අතර කායික මානසික ආතතිය බහුල වීම ඔබගේ නිවසේ කටයුතු අතරම`ග නතර වීම නොවැළැක්‌විය හැකි දෙයකි.

ඥාති දිව්‍ය සමූහයාගේ උපකාර ලබා ගන්න

ඔබගේ නිවසේ සැලසුම් සකස්‌ කිරීමේදී ඔබගේ සංසාර ගත ඥාති දිව්‍ය සමූහයාගේත් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතින බව මහා වාස්‌තු පුරාණයේ සඳහන්ව පවතිනවා. එය නිසි ලෙස සිදු කළහොත් ඔබගේ නිවාස සැලසුම ඉතාමත් සාර්ථක නිවාස සැලසුමක්‌ බවට පත් වේවි. මේ සඳහා සජීවී උදාහරණ රාශියක්‌ පවතින අතර පෙර රජවරුන් තමන්ගේ ඥාති දිව්‍ය සමූහයාගෙන් ලබා ගත් උපකාර පරිදි රජ මාලිගා සකස්‌ කර ගත් බව පෙනී යනවා. ඔබ සංසාරයේ කල්ප ගණනක්‌ ගමන් කර ඇති බැවින් ඔබේ සංසාර ගත ඥාතිවරුන් දිව්‍ය සමූහයා අතර සිටින බැවින් ඔවුන් ඔබට උදවු කිරීමට නිරායාසයෙන් සූදානම්ව සිටින අතර ඔබ ඔවුන්ගෙන් උදවු ලබා ගැනීමට උනන්දු විය යුතුය. කෙනකුගෙන් උදවුවක්‌ ඉල්ලූ විට එය ලැබෙන අතර එසේ උදවු ඉල්ලන්නේ නැතිනම් ඒවා නොලැබෙනු ඇත. මේ සඳහා ඔබ නිසි පරිදි පේ විය යුතු අතර කෙම්මුර දිනයක ඊශාන දිශාවට පහනක්‌ දල්වා අභිනව ගෘහය ඉදිකරන භූමියේ මධ්‍ය ලක්‌ෂ්‍යයට නැතිනම් බ්‍රහ්ම පාදය මතට ගොස්‌ තමන්ගේ ඥාති දිව්‍ය සමූහයාට කතා කොට නව ගෘහයක්‌ සාදන බව පවසා ඒ සඳහා අවශ්‍ය ආශිර්වාදය ලබා දෙන ලෙස ඉල්ලීම් කළ යුතු වෙනවා. (මේ සඳහා වාස්‌තු ශිල්පියෙකුගේ උපකාරය ලබා ගැනීම මැනවි) මෙය ඔබගේ අභිනව ගෘහ භූමිය සීහුම් කිරීම ලෙස හැඳින්විය හැකි අතර ඔබගේ නිවාස සැලසුම් සඳහා ඔබට අවශ්‍ය ශක්‌තිය ඥාති දිව්‍ය සමූහයාගෙන් ලැබෙනු ඇත.

නිවාස සැලසුමක්‌ පිළියෙල කිරීමේදී ලබා ගන්නා පළමු මිනුම හඳුනාගන්න

ඔබගේ නිවාස සැලසුම පිළියෙල කිරීමේදී ලබා ගන්නා පළමු මිනුම ලබා ගත යුත්තේ ගෘහ මූලිකයා සහ ගෘහ මූලික කාන්තාව විසිනි. මෙහිදී ඥාති දිව්‍ය සමූහයාගේ ආශිර්වාදය ලබා ගත් ඉඩමේ මධ්‍ය ලක්‌ෂ්‍යයේ සිට ඊශාන දිශාවට හා නිරිත දිශාවට පිළිවෙළින් වඩු රියන්වලින් අහඹු මිනුම් ලබා ගත යුතු අතර එම මිනුම් ඔත්තේ සංඛ්‍යා ලෙස ලැබුණහොත් මෙම භූමිය ඔබට ඉතාමත් සශ්‍රීක භූමියක්‌ වන අතර ඉරට්‌ටේ මිනුම් ලැබුණහොත් භූමියේ අභියෝග පවතින බවට ඉඟියක්‌ ලැබෙනු ඇත. මේ ආකාරයට ඔබගේ භූමියේ පවතින බලවේගයන්ගෙන් ඔබට ආරක්‌ෂා වීමට මුල සිටම හැකියාව ලැබෙන අතර ඔබගේ ඥාති දිව්‍ය සමූහයා මෙහිදී ඔබට නිතැතින් උපකාර කරනු ඇත.

මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ නිවාස සැලසුම සකස්‌ කර ගැනීම උදෙසා වූ ඉතාමත් බලවත් වූ ක්‍රම ශිල්ප රාශියක්‌ පවතින අතර මේ සෑම අවස්‌ථාවකදීම ගෘහ මූලිකයා හා ගෘහ මූලික කාන්තාව ඒ සඳහාම පේ වී සහභාගි වීම ඉතාමත් වැදගත් වේ. නිවාස සැලසුමේ සිටම දෙදෙනා එකම අරමුණක්‌ ලෙස කටයුතු කිරීමෙන් තමන්ගේ සංසාර ගත ඥාති දිව්‍ය සමූහයාගෙන් උපකාර ලබා ගැනීම තුළින් දෝෂ නොමැති සාර්ථක ගෘහයක්‌ ඉදිකර ගැනීමේ කුසල් ශක්‌තිය බලවත් වන බව මහා වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »