ව්‍යාපාරයට ඔබින වාස්‌තු උපදෙස්‌

2018-01-22 11:21:00       569
feature-top
තම කාර්යාලයල ව්‍යාපාරික ස්‌ථානය කුමන දිශාවකට මුහුණලා පිහිටියද තම මේසය මුහුණලා තිබිය යුත්තේ නැගෙනහිරට හෝ උතුරටයග කිසි විටෙකත් ඊසානට මුහුණලා නොතබන්නග මේස සඳහා දැව භාවිතා කළ යුතු අතර ලෝහ හෝ ප්ලාස්‌ටික්‌ ඒ සඳහා සුදුසු නෙවේග තම අසුනේ පිටුපස ඇති ජනේලල කවුළු වැනි දේ තිබීම යහපත් නොවේග සුවපහසු ආසනයක්‌ තිබීමද ඉතා වැදගත් වේග එම අසුන ප්‍රමාණවත් උසකින් මෙන්ම සමානුපාතිකවත්ල පිටුපසින් ආධාරකයක්‌ සහිතවත් විය යුතුය.
 
 ඕනෑම පුද්ගලයකු තම වෘත්තිය සඳහා ව්‍යාපාර කටයුත්තක්‌ ආරම්භ කළ දිනය පටන් ඔහුගේ මූලික අරමුණ වන්නේ සාර්ථක ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමටයග ඒ සඳහා ඔහු නොගන්නා උත්සාහයක්‌ නොමැතග වෙළෙඳ ප්‍රචාරණ වැඩපිළිවෙළවල් කොතරම් දුරට ක්‍රියාත්මක කළත්ල ගැනුම්කරුවන්ට සිත් ඇද ගැනීමේ පරිසරයක්‌ නිර්මාණය කළත්ල බොහෝ පාරිභෝගිකයන් ඉතා සරු පෙනුමක්‌ ඇති ව්‍යාපාරික ස්‌ථාන පසුකර ගොස්‌ සාමාන්‍ය පෙනුමක්‌ ඇති ව්‍යාපාරික ස්‌ථානයට ඇදෙනු අප කොතෙකුත් දැක ඇතග අපට නොපෙනෙන අපට නොහැඟෙන දෙයක්‌ මෙයට හේතුව විය නොහැකිද!
 
 වාස්‌තුල ව්‍යාපාර සාර්ථකත්වයට යොදාගත හැකි ස්‌වභාවික නීති සමුදායකිග ස්‌වභාවික නීතින්ට පටහැනිව ක්‍රියා කරන සෑම අවස්‌ථාවකම ඕනෑම ව්‍යාපාරයකට අත්වන්නේ අවාසනාවන්ත ඉරණමකිග 
 
 මෙවැනි ඉරණමක්‌ අත් නොවන්නට නම් ව්‍යාපාර කටයුත්තක්‌ ඇරැඹීමට ප්‍රථම ප්‍රවීණ වාස්‌තු වෘත්තිකයකු මෙන්ම ජ්‍යෙdතිර්වේදියකුගේ සහාය පැතිය යුතුයග ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේදී හෝ මූල්‍ය අර්බුදයන්වලට මුහුණපා ඇති අසාර්ථක ව්‍යාපාරයක්‌ හෝ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මාලාවක්‌ වේග 
 
 1ග නව ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් තම ජන්ම පත්‍රය පරීක්‍ෂා කර උත්පත්ති ග්‍රහ බලය අනුව ගැළපෙන රැකියාව හෝ ව්‍යාපාරය තෝරා ගැනීම තුළින් ජයග්‍රහණය ලැබිය හැකග
 
 2ග ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැම සඳහා සුදුසු ස්‌ථානයක්‌ තෝරාගැනීම පළමුව කළ යුතුයිග විශේෂයෙන් උතුරල ඊසානල නැගෙනහිර දිශාගතව මුහුණලා ඇති ව්‍යාපාරවලට සාර්ථකත්වය වැඩියග
 
 3ග කාර්යාලයරැව්‍යාපාරික ස්‌ථානය යන මේවායේ දිගල පළල අනුව සකසා ගන්නා වූ වර්ගඵලය හෙවත් ක්‌ෂේත්‍රඵලය ද ඉතා වැදගත් වේග යම් ගොඩනැඟිල්ලක්‌ භාවිත කරන්නා එම ගොඩනැඟිල්ලේ මිනුමට අනුකූල විය යුතු අතර ගොඩනැඟිල්ලද අදාළ භාවිත කරන්නාගේ මිනුමට ඇතුළත් විය යුතුයග 
 
 4ග ව්‍යාපාර ගොඩනැඟිල්ල වර්ණවත් කිරීමේදී තමාගේ ලග්නයට ගැළපෙන සුභ වර්ණ යෙදීම සාර්ථකත්වයට හේතු වේග 
 
 5ග ගොඩනැඟිල්ල තුළ ප්‍රධානියා (තමන්) මුදල් අයකැමිල මහජනයා අසුන් ගැන්වීමල ලේඛනාදිය තබන තැන් මෙන්ම ව්‍යාපාර සඳහා අදාළ ද්‍රව්‍ය නිවැරැදිව ස්‌ථානවල දිශා ගතකළ යුතුයග කුමන ව්‍යාපාරයක්‌ වුවත් උතුරල නැගෙනහිරල ඊසාන නිදහස්‌ව තබා ගැනීමල ඊසාන ඉතා පිරිසිදුව තබාගැනීමත් සුභදායක වේග
 
 තම කාර්යාලයල ව්‍යාපාරික ස්‌ථානය කුමන දිශාවකට මුහුණලා පිහිටියද තම මේසය මුහුණලා තිබිය යුත්තේ නැගෙනහිරට හෝ උතුරටයග කිසි විටෙකත් ඊසානට මුහුණලා නොතබන්නග මේස සඳහා දැව භාවිතා කළ යුතු අතර ලෝහ හෝ ප්ලාස්‌ටික්‌ ඒ සඳහා සුදුසු නෙවේග තම අසුනේ පිටුපස ඇති ජනේලල කවුළු වැනි දේ තිබීම යහපත් නොවේග සුවපහසු ආසනයක්‌ තිබීමද ඉතා වැදගත් වේග එම අසුන ප්‍රමාණවත් උසකින් මෙන්ම සමානුපාතිකවත්ල පිටුපසින් ආධාරකයක්‌ සහිතවත් විය යුතුයග 
 
 අප වැඩකරන ස්‌ථානය ඉතා පිරිසිදුව තබාගත යුතු වන අතර අපවිත්‍ර වූ ශක්‌තීන් එකතු වීමට ඉඩ නොදිය යුතුයග ලිපිගොනු ආදිය තැබීමේදී ඒ සඳහා නිරිත භාවිතා කිරීම සුදුසු යග
 
 පරිගණක හෝ වෙනත් විදුලි උපකරණ ගිනිකොණ ප්‍රදේශ හෝ වයඹ ප්‍රදේශයේ විය යුතු අතර කුණු කූඩය නිරිත කෙළවරේ තබන්නග ඊසාන පෙදෙසේ ඉහත සඳහන් දෑ කිසිසේත් තැබීම සුදුසු නැතග ඊසාන ප්‍රදේශ උත්තරීතර බවට සම්බන්ධ වන බැවින් භෞතික ලෝකයෙන් මිදුණු ස්‌වභාවයක්‌ ඇති කරන බැවින් එය සිතේ තබාගත යුතුයග 
 
 6ග මහජනයා පැමිණෙන ස්‌ථානය හෙවත් ප්‍රවේශ මාර්ගය ඉතා වැදගත් වේග උතුරල නැගෙනහිර ඒ සඳහා සුභයිග වාහන ගාල් කිරීමේ ස්‌ථානයක්‌ අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සුදුසු වන්නේ බටහිර හා දකුණු දිශාවයිග
 
 7ග ව්‍යාපාරයේ හරි මැද (බ්‍රහ්ම පාදය) පීඩා නොවී තබා ගැනීම ද ඉතා වැදගත් වේග 
 
 8ග නාන කාමරල වැසිකිළි ප්‍රධාන කාර්යාලයට විවෘත නොවිය යුතුයග එමෙන්ම ඒවා ස්‌ථානගත කිරීමේදී නිවැරැදි දිශාගත කිරීම ඉතා වැදගත් වේග 
 
 9ග ජලාශ්‍රිත පොකුණුල දියඇළි පිහිටුවීමේදී ද නිවැරැදිව දිශාගත වීම තිබිය යුතුයග 
 
 10ග ව්‍යාපාර ගොඩනැඟිල්ලට අලුතෙන් කොටස්‌ එකතු කිරීමේදී ව්‍යාපාර පිණ්‌ඩයට වන බලපෑම සොයා බැලිය යුතුයග එමෙන්ම එම කොටස සක්‍රීයව තබාගත යුතුයග 
 
 11ග ව්‍යාපාරයක නාමපුවරුවද ඉතා වැදගත් වේග නාමපුවරු සඳහා ශුභ දිග පළලක්‌ මෙන්ම ශුභ වර්ණද එකතු කිරීම වැදගත් වේග එමෙන්ම ශුභ ගණ අක්‍ෂර පිහිටුවා ව්‍යාපාර නාමය සකස්‌ කළ යුතුයග 
 
 ජන්ම ලග්නයට අනුව වර්ණ යොදා ගැනීම
 
 මේෂ - නිල්ල රතු ශුභය
 
 වෘෂභ - කොළල සුදු ශුභය
 
 මිථුන - කොළල කහ ශුභය
 
 කටක - සුදුල කහ ශුභය
 
 සිංහ - රතුල රත්‍රන් පාට ශුභය
 
 කන්‍යා - සුදුල කහ ශුභය
 
 තුලා - සුදුල රතු ශුභය
 
 වෘශ්චික - කහල රතු ශුභය
 
 ධනු - කොළල සුදු ශුභය
 
 මකර - රතුල නිල් ශුභය
 
 කුම්භ - කහල රතු ශුභය
 
 මීන - රතුල කහ ශුභය


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »