බලවත් වාස්තු පුරුෂයා

2018-02-14 10:32:00       592
feature-top
වාස්තු පුරුෂ උපත වේදයේ සඳහන් වන්නේ අන්ධක නම් අසුරයා හා මහේෂ්වරයා අතර ඇතිවූ සටනේදී මෙහෙසුරුගේ සිරුරෙන් මහ‍පොළොව මතට වැටුනු දහඩියෙන් උපන් භූතයෙකු ලෙසය. වාස්තු පුරුෂයාගේ භයානක වූ මෙම වාස්තු පුරුෂ රූපය යක්ෂ රූපයකට බොහෝ සෙයින් සමානය. ඒ කරණකොට අහස පොළව වැසි දෙවි මිනිසුන් මහත් වූ භීතියට පත්වූ නිසාවෙන් දෙවියන් එම භූතයා එකිනෙහිම අල්වා මුහුණ යටිකුරු අතට සිටිනසේ පොළොව මතට හෙළන ලදී. ඉන්පසු දිව්‍ය වරප්‍රසාද හේතුවෙන් වාස්තු පුරුෂයා බලවත් විය.

වාස්තු පුරුෂයා සෑම නිවසකත්, ඉඩමකත් සිටින බව වාස්තු විද්‍යාවේ සඳහන්වේ. ඉහත කී සේම වාස්තු පුරුෂයාගේ මූලික ඉරියව්ව මුණින් අතට සිටීමයි. මෙම මූලික ඉරියව්ව කිසිවිට වෙනස් නොවේ. මෙයට අතිරේකව ඔහුගේ තවත් ඉරියව් හෙවත් මුහුණුවර දෙක එක්වේ. ඒ නිත්‍ය වාස්තු පුරුෂයා හා චර වාස්තු පුරුෂයා ලෙසය. නිත්‍ය වාස්තු පුරුෂයා සෑම හෝරා තුනකට වරක් තම ඉරියව්ව වෙනස් කරණ බවද චර වාස්තු පුරුෂයා වර්ෂයේ සෑම දිනකම ගමන් කරණ බවද වාස්තු විද්‍යාවේ සඳහන්ය. මෙය සිදුවනුයේ පෘථිවියේ ඍතු වෙනස් වීමට සාපේක්ෂවය.

වාස්තු පුරුෂයා බහිරවයකු නොවන අතර සියලු බහිරවයන්ගේ පාලකයා සේ සැලකේ. ඔහු තුළ වාස්තු පුරුෂ මණ්ඩල පිහිටයි. මේ වාස්තු පුරුෂ මණ්ඩල අවබෝධ කරගැනීම උදෙසා ආකෘති දෙකක් භාවිතයේ යෙදේ. ඒ මන්ඩුක ආකෘතිය හා පරමසායික ආකෘතිය ලෙසය. මෙම පරමසායික ආකෘතිය මන්ඩුක ආකෘතියේම වර්ධනයකි. සාමාන්‍ය වාස්තු පුරුෂ මණ්ඩල ආකෘතිය හෙවත් මන්ඩුක ආකෘතිය කෝෂ හෙවත් කෝෂ්ඨ 64කින් යුතුය. එනම් එක් පසෙකට සමාන කොටු 8කුත් අනෙක් පසට සමාන කොටු 8 කුත් ලෙ ස (8x8) සාමාන්‍ය වාස්තු පුරුෂ මණ්ඩල ආකෘතිය ගොඩනැ‍ඟේ . තව ද මෙම මණ්ඩුක ආකෘතියේම කම්පනයට හා භ්‍රමණය හේතුකොටගෙන එක් පසෙක තිබෙන කොටු 8 කොටු 9 බවට පත්වේ. මෙය මන්ඩුක ආකෘතියේ දෙපසින්ම සිදුවීමෙන් කොටු හෙ වත් කෝෂ්ඨ (9x9) ලෙස ‍කෝෂ 81 කින් යුත් පරම සායික ආකෘතිය ලෙස හඳන්වන වාස්තු පුරුෂ මණ්ඩල බිහිවේ. වාස්තු පුරුෂයා පිදීම ඈත අතීතයේ සිට පැවත එන්නකි. මෙහිදී එම වාස්තු ප්‍රජා කළ යුතු දිශාව පහත ආකාර වේ.

සූර්යා, සිංහ, කන්‍යා , තුලා යන රාශිවල ගමන් කරන කාලය නිරිත දිශාව සූර්යා වෘශ්චික, ධනු මකර යන රාශිවල ගමන් කරන කාලය වයඹ දිශාව , සූර්යා කුම්භ මීන, මේෂ යන රාහිවල ගමන් කරන කාලය ඊසාන දිශාව සූර්යා වෘෂභ, මිතුන, කටක යන රාශිවල ගමන් කරන කාලය ගිනි‍කොන දිශාව වේ.

ගෘහ නිර්මාණ ශිල්පයේදී මෙන්ම ළිං, පොකුණු, වැව් ආදිය නිර්මාණයේදීද පැරණි දිරාගිය ස්ථාන අලුත් වැඩියා කිරීමේ දී ද වාස්තු පුරුෂයා පිදිය යුතුය. මෙය උක්ත කටයුතු ආරම්භයේදී මෙන්ම අවසානයේදීද, සිදුකළ යුතු බව වාස්තු පොතපතෙහි දැක්වේ. ඉහත සඳහන් කළ ලෙසට භූමිය කෝෂ්ඨ වශයෙන් බෙදූ විට ලැබෙන එක් කොටුවක් පාදයක් ලෙස හඳුන්වයි. මෙ හිදී ඉහත සඳහන් කොටු 64 හා 81 යන ආකෘති බහුලව භාවිතයේ යෙදේ. ඒ සාමාන්‍ය ගෘහ කර්මාන්ත සඳහා ය .

කෝෂ්ඨ හෙවත් පාද 64 මෙන්ම 81 යන ආකෘතිවලට සම්බන්ධ දෙවි දේවතාවන් නම් වශයෙන්ද තැන්පත් ස්ථාන වශයෙන් ඉතා පැහැදිලිව වාස්තු විද්‍යා පොත පතෙහි සඳ හන් වේ. මෙහිදී වැදගත් වන්නේ මෙම කොටු එකිනෙක සම්බන්ධ වන සන්ධිවලට යටලී, බාල්ක, බිත්ති කණු, දොරවල් ආදිය නොතැබීමට වගබලා ගැනීමයි.

වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දිශාවට බරව පිහිටා තිබේ. එලෙස ඊසාන දිශාවට හිස හැරවීමට හේතුව ලෙස වාස්තු විද්‍යාවේ සඳහන් වනුයේ පෘතුවියේ 231/2 වූ ඇලවීමය. වාස්තු පුරුෂයා තුළින් ඉගැන්වෙන කොටස් 2කි.

01.සර්ව

02.සූක්ෂම

සර්ව යනු වාස්තු පුර්ෂයාගේ පිහිටීම අනුව නිවසේ දෝෂ බැලීමයි. ‍මෙය අප රටේ ඉතා ඉහළින් භාවිතාවේ. සූක්ෂම යනු නිවසක් පිළිබඳ සූක්ෂම ආකාරයෙන් සොයා බැලීමයි. මෙම ක්‍රම ය අප රටට වඩා ඉන්දියාවේ භාවිතාවේ. මහා වාස්තු ක්‍රමය පුරුෂයා ඊසාන දෙසට බරව සිටී යැයි පැවසුවද ඉන්දියාවේදී ඔහු නිරිත දෙසට බරව සිටී යැයි සැළකේ. ඉඩමක හෝ නිවසක වාස්තු පුරුෂ පිහිටීම ගත් කළ ඊසාන දෙසට හිසත් නිරිත දෙසට පාදත් ගිනිකොන හා වයඹ සෙට දෙවැලමිටත් දෙදනුන් උතුරු හා නැගෙනහිරට උර හිසුත් පිහිටා ඇත. එනමුත් වර්ෂයේ මාස අනුව වාස්තු පුරුෂයාගේ පිහිටීම සලකන ඉඩමේ නිවස සැදිය යුතු ස්ථානය තිරණය කළ යුතුය . කෙසේ නමුත් නිවස ඉදිවිය යුත්තේ මනුෂ්‍ය හා දේව පාද තුල ය . නිවසක සශ්‍රීකත්වය පවත්වා ගැනීමට වාස්තු පුරුෂයාගේ අංගෝපාංග පීඩාවට පත් නොවීම මෙන්ම වාස්තු පුරුෂයාගේ ශරීර අංගය න් හීනවීමද නොවිය යුතුය. මෙහිදී වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන් හීනවීම යනු නිවසේ යම් යම් කොටස් අඩුවීමයි. එලෙස නිවාස සැලසුවේ වාස්තු පුරුෂයාගේ අංගය නට අදාළ එක් එක් දිශා අඩුවීමේ පලාපල මෙසේය.

l ගිනිකොන අඩුවීම - දක්ෂින බාහු ව - ධන හානි

l වයඹ අඩුවීම - වම් බාහුව - ධන හානි

ඊසාන අඩුවීම - හිස - නිවැසියන් අධාර්මිකවීම ස්ත්‍රී දෝෂ, පුත්‍ර මරණ

නිරිත අඩුවීම - පාද - දිළිදු වීම

තවද වාස්තු පුරුෂයාගේ පීඩා නොවිය යුතු ස්ථාන හෙවත් මහා මර්මස්ථන වනුයේ හිස, මුඛය, හෘදය, පපු ප්‍රදේශය, පෙකනිය, ලිංග ප්‍රදේශ හා කලවා ප්‍රදේශයි. මෙම ප්‍රදේශ අතුරින් බොහොමයක් ස්ථාන බ්‍රහ්ම පාදයට අයත් වේ. මෙම ස්ථානවල බර භාණ්ඩ, කුලුණ බිත්ති වැනි දෑ නො තිබිය යුතුය. තවද නිවසක මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේ මිස ඊසාන දිශාවේ නොවිය යුතුය. එසේ නොවුනහොත් ‍ගෙහිමියා නිතර ලෙඩ රෝගවලට ගොදුරු වේ.

ඊට හේතුව වාස්තු පරුෂයාගේ හිස පීඩා වීම යි. එසේම ඔහුගේ වැලමිට ආශිත ප්‍රදේශ යම් ලෙසකින් පීඩාවට පත්වුවහොත් නිවස හමිකරුගේ සිරුරේ එම ප්‍රදේශයේ පීඩා ගෙන දේ. වාස්තු පුරුෂයාගේ සෙසු පීඩා‍ නොවිය යුතු ස්ථාන සම්බන්ධයෙන්ද ‍මෙසේමය. එනිසා භූමිකා අන්තරගතවී ඇති ශක්තිය දක්වන වාස්තු පුරුෂ සංකල්පය පිළිබඳව දැනුවත් වීම තුළ වාස්තු පුරුෂයා ‍වෙතින් ඇතිවන දෝෂ උපරිමයෙන්ම වලකාගත හැක.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »