කොඩිවිනවලට වඩා ප්‍රබල වාස්‌තු දෝෂ

2018-03-09 11:05:00       544
feature-top
වාස්‌තු දෝෂ නිවැසියන්ට මෙන්ම සුරතල් සතුන්ටද බලපායි
වාස්‌තු පුරුෂයා ඊසාන සහ නිරිත දිශාවට තම බලය පතුරුවයි

ඉන්දියානු දේශ භාරතීය වාස්‌තු විද්‍යාඥයන් විසින් ඉඩමකට අරක්‌ගත් වාස්‌තු පුරුෂයකු ගැන සඳහන්කොට ඇත. මොහු තමාගේ ඉඩමේ ද නිවසේද වාසය කරයි. ඔහු මුනින් අතට දිගාවී සිටින බව ද සිද්ධාන්තයි. වාස්‌තු පුරුෂයාගේ හිස ඊශාන දිශාවටද, පාදයන් නිsරත දිශාවටද, වැළමිටි ගිනිකොණ දිශාවටද හා වයඹ දිශාවටද තබාගෙන ඇත. මේ නිසා ගෘහයක්‌ ඉදිකරන විට ගොඩනැඟිල්ලක්‌ ඉදිකරන විට එහි ජීවය පවත්වා ගෙන යැමට පෙර වාස්‌තු පුරුෂයාගේ එක්‌ එක්‌ අංගයන් ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොමැති වුවහොත් එහි ඇති මර්මස්‌ථානයන් වශයෙන් ඇති ස්‌ථාන අසුවුවහොත් මතුවට විවිධ පීඩා උවදුරුවලට අනිවාර්යයෙන්ම ලක්‌ වේ. මරණයටද පත් වේ.

මෙම ස්‌ථානයන් වශයෙන් පුරුෂයාගේ හිස, හදවත, පපු ප්‍රදේශ, ලිංග ප්‍රදේශ විශේෂ ස්‌ථාන වේ. එයින් හිස පිහිටි ස්‌ථානය මත වැසිකිළි, දරගෙවල්, ගැරේaඡ්. කුස්‌සි, ගිනි උඳුන්, බර දේවල් වන ගල්, වැලි කුලුනුq තැබීම ඉදිකිරීමෙන් වැළකිය යුතුයි. ඊශාන දිශාවේ වැසිකිළිය හා වළ ඉදිකළොත් අපද්‍රව්‍ය වැටෙන්නේ වාස්‌තු පුරුෂයාගේ ඔලුවට, කටට, මුහුණටය. එයින් ගෘහාධිපතියා තුන්මසින් රෝගියකු වී අකාලයේ මරණයට පත්වේ. දිළිඳු බවටද පත්වේ. එමෙන්ම නිවසේ ජීවත්වන ළපටියාගේ පටන් මහල්ලා දක්‌වාද නිවසේ සිටින සුරතල් සතුන්ටද බලපායි. සුවයක්‌ නොලැබෙන රෝගද හටගනී. කුස්‌සිය, දර උඳුන්, ලිප් ආදිය ගිනිකොණ දිශාවේ ඉදිකළ යුතුයි. නැතිනම් නිවසට ලැබෙන ධන සම්පත්, භව භෝග තමා නොදැනීම දැවී යයි. ධනය වැනසේ. විවිධ රෝග හැදේ. වැළමිට ඇති ප්‍රදේශ රෝග පීඩා ගෙන දේ, පපුව ප්‍රදේශය පපුවේ හිරවීම්, සෙම් රෝග, හෘද, පෙනහලු ආශ්‍රිත රෝගවලට ලක්‌වේ. ලිංග ප්‍රදේශය නම් ලිංග අප්‍රාණිකත්වය, ස්‌ත්‍රීන්ට කම්සැප නොලැබීම, සෝම රෝග, ඇඟ උණුකරවා යැම, යෝනි මාර්ගයෙහි කැසිලි, සුද යැම ආදී රෝගවලින් පෙළීමද පුරුෂයින් පරඅඹු කරාද, ස්‌ත්‍රීන් පර පුරුෂ සේවනයේ යෙදීමද පවුල් දෙකඩවීම්ද ඇති කරයි.

වාස්‌තු පුරුෂයා ඊශාන දිශාවට සහ නිරිත දිශාවට තම බලය රඳවාගෙන සිටී. ඉඩමක්‌ විවිධාකාර හැඩයෙන් යුක්‌ත වුවද භූතලයේ එක්‌ එක්‌ කොටුවක්‌ තුළ ස්‌ථානගතව රැඳී සිටී. සමහරවිට ඉඩම විවිධාකාර හැඩතලයෙන් යුක්‌ත වුවද, මේ වාස්‌තු පුරුෂයා භූතලයේ සෑම කොටුවක්‌ තුළම ස්‌ථානගතව රැඳී සිටී. මොහුගේ රූපය යක්‍ෂ රූපයකට සමාන වන අතර, මොහුගෙන් අපට නොපෙනෙන බලශක්‌තීන් ක්‍රියාත්මක වන අතර මෙම විශ්වයේ ඇති සෑම බලයක්‌ම ක්‍රියාත්මක වේ. අග්නි, පඨවි, වායු, ජල ආකාශ යන තත්ත්වයන් සත්ව හා තමස්‌ යන ආකාරයට වෙන් වෙන්ව එහි තුල සංයෝජනය වන බවත් එම බලයන් එක්‌ වහලක්‌ යට තැන්පත්වූ විට ප්‍රධාන වශයෙන් ක්‍රියා කරයි.

වාස්‌තු පුරුෂ මණ්‌ඩලය ශ්‍රී මූර්තියකින් සැදී ඇත. එය ප්‍රධාන වාස්‌තු පුරුෂ හා මණ්‌ඩලයන් විසිනි. එයද තුන් ආකාරයකින් මනසටත්. ශරීරයටත්, ආත්මයටත් සම්බන්ධ වන බවත් ක්‍රියාකාරිත්වයේදී සූක්‍ෂම වශයෙන් ද භෞතික වශයෙන්ද ගෘහ නිර්මාණය වශයෙන් ක්‍රියාත්මක වේ. මේ ක්‍රියාත්මකවීම් කුඩා හෝ විශාල නිවසක්‌, පූජනීය ස්‌ථානයක්‌, නගරයක්‌ ගමක්‌, රටක්‌. වුවත් මේ විශ්ව ශක්‌තීන් පැතිරී පවතී. වාස්‌තු විද්‍යාවේ පෙන්වා ඇත්තේ පෘතුවිය චතුර හ්‍රශ්මි යනුවෙනි. එහි අදහස වන්නේ සතර දිග් බාගය යන්නයි.එය කම්බි හෝ දැව වැටකින්ද, තාප්පයකින්ද වට කළත් මේ ශක්‌තීන් එහි තුළ ඒකරාශිවී ගොනුව ඇත. ඒ ලෙසටම වාස්‌තු පුරුෂයාගේ භෞතික ශරීරය තුළද මේ විශ්ව ශක්‌තීන් එක්‌තරා පිළිවෙළකට ඒකරාශී වී ඇත.

එසේම පෘතුවියේ සෘතු වෙනස්‌වීම අනුව මුනින් අතට වැතිරී සිටින වාස්‌තු පුරුෂයාගේ මූලික ඉරියව් කිසිදිනක වෙනස්‌ නොවේ. ඊට අමතරව වාස්‌තු පුරුෂයාගේ මුහුණුවර දෙකක්‌ ඇත. එකක්‌ වන්නේ නිත්‍ය වාස්‌තු පුරුෂයා වේ. මොහු සෑම හෝරා තුනකට වරක්‌ ඔහුගේ ඉරියව් වෙනස්‌ කරමින් වර්ෂයේ සෑම දිනකම ගමනේ යයි. මෙම ගමන් කිරීම පෘතුවියේ සෘතු වෙනස්‌වීමට සාපේක්‌ෂව සිදු වේ.

වාස්‌තු විද්‍යාවේ දැක්‌වෙන පරිදි සූර්යාගේ උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධ ගෝලයට සංක්‍රමණය වීම අනුව නිවසකට හෝ ඕනෑම ගොඩනැඟිල්ලකට ලැබෙන ආලෝකයත්, උණුසුමත් වෙනස්‌ වේ. මේ නිසා එක්‌ එක්‌ සෘතුවක්‌ පාසාම එක්‌ එක්‌ දිසාවලින් විශ්ව ශක්‌තීන් එම ස්‌ථානයට ඇතුල්වන බව කියා ඇත.

මේ කරුණු කාරණා අනුව ඔබ නිවසක්‌ ඉදිකරනවිට වාස්‌තු පුරුෂයාගේ අශුභ ස්‌ථානයන් මඟහරවා එය ඉදිකර ගතහොත් ඔබට දිවි ඇතිතෙක්‌ රෝග, මරණ, හා දිළිඳුකමින් තොරව යහපත් සුබවාදී ජීවිතයක්‌ ඔබ පවුලේ සැම දෙනාටම හිමිවන බව දත යුතුය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »