නිවස ඉදිකරන්නේ ගලක්‌ මතද?

2018-02-22 10:32:00       267
feature-top
වාස්‌තු ශිල්පය තුළින් සෑමවිටම කියා දුන්නේ ස්‌වභාව ධර්මයට අනුව ජීවත් වන්නේ කෙසේද යන්නයි. ස්‌වභාව ධර්මය සමග ජීවත් වන විට සෑම විටම ස්‌වාභාවික ශක්‌තීන්ගේ බලය ඔබගේ සිතට සහ කයට දැනෙනු ඇත. මානව ශිෂ්ටාචාරයේ මිනිසා අනාදිමත් කාලයක්‌ තමන්ගේ වාසස්‌ථාන ලෙස භාවිත කළේ පරිසරයෙන් ලැබුණු ස්‌වාභාවික ආවරණ බව අපි දනිමු. ඒවා අතර ගස්‌ බෙණ, ගල් ගුහා ආදිය ප්‍රධාන වෙනවා. මෙයිනුත් ශෛල ආවරණ නැතහොත් ගල් ගුහා ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ බලංගොඩ මානවයාගේ නටබුන් සහ නෂ්ඨාවශේෂ අපට හමුවන්නේ ගල් ගුහා තුළිනි. අතීතයේ සිට ශෛල සහ මිනිසා අතර විශාල බැඳීමක්‌ පැවති බව පෙනී යනවා. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී දිවා කාලයේ දී විවේකී සුවයෙන් වැඩසිටියේද ශෛල ආවරණයක්‌ තුළ බව සඳහන් වන අතර එය දිවා ගුහාව නම් වේ. රහතන් වහන්සේලා දහස්‌ ගණනක්‌ තම රහත් බව සාක්‌ෂාත් කර ගත්තේ ශෛල ආවරණය හෙවත් ගල්ගුහා ඇසුරු කොට ගෙනයි. අපගේ අතීත ශ්‍රී විභූතිය තවමත් නොනැසී විරාජමාන වී තිබෙන්නේ ශෛල සමඟ සිදු කරනු ලැබූ වාස්‌තු නිර්මාණ නිසාවෙනි. සීගිරිය මෙයට කදිම උදාහරණයකි. මේ ආකාරයට වර්තමානයේ දීද ඔබට වඩා වැඩි ප්‍රයෝජන ගත හැකි ශෛල කොටස්‌ නැත්නම් ස්‌වාභාවික ගල්a පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවීම මෙම ලිපියේ අරමුණ වේ.
 
 විශාල ගල් සහිත ඉඩම් වල නිවාස සෑදීම සුදුසු ද? 
 
 අද සමාජයේ වැරැදි මතයක්‌ තිබෙනවා නිවස තුළට ගලක්‌ යෙදෙන ලෙස හෝ ගලක්‌ මත නිවසක්‌ සෑදීම සුදුසු නැහැ කියලා. ඒ ඉතාමත් වැරැදි මතයක්‌ ලෙස පෙන්වා දිය යුතු වෙනවා. ඉහතින් සිදුකළ හැඳින්වීමෙන්ම ඔබට පැහැදිලි වෙනවා නේද ගල්ගුහා සහ මිනිසුන් අතර පැවති සම්බන්ධතාවය. එසේ නම් වාස්‌තු ශිල්පය තුළ හඳුන්වන ලෙස නිරෝගීකම, ශක්‌තිය සහ බලවත්කම ඔබට ලබාදෙන ස්‌වභාව ධර්මයේ ප්‍රබල දායාදයක්‌ ලෙස ශිලා නැත්නම් ගල් හැඳින්විය හැක. ඔබට තිබෙන්නේ ගලක්‌ සහිත ඉඩමක්‌ නම් ඔබ එම ගල නිසි ලෙස පරීක්‍ෂා කර බලා වාස්‌තු සිද්ධාන්තවලට ගැළපෙන ලෙස ගෘහයක්‌ ඉදිකළහොත් නිසැකවම ඔබට නිරෝගීකම හා බලවත්කම ලැබෙනු ඇත.
 
 ගල් සහිත ඉඩමක නිවසක්‌ සෑදීමට තෝරා ගන්නා ආකාරය
 
 ගලක්‌ සහිත ඉඩමක එම ගල ගෘහය තුළට සිටින ලෙස හෝ එම ගල උඩ ඔබගේ ගෘහය සාදන්නේ නම් ඔබ දැන ගත යුතු මූලික වාස්‌තු ශිල්පීය ක්‍රම කිහිපයක්‌ තිබෙනවා.
 
 * එම ගල පිහිටි ගලක්‌ විය යුතුයි.
 
 * එම ගලේ බෑවුම උතුරු, ඊසාන හෝ නැගෙනහිර විය යුතුයි.
 
 * එම ගලේ කුස්‌තුර පොළොව තුළට සිටින සිරස්‌ ඒවා විය යුතුයි.
 
 * තද කළු පැහැති දිලිසෙන ගල් නොවිය යුතුයි.
 
 ඉහතින් සඳහන් කළ ප්‍රධාන ලක්‍ෂණයන්ගෙන් යුතු ඕනෑම ස්‌ථානයක ඉතා බලවත් ගෘහයක්‌ ගොඩනංවා ගත හැකි බව වාස්‌තු ශිල්පයේ දක්‌වා තිබෙන්නේ අසුරයන්ගේ වාස්‌තු නිමැවුම්කරු වන "මය" නම් Rෂි උතුමන් විsසිනි. ශෛලමය නිර්මාණකරුවන් අතර අගතැන්පත් "මය" Rෂි විසින් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ද වාස්‌තු නිර්මාණ රැසක්‌ ලෝකයාට ලබා දී තිබෙනවා. එවැනි විශේෂ වූ දෙවොලක්‌ ඉන්දියාවේ තිබෙන අතර එම දේවාලයට ලම්බකව භූමිය අභ්‍යන්තරයේ සිදු වූ විශාල භූමිකම්පාවකටවත් එම දෙවොල හෙළවීමට නොහැකි වූයේ එය ශෛල මතුපිටක්‌ මත ගොඩනංවා තිබූ නිසාවෙනි.
 
 මිනිස්‌ වාසයට සුදුසු ශෛල තල වර්ග කිහිපයක්‌ තිබෙනවා. සෑම ගලක්‌ම නිවාස සඳහා යොදා ගැනීමට නොහැකි බව මතක තබාගත යුතුයි. මෙහි දී තද කළු පැහැති දිලිසෙන ගල්තලා නිවාස සඳහා නුසුදුසු බව පෙන්වා දී තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම "මයිකා" නමැති ඛනිජය බහුලව ගැබ්වී ඇති ගල් ආශ්‍රයෙන් නිවාස සෑදීම සුදුසු නැත. එවැනි ගල් හඳුනා ගැනීම ඉතාමත් පහසුවන අතර ඒවා දිලිසෙන ගතියක්‌ පෙන්නුම් කෙරෙනවා. මිනිස්‌ වාසය සඳහා ඉතාමත් සුදුසු වන්නේ දුඹුරු, කහ වැනි වර්ණයන් සහිත ගල් වේ. එනම් මයිකා ඛනිජය අඩු ගල් වේ.
 
 ගල් වළවල් ආශ්‍රයෙහි ගෙවල් සෑදීම අයහපත්
 
 ගල් තලයක්‌ සහිත ඉඩමක නිවසක්‌ සෑදීමේ දී විශේෂයෙන් කල්පනාකාරී විය යුතු වෙනවා. විශේෂයෙන්ම එවැනි ස්‌ථානයක්‌a නිසැකවම පිහිටි ගල් තල පමණක්‌ විය යුතුයි. මෙහිදී ස්‌වාභාවික උපද්‍රව සහ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. එසේම කිසිම විටක බෝර ගසා කළුගල් කඩා ගල් වළවල් ආශ්‍රයෙහි නිවාස ඉදි නොකිරීමට වගබලා ගත යුතුයි. එවැනි භූමි කිසිම ආකාරයකට ඵල නොදෙන බව කිව යුතුයි. ඔබ මෙහිදී මතක තබා ගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ ගෘහය සෑදීම සඳහා ගලක්‌ යොදා ගන්නේ නම් එම ගලට වෙඩි දමා හානිකර එකතු කර ගැනීම කිසිසේත්ම නොකළ යුතු බවයි. ගල පිහිටි ආකාරයෙන්ම එය නිවසට එකතු කර ගත හැකිනම් පමණක්‌ ගෘහය සෑදීම සුදුසු වේ. නොඑසේ නම් එවැනි තැනක්‌ ඔබහට කිසිසේත්ම උරුම තැනක්‌ නොවේ. ඔබට උරුම භූමියක්‌ නම් පෙර පෙන්වා දුන් හොඳ ලක්‍ෂණ සහිත භූමියක්‌ ඔබට ලැබෙනු ඇත. එය ස්‌වභාව ධර්මයේ ශක්‌තිය කැටිකර ගත් ශෛල ධනයක්‌ වනු ඇත.
 
 ගලක්‌ සහිත ඉඩමක නිවසක්‌ සෑදීමේ දී ඉටුකළ යුතු විශේෂ වත් පිළිවෙත් 
 
 ඔබගේ ඉඩමේ ඇති ගල ඔබගේ ගෘහයට එක්‌ වන්නේ නම් ඒ සඳහා විශේෂ වාස්‌තු වත් පිළිවෙත් ඉටු කිරීමට ඔබට සිදු වේවි. සාමාන්‍ය ඉඩමක ගෘහයක්‌ ඉදිකිරීමේ දී අප විසින් ඉටු කෙරෙන වත්පිළිවෙත්වලට අමතරව භූමියේ ආතාල හා පාතාල යන කොටස්‌ දෙකෙන්ම අවසර ලබාගත යුතු අතර විශ්වකර්ම හා මය යන ශිල්පයන්ට අධිපති දෙවියන්ගේ, ගම්තුලානේ ගම්භාර දෙවියන්ගේ මෙන්ම ඉටු දෙවියන්ගේ සහ භූමි ඥාතීන් සියලු දෙනාගෙන් අවසර ලබාගෙන භූමියේ හතර කොණ හා අට කොණ නිසිලෙස ආරක්‍ෂා කොට සෙල්පතුරු කොන් හතරෙන් ගෙන කුඩු කොට මුහුදු වැලි සමග එකතු කොට ඉඩමේ බ්‍රහ්ම පාදයේ විශ්ව ශක්‌ති ස්‌වස්‌ථිකයක්‌ තබා ඒ මත එම විශේෂ මංජුසාව පේ කොට තැන්පත් කළ යුතු වෙනවා. ඉඩම මධ්‍යයේ ගල පිහිටියේ නම් ඉඩමේ ඊසාන මූලයෙහි මෙය තැන්පත් කළ යුතු අතර ඊසාන මූලයේ ගල පිහිටියේ නම් නිරිත මූලයේද තැන්පත් කළ යුතු අතර නිරිත මූලයේa ගල පිහිටියේ නම් ගිණිකොණ මුලයේ තැන්පත් කිරීම් සිදුකළ යුතු වෙනවා. මීට අමතරව වාස්‌තු ඖෂධ යොදා සිඳින ලද විශේෂ තෙල් වර්ගයක්‌ ගෙන එම ගල මත හා ඉඩමේ ඉසීම කළ යුතු අතර එම තෙල්වැටුණු තැන්වල ගලේ පැහැය වෙනස්‌ වී ඇත්නම් එම ගල යොදා ගැනීම නොකළ යුතු බව සඳහන් වෙනවා. මේ ආකාරයට විශේෂ වත් පිළිවෙත් ගණනාවක්‌ ඉටුකොට ආතාල පාතාල බහිරව දේවතා පූජාවක්‌ පවත්වා අවසර ලබාගෙන ගලක්‌ සහිත භූමියක නිවාස ඉදිකිරීමේ හැකියාව පවතිනවා.
 
 වර්ණ රටා තෝරා ගැනීම
 
 ඔබගේ ගෘහය ඇතුළත ගලක්‌ ඇත්නම් ඔබගේ ගෘහයේ ඇතුළත සහ පිටත වර්ණ රටාව පිළිබඳව ඔබ වඩාත් විමසිsලිමත් විය යුතු වෙනවා. මෙහිදී සෑම විටම නිවස තුළ විශ්ව ශක්‌තිය බලවත් කරන "ධවල වර්ණය" එනම් සුදු වර්ණය පමණක්‌ භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. කිසිම විටක රතු සිට කහ දක්‌වා වෙනස්‌ වන වර්ණ භාවිත නොකළ යුතු බවද මතක තබාගත යුතුයි. වර්ණ රටාව පිළිබඳව ඔබට ප්‍රායෝගික උදාහරණ සපයා ගැනීම සඳහා පුරාණ ලෙන් විහාර සහ ඉන්දියාවේ මෙන්ම ලංකාවේද රජ මාළිගා අධ්‍යයනය කිරීමෙන් පෙනී යනු ඇත. ඒවායේ වඩාත් බලවත් කොට ඇත්තේ ධවල වර්ණය වේ. ඒ තුළින් ගලකින් නිකුත් වන කිරණ පාලනය කිරීම සහ විශ්ව ශක්‌තිය බලවත් කිරීම අපේක්‍ෂා කෙරේ.
 
 ගල් සහිත ඉඩමක එම ගල් සම්බන්ධ කරගෙන නිවාස ඉදිකිරීම තුළින් අලංකාරය සහ ස්‌වාභාවික ශක්‌තිය බලවත් කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී ඉඩමේ ඇති ගල් පලුදු කිරීමකින් තොරව පවතින ස්‌වාභාවික හැඩතල එලෙසින්ම තබාගෙන ගෘහයට එකතු කිරීම ඉතාමත් අලංකාර මෙන්ම ස්‌වාභාවික ක්‍රමය ලෙස පෙන්වා දිය හැකිය. වාස්‌තු ශිල්පයට අනුව අනාදිමත් කාලයක සිට මිනිසා සහ ගල් අතර පැවතියේ ඉතාමත් ශක්‌තිමත් බැඳීමක්‌ බව පෙන්වා දෙමි. එබැවින් වාස්‌තු සිද්ධාන්ත වලට අනුව ස්‌වාභාවික ගල් ගෘහයක්‌ තුළට එක්‌කර ගැනීමෙන් ශක්‌තිය, නිරෝගීකම සහ බලය ගෘහය තුළ බලවත් කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා විධිමත් අධ්‍යයනයකින් පසුව වාස්‌තු සිද්ධාන්තවලට අනුකූල වන තත්ත්වයන් යටතේ පවතින ගල් තලාවන් ගෘහයක්‌ ඉදිකිරීම සඳහා කිසිම බාධකයක්‌ නොවන බව පෙන්වා දෙමි. එසේම එවැනි ගල් යොදා ගැනීමේ දී කිසිම හානියක්‌ නොකොට පවතින ස්‌වභාවික තත්ත්වයෙන්ම පවත්වා ගැනීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොඅඩුව ලබාගත හැකි බවට නූතන උදාහරණයන්ද පවතී. මෑතක දී මහත් ආන්දෝලනයට පත් වූ කණ්‌ඩලම හෝටලය වැනි ව්‍යාපාර පරිශ්‍රයන්a අද වන විට පරිසර හිතකාමී ලෙස සකස්‌ වී ඇත්තේ පැවති ගල් පර්වතයන් පැවති ස්‌වාභාවික තත්ත්වයෙන්ම යොදාගත් බැවිනි. එබැවින් ඔබගේ ගෘහයත්a ගලක්‌ සමග ඔබ සම්බන්ධ කිරීමට හිතන්නේ නම් හෝ දැනටමත් එවැනි ස්‌ථානයක ඉදිකර ඇත්නම් ඔබට අවැසි වාස්‌තු ශිල්පීය දැනුම ලබා දුන්නේ ස්‌වාභාවික ශක්‌තීන් ඔබගේ ගෘහයටත් කැන්දා ගැනීමට අවැසි වාස්‌තු ශිල්පීය දැනුම ලබාදීමේ අරමුණෙනි. විශ්ව ශක්‌තිය සපිරි නිරෝගී ගුණය සහ බලය නිතැතින් වර්ධනය වන සම්පත් නිවසක පහස ලැබීමට ඔබට වාසනාව උදාවේවා· 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »