දුප්පතෙකු වීමට බලපාන ඔබේ නිවසේ ප්‍රධාන දොර

2018-03-08 11:42:00       709
feature-top
"සමාජයේ ජීවත් වන සමහර පුද්ගලයන් හට යහමින් ධනය ලැබෙන අතර ඔවුන් ධනවතුන් ලෙස වැජඹෙන අතර සමහර පුද්ගලයින් හට ධනය නොලැබී යන අතර ඔවුන් දිළින්දන් ලෙස කල් ගෙවනු ලැබේ. 

සමාජයේ පවතින මෙම ධනය බෙදීයාමේ විෂමතාවය මත දුප්පතුන් පිරිසක්‌ හා පොහොසතුන් පිරිසක්‌ ලෙස කොටස්‌ දෙකකට බෙදී ඇති අතර එම දුප්පත් කම අතරද මට්‌ටම් පවතින අතර පොහොසත්කම අතරද තව තවත් උප මට්‌ටම් පවතිනු ඇත. කෙසේ වුවද සමහර පුද්ගලයින් දුප්පත්ව සිට කෙටි කාලයකින් ධනවතුන් අතරට පැමිණෙන අතර සමහර පුද්ගලයන් ධනවතුන්ව සිට කෙටි කාලයකදී දිළිඳු බවට පත්වන බවට ඕනෑතරම් ප්‍රායෝගික උදාහරණ සමාජය තුළින්ම ඔබ දැක ඇතිවාට සැක නැත. පුද්ගලයෙකු දුප්පත් වීමට බලපාන වාස්‌තු ශිල්පීය කරුණු මොනවාද යන්න ඔබ වෙත පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණ වේ.

 උතුරු  දකුණු දිශා ද්වාර භාවිතය ගෘහයක ධනය විනාශ වී එම ගෘහවාසීන් දුප්පතුන් බවට පත් වීමට එම ගෘහයේ ද්වාර සටහන ප්‍රබල සාධකයක්‌ ලෙස පෙන්වා දී තිබෙනවා . ඒ අතර යම් ගෘහයක ඇත්තේ උතුර – දකුණු ද්වාර සටහනක්‌ නම් එම ගෘහ වාසීන්ගේ ධනය පිරිහී ගොස්‌ දුප්පත් වන බව හමා වාස්‌තු සෘෂී මතයයි. ඔබගේ ගෘහයේ මංගල ද්වාරය උතුරේ තිබෙන විට මුළුතැන්ගේ ද්වාරය දකුණු"

courtesy : cnews.lk


More News »