පෙදරේරුවන්ගේ වාස්තු පැවසීම විද්‍යාත්මකද..?

2018-03-15 11:27:00       766
feature-top
වාස්තු යනු විද්‍යාවක් ලෝකය නිර්මානය වි පවතින්නේ පංචභූත බලයන් ලෙස හදුන්වන ශක්තීන් වල එකතුවකින්ය. 

වස්තු විද්‍යාවක් වන්නේ කෙසේද ? ඔබට නැගිය හැකි ගැටලුවකි. වස්තු විද්‍යාව මගින් ගනනය කිරීමට ලක් වන්නෙ පෘතුවියේ පවතින දිසා 8 සහ අහස සහ පොලොව යන දිසා 10 තුල පංචභූත ක්‍රියාත්මක වන ආකාරය වේ. ඒ අනුව නිවසක් නිර්මනය කරන ආකාරය යම් ගණනය කිරීමක් අනුව සැලසුමක් නිර්මාණය කිරීමය.

නමුත් වර්තමානය වන විට විවිධාකාර පිරිස් විවිධකාර සත්තර තුලින් වාස්තු පටලවාගෙන විවිධ අදහස් ඉදිරිමත් කරයි නමුත් එය නුසුදුසු බව පමනක් ඉදිරිපත් කරයී. එහි විද්‍යාත්මක සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට ඔවුන් නොදනී. මක් නිසාද ඔවුන් එය කට කතාවක් ලෙස පතුරවාන යන නිසාය.

ලෝකයේ වාස්තු විද්‍යාවන් විවිධකාර ආකාරයෙන් නිර්මාණය වී පවතී පෘතුවිය තුල බෙදීගිය මහද්ධීප, විවිධ දේශගුණයන් පවතී, විවිධාකාර කාලගුණ විපර්‍යස පවතී. පෘතුවිය අභ්‍යන්තර පවතින විවිධ සංගටක මෙන් ම මතුපිට පවතින සංගටක් පොදුවේ ගත්කල ගණ, ද්‍රව, වායු, මේ සියල්ලේ පවතින ආකාරය සහ පෘතුවිය වටා පවතින චුම්භක ක්ශේත්‍ර සමග විශ්වයේ පවතින වෙනස්වීම් කිරණ, විකිරණ සොභාවික වෙනස්වීමි පිලිබද නොපෙනෙන තුන්වන ඇසකින් දුටු විද්‍යාමාන වන ලෝකයේ ඈත වසර දහස් ගණනකට පෙර විසූ පිරිසක් සොයගත් විද්‍යාවක් එය විවිධ රටාවන් ලෙස අපට මැත කාලයේදී නටබුන්ව දැක ගැනීමට හැකියාව ඇත.

මා දකින ආකාරයට ලෝකයේ සමකාසන්න මෙන් එයට දුරස් වන රටාව අනුව ලොකයේ පැවති වාස්තු ක්‍රමවේද වෙනසක් ඇතිබව සහ සූර්යාලෝකය පතිතවන සහ විශ්වයේ ග්‍රහයන්ගේ බලයන් වෙනස්වන ආකාරය අනුව යම් වෙනසක් මහද්ධීප අනුවද වාස්තු විද්‍යාත්මක වෙනසක් ඉදිකිරීම් තුල පැවත ඇතිබව.

වර්තමාණය වන විට ප්‍රචාරනය වේගවත් බව නිසා විවිධාකාර වාස්තු එනම් පිරමීඩ නිර්මාණයේ දි භාවිතාකල වාස්තු මෙන් ලෝකයේ විවිධ කලාවන් වාස්තු විද්‍යාව ලෙස යම් මත ප්‍රචාරය වෙමින් පවතී ඔබ සැමවිට බුද්දිමත් වන්න වාස්තු විද්‍යාවකි එහි සැම සිද්ධන්තයකටම පැහැදිලි පිලිතුරක් පැවතී එය සොයාබලන්න. 

බ්‍රක්මපාදය පෑගීමට නුසුදුසු බව යමෙක් පැවසිය හැකි. එය නිවසක් නිර්මාණයේදී සැලකීමට  ලක් නොවේ. නමුත් පුජ්‍යස්තාන නිර්මාණයේදී භූමියත් ඉදිකිරීමත් සමග ගණනයක් තුලින් සැලකීමට ලක් වේ.  

 තවද එක එල්ලේ දොරවකල් තුලින් පිටත පෙනීම නුසුදුසු බව පවසයී. එය සෑම තැනකදිම නුසුදුසු ලෙස නොසැලකේ..  එය නුසුදුසු වන්නේ ඊසාන සහ නිරිත දිශා එක එල්ලේ පවතින විට සහ ගිනිකොන වයබ පවතින විටය, එයට හේතු වන්නේ ශක්තීන් අතුල්වීම සහ දුර්වල සංක්‍යාත වල ශක්තීන් නිවස තුලට ඇතුල්වීම සිදුවන නිසාය එය නිසි දිශා සැලකීමෙන් පමණක් සොයාගත හැකි කාරනයකී. කිසිවිටක සුර්‍යාගේ පිහිටීම අනුව දිසා සොයාගත නොහැකි අතර නිවරදි මාලිමාවක් ආදාරයෙන් සොයාගත යුතුය යම් කෙන්කු එය නොතකා යම් වස්තු සිද්ධාන්ත පවසන්නේනම් එය මුසාවකි. 

ජීවිතය සොදුරු නිවහනක ජීවත් කරන්න විශ්ව ශක්තිය තුලින් මෙතෙක් දුර ඔබ ගෙන ආ ඔබගේ ආත්මය ශක්තිමත් කරගන්න මක් නිසාද ඔබ මෙම විශ්වයේ අංශුවකි විශ්වය තුල පමනි ඔබෙ සංවර්ධනය පවතිනුයෙ එනම් නිවරදි වාස්තු පරිසරයන් නිවසක් තුල වීවත් වන්න නිවරදි වාස්තු වේදියකුගේ උපදෙස් ලබාගන්න ඔබට ජය ශ්‍රී........


More News »