නිවස හදන්නේ තුන්මං හන්දියකද ? එහෙනම් මෙය කියවන්න

2018-03-05 10:05:00       273
feature-top
වාස්‌තු ශිල්පය යනු සෑම විටම ප්‍රායෝගික විෂයක්‌ මිස මියගිය විෂයක්‌ නොවන බව මා සෑමවිටම ඔබට පෙන්වා දී තිබෙනවා. නූතනයේ දී වාස්‌තු ශිල්පය අවභාවිතයේa යොදවන පිරිස්‌ විසින් වාස්‌තු ශිල්පය විනාශ කිරීම උදෙසාම ශිල්පීය මූලධර්ම වැරදි ලෙස අමු අමුවේ භාවිතා කරන බව පෙනී යනවා. මෙවැනි අවභාවිත සංකල්පයන් විශාල සංඛ්‍යාවක්‌ නූතනයේ පවතින අතර ඒවා අතරින් ඉතා ජනප්‍රිය වාස්‌තු මූලධර්මයක්‌ වෙත ඔබගේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.
 
 සෑම දෙයකම පිටතින් අප දකින දෙය සහ එහි අභ්‍යන්තරයේ පවතින දෙය පිළිබඳව වෙනස්‌කම් තිබෙනවා. නිදසුනක්‌ ලෙස පිටතින් ඉතාම පැරණි නිවසක්‌ දුටු පමණින් එම ගෘහය ඉතාමත් අබලන් ලෙස තීරණය කරනවා. එසේ වුවද එම ගෘහයේ අභ්‍යන්තරය ඉතාමත් අලංකාරව සහ සැප පහසු ලෙස තිබෙන්නට පුළුවන්. සමහර නිවාස තිබෙනවා බාහිරින් බැලූ බැල්මට කිසිම පෙනුමක්‌ නැහැ. ඉතා කුඩා නිවසක්‌ ලෙස දිස්‌වෙනවා. නමුත් එහි ඇතුළට ගිය විට ඉතාමත් ඉඩකඩ සහිත නිවසක්‌ බව පෙනී යනවා. මේ ආකාරයටම ඉතාමත් ගොරහැඩි පෙනුමක්‌ ඇති මිනිසෙකු දුටුවිට අප තැතිගත්තද ඔහු හා කතා කළ විට ඉතාමත් සංවේදී පුද්ගලයෙකු බව පසුව හඳුනා ගන්නවා. මේ ආකාරයට කිසියම් දෙයක්‌ දකින හා පෙනෙන අයුරින් සහ ඒ සඳහා ලබා දී ඇති අර්ථකතනය පිළිබඳව පමණක්‌ විමසා බලා සමස්‌තය තීරණය කිරීමෙන් කිසිම විටක නිවැරදි තීරණ ගැනීමට නොහැකි බව ඔබට පසක්‌ වනු ඇත. මේ ආකාරයට කෙතෙකුන් අත්දැකීම් ඔබේ ජීවිතය තුළද ඇතිවාට සැක නැහැ.
 
 වාස්‌තු ශිල්පය තුළද මීටම සමාන වූ වාස්‌තු මූලධර්ම රාශියක්‌ පවතිනවා. එම වාස්‌තු මූලධර්ම වලින් පෙන්වා දෙන පරිදි මූලික සිද්ධාන්තය හඳුන්වා දී තිබුණද ඒවා භාවිතා වන සහ ඒවා භාවිතා කළ යුතු පිළිවෙල වෙත වෙනම පෙන්වා දී තිබෙනවා. නූතනයේ වාස්‌තු ශිල්පය පිළිබඳව කටයුතු කරන උදවිය වාස්‌තු සිද්ධාන්තවල සූක්‍ෂම දැනුම නොමැතිව මූලික සිද්ධාන්තය පමණක්‌ සිහියේ තබාගෙන වාස්‌තු ශිල්පීය අදහස්‌ දැක්‌වීම නිසා මිනිසුන්ට විවිධ ප්‍රශ්න සහ ගැටලු ඇතිකර තිබෙනවා. මෙවැනි එක්‌ විශේෂිත වාස්‌තු මූලධර්මය වන ''තුන්මන් හන්දියක නිවාස සෑදීම නුසුදුසු බව'' දක්‌වා තිබෙනවා. එයද සිද්ධාන්තමය වශයෙන් හඳුන්වා දීමේ මූලික ක්‍රමවේදය නැත්නම් පිළිවෙල වුවද ඒ තුළ මෙම සිද්ධාන්තය ක්‍රියාත්මක වන පිළිවෙල පිළිබඳව නූතන වාස්‌තු ශිල්පීන් තුළ දැනුමක්‌ නොමැති බැවින් එම වාස්‌තු මූල ධර්මය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? එය භාවිතා කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්.
 
 ගෘහ ස්‌ථාපිත මූලධර්ම
 
 ගෘහ ස්‌ථාපිත මූලධර්ම රාශියක්‌ පිළිබඳව වාස්‌තු ශිල්පය තුළ සඳහන් වෙනවා. එම මූලධර්ම තුළින් පොදුවේ අවධානය යොමු කරනු ලබන කරුණු කිහිපයක්‌
 
 * භූමියේ හැඩය
 
 * භූමියේ බෑවුම
 
 * පිහිටීමේ ස්‌වභාවය
 
 ඉහත මූලධර්ම අතුරින් භූමියේ පිහිටීමේ ස්‌වභාවය යන මූලධර්මය යටතේ ගෘහයක්‌ ස්‌ථාපිත කිරිමේ දී එම භූමියේ පිහිටීමේ ස්‌වභාවය පිළිබඳවම විශේෂ අවධානයක්‌ යොමුකළ යුතු බව පෙන්වා දී තිබෙනවා. මේ යටතේ ගෘහයන් ස්‌ථාපිත කළ යුතු සහ නොකළ යුතු ස්‌වභාවයන් පිළිබඳව හඳුන්වා දීමේ දී කිසිම විටක තුන්මන් හන්දියක පිහිටි භූමිය තෝරා නොගත යුතු බවද පෙන්වා දෙනවා. එසේ වුවද එම තුන්මන් හන්දියේ පිහිටීමේ ස්‌වභාවය පිළිබඳව දක්‌වා ඇති කරුණු පිළිබඳව නූතන වාස්‌තු ශිල්පීන් තුළ පවතින දැනුම අඩුභාවය නිසා මූලික වාස්‌තු සිද්ධාන්ත පමණක්‌ අමු අමුවේ භාවිතා කිරිම හේතුවෙන් මිනිසුන් දැඩි ලෙස පීඩනයට පත් වී සිටිනවා. සමහර විට මෙය කියවන ඔබේ ගෘහයත් පිහිටා ඇත්තේ මෙවැනි තුන්මන් හන්දියක විය හැකියි. එසේම තුන්මන් හන්දියක පිහිටා තිබූ ඉතා වටිනා ඉඩමක්‌ ඔබ මිලදී නොගෙන අතහැර දමන්නට ඇති. එසේම දැනට ඔබට අයත් තුන්මන් හන්දියේ පිහිටි ඉඩමේ ගෘහය සෑදීමට බියෙන් පසුවෙනවා ඇති. මේ සියලු කරුණු සඳහා ඔබට අවැසි වාස්‌තු ශිල්පීය දැනුමට පහත කරුණු එකතු කරගෙන නිවැරදි කරන්න.
 
 ඉඩමේ තුන්මන් හන්දියේ පිහිටීමද වටපිටාවේ ස්‌වභාවය පහත පරිදි නම් යහපත් බව සහ අයහපත් බව තීරණය කළ හැක. මෙහිදී ඔබගේ ඉඩම ඇත්තේ තුන්මන් හන්දියක වුවද මාර්ගය පිහිටි භූමියට වඩා ඔබගේ ඉඩම උසින් පිහිටා ඇත්නම් කිසිම විටක දෝෂ යහපත නොවන බව මතක තබා ගත යුතු අතර එවැනි ඉඩම් වල ගෘහයන් සෑදීම කළ හැක.
 
 එසේ වුවද තුන්මන් හන්දියේ සමාන්තරව සහ මාර්ගයට පහතින් පිහිටි ඉඩම්වල ගෘහයන් සෑදීම අසාර්ථක බව පෙන්වා දෙමි.
 
 ඉහතින් දක්‌වා ඇති පරිදි රූපසටහන් 01 තුළින් යෙදී ඇති ඉඩමේ තුන්මන් හන්දිය පිහිටා තිබුණද ඔබට නිසි ආකාරයෙන් වාස්‌තු සිද්ධාන්තවලට අනුකූලව නිවාස තැනීමේ හැකියාව පවතිනවා. එසේ වුවද රූප සටහන් 02 සහ 03 ආකාරයට පිහිටීම දක්‌වන ඉඩම්වල විවෘත ලෙස ගෘහයන් ඉදිකිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බව පෙන්වා දෙනවා. එවැනි ඉඩම්වල තුන්මන් හන්දියේ බලගැන්වෙන සියලුම දෝෂ සඳහා නිරාවරණය වී තිබෙන බව එහි අදහසයි.
 
 තුන්මන් හන්දියක නිවස සෑදීම නුසුදුසු ඇයි?
 
 තුන්මන් හන්දියක නිවාස සාදන්න එපා කීවාට එසේ කියන්නේ ඇයි කියා ඔබ විමසා බැලුවද? ඇත්තටම එය ප්‍රායෝගික සංසිද්ධියන් තුළින් බලවත් වාස්‌තු මූලධර්මයක්‌ ලෙස සකස්‌ වී තිබෙනවා. සෑම වාස්‌තු මූලධර්මයකටම අර්ථාන්විත තේරුම් තිබෙන අතර එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳව සෑම විටම අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. තුන්මන් හන්දියක තිබෙන නිවස සඳහා ඇතිවන බලපෑම ඉහළ මට්‌ටමක පවතිනවා. ඒවා අතරින්
 
 ෆ රාජ්‍ය බිය
 
 ෆ මාර්ග වේද බිය
 
 ෆ තරංග වේද දෝෂ
 
 යන වේද දෝෂයන්ට Rජුව නිරාවරණය වීම ප්‍රධාන කාරණය වී තිබෙනවා. මේවා සැබැවින්ම අපට ප්‍රායෝගිකව අත්විඳිය හැකි දේවල් බව ඉතාමත් බුද්ධිමත්ව සිතීමේ දී පෙනී යනවා ඇත. ඔබගේ නිවස තිබෙන්නේ තුන්මන් හන්දියක නම් ඔබගේ ගෘහය සියලුදෙනාට නිතර ඇහැගැටෙන වැඩි අවධානයක්‌ යොමුවන බව කිව යුතුයි. මෙහි රාජ බිය පමණක්‌ දක්‌නට තිබෙනවා. එසේම මාර්ගයක්‌ අසල Rජුව පිහිටුවා ඇති බැවින් අනතුරු බහුල විය හැකි බව නිශ්චිතයි. එය මාර්ග වේද දෝෂ ලෙස හඳුන්වා එසේම ස්‌වාභාවික ශක්‌ති තරංග සම්ප්‍රේෂණ සෑම විටම මෙන්ම යාන්ත්‍රික ශක්‌ති සම්ප්‍රේෂණ එදාට වඩා නූතනයේ ප්‍රායෝගික වී තිබෙනවා. මෙය තරංග වේද දෝෂ ලෙස බලවත් වෙනවා. 
 
 වාස්‌තු මූලධර්මයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඔබ සෑම විටම ඔබගේ ගෘහයේ මූලික වාස්‌තු සිද්ධාන්ත පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු අතර ගෘහයේ මූලික වාස්‌තු සිද්ධාන්ත එකඟ නම් බාහිර පරිසරය තුළින් එල්ල වන සියලු දෝෂවලින් ඔබ ආරකAෂා කිරීමේ හැකියාවක්‌ ඔබගේ ගෘහයට පවතින බව මතක තබා ගන්න. සියලුදෙනාට සතුට, සැනසීම සපිරි ක්‍ෂේමභූමියක්‌ බවට නිවස පත්කර ගැනීමේ වාසනාව උදා වේවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »