වාස්‌තු දෝෂවලට ඔබව රෝගියෙකු කළ හැකිය

2018-04-04 11:14:00       657
feature-top
දවස පුරා වෙහෙස වී සිටින ඔබට ඉක්‌මනින් නිවසට යැමේ කැමැත්තක්‌ නැද්ද? ඒ වෙනුවට රැකියාව නිමවී ගෙදර යැම ප්‍රමාද කරනවාද? නිවසේ සිටින විට නොසන්සුන් බව, ක්‍ෂණික කෝපය, මානසික ආතතිය දැනෙනවාද? නිවසින් පිටත ගතකරන කාලය වඩාත් සැහැල්ලු බවක්‌ දැනෙනවාද? නැතහොත් ඔබේ නිවසේ සාමාජිකයකු හෝ සාමාජිකයන් සැවොම නිතර නිතර රෝගාබාධවලින් පෙළෙනවාද?

මෙයට හේතුව බොහෝ විට වාස්‌තු දෝෂ වීමට ඉඩ තිබේ. නිවැරැදි ලෙස පිහිටා නැති ගේට්‌ටුව, ප්‍රධාන දොර, මුළුතැන්ගේ, නිදන කාමරය නැතහොත් වහලය නිසා ඇතිවන වාස්‌තු දෝෂ ඔබේ කායික හා මානසික සුවතාවට බාධා ඇති කරවයි.

වාස්‌තු දෝෂ යනු මොනවාද? ඒවා දෝෂ වන්නේ කෙසේද? ඒවායින් ඇතිවන සෞඛ්‍ය ගැටලු කවරේද යන්න විමසා බැලීමට මේ ලිපියෙන් උත්සාහ කරමු. වාස්‌තු ශාස්‌ත්‍රය ඉපැරැණි විෂයකි. මිනිසා ගෙවල් සෑදීමට ආරම්භ කළේ කවදාද? එදා සිටම මේ ශාස්‌ත්‍රය බිහිවී වර්ධනය වෙමින් පවතී.

මිනිසා ස්‌වභාවික පරිසරයට අයත්ය. මේ නිසා මිනිසා තම නිවාස, වාසස්‌ථාන, ඉදිකරගත යුත්තේ සොබාදහමේ නීතිවලට අනුකූලවය. යමෙක්‌ නිවසක්‌ ඉදි කරන්නේ නම් මේ නීති රීතිවලට ගැළපෙන අන්දමටම එය කළ යුතු අතර එම ශාස්‌ත්‍රය වාස්‌තු විද්‍යාවයි. සොබා දහමට එරෙහිව ගොඩනඟන වාසස්‌ථානවල වාස්‌තු දෝෂ නිර්මාණය වේ. ඒවා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා ඇත. 

මේ ලොව සියලු දේ නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතර මහා භූත කොටස්‌ අවකාශය තුළ විවිධ ආකාරයෙන් සංයෝග වීමෙනි. මේ සතර මහා භූත කොටස්‌ හතර සෑම තැනම එකම ලෙස පිහිටන්නේ නැත.

ඉඩමක හෝ නිවසක අට දිශාවෙහි මෙම මහා භූත වශයෙන් හැඳින්වෙන කොටස අඩු වැඩි වශයෙන් පවතී, උදාහරණයක්‌ වශයෙන් තේජෝ හෙවත් උණුසුම් බව ගිනිකොන හා දකුණ දිශාවල අධික වන අතර ආපෝ හෙවත් වැගිරෙන ස්‌වභාවය ඊසාන හා නැඟෙනහිර දිශාවල අධිකව පවතී.

ආපෝ යනු ජලය වන අතර එය ඊට හිමි ඊසාන දිශාවේ පිහිටීම සොබාදහමට අනුකූල වේ. මේ නිසා පුරාණ වාස්‌තු ශාස්‌ත්‍රයට අනුව නිවසක ළිඳ ඊසාන දිශාවේ පිහිටීම ඉතා ශුභ බව දන්වා තිබේ. මේ අනුව ජලය හිමි ඊසාන දිශාවේ තිබිය යුතු ළිඳ තේජෝ (ගින්දර) හිමි ගිනිකොන දිශාවේ තිබීම නොගැළපේ. ගින්දර හා වතුර ප්‍රතිවිරුද්ධ බලවේග වන බැවිනි. ප්‍රතිවිරුද්ධ ශක්‌තීන් නොගැළපීම නිසා වාස්‌තු දෝෂ නිර්මාණය වෙයි. ඒවා ඊට හිමි ශරීර අවයවයට හානි පැමිණවීමට හේතු වනවා ඇත.

අට දිශාවල බලපාන ශක්‌තීන් හා ශරීර අවයව තේරුම් ගැනීමට වාස්‌තු පුරුෂ සංකල්පය ඉදිරිපත් කොට තිබේ. පුරාණ ග්‍රන්ථවල ඊසාන දෙසට හිසත්, නිරිත දිශාවට පාදත් පිහිටා ඇති ආකාරයට වාස්‌තු පුරුෂයා හඳුන්වා ඇත. මෙහි ඊසාන දිශාවට හිස, මුහුණ, කන්, ඇස්‌, නිකට යන ශරීරාංග පිහිටා තිබේ. මතක ශක්‌තියද මොළයට හෙවත් හිසට අයත් වේ. මේ අනුව ඊසාන දිශාවේ වාස්‌තු දෝෂයක්‌ තිබීම නිසා මෙම ශරීරාංගවලට අයත් ස්‌ථාන රෝගී කරවයි.

ආපෝ ධාතුවට හෙවත් ගින්දරට හිමි දිශාවේ මුළුතැන්ගේ පිහිටීම වාස්‌තු නියමයකි. එය ඊසාන වූ ජලයට හිමි ප්‍රදේශයේ සාදා ඇතැයි සිතමු. මෙය හිසේ රෝග ඇතිවීමට මුහුණට අදාළ ඉන්ද්‍රියන් පිළිබඳ ගැටලු ඇතිවීමටත් හේතු වනවා ඇත. ඊසාන ප්‍රදේශයේ වැසිකිළි වළ (ගවරවළ) පිහිටීම නිසා නිවසේ අඹු සැමියන් අතර අසමගිය නිර්මාණය විය හැකිය. 

ඉඩමේ හෝ නිවසේ ඊසාන පෙදෙස අන් ප්‍රදේශවලට වඩා ඉඩ තිබිය යුතු වේ. මක්‌නිසාද යත් විශ්ව ශක්‌තිය ගලා එන්නේ ඊසාන දිශාවෙනි. මෙහි ඉඩ තබා නැතිනම් එම නිවසේ විශ්ව ශක්‌ති ගලනයට බාධා වන අතර මෙය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමට හේතු වෙයි. 

නිවසේ ඊසාන පෙදෙස අන් ප්‍රදේශවලට වඩා පහත් විය යුතු අතර පඩිපෙළ වැනි අධික බර සහිත දේ නොතිබිය යුතුය. යම් හෙයකින් ඊසානේ පඩිපෙළ පිහිටා ඇති නම් එය එම නිවසේ වාසය කරන අය "මානසික ආතතියට" (sඑරුss) ඇති කරවයි. අනවශ්‍ය සුන්බුන් හා අධික බරැති ගෘහභාණ්‌ඩ ඊසාන දිශාවේ තිබීම ආර්ථික පරිහානියට හේතුවේ.

ගිනිකොණ දිශාව පිළිබඳවද මෙසේ සලකා බැලීම අවශ්‍ය වේ. කුස්‌සියට හිමි ගිනිකොණ දිශාවේ ළිඳක්‌ පිහිටීම අශුභදායකය. එම දිශාවේ කුස්‌සිය නොපිහිටීම ගින්දර නිසා වන අනතුරුවලට හේතුවේ. කුස්‌සිය ගිනිකොන දිශාවට සාදාගත නොහැකි වන්නේ නම් වයඹ දිශාව ගැළපේ.

තේජෝ ධාතුව හෙවත් ගින්දරට හිමි ගිනිකොන දිශාවේ ළිඳක්‌ හෝ වතුර ටැංකියක්‌ තිබීම නැතහොත් වැසිකිළි වළක්‌ පිහිටීම මුත්‍රා ආබාධ හෝ ආහාර ජීර්ණය පිළිබඳ දෝෂ ඇති කරන බව සොයාගෙන තිබේ. දිය ඇල්ලක්‌ තිබීමද ඊට සමානය.

භූමියක නිරිත දිශාව හිමි වන්නේ ගෘහ මූලිකයාට වන අතර එහි පඨවි ධාතු ගුණය අධික වේ. මෙම ප්‍රදේශයේ ඉඩකඩ ඊසානට වඩා අඩුවිය යුතු වීම වාස්‌තු නියමයකි. එසේ නොවී ඊසානට වඩා නිරිත දිග ඉඩකඩ තිබේ නම් වාස්‌තු දෝෂයක්‌ ඇතිවී සෘන ශක්‌තිය (භැට්‌එසඩැ Eබැරටහ) ගලනය වේ. මේ නිසා එම නිවසේ වාසය කරන අයට ආර්ථික ගැටලු ඇතිවී ණයගැති වී වාසය කිරීමට සිදුවිය හැකියි. එමෙන්ම නිරිත දිග පෙදෙස අන් ප්‍රදේශවලට වඩා උස්‌ව පිහිටීම අවශ්‍ය නමුත් එහි ළිඳ පිහිටා පහත් වී ඇති නම් එයද වියදම් අධික වීමට හේතුවෙයි. නිවසක වියදම් ඉහළ යැම හා ණය වීමට සිදුවීම නිසා හිතේ සතුට අහිමි වෙයි. "මේ ගෙදරට අද ලක්‍ෂයක්‌ ගෙනත් දැම්මත් දවස්‌ දෙක තුනකින් ඉවර වෙනව" යෑයි කියන්නේ මෙවැනි දෝෂ හේතුවෙනි. නිරිත ප්‍රදේශයේ වැසිකිළි වළක්‌ හෝ කුණු වතුර එකතුවන වළක්‌ තිබීම නිසා එම නිවසේ සිටින අයගේ හිතේ සතුට හා සාමය අහිමි වනවා ඇත. නිවසේ ගේට්‌ටුවෙන් ඇතුළු වන විට කෝපයට පත්වී නිවසට ඇතුළුවන හා අඬදබර වන අය දක්‌නට ලැබේ. ගෘහ මූලිකයාට හිමි දිශාව හා පඨවි ධාතුව අධික වන නිරිත දිශාවේ වැසිකිළියක්‌ තිබීම ඉතා අශුභය. මෙම අහිතකර ශක්‌තීන් හේතුවෙන් ගෘහ වාසීන්ට අර්ශස්‌ රෝග තත්ත්වය ක්‍ෂණික කෝපයට පත්වීම දැකිය හැකි වේ. අන් දිශාවලට වඩා පහත් වී නිරිත දිශාව තිබේ නම් එම ගෘහ මූලිකයාට මානසික ව්‍යාකූලතා හා අපකීර්තියට කරුණු යෙදෙනවා ඇත.

එමෙන්ම යම් නිවසක ගෘහ මූලිකයාට හිමි දිශාව වන නිරිතේ ඔහු වෙනුවට පුතා හෝ දුවගේ කාමරය පිහිටා තිබීම නිසා එම දරුවා විසින් නිවස පාලනය කරන තත්ත්වයට පත්වීමට හා අකීකරු දරුවෙකු වීමට හේතු වනවා ඇත. මේ නිසා නිවසේ නිරිත දිග ප්‍රදේශය වඩා උස්‌වීම, ප්‍රධාන නිදන කාමරය පිහිටීම මැනවි.

නිවසේ වයඹ දිශාව අන් දිශාවලට වඩා උස්‌ව පිහිටීමද ශුභ නොවේ. එහි ප්‍රතිඵලය ලෙස එම නිවසේ වාසය කරන අයට නීති ප්‍රශ්න, නඩුහබ ඇතිවීමට ඉඩ තිබේ. වයඹ දිශාවේ උස ගස්‌ තිබීම අශුභයි. එය කාන්තා පක්‍ෂයට හා දරුවන්ට සෞඛ්‍ය ගැටලු ඇති කරවයි. 

ශාරීරික හා මානසික සෞඛ්‍යය කෙරෙහි නිවසේ ප්‍රධාන දොරද විශේෂ බලපෑමක්‌ ඇතිකරන බව වාස්‌තු ශාස්‌ත්‍රයේ සඳහන්ය. ඔබේ නිරෝගී බවට, ශාරීරික ශක්‌තිය පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔබ ගන්නා ආහාර බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආහාර ශරීරය තුළට ගන්නේ මුඛයෙනි. මේ නිසා ශරීරයට මුඛය ඉතා වැදගත්ය. ශරීරයට මුඛය වැදගත් වන්නේ යම් සේද නිවසකට ප්‍රධාන දොර ඉතා වැදගත් වේ. විවිධ ශක්‌තීන් එම නිවසට ඇතුළු වන්නේ ප්‍රධාන දොරෙනි. එම නිවසේ විශාලතම කවුළුව වේ. මේ නිසා ප්‍රධාන දොර දිශාවට අනුව සුබම ස්‌ථානයේ පිහිටීම අවශ්‍ය වේ. එසේ නොමැති වූ විට එයින් ඇතුළුවන අහිතකර ශක්‌තිය, ගෘහ වාසීන්ගේ මානසික ගැටලු මෙන්ම ආර්ථික ගැටලු ඇතිවීමටද හේතුවෙයි. සතර දිශාවටම දොරවල් තබන ආකාරය වාස්‌තු විද්‍යාවේ දක්‌වා ඇත.

වාස්‌තු ශාස්‌ත්‍රය ලොවට බිහිවූ අතීතයේ දී නොතිබුණු නමුත් විද්‍යාවේ දියුණුවත් සමඟ මනුෂ්‍යයාගේ සුව පහසුව පිණිස භාවිතා කරන බොහෝ මෙවලම්ද දෝෂ ඇති කරන බව මෙහිදී සඳහන් කළ යුතු වේ. ස්‌වභාවික පරිසරයේ තිබූ ස්‌වභාවික ශක්‌තීන්, ඉහත වාස්‌තු නියමයන්ට අනුව කළමනාකරණය කරමින් ගොඩනඟන ලද නිවසක නොදැනුවත්වම අහිතකර ශක්‌තීන් ජනනය වෙයි.

මෙහිදී අප අවට පවතින විද්යුත් චුම්භක ශක්‌තීන් ජංගම දුරකථන, අන්තර්ජාලය භාවිතය හා විදුලි උපකරණ නිසා ඇතිවන ශක්‌තීන් ගැනද අවධානය යොමුකළ යුතු වේ. නිදන ඇඳක්‌ අසලම විදුලිය ගලන වයරයක්‌ තිබීම හෝ ඇඳට යටින් බිම ජලය ගලායන නලයක්‌ තිබීමද දෝෂ සහිත වේ. මේවා විවිධ පිළිකා වැනි රෝග ඇතිවිමට හේතු වේ.

මේ අනුව නිගමනය කළ යුතු වන්නේ කෘතිමව ඇති කරන විදුලිය ආදි ශක්‌තීන්ගෙන් තොර ස්‌වභාවික හිරු එළිය හා සුළඟ පවතින පරිසරයම යහපත් බවයි. මහා මන්දිරයකට වඩා පිදුරු සෙවිලි කළ පැල්පතක සතුට ඇතිවිය හැක්‌කේ පැල්පතේ ස්‌වභාවික පරිසරය ආරක්‌ෂා වී ඇති නිසාය.

වාස්‌තු විද්‍යාවේ දී නිවස අසල වවනු ලබන ගස්‌වැල් වලටත් විශේෂ අවධානයක්‌ යොමුකර තිබේ. ප්‍රධාන දොර අසල නිතර දක්‌නට ලැබෙන වර්ණද රෝගාබාධ ඇතිවීමට හේතුවෙයි. මේ අනුව රතුපාට මල් නිතර දක්‌නට ලැබීමත්, උල් කටු සහිත ගස්‌ දැකීමත් ද්වේශය ජනිත කරවන නිසා එවැනි නිවසක වාසය කරන අය නිතර කේන්තියෙන් හෝ බියෙන් පසුවෙනවා ඇත. මේ නිසා රතුමල් සහිත ගස්‌, දොඩම්, දෙහි, පතොක්‌ වැනි කටු ගස්‌ ගේ ඉදිරිපිට තිබීම සුබ නොවේ.

මෙම කරුණු අනුව පෙනී යන්නේ වාස්‌තු දෝෂ සහිත නිවසක වාසය කරන අයට ශාරීරික හා මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ වැඩියෙන් ඇති බවය. එබැවින් කල්පවතින හා සුව නොවන රෝගාබාධයකින් පෙළෙන්නේ නම් ඊභට වාස්‌තු දෝෂයක්‌ බලපා තිබේදැයි විමසා බලන්න. තම නිවස අපිළිවෙලට හා අපිරිසිදුව පරණ බඩු, හිස්‌ ටින් බෝතල්, පරණ ඇඳුම් ආදිය බහුලව තිබීමද දෝෂයක්‌ බව දත යුතුය. 

නිවස හෝ ඉඩම කුණු කසළවලින් පිරී ඇතිනම් එයද සෘන ශක්‌තීන් වර්ධනය වීමටත්, හිතේ චංචල බව ආතතිය මෙන්ම ධනහානි ඇතිවීමටත් හේතුවන බව සලකා නිතරම පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීමට උත්සාහ කළ යුතු වේ.

කෙසේ නමුත් වාස්‌තු දෝෂ හඳුනා ගත්තද ඒවා කඩාබිඳ දමා නිවැරැදි කර ගැනීමට විශාල වියදමක්‌ දැරීමට සිදුවන නිසා එම දොaෂ සහිතවම ජීවත් වීමට සිදුවන අවස්‌ථාද දක්‌නට ලැබේ. නමුත් මේ සඳහා විශේෂ උපකරණ සවිකර එම දොaෂ වළක්‌වා ගැනීමට "පයිරා වාස්‌තු" නම් ක්‍රමවේදයක්‌ මේ වන විට බිහිවී තිබේ. 

ඔබටත් ඔබේ නිවස සතුට දනවන තැනක්‌ නොවේ නම් ගෙදරින් පිටව සිටීමට කැමැති නම් ඊට හේතුව වාස්‌තු දෝෂ දැයි විමසා බලන්න. කල්පවතින කොන්දේ අමාරු, සෙම් රෝග, තුවාල ආදි සෞඛ්‍ය ගැටලුවත් නම් ඊට හේතුවද වාස්‌තු දෝෂ දැයි විමසා බලන්න. එමගින් ඔබට නිරෝගී භාවයත්, සතුටත්, නිවසේ සාමයත්, ධනය හා වාසනාවත් උදාකරගත හැකිවනු ඇත. වැඩිදුර විස්‌තර සඳහා 0771234313.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »