දරුපල නැති කරන වාස්‌තු දොෂ මෙන්න

2018-03-26 11:11:00       108
feature-top
සෑම අම්මා කෙනෙකුම ගැහැනියක්‌ වුවද සෑම ගැහැනියකම අම්මා කෙනෙකු නොවේ" යන්න ඉතා අර්ථාන්විත කියමනක්‌ බව කිව යුතුයි. ගැහැනියක්‌ වූ පමණින් අම්මා කෙනෙකු වන්නට නොහැකි බව එයින් කියවේ. "අම්මා" යන වදන මේ ලෝකයේ ඇති ඉතාමත් සංවේදී වදන් කිහිපයක්‌ අතරින් ඉතා සංවේදී වචනයකි. අම්මා කෙනෙකු නැති කළ නිවසේ පැවැත්මක්‌ ගැනද සිතිය නොහැකිය. අම්මා යන පදවිය කෙතරම් බලගතු පදවියක්‌ද යන්න පැහැදිලි කරදීමට අපට බෞද්ධ ඉතිහාසය තුළ කදිම නිදසුනක්‌ ඇත. ඒ අනුව බෝධිසත්වයන් වහන්සේ බුදුබව ලැබීමට මුලින්ම නියත විවරණය ලැබෙන්නේ අම්මා ගෙනි. එසේම සෑම ආගමකම දර්ශනයන් තුළම මව් පදවියට ලැබෙන්නේ මූලික තැනකි. ලෝකයේ කුමන වර්ගයක, කුමන ජාතියකට, කුමන ආගමක පුද්ගලයකු වුවද තමන්ට කරදරයක්‌, විපතක්‌ හෝ වේදනාවක්‌ දැණුනු විට කියෑවන මූලික වචන දෙකෙන් එකක්‌ තමන් අදහන දෙවියන් හෝ ආගමික ශාස්‌තෘන්ගේ නාමයයි. අනෙක අම්මා යන වචනයයි. සිංහල බෞද්ධ සෑම කෙනෙකුම තමන්ගේ උපතේ සිට මරණ මංචකයේදීත් අම්මා යන වචනය කියන බව අප දනිමු. 
 
 අම්මා යන වචනය සහ අම්මා යන භූමිකාව මානව වර්ගයා පමණක්‌a නොව සෑම සත්ව කොට්‌ඨාසයකම වැදගත් ස්‌ථානයක්‌ හිමි කරගෙන සිටී. අම්මා, තාත්තා හා දරුවන් නොමැති තැන පවුලක්‌ ගොඩනොනැඟේa. මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ පවුල තුළ මව් පදවිය දරා ගැනීමට හා එය ලබා ගැනීමට ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත කොතෙක්‌ දුරට බලපානවාද යන්න හා නිවසේ වාස්‌තු දෝෂවල සක්‍රීය බලපෑම කුමක්‌ද යන්න පිළිබඳව පැහැදිලි කර ගැනීමටයි. 
 
 සත්වයෙකු පමණක්‌ නොව ගහක්‌ වැලක්‌ වුවද ඵල නොදරා සිටින විට අප එයට "වඳ" යන වචනය භාවිතා කිරීමට පුරුදු වී සිටී. එවැනි ගසකින් වුවත් අත්විඳින ප්‍රතිඵල නොලැබී යැම සිදුවේ. ගැහැනියකට දරුඵල ලැබීමට ඇයගේ පූර්ව කුසල් අකුසල් බලපාන බව කිව යුතුම අතර තම කුසල් අකුසල්වලට අනුරූපීව ඇයගේ පරිසරයද ගොඩනැඟී තිබීම පුදුම සහගත වේ. දරු ඵල අහිමි කාන්තාවන් ජීවත් වන පරිසරයද, ගෘහයක වාස්‌තු දෝෂයන් බහුල ලෙස සැකසී තිබීම පුදුම සහගත වේ. තමාගේ අකුසල් දුරුවී කුසල් මතුවන විට මෙම දෝෂ සහගත ගෘහ පරිසරය නිසි පරිදි සකස්‌ වී ජීවී බව මෝරන ශක්‌තිය ආරෝපණය වන ගෘහ පරිසර සකස්‌ වේ. මෙවැනි තත්ත්වයන් විග්‍රහ කර ගැනීමට තරම් අපගේ මානසික ශක්‌තිය ඉහළ තලයක නොමැති බැවින් පෙර විසූ සෘෂි උතුමන් පෙන්වා දුන් දරු ඵල අක්‍රීය කරන වාස්‌තු දෝෂයන් මඟහැර දරුඵල සක්‍රීය කරන සිද්ධාන්ත බලගැන්වීම සිදු කළ යුතු බව මහා වාස්‌තු ශිල්පයේ සඳහන් වේ. 
 
 දරු ඵල අක්‍රීය කරන වාස්‌තු දෝෂ
 
 1. ඊසාන / නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටා තිබීම.
 
 2. ඊසාන/ගිනිකොන දිශාවේ ප්‍රධාන නිදන කාමරය පිහිටා තිබීම. 
 
 3. මුළුතැන්ගෙය උඩ හා මුළුතැන්ගෙය යට ප්‍රධාන නිදන කාමරය පිහිටා තිබීම.
 
 4. බ්‍රහ්ම පාදය බිත්තියකට යටවී තිබීම.
 
 5. බ්‍රහ්ම පාදය මත විල් පොකුණු / කණු / වැසිකිළි ආදිය ඉදිකර තිබීම.
 
 6. බ්‍රහ්ම පාදය පිහිටන කාමරවල වාසය කිරීම.
 
 7. උතුරු / ඊසාන දිශාවලට හිස යොදා සයනය කිරීම.
 
 8. ප්‍රත්‍යාධාරී නැකතට නිවස සීහුම් වී තිබීම.
 
 දරු ඵල අහිමි නම් ඔබගේ නිවස ඉහත වාස්‌තු දෝෂ වලට ලක්‌වී තිබේද යන්න විමසිලිමත්ව බලන්න. ඉහත වාස්‌තු දෝෂවලට ලක්‌වූ නිවාසවල පොදු ලක්‍ෂණය වන්නේ නිවසේ ජීවී බව අක්‍රීය වීමයි. මේ නිසා ගෘහ හිමි කාන්තාවගේ සාපල්‍යතාව හීන වීම තුළ දරුඵල අහිමි විය හැකිය. මෙය ඉතා විද්‍යාත්මක පදනමක්‌ මත පිහිටා කරුණු දැක්‌විය හැකිය. විශේෂයෙන් ඊශාන දිශාවෙන් නිවසට ඇතුළුවන විශ්ව ශක්‌තිය බ්‍රහ්ම පාදයෙන් උපරිම වී නිරිත දිශාවෙන් පිටවන බව මහා වාස්‌තුවේ සඳහන් වන පරම සත්‍යයකි. මෙම සිද්ධාන්තය ඉතා සක්‍රීය සිද්ධාන්ත වේ. ඉහතින් දක්‌වන ලද ආකාරයටම ගෘහයේ ඊශාන නිරිත හා බ්‍රහ්ම පාදය යන ප්‍රධාන ස්‌ථර තුන දුර්වල වීමෙන් විශ්ව ශක්‌තියේ යහපත් හා බලාත්මක තරංගවල ශක්‌තිය එම නිවසට අහිමි වී යනු ඇත. එවිට සිදු වන්නේ අයහපත් ශක්‌තීන් නිවස තුළ ගොඩනැඟීමයි. මේ නිසා නිවසේ ජීවි බව හිනවී යනු ඇත. අප කළ යුත්තේ හැකිතාක්‌ විශ්ව ශක්‌ති සම්ප්‍රේෂණයට ඇති බාධක ඉවත්කොට එම ශක්‌ති මාර්ගයේ බාධක විරහිත කිරීමයි. මේ සඳහා වැදගත් වන පහත සඳහන් මහා වාස්‌තු උපදෙස්‌ පිළිපැදීමද වැදගත් වේ.
 
 ප්‍රධාන නිsදන කාමරය 
 
 දරු ඵල සක්‍රීය වීමට නම් නියමිත දිශාවේ ගෘහ හිමියා හා ගෘහ හිමි කාන්තාව කල්ගෙවිය යුතුය. වැරදි තැනක වැරදි ආකාරයට ස්‌ථානගත නොවිය යුතුය. මෙහිදී නිරිත දිශාව ඉතාමත් සක්‍රීය දිශාව වේ. තමාගේ ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ යොදා ගැනීම දරු ඵල සක්‍රීය වීමට හේතු වේ. මීට අමතරව ප්‍රධාන නිදන කාමරය සකස්‌ කරගත යුතු ආකාරය පහතින් දක්‌වා ඇත. 
 
 ෆ සයනය උතුරු දිශාවට හිස පිහිටන අකාරයට නොවිය යුතුය. නැගෙනහිර දිශාව ඉතා සුදුසුයි. බටහිර දිශාව වරදක්‌ නැත. 
 
 ෆ සයනය කණ්‌නාඩියෙන් දර්ශනය නොවිය යුතුය.
 
 ෆ කාමරය වර්ග අඩි 90 කට වඩා නොඅඩු විය යුතුය.
 
 ෆ ඝන තිර රෙදි නොයෙදිය යුතුය.
 
 ෆ උතුරු හා නැගෙනහිර දිශා බිත්තිවලට අල්මාරි වැනි දෑ හේත්තු නොකළ යුතුය.
 
 ෆ සයනය ඊධඞ ඇඳවල් නොවිය යුතුය.
 
 ෆ කාමරයේ වර්ග අඩි ප්‍රමාණයෙන් 1/7 කට වඩා වැඩි ප්‍රමාණයක්‌ ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන ලෙස ජනේල පිහිටුවිය යුතුය.
 
 ෆ කාමරයේ ජලය තබා නොගත යුතුය.
 
 ෆ පිරිසිදු සජීවී මල් බඳුනක්‌ තබා ගැනීම ඉතාමත් යහපත් වේ.
 
 ෆ බිත්ති සඳහා ඉතා තද වර්ණ භාවිතා නොකළ යුතු අතර සෑම විටම ලා පාට වර්ණ භාවිතා කළ යුතුය. ඇපල් වයිට්‌ වර්ණය ඉතාමත් සුදුසු වේ.
 
 ෆ බ්‍රහ්ම පාදය පිහිටන කාමරවල වාසය නොකළ යුතුය.
 
 ෆ ඊශාන / ගිණිකොණ / වයඹ දිශාවේ වාසය නොකළ යුතුය.
 
 ෆ ප්‍රධාන නිදන කාමරය නිවසේ මුල්ලකට යෙදී ඇති විට එම මුල්ලේ වැසිකිළි සකස්‌ නොකළ යුතුය. 
 
 නිවසේ බ්‍රහ්ම පාදය සහ පරම්පරාව යාවත්කාලීන වීම අතර විශාල සම්බන්ධයක්‌ ඇත. ඊශාන දිශාවෙන් නිවස තුළට ගලා එන විශ්ව ශක්‌තිය උපරිම වන ස්‌ථානය බ්‍රහ්ම පාදයයි. එම නිසා එය නිසි ලෙස ආරක්‍ෂා කළ යුතුය. නිවසේ බ්‍රහ්ම පාදය හඳුනාගෙන එම ස්‌ථානයේ කොහොඔ ලීයෙන් සාදන ලද කනප්පුවක්‌ තබා පූජනීය පාත්‍රය වඩා හිඳුවා එය තුළට සුගන්ධවත් සජීවී මල් දමා සුදු සඳුන් කැබැල්ලක්‌ එක්‌ කරයි. ගෘහ හිමියාගේ ජන්ම නැකත අනුව බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීම සඳහා යෙදිය යුතු දෑ තෝරාගත යුතුවේ.
 
 ජන්ම නැකත
 
 ෆ 1 - 9 දක්‌වා -( පූජනීය පාත්‍රය සහ සජීවී මල් / සුදු හඳුන්
 
 ෆ 10 - 18 දක්‌වා -( පාෂාණ - රෝස තිරුවාණා , සුදු තිරුවාණා
 
 · 19 - 27 දක්‌වා -( මැටි පාත්‍රය/ මැටි මල් බදුන් /සජීවී මල්
 
 නිවසේ බ්‍රහ්ම පාදය දුර්වල වීම සහ එයට අගෞරව වන සෑම තැනකදීම අයහපත් ප්‍රතිඵල අත්විඳිය හැක.
 
 නිවස සෑදීමේදී මෙන්ම ගෙවත්ත සකස්‌ කර ගැනීමේදී අපගේ නොදැනුවත්කම මත වැරැදි සිදු කරගනු ලබන අවස්‌ථා දැකගත හැකිය. විශේෂයෙන්ම ගස්‌ වැල් ආදියෙන් මිනිසාට විශාල බලපෑමක්‌ සිදු කරනු ලබන බව මහා වාස්‌තු ශිල්පයේ කියෑවේ. අජීවී දෙයකට සූර්යාලෝකය පතිත වූ විට සිදු වන්නේ පරාවර්තනයයි. එහෙත් ශාක වැනි ජීවී දෙයකට සූර්යාලෝකය පතිත වූ විට සිදු වන්නේ එම ශක්‌තිය උරාගෙන වෙනත් වූ විශේෂ ශක්‌තීන් පිට කිරීමයි. මෙය මහා වාස්‌තු ශිල්පයේ වෘධි ශක්‌ති විමෝචනය ලෙස හඳුන්වයි. මේ යටතේ විශාල වශයෙන් ශාක තුළින් පිටකරනු ලබන කිරණ මිනිසාට හිතකර මෙන්ම අහිතකර ලෙස බලපානු ලැබේ. විශේෂයෙන් කටු සහිත ගස්‌ සහ අඹ වෘක්‍ෂය නිවසේ මුහුණත නිවසට ඉතා ආසන්නයේ නොසිට විය යුතුය. එය දරුඵල කෙරෙහි Rජුව බලපානු ලබන අතර දැනට සිටින දරුවන්ගේ හැසිරීම් කෙරෙහිද අයහපත් ලෙස බලපානු ලැබේ. එසේම ශ්‍රියා ඵල බෙලි ශාකය හා කොහොඹ ශාකය මෙන්ම රණවරා ශාකය නිවසේ නිරිත දිශාවේ තිබීම මිනිසාට හිතකර ලෙස විමෝචන ක්‍රියාවලිය සිදු කිරීම පෙන්වා දිය හැක. එසේම දිරා ගිය ගස්‌ වැල් හා විශාල බෙන සහිත ගස්‌ හා පිළිල් සහිත ගස්‌ ප්‍රධාන ද්වාරය අසලට ආවිට දර්ශනය වේ නම් වහාම ඒවා ඉවත් කිරීම කළ යුතුයි. එසේම ඔබගේ ගෘහයේ වර්ෂයකට වැඩි කාලයක්‌ පවතින ආරක්‍ෂිත මුට්‌ටි සහ බෝතල් ඉවත් කිරීම කළ යුතු වේ. මේවා අවකාශයේ එනම් බිත්තියේ හෝ වහළයේ තිබෙන ඒවා පමණි. භූමියේ වළලා ඇති මුට්‌ටිවලින් එතරම් බලපෑමක්‌ ඇති නොවේ. එසේම ගෘහයේ විශ්ව ශක්‌තිය බලවත් කිරීමට සහ දේව ආකර්ෂණ බලවත් කොට අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම උදෙසා විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රය ගෘහයේ භාවිතා කිරීම ඉතා යහපත් ප්‍රතිකර්මයක්‌ ලෙස සැළකිය යුතු වේ.
 
 ගැහැනියක්‌ වූ පමණින් අම්මා කෙනෙකු වීමට නොහැකි බව තීරණය කිරීම සඳහා ගෘහයේ වාස්‌තු සෘජුවම බලපාන බව පැහැදිලි කරුණකි. උපතේ දී ලද කර්ම ශක්‌තිය අනුව එහි යහපත් ශක්‌තීන් ඉස්‌මතු වීම හෝ අයහපත් ශක්‌තීන් ඉස්‌මතු වීම සඳහා තමන් වාසය කරන ගෘහයේa වාස්‌තු කර්ම බලපාන බව අදට වඩා එදා අපගේ පැරැණි මුතුන් මිත්තන් දැන සිටි බව නොරහසකි. ඒ නිසා ඔවුන් එදා ගෘහය තුල තිඹිරි ගෙය, වැදුම් ගෙය, ශෝක ගෙය ආදී ගෘහ අංග නිසි දිශාවේ නිසි බල රේඛාව තුල ස්‌ථාන ගත කළේය. එසේ වූවද නූතනයේ අපගේ ගෘහ අංග තුළ ජීවී බව උද්දීපනය කරනු ලබන ගෘහ අංග නිසි දිශාවේ දිශානුගත කිරීම දුර්වල මට්‌ටමක පවතින බව නොරහසකි. වාස්‌තු සිද්ධාන්ත පිළිබඳව විශ්වාස කළද නොකළද එහි බලපෑමෙන් මිදෙන්නට කිසිසේත්ම නොහැකි වන්නේ මහා වාස්‌තු යනු ස්‌වභාවධර්මයෙන් නීති රීති සමුදායක්‌ තුළ ගොඩනැඟී ඇතිවූ විෂයක්‌ බැවිනි. එම නිසා ඔබත් දරු ඵල ලැබීමට ඡන්මයෙන් ලද ගැහැනියෙක්‌ යන වචනය වඩාත් අරුත්බර කිරීම පිණිස මව් පදවිය ලැබීම සඳහා බාධාවන අකුසල් ඉස්‌මතු වී ඇත්නම් ඒවාට රුකුල් දෙන නිවසේ වාස්‌තු දෝෂ සමනය කොට අයහපත් බලපෑම්, ශක්‌තිය අඩුකොට යහපත් ශක්‌තීන් උද්දීපනය කර දෝෂ රහිත පරිසරයක්‌ හා දෝෂ රහිත ගෘහයක්‌ තුළ කල් ගෙවීමට වාසනාව උදාවී පින්වත් දරුඵල ලැබී අම්මා කෙනෙකු වීම සඳහා මහා වාස්‌තු ශිල්පය ලොවට කියාදුන් මහා විෂ්ණු දෙවියන්ගේ දේව ආකර්ෂණය බලවත් වේවා යෑයි මෙත් සිතින් පතමි... 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »