නිවසට සිරිකත කැන්දන අලුත් අවුරුදු වාස්‌තු පිළිවෙත්

2018-04-09 10:55:00       777
feature-top
මෙවර සූර්ය රාශි සන්ක්‍රාන්තිය සිදුවන්නේ ප්‍රථම පූර්වභාග නැකැත් වලින් වීම විශේෂ සිදුවීමක්‌ ලෙස පෙන්වා දිය හැකිය. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවනු ඇත. වාස්‌තු ශිල්පයට අනුව සූර්ය සන්ක්‍රාන්තියේ දී විශේෂ වූ විශ්ව ශක්‌ති ධාරාවන් නිකුත් වන අතර මෙවර ප්‍රථම පූර්වභාග නැකත් වලින් වීම ඉතා බලවත් තත්වයක්‌ වීම තුළ එම සුවිශේෂී වූ විශ්ව ශක්‌තිය ඔබගේ ගෘහයට සහ ඔබ පවුලේ සියලු දෙනා වෙත ලබා දීමට අවැසි මහා වාස්‌තු දැනුම ඔබ වෙත ලබා දීම මෙම විශේෂ ලිපියේ අරමුණ වේ.
 
 සූර්ය සන්ක්‍රාන්තියට පේ වී සැරසෙමු. 
 
 සූර්ය සන්ක්‍රාන්තියට පේ වී සැරසීමට සනිටුහන් වන කාල හෝරාව යෙදෙන්නේ 2018 අප්‍රේaල් මස 12 වන බ්‍රහස්‌පතින්දා පෙ.ව. 9.00 සහ පෙ.ව. 11.00 අතර කාල පරාසය තුළ වේ. මෙය පරණ අවුරුද්දේදී ස්‌නානය ලෙස හැඳින්වෙන අතර අවුරුදු උදාවේදී විශ්ව ශක්‌තිය ඔබට ලබාගැනීම උදෙසා මෙම පරණ අවුරුද්දේ ස්‌නානය නිසි පරිදිම සිදු කරන්න. එහිදී ඔබගේ ලේ ධාතුව පිරිසිදුවීම සහ නිරෝගී සම්පත ආරක්‍ෂා වීම සිදුවන අතර එදිනට ඊශාන දිශාව බලා විෂ්ණු දෙවියන් සිහිකොට ස්‌නානය කිරීම මැනවි. ඔබගේ ස්‌නානයට හෝරා 03කට කලින් කොහොඹ කොළ මිටක්‌ ළිඳට දැමීම තුළින් පරණ අවුරුද්දේ ස්‌නානය සහ නව වර්ෂයට පේ වීම නිසි පරිදි ඉටුවන බව කියෑවේ. මෙදිනට කහ පාට වර්ණය ඉතා සුභයි.
 
 විෂ්ණු දේව ආකර්ෂණය ලබාගන්න.
 
 මෙවර අවුරුද්දේදී වඩාත්ම බලවත් දෙවියන් වන්නේ මහා විෂ්ණු දෙවියන් බව මනාව හඳුනාගන්න. මෙවර අවුරුද්දේ දී මහා විෂ්ණු දෙවියන්ගේ ආරක්‍ෂාව සහ පිහිට සියලු ශ්‍රී ලංකාවාසීන්ට නිතැතින් ලබා ගත යුතු කාලයක්‌ බව අමතක නොකළ යුතුයි. එබැවින් මෙවර යෙදෙන ප්‍රථම පූර්ව භාග අවුරුදු උදාවේ ශක්‌තිය ඔබගේ ගෘහයට ලබාගෙන ගෘහයේ ධනය හා නිරෝගී සම්පත බලවත් කිරීම උදෙසා ගෘහහිමි කාන්තාව විසින් තමන්ගේ දරුවන් මූලික කොට ගෙන නිවසට මහා විෂ්ණු දේව ආකර්ෂණය ලබාගත හැකි අටවිසි මල් පැන් පූජාව නිසි පරිදි ඉටු කිරිමට ඔබ කල්තියාම සූදානම් වන්න. 
 
 අට විසි මල් පැන් පූජාවට සැරසෙමු
 
 ඔබගේ ගෘහයට මහා විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය බලවත් කොට ලබන්නාවු නව රාශි සන්ක්‍රාන්තියේ යහපත් ප්‍රතිඵල වර්ධනය කර ගැනීම උදෙසා බ්‍රහ්ම පාදය මත මල්පැන් පූජාවක්‌ සිදුකරනු ලබන ආකාරය පහදා දෙන්නම්. මෙම මල්පැන් පූජාව පුරාණ ලංකාවේ සිදුකළ එහෙත් නූතනයේදී අභාවයට ගොස්‌ ඇති බලගතු පූජාවක්‌a ලෙස හඳුන්වා දිය හැකියි. මෙම මල්පැන් පුජාව සඳහා ඔබගේ ගෘහයේ බ්‍රහ්ම පාදය යෙදෙන ස්‌ථානය නිසි ලෙස හඳුනාගෙන ඉන්පසුව එම ස්‌ථානයට නිල් පාට රෙදි ආවරණයක්‌ එලන්න. ඒ මත කනප්පුවක්‌ තබන්න. (කොහොඹ කනප්පුව ඉතා යහපත්) කනප්පුව ආවරණය වන පරිදි සුදුපාට පිරුවටයක්‌ එලන්න. ඉන්පසුව සුදු සමාධි බුදුපිළිමයක්‌ කනප්පුව මත නිරිත දිශාවට හරවා තබන්න. එම බුදු පිළිමයට දකුණු පසින් විෂ්ණු දෙවියන්ගේ පිළිමයක්‌ හෝ පින්තූරයක්‌ තබන්න. වම් පසින් සීවලී මහරහතන් වහන්සේගේ පිළිමයක්‌ හෝ පින්තූරයක්‌ තබන්න. (බුදු පිළිමය මඳක්‌ උසින් සිටින සේ තැබීමට මතක තබා ගන්න.) පසුව එම පරිශ්‍රයට කහ දියර ඉස සුවඳ දුම් අල්ලා පිරිසිදු කර ගන්න. ඉන්පසුව එම ආසනය මතට පූජනීය පාත්‍රයක්‌ තබන්න. එම පාත්‍රයට පිරිසිදු නැවුම් මැටි කලයකින් ලබාගත් ජලය හත් වතාවක්‌ පෙරා පාත්‍රයට පුරවන්න. ඉන්පසුව නිල් සහ සුදු වර්ණ සහිත මල් 28 ක්‌ ගෙන අටවිසි බුදුවරුන් සිහි කොට එම මල් පැන් පාත්‍රයට තැන්පත් කරන්න. එසේම ඔබගේ ආසනය මත බුදුරජාණන් වහන්සේට වම් පසින් ස්‌වස්‌ථික ලාංඡනය ද දකුණු පසින් සංඛයක්‌ ද තැන්පත් කිරීමෙන් බ්‍රහ්ම පාදයේ පූජාසනය තවත් බලවත් කළ හැක. කපුරු හා අබ තෙල් සහිත ප්‍රදීප පූජාවක්‌ද සිදුකළ හැකි අතර ඔබ බුද්ධ වන්දනා කොට සූවිසි බුදුවරුන් සිහිකොට එම මල්පැන් පූජාවෙන් ලබාගත්තා වු කුසල් මහා විෂ්ණු දෙවියන් ඇතුළු සම්‍යදෘෂ්ඨ§ක දේව මණ්‌ඩලය වෙත අනුමෝදන් කරන්න. මෙම මල් පැන් පූජාව පුණ්‍ය කාලය හෙවත් නොනගතය තුළ ඉටු කිරිම මැනවි. මෙම වතාවත් ඔබ ඊශාන දිශාව බලා සිදු කිරීම මැනවි.
 
 නව අවුරුදු උදාව
 
 මෙවර අවුරුදු උදාව සිදුවනු ලබන්නේ, 2018 අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා දින ප්‍රථම පූර්වභාග 08.13ට වේ. එම මොහොතේ දී ඔබට විශ්ව තරංග ප්‍රබලව ලබා ගැනීම උදෙසා ඔබ විසින් පූජාසනය ඉදිරියේ දී තමන්ගේ ශාස්‌තෘන් වහන්සේට පහන් දල්වා සුදු සහ නිල් වර්ණ මල් පූජා කොට නව අවුරුදු උදාව බලවත් කරගත යුතුයි. මෙහි දී ඔබ නිල් පාට වර්ණයෙන් සැරසී ඊශාන සහ උතුරු දිශා කෝණ දෙක අතර දිශාව බලා මෙම සූර්ය උදාවට එක්‌වීමෙන් විශ්ව තරංග බලවත්ව ලබාගැනීමට හැකිවනු ඇත. මෙවර අවුරුදු උදාවේ දී ඔබගේ පූජාසනයේ සමාධි බුදුපිළිමයට දකුණු පසින් මහ විෂ්ණු දෙවියන්ගේ පිළිමයක්‌ හෝ පින්තූරයක්‌ තබා එම පිළිමයට ඉදිරියෙන් විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍රය තැන්පත් කිරීමෙන් විෂ්ණු ආකර්ෂණය බලවත් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. 
 
 2018 වර්ෂය සමෘද්ධිමත් වීම උදෙසා මෙවර විෂ්ණු දෙවියන් සමග ගනුදෙනු කරන්න.
 
 ඔබ මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දේදී ගනුදෙනු කිරීමේදී හැමදාම ගනුදෙනු කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී මහා විෂ්ණු දෙවියන් සමඟ ගනුදෙනු කරන්න. මෙවර අවුරුද්දේදී ඔබ සූවිසි මල්පැන් පූජාව සිදුකොට ලබා ගත් ඒ කුසල් විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සම්‍යදෘෂ්ඨ§ක දේව මණ්‌ඩලයට අනුමෝදන් කොට ලබාගත්තා වු විෂ්ණු දේව ආකර්ෂණය තව තවත් බලවත් කර ගැනීම උදෙසා අප්‍රේල් 14 වන සෙනසුරාදා පූර්වභාග 11.53 ට නිල් පාට වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඊශාන හා උතුරු දිශාව අතර යෙදෙන සුභ කෝණය දෙස බලා විෂ්aණු දෙවියන් සමඟ ගනුදෙනු කරන්න. එවිට ඔබට මෙම උදාවන වර්ෂය ධන ධාන්‍යයෙන් පිරී යනු ඇත. එය සිදුකරන ආකාරය පහත පරිදි විය යුතුයි. පිරිසිදු සුදු රෙදි කැබැල්ලක්‌ රැගෙන තඹ කාසියක්‌ සහ සාමාන්‍ය කාසියක්‌ කහ දියරයෙන් සෝදා පවිත්‍ර කර ගන්න. ඉන් පසුව එම කාසි කපුරු පෙත්තක්‌a සහ පැඟිරි (දෙහි) කොළයක්‌ තබා නියමිත නැකැත් වේලාවේදී ඊශාන සහ උතුරු දිශාව වෙන්වන දිශා පර්යන්තය බලා ගැට 03 ක්‌ යොදා එම මුදල විෂ්ණු දෙවියන්ට පූජා කරන්න. ඒ තුළින් ඔබ විෂ්ණු දෙවියන් සමඟ ගනුදෙනු කළා වනු ඇත. පසුව එම පඬුර තමන්ගේ පූජාසනය මත තැබීම සිදුකළ යුතු අතර එය මීළග වර්ෂයේ ගනුදෙනුවෙන් පසුව එම පඬුර විෂ්ණු දේවාලයකට භාර දීම කළ යුතු අතර එය භාරයක්‌ හෝ පඬුරු ගැට ගැසීමක්‌ නොවන අතර හුදෙක්‌ විෂ්ණු දෙවියන් සමඟ ඔබ ආධ්‍යාත්මිකව සිදුකරනු ලබන ගනුදෙනුවක්‌ පමණක්‌ වනු ඇත. මෙය නිසියාකාරයෙන් ශ්‍රද්ධාවෙන් ඔබ සිදු කළහොත් පූර්වභාග නැකැත් හෝරාවේ ඔබ විෂ්ණු දෙවියන් සමඟ කළ ආධ්‍යාත්මික ගනුදෙනුවේ ප්‍රතිඵල වල ශක්‌තිය ඔබට නිතැතින් දැනෙනු ඇත. 
 
 විශ්ව ශක්‌තිය සමඟ හිසතෙල් ගා නීරෝගී වෙමු.
 
 සිංහල අලුත් අවුරුද්දේදී ඉතාමත් වැදගත් චාරිත්‍රයක්‌ වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය මෙවර යෙදී ඇත්තේ 2018 අප්‍රේල් මස 16 වන සඳුදා පූර්ව භාග 10.16ට වේ. මෙදිනට බලවත් වන්නේ සුමන සමන් දෙවියන් සහ විෂ්ණු දෙවියන්ය. සඳුදා දිනයට බලවත් වන්නේ නිරිත දිශාව වුවද සතියේ දින හතේම මරු නැති දෙවියන් බලවත් ඊශාන දිශාව බලා හිස තෙල් ගෑම තුළින් නිරෝගි සම්පත් බහුල වන බව කිව යුතුයි. සුදු වර්ණයෙන් සැරසී තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් සහ එඩරු තෙල් යන පස්‌ තෙල් යොදා සාදා ගත් නානුද තෙල් ද හිසෙහි ගා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා තෙල් ගා ස්‌නානය කිරීම මැනවි. මේ තුළින් ඔබගේ පවුලේ සියලු දෙනාගේ නිරෝගි සම්පත වර්ධනය වනු ඇත. 
 
 2018 වර්ෂයේ උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දේ දී විශ්ව ශක්‌තිය බලවත් කොට මහ විෂ්ණු දෙවියන්ගේ අනුහස්‌ තුළින් ගෘහයේ ධනය සහ නිරෝගි සම්පත බලවත් කර ගැනීමට අවැසි මහා වාස්‌තු පිළිවෙත් ගණනාවක්‌ ඔබ වෙත පෙන්වා දෙනු ලැබුවේ මෙවර අවුරුදු උදාව උදෙසා වූ රාශි සන්ක්‍රාන්තිය ප්‍රථම පූර්ව භාග නැකැත් වලට බලවත් වී තීබීමේ සුවිශේෂි ගුණයේ නියත ප්‍රතිපල සියලු ගෘහයන් සහ එහි වාසය කරන්නන් උදෙසා ලබා දීම තුළින් ධනය සහ නිරෝග සම්පත බලවත් කිරීමේ පරම යුතුකම උදෙසා වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »