කොච්චර හම්බ කළත් මදියි කියන දෝෂ

2018-03-20 11:30:00       545
feature-top
කොළඹට තරමක් නුදුරු, වෙලක් අසල පිහිටි මේ ඉඩමට ඔවුන්ගේ හිත ගියේ එහි තිබූ සුන්දරත්වය නිසාමයි. ඉඩම පිහිටියේ තරමක් බෑවුම් වෙන්නයි. එහි මායිම් හැඩයත් පිළිගත් වාස්තු හැඩයක් නොවන ආකාරයටයි තිබුණේ. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් නිසි ආකාරයට දෝෂයක් නොවන්නට හරිගස්සාගෙන වැඩකටයුතු කරගැනීමටයි උත්සාහ කළ යුත්තේ.
මෙම වටිනා ඉඩමෙන් නිසි ඵල නොගෙන සිදුකරගත් වාස්තු දෝෂ කීපයක් ගැන ලිවීම ඔබේ දැනුමටත් ප්‍රයෝජනවත්.

නොගැළපෙන හැඩතල
නිවෙසේ හැඩතල එකිනෙක ගැළපෙන ආකාරයෙන් ඍජුකෝණාශ්‍රාකාරව තිබීම වැදගත්. සමස්ත නිවෙසේ පිහිටීම එය පිහිටි ඉඩමේ මායිම්වලට ගැළපෙන පරිදි සකස් කර ගන්නේ නම් වඩාත් යහපත්. අතුරු දිශාවන්ට පිහිටි කුඩා ඉඩමක, ප්‍රධාන දිශාවන් ගැන පමණක් සලකා නිවෙසක් සැලසුම් කිරීමේදී ඇතිවෙන අයහපත් ප්‍රතිඵල බොහෝයි. ඒ වාගේම විෂම හැඩතල සහිත ඉඩමක එහි මායිමට සමාන්තර නිවෙසක් සෑදීමත් හැම අතින්ම දෝෂ ගෙන දෙනවා.
නිවෙස ඉදිකිරීමේදී මෙම විවිධ හැඩතල නිසා ටයිල්, සෙවිලි තහඩු ආදී අමුද්‍රව්‍ය අපතේ යෑමත් වැඩියි. ඒ විතරක් නෙවෙයි, නිවැරැදි ආකාරයට පල බෙදා වහලය ගැසීමට නොහැකි වීමෙන් ඇතිවෙන අසුබ ලක්ෂණ ප්‍රමාණයත් විශාලයි. මෙම නිවෙසේ සැලසුම පරිදි උඩුමහල තවමත් සාදා නොතිබූ නිසා වහලයෙන් සිදුවෙන්නට තිබූ දෝෂයන් පහසුවෙන් නිවැරැදි කරගන්නට හැකියාව තිබිණි.

ඊසානයේ දෝෂය
වාහන නැවැතුමත්්, පඩිපෙළත්් ඊසාන දිශාවේදී ඇතිකරන දෝෂය අතිමහත්. මානසික සහනය අත්කර නොදීමත්, ආර්ථික වශයෙන් ඇතිකරන පීඩාවන් නියත වශයෙන්ම බලාපොරොත්තු විය යුතුය. "කොතෙක් ඉපයූවත් මදි" කියා දැනෙන්නේ මෙවන් වාස්තු දෝෂ කීපයක් නිසා. මෙම නිවෙසත් ඉදිකරමින් පවතින එකක් නිසා ඊසානේ තිබූ මෙම කොටස් වයඹ ආශි්‍රතව ඉදිකිරීමෙන් දෝෂ නැතිකරගත හැකිව තිබුණා.
මායිම ඉවුරට
ඉවුරු වැනි ස්ථානවල නිවාස හදන්න බැරි නැහැ. නමුත් නිවෙසේ වැඩ කටයුතු සඳහා බාධා ඇතිවෙන්නට තියෙන තැන් හඳුනාගෙන ඒවා යටපත් වෙන ආකාරයට සැලසුම් කිරීමයි වැදගත්. ඉවුරු ආශි්‍රත ඉදිකිරීම්වලදී නිවෙස තුළ ඇතිවෙන බැස්ම හා විශාල අත්තිවාරම් බැමි ආදිය ගොඩනැඟිල්ල තුළ පිහිටන ස්ථාන ගැන විශේෂ අවධානය යොමුකිරීම වැදගත්.

මංගල ‍ෙදාරේ දෝෂය
ප්‍රධාන ද්වාරය කියන්නේ නිවෙසකට සිරිකත බැල්මලන ස්ථානයක්. මෙය නිවැරැදි මිමි අනුව සකස් කර නොගෙන නිසි තැන සවි නොකළහොත්
ඉහළින් පෑගීමෙන් පීඩාවන් ඇතිවුවහොත් ඉදිරියෙන් හා පිටුපසින් බාධාවන් ඇතිවුවහොත් අප බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්කර දෙන්නේ නැහැ. ප්‍රධාන ද්වාරය සමඟ පිටවීමේ සෙසු ‍ෙදාරවල් සැලකීමේදී නැඟෙනහිර හා දකුණු දිශාව පමණක් ගැළපෙන්නේ නැහැ. "නන්ද" වර්ගය නම් වූ මෙහි වාසය කරන කාන්තාවන් සඳහා අයහපත් ප්‍රතිඵල අත්කර දෙන බව වාස්තු නියමයයි.
තවත් ‍ෙදාරක් උතුරට දමා බොහෝ සැප සම්පත් ලබාදෙන "ධනධ" වර්ගයට හෝ බටහිරට ‍ෙදාරක් යෙදීමෙන් බොහෝ බවබෝග සැප සම්පත් ලබාදෙන "සුමුඛ" වර්ගයට පත්කළ හැකියි.

කාලයක් තිස්සේ හම්බකරන ධනයෙන් නිසි ප්‍රයෝජන ගන්නට මෙතෙක් ඉඩ නොදී වැය අධික කරන්නට හේතුවූ දෝෂ තත්ත්වයන් හඳුනාගෙන ඒවා නිවැරැදි කරගන්නටයි මෙම නිවැසියන් උත්සාහ ගත්තේ.


More News »