වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය නවක ඇසින්

2018-02-05 10:26:00       700
feature-top
ඔනෑම මනුස්සයෙක් වාසය කිරීමට හිසට සෙවනක් තමන්ටත් පවුලටත් ආරක්ෂාව රැකවරණය සපයා ගැනීමට නිවහනක් සාදාගනී. එහි වාස්තු විද්‍යාවට අනුකූල සැලසුමක්ද? නොමැතිද? යන්න ගොඩනැගීමට පෙර සනාථ කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බව මතකයේ තබාගන්න වාස්තු පිලි නොගන්නේනම් පිලිනොගැනීමට හේතුව කුමක්ද යන්න සිතා කියවන්න.
වාස්තු විද්‍යාව සැබවින්ම විද්‍යාත්මක ද?
මෙම ප්‍රශ්ණය මා ඔබෙන් ඇසුවොත් ඔබ කුමක් පවසයි ද? ඔබ දැක ඇති, අසා ඇති ආකාරයට කුමක් පැවසුව ද වාස්තු විද්‍යාත්මකයි නමුත් ඒ තුල මිත්‍යාදෘශ්ඨීය ද ඇත. වාස්තු විද්‍යාව තුල ඇත්තේ පංචභූත බලවේග වල ඇති දොශ මගහැර ශක්තීන් ලබාගැණිමට විවිධ ක්‍රමවේදයන් යොදාගන්නේ කෙසේද යන්න සහ විද්‍යාත්මකව ප්‍රක්තියක්ශ වන දැ ගැබ්ව ඇති ඉපැරණි ශාස්ත්‍රයකි. වර්ථමානයේ භූමිය නොදැක ජොතිශ්‍යෙව්දියා කේන්දරය තුලින් වාස්තු පරීක්ශාව සිදුකිරීම තුලින් වාස්තු විද්‍යාවට විද්‍යාක්මක නොවන දුර්මත ඒක්ව ඇතිබව මාගේ මතය වේ. තවද විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන ඇතැම් මත නිසාද වාස්තු විද්‍යාව තුලට විවිධ කරුණු එක්ව ඇත. වාස්තු පරීක්ශාව පැයෙන් 2න් සිදුකිරීමට හැකියාවක් ඇති දෙයකුත් නොවේ. සාදා ඇති ඔබේ නිවස වාස්තු දොෂයක් නිසා කෙනේකු කඩා ඉවත් කිරීමට උපදෙස් දුන්නේ නම් කිසිම විටකවත් ඔහු වාස්තු උපදේශකයකු ද විය නොහැක. සෑම දෙයකටම විසදුම් ඇත කැඩීම් බිදීම් කිසිවිටකත් විසදුමක් නොව. නමුත් අසමබර දොර ජනේල එකතු කිරීමට විවර කිරීම් සිදු කිරීමට සිදුවන අවස්ථා ඇතිබව මතක තබාගන්න සාදා නිමකල ගොඩනැගිලි කඩා වෙනස් කිරීම තිබෙන දොශයට වඩා වියරු විය හැකිබව ඉපැරනි වාස්තු මතයක් බව පොත පත සඳහන්ව ඇත. වාස්තු විද්‍යාව සහ ජොතිශ්‍ය ශාස්ත්‍රය දෙයාකාරය සිදුකරන්නේ කාර්යන් දෙකකි. එනම් උපත් නැකතට කේන්දර සටහණ සකසා ග්‍රහ නවදෙනාගේ පිහිටීම අනුව අනාගත අනාවැකි පැවසීම සුභ නැකත් සැකසීම වැනී බොහෝ දෑ ඒ තුල සිදුකරයි. වාස්තු විද්‍යාව තුල අනාවැකි පල කිරීමක් නොමැක මිනිස් ජීවිත වලට බලපාන පංචභූත බලවේග වල හොද නරක ශක්තීන් ලබාගැනීමත් දුරවලතා මගහැරීමටත් භෟතිකව ක්‍රීයාත්මක වීමකි. තවද නොපෙනෙන බලවේගද අප අවට ඇත ඒ දේවල් සඳහා ද පිලියම් යෙදීමට වාස්තු විද්‍යාව තුල මෙන් ජෝතිශය සහ ආගමික වතාවත් සිදුකිරීම වැදගත්ය. මෙම දෙකම ගෘහය නිර්මාණයට පෙර වැදගත් වේ එනම් පංචභූත බලවේග සුභවාදී ලෙස පිහිටි සැලසුමක් වාස්තු විද්‍යාත්මක සැලසුම් ශිල්පියෙක් ලවා සිදුකර ගැනීම සහ . ජොතිශ්‍යවේදියා ලවා වැඩ ඇරබීමට සුදුසු නැකත් සකසා ගැනීම සිදුකර ගැනීම ඔබගේ මුලීක කාර්යක් වන්නේ නම් ජිවිත කාලය සතුටින් සුභවාදීව ගෙනයාමට එය ශක්තියක් වනු ඇත.
ජොතිශ්‍යවේදියා ද මුලිකම කාර්යක්ද ඉටුකරයි ඒ අනුව නව නිවසක් සෑදීම ඇරබීමට මත්තෙන් හිමිකරුගේ උපත් නැකතට අනුව සුභ වේලාවක් සකසා දීම, වාස්තු පූජාවක් ලෙස වන බහිරව පූජාව සිදුකිරීම, ගෘහ මූලිකගේ නැකතට සුභ වේළාවක් සකසා දීම වැනි සුභ මුර්ථ සැකසීමේ වැදගත් සේවාව ජොතිශ්‍යෙව්දිය සිදුකරේ.
වාස්තු ගැන පොදුවේ සෑම කෙනකුම දන්නා කරුණක් වන්නේ සහ මා ඔබෙන් වාස්තු කියන්නේ කුමක්ද ඇසුවොත් ඔබ පවසනුයේත්, වාස්තු කියන්නේ පාද බෙදන දොර ජනේල සමබර කර ප්ලෑන් ඇදීම කියා වනු නිසකය. වාස්තු කියනදේ තුල ඒ දේවල් පරීක්ෂාවට ලක්වන කරුණු කිහිපයකි. වාස්තු විද්‍යාව තුල එවානි සිදුවීම් විශාල ප්‍රමාණයක් සැලකිල්ලට ගනිමින් සැලසුමක් නිර්මාණය වේ.
පංච භූත බලවේග සහ නොපෙනෙන බලවේග.
ආපෝ, තේජෝ, වායෝ, පඨවි ලෙස කියවෙන සුලඟ, ගින්දර, වතුර, පොලව, අහස මෙම පංච භූත බලවේග වල බලපෑම් සිදුන්නේ කේසේද යන්න වාස්තු තුල සලකා බලන ප්‍රධාන සංකල්පයන් වේ. මෙම බලවේග සිදුවන දිශා අනුව එහි බලපෑම් වෙනස් වෙනබව විද්‍යාත්මකව ඔප්පු කලහැකි කරුණකි උදාහරණ ලෙස වාස්තු විද්‍යාවේ ඉපැරණි පොත් වල සඳහන් කරුනක් වන්නේ භූමියේ නිවස සෑදීමේදී නැගෙනහිර දෙසට ඉඩතබා බස්නාහිරට වන්නට ඉදිකිරීමට සුදුදුයි යන්නටය. එහිදී කිසිම විටකවත් වෙන පැත්තකට තිබීමෙන් අසුභ බවක් කියවෙන්නේ නැත. ඉර නැගෙනහිරින් පායා බස්නාහිරින් බැසයාම සෑම කෙනෙකුම දන්නා කරැනකි. හිරුගේ ශක්තිය වැඩිපුර ලැබේන කාල පරාසය වන්නේ උදෑසන කාලය බව ඔනෑම කෙනේකු දන්නා කරුනකි. එ තුල ඇත්තේ විද්‍යාත්මක කරුණකි. හිරුගේ ශක්තිය තමන්ගේ නිවසටත් භූමියටත් ලබා ගැනීමට එම වාස්තු සංකල්පය තුල වැදගත් විද්‍යාත්මක කරුනක් බව පැහැදිලිය ඒ ආකාරයට සුලඟ ද ලැබෙන දිශා 2ක කි ඒ නිරිත සහ ඊසාන දෙසින් වේ තවද ගින්දර ලැබෙන දීශාවක් ලෙස මා ඔබට ගිනිකොන හදුන්වා දුන්නොත් එහි කිසිම විද්‍යාත්මක කරුනක් පැහැදිලි කිරීමට මා හට නොහැකි වේ. නමුත් සෑම නිවසකට පොදු මෙන් ප්‍රධාන අංගයක් වන මුලුතැන්ගේ ලිපක් බැදේ ඒ තුල ගින්දර සෑම දිනකම දැල්වේ. වාස්තු විද්‍යාව තුල මුලුතැන්ගේ ගින්කොනට වන්නට සුදුසු බව කියවේ. සැබවින්ම එය නිවරදි කරුනකි. සැලසුමක් නිර්මාණයට පෙර මා සලකා බලන ප්‍රධාන කරුනු වන සේවා ලාබියාගේ අවශ්‍යතාවන්ට අනුව ආරක්ෂාව, සනිපාරක්ෂාව, පෟද්ගලිකත්වය සහ නිර්මාණයේ නව්‍යතාවය සහ අලංකාරය සලකා බැලිමේදී භූමියේ කුමන තැනට වන්නද ආලින්ඳය නිදන කාමර නාන කාමරය මුලුතැන්ගේ ස්ථානගත කිරීමෙදී සොබාවික පරිසරය තුල ඇති ශක්තීන් උපරිම ලෙස ප්‍රයෝජන ගැනීමේදි මුලුතැන්ගේ නැගෙනහිර ප්‍රධාන දිශාව වන සහ උප දිශාව වන ගිනිකොන දෙසට සුදුසු වෙන බව පැහැදිලි වේ. මන්දයත් උදෑසන කාලයට හිරුගේ ශක්තීන් මුලුතැන්ගේ තුලට ලබා ගැනීමටත් ඇතුලත පවතින තෙතමනය මෙන් විශබීජ නැසීමට උදෑසන කාලය තුල පවතින හිරු රැස් වලට හැකි බව පරීක්ෂණ තුලින්ද සනාත කර ඇති කරුනකි. ඔබට සිතෙන්නට පුලුවන නැගෙනහිරටම තැබුවනම් හරිනේ කියා නමුත් සලකා බැලිය යුතු අනේක් කරුන වන්නේ මුලුතැන්ගේ චිමිනියේ දුම් කවුලු පිලිබද සුලං ලැබීමේ දිශා අනුව සෘජුව සුලං ලැබිමක් ගිනිකොන දෙසින් නොවන නිසා සුදුසුම දිශාව ගිනිකොන ලෙස පැහැදිලිය. මේ කරුණු භූමියේ පිහිටීම අනුව වෙනස් වීමට පුලුවන නමුත් පැරණි ඉශිවර මත මග ඇරීමට නොහැක කේසේ වෙතත් වීශ්ව ශක්තියට පිලියම් වර්තමානය වන විට විද්‍යාව තුලින් බිහිව ඇත. වාස්තු විද්‍යාව ලොකයේ අද වනතුරු පවතින සියළුම ආගම් ආරම්භයට පෙර සිටන් පැවත ඇති බව සදහන්ය. වාස්තු විද්‍යාව විවිධ ආකාරයට පවති හින්දු ආගමේ දී දිශා අට සහ මධ්‍යස්ථයට අදිපති වන දෙවියන් සමිබන්ද කර සුභ අසුභ සිද්ධාන්ත මෙන් ශක්තීන් පිලිබද කියවී ඇත. ශ්‍රී ලංකාවට සමීප රට වන ඉන්දියාව තුල පවතින මානසාර වැනි සංස්කෘතිය තුල ලියවී ඇති පැරනි පොත් වලින් වාස්තු විද්‍යාව පිලිබද ඉගැන්වීම් බොහෝමයක් ඇත. තවද වසර කිහිපයක සිට අප රට තුල පැතිරෙන චීන දේශයේ ‍ෆෙංෂුයි ශාස්ත්‍රය තුලද වාස්තු විද්‍යාව ඇත. ඉන්දීය වාස්තු වල මෙන් දිශා වලට අංග දිශාගත කිරීමේදී සමාන කරුනු ඇති බව පොත පරිශීලනයේන් දැකගත හැකිය. තවද පිරමීඩ තාක්ෂණය අධ්‍යනයෙන් විද්‍යාන්මක උපකරන හදුන්වා දෙම්න් ප්‍රචාරනය වන පිරා වාස්තු. තවද ආගමික දර්ශණයන් අනුව තවත් වාස්තු විද්‍යාව ලෙස විවිධ මත ලොකයේ අදටත් බිහිවේ. මේ සිලුම කරුනු සැලකීමට යාම සිදු කිරීමට හැකි දෙයක්ද නොවේ. විද්‍යාත්මකව ඔප්පු කල හැකි හෝ ඉපැරනි ග්‍රන්ත තුල ඇති බව සනාත කල හැකි වාස්තු විද්‍යා කරුනු හැර කිසිදු වගකීමක් නොමැති කියමන් විස්වාස කර නිවසට දොස් පැවරීම හෝ දොසයක් ලෙස දැකීම වාස්තු වලට වඩා මානසිකව ජීවිතයට දොශ ඇති නොකරගැනීමට ඔබ සැලකිලිමත් වන්න.
නොපෙනෙන බලවේග යනුවෙන් අදහස් කරනුයේ භූත ආත්ම ප්‍රෙතයන් පිසාචයන් ගැන නොව නමුත් එවැනි බලවේග නොමැති බව පැවසීම මා හට කල නොහැක. මේ තුලදී කියනුයේ ලෝකේ පවතින නොපෙනෙන ශක්තී ගැනය. මේ කිසිවක් නොපේනේන නිසා මිනිසාට බලපෑමක් නැතැයි පැවසීමට කිසිදු හැකියාවක් නොමැත. මන්ද මිනිසාද සොභා දහමේ නිර්මාණයකි. සොභා දහමේ වෙනසට අනුකූලව මිනිසාට පහසු අපහසුතා ඇතිවෙන බව මිනිසෙකු ලෙස අප අත්දැකීමෙන් දන්නා කරුනකි. උනුසුම වැඩිවන විට ශරීරයට දැනේ නමුත් රස්නය සම වෙත එන බව පියවි ඇසට දකිනන පුලුවනද? මාලිමාවේ උතුරු කට්ට මාලිමා 100ක් එකට තැබුවද දිශාව එකක් පෙන්වන්නට හේතු වන පෘතුවියේ චුවිභක ශක්ති රේඛා පියවි ඇසින් දැක තිබේද? තව දෙයක් සාමාන්‍ය අඩිපාරක් ගැන සිතන්න හොදින් නිරීක්ශණය කිරීමෙන් ඔබට දැකගත හැකි වනුයේ දෙපස ගස්වල අතු පාර දෙසට නැමුනද එතනින් එහාට වර්ධණය නොවන බව මේ දේවල් පිලිබද හේතු විද්‍යාව තුල සනාත කර ඇත.

courtesy : akdhouseplan.blogspot.com


More News »