Home / නිවාස සැලසුම් /
ඉඩමේ හැඩයෙන් නිවසේ දිවිය සුරැකෙයි..
2018-03-27 11:39:00  ★ 108

ලස්සන නිවසක සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීම අපි කාගේත් සිත් තුළ තිබෙන ලොකු බලාපොරොත්තුවකි. නමුත් ඒ සිහිනය ඒ විදිහටම සැබෑ කරගන්න නොහැකි වන අවස්ථාද අපි දැක තිබේ. ඒ සුන්දර සිහිනය අපි මුලින්ම වදරවා ගන්නේ නිවස තනන්න ඉඩම තෝරා ගැනීමේදීය. අද ලස්සන නිවස විශේෂාංගය වෙන් කරන්නේ මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නටය.
විශේෂයෙන් නිවසක් තනන්න ඉඩමක් මිලදී ගැනීමට යෑමේදී අපි බොහෝ දෙනෙකු සැළකිල්ලක් දක්වන්නේ දුර ප්‍රමාණය සහ මිල පිළිබඳවය. නමුත් ඉඩමක් මිල දී ගනිද්දී එහි හැඩය, බෑවුම සහ පෘෂ්ඨය යන කරුණු පිළිබඳවත් ඔබ වැඩි සැළකිල්ලක් දැක්වූවා නම් අද ඔබ සුන්දර නිවහනක දිවි ගෙවනවාට කිසිදු සැකයක් නැත. මන්දයත් ඒ ඔබ තෝරාගෙන ඇත්තේ වාසයට සුදුසු භූමියක් වන බැවිනි. එනම් එහි තේරුම ඉඩම් කොතරම් තිබුණද වාසයට සහ ජීවන පැවැත්මට සුදුසු නොවන ඉඩම් ද ඒ අතර වන බවය.
හැඩය
නිවසක් තනන්න ඉඩමක් තෝරා ගැනීමේ දී ඉඩමේ හැඩය පිළිබඳව ඔබ ප්‍රථම අවධානය යොමු කළ යුතුය. එය හතරැස් ඉඩමක් නම් වඩාත් යෝගයය. මෙය වාස්තූවිද්යාවේදී හැදින්වෙන්නේ අයථ සහ චතුරස්‍ර භූමි ලෙසිනි. අයථ භූමිය යනු දිගින් වැඩි පළලින් අඩු ඉඩම් ලෙසත් චතුරස්‍ර භූමිය දිග සහ පළල සමාන ඉඩම් වේ. මෙවැනි ඉඩම් පැවැත්මට සුදුසු වන අතර මීළඟට එහි බෑවුම පිහිටි ආකාරය පිළිබඳව හඳුනාගත යුතුය. එනම් ඉඩමේ ජල සෝදාපාළුව ඇති දිසාව හඳුනාගත යුතුය.
විශේෂයෙන් දකුණට සහ බස්නාහිරට බෑවුම හෙවත් ජල සෝදාපාළුව ඇති ඉඩම් අයහපත් වන අතර මෙවැනි ඉඩම්වල නිවාස තනා පදිංචි වීමේදී පවුලේ දියුණුවට බාධා ඇති කිරීම් සිදු කරයි. එසේනම් උතුරට සහ නැගෙනහිරට බෑවුම හෙවත් සෝදාපාළුව ඇති ඉඩම් යෝග්‍ය ලෙස හඳුනාගත හැකිය. ඊසාන දෙසින් බෑවුම සහිත ඉඩම් යෝග්‍ය වන අතර උතුරත් නැගෙනහිරත් මැද, ඊසාන දෙසින් වන එල්(L) හැඩැති ඉඩම්ද සුදුසු නොවේ. එය එම නිසසේ දියුණුව, සහජීවනය, සමගියට බාධා ඇති කරයි. ගිනිකොන සහ වයඹ දෙසින් වන බෑවුම් සහිත ඉඩම් ද යෝග්‍ය නොවන බව පැවසිය යුතුය. ඕනෑම ඉඩමක මැදින් උස් සහිතව පිහිටා තිබේ නම් එම ඉඩම වාසනාවන්ත ඉඩමක් ලෙස සැලකිය හැකිය.
ප්‍රවේශය
ඉඩමට ඇති ප්‍රධාන ප්‍රවේශ මාර්ගය පිහිටි දිසාවද අවබෝධ කරගත යුතුය. සාමාන්‍යයෙන් බස්නාහිරින් ප්‍රවේශ මාර්ග ඇති ඉඩම් මිල දී ගැනීමට බොහෝ අය මැලිකමක් දක්වන්නේ බස්නාහිර අසුභ දිසාවක් ලෙස සිතමින්ය. නමුත් බස්නාහිර යනු බලගතු දිශාවක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම නිසි ස්ථානයේ තම නිවසට පිවිසෙන ගේට්ටුව පිහිටුවා ගැනීමට හැකි නම් එයද සුභදායකය.
පස
ඉඩමක් මිල දී ගැනීමට ගිය අවස්ථාවකදී එම ඉඩමේ දැක ගන්නට ලැබෙන්නේ අලුතින් පුරවන ලද පස් නම් ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුය. එහිදී එවැනි ඉඩමක් මිලට ගැනීමට අවශ්‍යම නම් පළපුරුදු වාස්තුවිද්යඥායෙකු සමග ඉඩම පරික්ෂාකර බලා මිලදී ගැනීම යෝග්‍යය. එම ඉඩමේ පිහිටි මුල් පස සහ පසේ ස්වභාවය නිවරැදිව හඳුනා ගැනීමට එහිදී හැකියාව ලැබෙයි.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
දෙවන පාසල් වාරය හෙට ඇරඹේ
2018-04-22 04:46:00ලබන 07 මැයි දින නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබා දිය යුතුයි – කම්කරු දෙපාර්තමේන්තුව
2018-04-22 04:28:00අගනුවරදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි – 31 දෙනෙකු මියයයි – 50කට තුවාල
2018-04-22 03:27:00ලංකාවේ පාස්පෝට් එකේ පිළිගැනීම පල්ලම් බැහැලා
2018-04-22 03:21:00පොම්පෙමඩු යුද හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් 14ක් රෝහල් ගත කෙරේ
2018-04-22 02:48:00හොරණ රබර් කර්මාන්තශාලාවේ රසායනාගාර පරීක්ෂකවරිය රක්ෂිත බන්ධනාගාරයට
2018-04-22 02:44:00විනීත ත්‍රීරෝද රථ රියදුරන් බිහි කිරිමට අලුත් නීතියක්
2018-04-22 02:32:00ලොව වයස්ගතම කාන්තාව අවසන් ගමන් යයි – Photos
2018-04-22 02:10:00සෙල්ලම් කරමින් හිටපු කුඩා දරුවෙක් කොන්ක්‍රීට් තට්ටුවකින් වැටී මරුට
2018-04-22 01:12:00තිලංගට එරෙහි පෙරමුණේ නායකත්වයට ආනා
2018-04-22 01:10:00ත්‍රීරෝද රථ ගාස්තු සඳහා ස්ථාවර මිලක් හදුන්වාදෙන්න
2018-04-22 12:39:00මර්වින් සිල්වා යළි එජාපයට
2018-04-22 12:11:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com