නිවසේ සනීපාරක්‌ෂක පද්ධති ඔබට කෙරෙන බලපෑම්

2018-01-29 10:31:00       289
feature-top
ඔබ ඔබගේ සනීපාරක්‌ෂාව ගැන නිසිලෙස සැලකිලිමත් වීම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මනා ලෙස රැකගැනීමට සැමවිටම උපකාර වෙනවා. කුඩා කල සිටම අප ඉගෙන ගන්නා හොඳ පුරුදුවලින් විශාල ප්‍රමාණයක්‌ අයත් වන්නේ සනීපාරක්‌ෂක යහ පුරුදුවලටයි. සනීපාරක්‌ෂාව පෞද්ගලික වශයෙන්ද පොදුවේද ඉතා වැදගත් විෂයක්‌ ලෙස හැඳින්විය හැකිය. කුඩා දරුවන් නිතර රෝගාබාධ වලට ලක්‌වන්නේ සනීපාරක්‌ෂාව පිළිබඳව අවධානය නිසි ලෙස යොමු නොකිරීම නිසයි. මූලිකව සනීපාරක්‌ෂාව අප පුරුදු කළ යුත්තේ නිවසින්මය. ගෙදරින් පුරුදු කෙරෙන යහපත් සනීපාරක්‌ෂක පුරුදු මුළු රටේම යහපත සඳහා හේතු වෙනවා. එසේම කෙනෙකු ගේ ජීවන තත්ත්වයේ උසස්‌ පහත් බව සනීපාරක්‌ෂක තත්ත්වය තුළින් පිළිබිඹු වෙනවා. ඔබගේ ගෘහයේ සනීපාරක්‌ෂක පරිශ්‍රයන් නිසි ලෙස ස්‌ථාන ගත කිරීම සඳහා අවශ්‍ය වාස්‌තු සිදAධාන්තයන් රාශියක්‌ වාස්‌තු විද්‍යාවේ තිබෙනවා. නිවසේ වාස්‌තු දෝෂයන් ඇතිකිරීමට ප්‍රබලව බලපාන මෙම සනීපාරක්‌ෂක පරිශ්‍රයන් නිසි ලෙස ස්‌ථානගත කිරීම කළ යුතුව තිබෙනවා. මෙම ලිපියෙන් අපේක්‌ෂා කරන්නේ වැසිකිළි, නානකාමර, වැසිකිළිවල අප ජලය ආදිය නිසි ලෙස ස්‌ථානගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි.
 
 na6 2වාස්‌තු ශිල්පීන්ගේ මූලිකම වාස්‌තු සිද්ධාන්තය වන විශ්ව ශක්‌ති සම්ප්‍රේෂණ රේඛා වැටී ඇති ඊශාන, නිරිත, දිශාවන් ගේ කිසියම් දුර්වලතාවයක්‌ ඇතිවන්නේ නම් ඒ සඳහා සෘජුව දායක වන ගෘහ අංග ලෙස සනීපාරක්‌ෂක පරිශ්‍රයන් හඳුන්වාදිය හැකිය. මේ නිසා ඔබගේ ගෘහයේ එවැනි පරිශ්‍රයන් නිසි ලෙස පිහිටුවා ගැනීමේ මූලිකම සිද්ධාන්තයන් කල්ඇතිව හඳුනා ගැනීම ඔබගේ නිවසේ වාස්‌තු දෝෂ දුරුකර ගැනීමට ඔබට මහඟු රුකුලක්‌ වේවි.
 
 ඔබගේ නිවසේ සනීපාරක්‌ෂක කටයුතු පවත්වා ගැනීම සඳහා නාන කාමරය සහ වැසිකිළි පද්ධතිය අත්‍යවශ්‍ය ගෘහ අංගයක්‌ ලෙස පෙන්වාදිය හැකිය. නූතන පළාත් පාලන නීති රීතිවල පවා මනුෂ්‍ය පදිංචිය සඳහා නිවාස සැලසුම් අනුමත කිරීමේදී ඇතුළත් විය යුතුම ගෘහ අංගයන් ලෙස වැසිකිළි පද්ධති ප්‍රධාන අවශ්‍යතාවක්‌ ලෙස පෙන්වා දෙන අතර සැලසුම අනුමැතිය සඳහා එම පරිශ්‍ර අත්‍යවශ්‍ය වේ. මීට දශක ගණනාවකට පෙර අපගේ ග්‍රාමීය නිවාසවල වැසිකිළිය නිවසින් පිටත ස්‌ථාන ගතකොට තිබූ බැවින් එහි ප්‍රබල බලපෑම් නිවසට කාන්දු වූයේ නැත. එහෙත් ඉඩම සීමා වීම සහ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ වැසිකිළි පද්ධතිය නිවස තුළ අත්‍යවශ්‍ය අංගයක්‌ විය. එසේම පෙර නිවසකට එක්‌ වැසිකිළියක්‌ තිබුණද නූතනයේ එක්‌ නිවසකට වැසිකිළි දෙක තුනක්‌ තිබෙන බව අප දන්නවා. එසේම සමහර නිවාසවල සෑම කාමරයකටම යාබද වැසිකිළි යෙදීම අද දක්‌නට ලැබෙනවා. එබැවින් අප නූතනයේ නිවාස සැලසුම් කිරීමේ දී මේවා නිසිලෙස ස්‌ථානගත කිරීම පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය.
 
 ඔබගේ නිවසේ ඔදසකැඑ පිහිටුවීම සඳහා යොදා නොගත යුතු ස්‌ථාන සහ දිශාවන් 
 
 * ඊශාන දිශාව
 
 * නිරිත දිශාව
 
 * නිවස මැද 
 
 * පඩිපෙළ යට
 
 සුදුසු දිශාවන් 
 
 * වයඹ දිශාව
 
 * දකුණ දිශාව
 
 * බස්‌නාහිර දිශාව
 
 මිශ්‍රපල දිශාවන් 
 
 * උතුරු දිශාව
 
 * නැගෙනහිර දිශාව
 
 වැසිකිළි සඳහා නුසුදුසු දිශාවන් වන ඊශාන සහ නිරිත දිශාවන් තුළ නාන කාමර පමණක්‌ අපට යෙදිය හැකිය. එසේ වුවද එම දිශාවන්ගේ මධ්‍ය රේඛාවට එනම් අංශක 22 1/2 රේඛාවට හසු නොවන පරිදි නාන කාමර යෙදීමට වගබලා ගත යුතු වෙනවා. 
 
 එසේම වැසිකිළි වළවල් හා නිවසේ අප ජල වළවල් කිසිම විටක නිරිත දිශාවේ යෙදීම නොකළ යුතු බව පෙන්වා දෙන අතර ඊසාන දිශාවේ මධ්‍ය රේඛාවට හසු නොවන ලෙස භූමිගතව එවා යෙදීම අයහපත් නොවන බව පෙන්වා දෙමි. එසේම කිසිම විටක වැසිකිළි වළ හෝ අප ජල වළවල් නිවසේ මුළුවලට හසුනොවන ලෙස යෙදීමට වග බලාගත යුතු වෙනවා. ඔබගේ භූමියේ ඉඩ තිබේ නම් ප්‍රධාන උළුවස්‌ස මෙන් දෙගුණයක්‌ එනම් අඩි 12 කට එහායින් වැසිකිළි වළ ස්‌ථාන ගතකිරීම ඉතාමත් යහපත්ව පෙන්වා දෙමි. එසේම නිවස තුළ වැසිකිළි වළ යොදා තිබීම ඉතාමත් දෝෂ සහගත බව පෙන්වා දෙන අතර ප්‍රධාන උළුවස්‌සට ඉදිරියෙන් යෙදීමද නොකළ යුතු වේ.
 
 ඔබ විසින් නිවාස සෑදීමේදී සිදු කරනු ලබන විශාල වැරැද්දක්‌ පෙන්වා දෙමි. එනම් වැසිකිළි බට හා අප ජල හෝ වැසි ජල බට නිවසේ බ්‍රහ්ම පාදය හසුවන ලෙස නිවස මැදින් රැගෙන යැම. මෙය කිසිම විටක නොකළ යුතු බව පෙන්වා දෙමි. සෑමවිටම ඔබගේ වැසිකිළි ස්‌ථානගත කිරීමේදී පිටත බිත්තිවලට යෙදීම තුළින් නිවස මැදින් බට ගෙන යැම වළක්‌වාගත හැකි බව හිතන්න. නූතන නිවාස සැලසුම්වලදී නිවාස මැද හා ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ කොට වැසිකිළි පිහිටුවීම දැකිය හැකිය. නිවසේ මධ්‍ය ලක්‌ෂ්‍යය හසුවන පරිදි කිසි විටෙක වැසිකිළිs නොයෙදිය යුතු අතර ප්‍රධාන නිදන කාමරයට වැසිකිළි සම්බන්ධ කිරීමේදී හැකිතාක්‌ කාමරයට සම්බන්ධ කිරීමේ පරිශ්‍රයේ ඉඩ පාඩු ඇතිකළ යුතු අතර කාමරයේ සිට එක එල්ලේ වැසිකිළිය දර්ශනය නොවන ලෙස සැලසුම් කළ යුතුය. ඉඩකඩ සීමා සහිත නම් එවැනි ස්‌ථානවල කාමරයට සම්බන්ධ කොට වැසිකිළි නොයෙදිය යුතුය. 
 
 නිවසේ ඇතුළත වැසිකිළිවලට අමතරව නිවසට පිටතින් සේවක වැසිකිළි ඉදිකිරීම අද සුලභව දක්‌නට ලැබෙනවා. මෙහිදී අප විසින් වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස අනුගමනය කළ යුතු වෙනවා. මෙහිදී සේවක වැසිකිළි නිවසේ බිත්තිවලට සම්බන්ධ කිරීමේදී කිසිම විටක නිවසේ මුළු යොදා නොගන්න. එසේම පහත සඳහන් දිශා පරාසයන් ඒ සඳහා යොදා නොගැනීමට උනන්දු විය යුතුය.
 
 Õ උතුරු දිශා බිත්තියේ මධ්‍ය ලක්‌ෂ්‍යයේ සිට දකුණට හා නැගෙනහිර දිශා බිත්තියේ මධ්‍ය ලක්‌ෂ්‍යයේ සිට වමට අයත් අංශක 90 කොටස.
 
 Õ දකුණු දිශා බිත්තියේ මධ්‍ය ලක්‌ෂ්‍යයේ සිට දකුණට හා බටහිර දිශා බිත්තිය සිට වමට ඇති අංශක 90 ක කොටස.
 
 ඉහත දක්‌වන ලද දිශා කෝණයන්ට අයත් නොවන ලෙස ඔබගේ නිවසේ සේවක වැසිකිළි එකතු කිරීමට වග බලා ගත යුතුය. එසේම වැසිකිළි සඳහා කොමඩ් සවි කිරීමේ දී සෑම විටම නිවස ඇතුළත පිහිටී වැසිකිළිවල කොමඩ් නිවසේ පිටත බිත්තියට සවි කිරීම කළ යුතු අතර නිවසින් පිටත වැසිකිළිවල කොමඩ්ද නිවසින් පිටත බිත්තියට සවි කිරීම කළ යුතු වේ. එහිදී සෑම විටම නිවසට පිටුපා නොසිටිය යුතු බව මතක තබා ගත යුතුය. 
 
 ඔබ ගේ නිවසේ නිසියාකාර වැසිකිළි පරිශ්‍රයක්‌ පිහිටා නොමැති විට ඔබගේ නිවසේ වාස්‌තුදෝෂ බලවත් වීම සැමවිටම සිදු වේ. එහිදී ඔබට පහත දෑවල බලපෑම් එල්ල විය හැකිය. 
 
 * නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම
 
 * මූල්‍ය පිරිහීම
 
 * නිවසේ අමනුෂ්‍ය බලපෑම් ප්‍රබල වීම
 
 * මානසික ආතතිය උග්‍ර වීම
 
 * නිවස සෑදීම ප්‍රමාද වීම
 
 නිවසේ සනීපාරක්‌ෂක පද්ධතියට අයත් නාන කාමර, වැසිකිළි, අප ජල ටැංකි සහ වැසිකිළි වළ ස්‌ථානගත කිරීමේදී ඉහත උපදෙස්‌ පරිදි කටයුතු කිරීමට උනන්දු විය යුතුය. ඔබගේ නිවසට බලපාන වාස්‌තු දෝෂ ගණනාවකින් අත්මිදීමට මෙම ගෘහ අංග නිසි ලෙස ස්‌ථානගත කිරීම තුළින් හැකියාව ලැබෙනවා. එසේම ඔබගේ නිවසේ නිසි දිශාවේ මෙම ගෘහ අංග ස්‌ථානගත කිsරීමෙන් ඔබට විශාල පහසුවක්‌ දැනෙන අතර නිතර නිතර එම පද්ධතියේ බිඳ වැටීම්ද සිදු නොවේ. වැරැදි ස්‌ථානවල සහ වැරැදි දිශාවල මෙම ගෘහ අංග ස්‌ථානගත කළ විට නිවස සෑදීම ප්‍රමාද වීම සහ එම පද්ධතීන් නිතර නිතර බිඳ වැටී කරදර ඇතිවීම නොවැළැක්‌විය හැකිය. මේ නිසා ඔබ ජීවිත කාලයක්‌ සතුටින් ජීවත් වීමට සාදන සිහින නිවසේ සනීපාරක්‌ෂක ගෘහ පද්ධතිය නිසිලෙස ස්‌ථානගත කොට ඔබගේ සනීපාරක්‌ෂාව හා නිවසේ ආරක්‌ෂාව තහවුරු කරගන්නට ඔබ සැමට වාස්‌තු ඥානය පහළ වේවා යෑයි මෙත් සිsතින් පතමි.
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »