අලුතින් ගෙයක් මිලදී ගන්නවානම් මේ දේවල් ගැනත් සොයා බලන්න

2018-03-23 10:49:00       295
feature-top
පැරණි සෘශි වරුන්ගේ වාස්තු විද්‍යා ශාස්ත්‍ර දැනුම සහ තවත් වාස්තු විද්‍යා දැනුම යොදා ගෙන නිවාස ඉදි කරගැනීම මගින් නොපෙනෙන ශක්තීන්ගෙන් ඇති වන කරදර මග හරවා ගන්නට හැකි වනවා පමණක් නොවෙයි. ලෝක ධාතුවේ පවතින සියලු ශක්තීන් යොදා ගනිමින් වාසනාවන්ත ජිවිතයක් ලබා ගන්නටත් ඔබට හැකියාව ලැබෙනවා.

මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට යන්නේ වාස්තු විද්‍යාවැට අනුව ඔබේ නිවසට එකතු කරගත යුතු සහ ඔබ විසින් නොකළ යුතු කාරනා කිහිපයක් ගැනයි.

ප‍්‍රධාන දොරෙහි ඔබේ නම සහ නිවෙසේ අංකය සටහන් කරන්න.

ප‍්‍රධාන දොර කිසිවිටෙකත් අඳුරු අවකාශයන්ට වැසිකිළියකට, ජනේලයකට, පඩිපෙළකට, මුල්ලකට යොමු නො විය යුතුයි. එසේ වුවහොත් ඒවා මඟින් ඔබේ නිවස තුළට ප‍්‍රධාන දොරෙන් ඇතුළුවන ශක්තීන් නැවත ඇදගනු ලබනවා. හරියට දර්පණයකින් පරාවර්තනය වන්නක් මෙන්.

විවිධ පැළවර්ග ආදිය පිහිටුවීමේ දී ප‍්‍රධාන දොරට සෘජුව මුහුණලා නොව පසෙකට වන්නට සිටුවීම සුදුසුයි. නිවස තුළට ශක්තීන් ආකර්ශනය කර ගැනීම පිළිබඳ එය බලපානවා.

ප‍්‍රධාන දොර පසුපස දොරට මුහුණලා පිහිටුවීමෙන් වැළකිය යුතුයි. එසේ වුවහොත් ප‍්‍රධාන දොරෙන් ඇතුළුවන ශක්තීන් පසුපස දොරෙන් පිට වී යනවා.

ද්විත්ව දොර භාවිත නො කිරීමත් සුදුසුයි.

කෑම කාමරය කෑම කාමරය නිවෙසේ මධ්‍යයට වන්නට පිහිටුවීම සුබයි. විශේෂයෙන් කෑම මේසය ස්ථාපිත කිරීමේ දී එය සෘජුව වැසිකිළි දොරටු ආදියට මුහුණලා නොපිහිටන පරිදි සිදුකළ යුතුයි.

ප‍්‍රධාන නිදන කාමරය ප‍්‍රධාන දොරෙන් හැකිතාක් දුරින් පිහිටුවිය යුතුයි. එය ආරක්ෂාව සම්බන්ධයෙන් වුණත් වැදගත්.

නිදන කාමරයේ ඇඳ තිබිය යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරන්න.

ඇඳට මුහුණලා දර්පණ නොතැබිය යුතුයි. චීන විශ්වාසයන්ට අනුව අප නින්දේ පසුවනවිට අපේ ආත්මය සිරුරෙන් බැහැරව පවතිනවා. එනිසා මේ අවස්ථාව දර්පණයෙන් පරාවර්තනය වියයුතු නැහැ. එසේ පරාවර්තනය වීම අනතුරු හෝ අයහපත් සෞඛ්‍ය සඳහා හේතුවක් විය හැකි බව චීන ජාතිකයන්ගේ විශ්වාසය යි.

ශක්තීන් පහසුවෙන් සංසරණය වියහැකි පරිදි ඇඳන් යට පිරිසුදුව තබාගත යුතුයි. ඇඳ පිහිටුවීම සඳහා සුදුසු තැන කුමක්ද? එය දොරට විරුද්ධ අන්තයේ නම් සුදුසුයි.

කාමරයේ ඉදිරියෙන් පෙනෙන පරිදි බීම්ස් නොතිබීම හොඳයි.

ලී ඇඳන් දරුවන් සඳහා සුදුසුයි.

වඩාත් ආවරණය වූ ඇඳන් සුදුසුත් නැහැ.

නැවතත් ඉදිරිපස බීම්ස් සහ කබඩ් ස්ථානගත නො කිරීම වැදගත්.

ඇඳට හෙඩ්කේස් එකක් තිබීම සුදුසුයි.

ඔබේ මුළුතැන්ගෙය නිවෙසේ ඉදිරිදොරට වඩා පසුපස දොරට සමීපවන්නට පිහිටුවන්න.

නිවෙසේ කේන්ද්‍රයට වන්නට මුළුතැන්ගෙය පිහිටුවීම සුදුසු නැහැ. එය අසුබ දෙයක් ලෙස සැලකෙනවා.

ලිප් ස්ථානගත කිරීමේ දී ඒවා වැසිකිලිවල දොරටුවට මුහුණපාන පරිදි නො පිහිටන බවට වගබලා ගන්න. එසේ වුවහොත් ආහාර පිසීමේ දී එය පවුල වෙත අවාසනාව රැගෙන එන බව විශ්වාස කෙරෙනවා.

ලිප් පිහිටුවීමේදී එය ශීතකරණය අසල හෝ ඊට ප‍්‍රතිවිරුද්ධ අන්තයේ හෝ නොවන බවටත්, සින්ක් එක අසල නො වන බවටත්, වැසිකිලියට වඩා පහළ මට්ටමක නොවන බවටත් සැලකිලිමත් වෙන්න.

ඔබ මිලදී ගන්නා නිවෙස (එය නව නිවෙසක් ම නොවේනම්) පෙර අයිතිකරුවන් ගැන සැලකිලිමත් වෙන්න. එයට බොහෝ අයිතිකරුවන් සිටියේ ද ඔවුන් විවිධ පවුල් ප‍්‍රශ්න වලට මුහුණ පෑ අය ද බංකොලොත්භාවයට පත්වූවන් ද, විවිධ දුෂ්කරතාවන්ට ලක්වූවන් ද යන්න සොයාබැලීම වැදගත්.

වටපිටාව ගැන අධ්‍යයනය කරන්න. ගහකොළ මල්වර්ග කුරුලු ශබ්ද, සමනලයන් සහිත වටපිටාවක් හොඳ ශක්තීන් සහිත හොඳ නිවෙසකට තිබෙනවා.

ඉදිරි දොර දක්වා වූ අඩිපාර (ප‍්‍රවේශ මාර්ගය) පටුඑකක් වීම නොව පුළුල් එකක් වීම සුදුසු බව ෆෙන්ග්ෂුයි ශාස්ත‍්‍රයේ සඳහන්.

උද්‍යානයේ නාන තටාක පිහිටා ඇති ආකාරය ගැන සාලයේ විශාල ගිනිඋදුන් නො තිබිය යුතු බව වැනි කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න.

සර්පිලාකාර පඩිපෙළ සහිත නිවාස තෝරා නො ගන්න. එමඟින් ධනාත්මක ශක්තීන් ඍණාත්මක කෙරෙන බව සැලකෙනවා. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »